.

.

Mar 25, 2024

නියත ජනපති රටට හිත ඇති අනුර කුමරා රජ කිරීම

 


නියත ජනපති

රටට හිත ඇති

අනුර කුමරා රජ කිරීම

➖➖➖➖➖➖😁➖


පිටරටවල ගොස් සිටින අම්බරු ලාංකිකයන්ගේ පොකට් එකට විදින්නේ අනුර කුමාරලා විතරක් නොවේ... මහා රැඩිකල් රෝයල් ටැප්‍රොබේන් සන්නාගේ සිට... පොත් ලියනා උන්, නාට්ටිකාරයෝ, විතරක් නොව... ගේය පද රචකයෝත්.... දැන් ගාන කපාගන්නා අලුත්ම ක්‍රමය වී ඇත්තේ.... ෆොරින් ටුවර් එකක ෂෝ දෙක තුනක් පෙන්වා එන එකය...


මෑතක් වෙනකන් ෂෝ වලට ගියේ.... මියුසිකල් ගෲප්, ගායක ගායිකාවෝ හා බණ තලන්නෝ පමණක් වුවද....  නාගානන්ද හා ඔඩිට් ජෙනරාල් වැනි ලෝක හොරු දෙදෙනෙකුගෙන් ආරම්බ වී, පොත් හත අට ලියන වේලෙන කොල පොත් කාරයෝද, බව්වොත් නොබලන නාට්ටි කාරයෝද,  ලේසියෙන්ම ගානක් හොයාගන්න කරන්නේ... දේශීය පට්ට ගෝත්‍රික අමු ගං කබර සෙට්ටෙක අනාට ගොන්දා... ගානක් කපාගෙන එනේකය.


උන්ගෙන් ගානකුත් කපාගෙන... උන් අමු ගං කබර අම්බරුවෝ බව... උන්ගේ මූනටම කියා ආ උපුල් ශාන්ත සන්නස්ගල මැතිතුමාට අපේ පූර්ණ ගෞරවය හිමි වන්නේ... උන්ගෙන් කා බී උන්ගේ බටර් වලින්ම උන්ට ඇරලා ආපු නිසාමය.


අපරාදේ කියන්නේ... අනුර කුමාරයා කරන්නේත් ඒකමය. අනුර කුමාරයා නොව අමුක ඩුමුක ගියත්... අමු සිංදු මල්ලි ගියත්... අනුර කුමාරයා නොව කප්පම් වසන්ත ගියත්... එයාර්පෝට් එකේ සිට මල් මාලා දමා... සැල්පි ගසා... හැකිනම් රන්ජන් රමණ යකා එක්ක වාගේ බුදියගන්න කෑලිත් සෙට් කරවා... බිස්නස් ක්ලාස් එකේ සීට් එකක ඉන්දවා.... නැවත මව් රටට එවීම... දැන් කල්ට් එකක් වෙලා අහවරය.


මොළේ තියෙන උන් කරන්නේ උන්ට ලස්සන සුවනියර් ටිකට් එකක් දී.... ගාන කපාගෙන එන එකය. ජෙප්පන් මේ කරන්නේත් එයමය. අනික ජෙප්පන්ට එසේ සලකන්න උන්ට යුතුකමකුත් තියෙනවාය. ඔය බොහෝ පිරිසක් 88/89 ජවිපේ භීෂණයේ උන් කම්බා හොරුය, වදකයෝය, මැරයෝය.... ගේම් දී... දේශපාලන රැකවරණ පතා ඔය රටවලට පැනගත්ත උන්‍ ය.


අනුර කුමාරයා කියන්නේ... 2019 දී ලක් අම්මා බේරා ගැන්මට ෆ්ලයිට් පුරවාගෙන පැමිණියා සේම අනුර කුමාරයා රජ කිරිමට.. ඩයස්මිලා... සමිල මුතුමුණිලා ඇතුලු 69 ලක්ෂයේ ෆොරින් බයියෝ... පෝලිමේ ඇවිත් එයා රජ පුටුවේ තබනා බව ඉරහඳ මෙන් විශ්වාස බවය.


ඒ නිසා ග වේස න සීලී මාජ්ජවේදී කේ සංජීව මහතා මෙන්ම.... දේශපාලන උස්තාද්ලා වන... කුසල් පෙරේරා හා වික්ටර් අයිවන්ලා මක්කා ලීවත් කීවත්... අනුර කුමාරයා ජනපති කොට රුපියල් 250 ට කොත්තු කන්න ජනතාව තීරණය කොට අවසන් බව ඊයේ දිනයේ ඉතා පැහැදිලිව පෙනුනේ..


දරුවන්ට දිවා ආහාරය දී හෝ.... 450 ට තිබූ පිටිකිරි පැකට් එක රුපියල් 1080 ක් කරවා ඒකෙන් රුපියල් 60 - 70 ක් අඩු කොට ජනතාව තවදුරටත් රවටා.... අවුරුදු පහකට නැවත අනාට ගොඳ ගැනීමට කිසිසේත් ලෑස්ති නැති බව.....


නැවතත් රුපියල් 250 ට කොත්තුව කා ඝණ අන්ධකාරේ පැස්ටෝල් පෝලිමේ සිට රුපියල් 3000 ට ලීටරේ ගැනීමට සිටිනා බුද්ධිමත් ජනතාව දුන් වොයිස් කට් දැකීමෙන් අනතුරුවය.


ස්වස්ථි සිද්ධම් ....!!!

.

24 comments:

  1. මාතේ රුසියාව විසින් අත්තඩංගුවට ගත් සැකකරුවන්ට මොකද වුණේ කියල ලියන්න පුළුවන්ද?

    ඇත්තටම රුසියාවේ මොස්කව් නුවරට ප්‍රහාරය එල්ල කල බවට සැකකෙරෙන ප්‍රහාරකයන් හතර දෙනාම ප්‍රහාරය එල්ල වූ දිනම රාත්‍රියේදී අත්තඩංගුවට ගන්න රුසියානු ආරක්ෂක අංශ සමත් වෙනවා. ඒ මොස්කව් නුවරට කිලෝමීටර් 300 වඩා ඈතකදී ඔවුන් පලායමින් සිටියෙදී තමයි අත්තඩංගුවට පත් වෙන්නේ.

    එලෙස අත්තඩංගුවට ගත් පුද්ගලයන් 4 දෙනාම ඊයේ එරට අධිකරණයට ඉදිරිපත් කෙරුනා. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙරෙන විටත් බාගෙට ඝාතනය කරලා තිබුනේ. ඒ අතරින් තිදෙනෙක් ඇවිදගන්නවත් බැරි තරම් අමාරුවෙන් අධිකරණයට ඇදගෙන වගේ එද්දි තවෙකෙක් අරගෙන ආවේ රෝදපුටුවක තියලා. ඒ එක් අයෙකුට ප්‍රශ්න කිරීම් අතර තුර කරන්ට් එක පවා අල්ලලා තිබුනා.

    සැකකරුවන් සියළු දෙනාම ටජිකිස්ථාන් ජාතිකයන් විදියට තමයි සැලකෙන්නේ. ප්‍රහාරයේ වගකීම මේ වන විටත් IS සංවිධානය විසින් භාරගෙන තියනවා. ප්‍රහාරයෙන් මියගිය පිරිස 137 දෙනෙක්. කොහොම උනත් රුසියාවට ප්‍රහාරයක් එල්ල කරලා රුසියානු ආරක්ෂක අංශ වලට ජීවග්‍රාහයෙන් අහු වෙනවා කියන්නේ ඉතිං මිහිපිට අපාය ඔවුන්ට ඒ මොහොතේම නිර්මාණය වෙනවා කියන එක බවයි මගේ අදහස.. මාතලන් මොකද ඇත්තටම ඒ ගැන හිතන්නේ?

    ReplyDelete
  2. මාතේ මම හිතන්නේ ඔබ කියන විදියට ලංකාවේ මෙවර මැතිවරණය ජයග්‍රහණය කිරීමට ලේසියෙන් පුළුවන්කමක් නෑ මොකද මේ දිනවල ලංකාවේ chaos අවිනිශ්චිතතාවයේ වාසිය භාවිත කරලා මැතිවරණ ජයග්‍රහණය කිරීමටත් සැලකිය යුතු ඉඩකඩක් පවතින නිසා, ලංකාවේ බොහෝ දෙනෙකුට මම කතා කරලා ලැබුණ තොරතුරු අනුව මට තේරෙන විදිහට මේවර තමයි මගේ ජීවිත කාලය ඇතුලත එන අවිනිශ්චිතම මැතිවරණය.

    ඒකට හේතුව මීට කලිං ජනාධිපතිවරණයක් වගේ එකක් එනකොට තෝරාගැනීම් හරිම සිම්පල්. ඇත්තටම ගත්තොත් චන්ද දායකයන්ගෙන් සීයට හැත්තෑවක් අසූවකගෙම චන්දය මූලිකව නිශ්චය වෙලා ඉවරයි. 1956 වගේ ඉඳලා එහෙමයි. ඒ කොටස නිශ්චිතයි. ඉතුරු සීයට විස්ස තිහ වගේ ගාණක් එහෙට මෙහෙට පාවෙනවා. මෙන්න මේක තමයි හැමදාම තීරණාත්මක කොටස වෙන්නේ. අර මුල් සීයට අසූවක් විතර පිරිසක් තමන්ගෙ පක්ෂෙන් පොල්පිති හරකට පොල්කටු අංදෙකක් ගහලා දැම්මත් චන්දේ දෙනවා. කාටද, ඇයි, මොකක්ද වගේ තර්කයක් යම් පමණටක හෝ තියෙන්නේ අර පාවෙන සීයට පහලොවට විස්සට.....

    නමුත් මේ පාර මේක මාර වෙනස්. බැඳගෙන චන්දේ දෙන්න තරං ප්‍රධාන පක්‍ෂ වල අප්පච්චියෙක්, වීරයෙක්, හාමු කෙනෙක් නෑ. ඉන්න හාමුටත් සෙනඟ ඉන්න පක්ෂෙකුත් නෑ... හැමඑකාටම මාර අවිනිශ්චිතතාවයක්. රට බේරගන්න, කොටියගෙන් ගලවගන්න, ඉන්න එකෙක් ගෙදර යවන්න, හොරු අල්ලන්න වගේ කිසිම කැපී පෙනන ජනතාවට දැනෙන තර්කයක් මේ පාර නෑ. ඔක්කොම පාවෙන අදහස්. මට අනුවනම් දේශපාලනිකව රටක් විදියට එන්න පුළුවන් සෑහෙන හොඳ ඉදිරිගාමී තැනක් මේක....

    හේතුව දැන් කිසිඑකෙක්ට බඩ බැඳගෙන ලව් කරන, දැක්කම පපුව පත්තුවෙන නායකයෙක් හෝ හේතුවක් නැතිනිසාම හැම එකාටම වෙනවා කාටද දෙන්නේ කියන එක ගැන තමන් එක්කම මොකක් හෝ තර්කයකින් කතාකරගෙන තීරණයකට එන්න.

    ඒ නිසාම මේ වෙලාවේ ඕන නම් ඔය NPP එක සම්බන්ධයෙන් තමයි යම් තරමක කැපී පේන ඉමෝෂනල් හැඟීමක් ඇතිවෙලා තියෙන්නේ. ඒක හරි පැහැදිලියි.

    ස.ජ.බ ට ඉන්නවාමම හිතන්නේ permanent ලක්ෂ විස්සක් විතර. ඒ කියන්නේ සමස්ත චන්ද ප්‍රමාණයෙන් සීයට විස්සක් වගේ ගාණක්. ඉතුරු සියයට 80 න් අඩුම සියයට පණහක් මේ වෙනකොට අවිනිශ්චිතයි.

    මේ 80% න් යම් පිරිසක් NPP එක දිහාට පක්ෂව කතාකරමින් ඉන්නවා... විශේෂයෙන්ම 2019 ගෝඨාභය විශ්වාසකල මැදමාවතේ පිරිසේ යම්කිසි ප්‍රමාණයක් NPP දිහාට හැරෙමින් ඉන්නේ. හැබැයි ඔවුනුත් තාම 100% ක් තියා 60% කවත් නිශ්චිත නෑ. නමුත් මේ "අවිනිශ්චිත" බව දැනට තරමකට වාසි NPP හෙවත් ජාතික ජන බලවේගයට.

    හැබැයි ඒ වගේම මේ අවිනිශ්චිත බව පාවිච්චි කරලම "ගේමක් ගහන්න" පුළුවන් හැකියාවක් තියෙන political මහමොලකාරයෝ මේ මොහොත කොහොමද පාවිච්චි කරන්න ට්‍රයි කරන්නේ කියන එක ගැන ජයග්‍රාහී මනෝභාවයෙන් අයින්වෙලා දැඩි අවදානයෙන් ඉන්න එක හැම පක්ෂයකම දේශාලනේට ඉතාම හොඳයි.

    විශේෂයෙන් මෛත්‍රීපාල පාස්කු ප්‍රහාරය කව්ද කලේ කියලා මේ හදිසියේ දැනගත්ත එක වගේ ඒව කොහෙන්ද ආවෙ කියන එක වගේ..... මෙන්න මෙවැනි සිද්දි ගොඩක් පෙළගස්සවලා මේ අවිනිශ්චිතභාවයට "නිශ්චිත" උත්තරයක් තමන්ගේ කඳවුරු ඇතුලෙන් එයාල යෝජනා කරාවි. එතකොට මේ ඉන්න හැමෝම ඒ අවිනිශ්චිත බවින් "නිශ්චිත" භාවයට මාරුවෙන්න තියෙන ඉඩ සෑහෙන වැඩියි. 2019 ආපහු ගැඹුරින් කියවන්න.

    සියල්ල හරියට ගැලපුනොත් "පාඨලී" NPP එකට ප්‍රතිවිරුද්ධ කඳවුරෙන් ඒ "නිශ්චිත" පිළිතුර විදියට යෝජනා වෙන්න පුළුවන්. මම කාලයක් තිස්සේ පාඨලීගේ සියුම් දේශපාලන හැසිරීම දිහා බලාගෙන ඉන්නෙ. එයා මේ වගේ අවිනිශ්චිත මොහොතකට ඔබිනම දේශපාලන කාඩ් එකක්. ජාතික ජන බලවේගයට එහෙරෙහිව අනික් එවුංට සාපේක්ෂව සෑහෙන්න සොලිඩ් පොදු අපේක්ෂකයෙක් මේ වෙලාවේ

    මෙවර මැතිවරණයට අනුර, පාඨලී එකිනෙකාට ප්‍රතිවිරුද්ධව ඉදිරිපත් උණොත් රටක්විදියටනං ඒක නරක තත්වයක් නෙවෙයි. හේතුව මේ දෙන්නම උගත්, දේශපාලනිකව පරිණත, නිර්ප්‍රභු, ලොකු පක්ෂවලට ජැක් ගහලා බැටකාපු, තමන්ගේ මතය ගැන ඉතාම දැඩිව පෙනීහිටින චරිත දෙකක් නිසා. රටකට අපේක්ෂකත්වයක් විදියට නරක දෙයක් නෙවෙයි ඒක.

    ReplyDelete
    Replies
    1. මාලිමාවට සහ අනුරට තියෙන වාසිය මහපක්ෂවලින් හෙම්බත්වුණ ජනතාවට අළුත් වෙනසක් විදියට අනුර පේන එක. ඒ NPP හිතවාදී පිරිසට අනුර පේන්නේ අලුත් HOPE එකක් විදියට. ඒක මාර positive මේ වෙලාවෙ NPP එකට. තරුණ පිරිස ජවිපෙ ඒවකාලේ කෙලපු පිස්සු සහ ප්‍රධාන පක්‍ෂ වලට ජැක් ගහල වැඩේ අලවෙනකොට මාරු වෙලා පැනල ගියපු සිද්ධි ගැන මොනවත් දන්නෙත් නෑනේ ඒක ලොකුම වාසියක්

      ඒ වගේම අනිත් පැත්තෙන් ඩීර් දාගෙන රාජපක්ෂ රනිල සජබ පිලට පාඨලී ආවොත් එයාට තියෙන ලොකුම වාසිය දැනට නායකයෙක් නැතුව අනාථ වී කාටවත් අයිතිකරගන්න බැරුව ඉන්න ජාතිකවාදී සිංහල බෞද්ධ සෙට් එකටම නායකයෙක් ලැබෙන එක. විශේෂයෙන්ම වැලේ වැල් නැති රාජපක්ෂවාදී ගනින්නාන්සෙලා පාඨලීගේ ඇඟේ එල්ලෙන්න තියෙන ඉඩකඩ මාරම වැඩියි. ඒක ග්‍රාමීය චන්ද පදනමට විසාල බලපෑමක් කරන්න පුළුවන් එකක් තවම.

      රනිල් කරන්නේ මේක 2018 දක්වා reset කරන එක සහ එතනින් රනිල්ගේ මැතිවරණ දේශපාලනය අවසානයි ගේම් එකක් දීලා බලය ගත්තොත් ඇරෙන්න, ඉතිං දැන් එහෙම අවසන්වෙමින් බැසගෙන යන රනිල් විසින් දේශපාලනික අවිනිශ්චිතභාවයක් ඇතිකරමින් ඉන්නවා.

      මැතිවරණයක් තියයිද නැද්ද, ඉස්සරලා මොන චන්දෙද...? එයා ඉල්ලයිද නැද්ද...? ඉල්ලනවනං කොහෙන්ද වගේ ජෑම් එකක්.

      රනිල් එහෙම දේශපාලන ජලාශය බොරකරනවා. ඒ බොරවුණු ජලාශයේ අපහැදිලි වතුර අස්සේ භයංකාර දේශපාලන සත්තුන්ට හෙමින් සැරේ සූක්ෂමව දඩයමේ යන්න පුළුවන්.

      අනුර ප්‍රමුඛ NPP එක මේ දේශපාලනික "අවිනිශ්චිතතාවයේ" අනතුරත්, වාසියත් තේරුම් නොගත්තොත් ඒ බොරවුණ ජලයේ හැංඟිලා ඉන්න භයානක අනතුරුවලින් ගැලවෙන්න එයාලට ලේසිවෙන්නේ නෑ. පාඨලී මේකම තේරුම් ගත්තොත් බොරවුණ ජලය මැදින් නොපෙනී හැංගිලා ඉස්සරහට එන්නත් එයාට පුළුවන්.

      මාතා Chaos තියරි දන්නවානේ,
      මොකද, ගෝඨාභය එලවපු ඇමරිකානු අරගලයෙන් ඇතිවුණ chaos 'අවිනිශ්චිතතාව' පාර කැපුවේ අනුරට... අනුරලා සහ සජිත්ලා බලය ගන්න බයේ හැංගිලා මග ඇරලා ඉන්නකොට රනිල් එක්සත් ජනපදයේ සහාය සහිතව ඒක අරගත්තා. දැන් මේ මොහොතේ රනිල්ගේ හැසිරීමේ 'අවිනිශ්චිතතාව' ආයෙම ඉඩහදන්නෙත් අනුරට..... ඒකට පාඨලී මැදින් පනියිද.....?

      මේ දේශපාලන අවිනිශ්චිතතාවයේ වාසිය ඇත්තටම කාගේද....?

      ඒ වගේම එක්සත් ජනපදයේ අභ්‍යන්තර අවුල් වියවුල් සහිත මැතිවරණ වසරක් වන මේ වසරේ ඇමරිකානු තෝරාගැනීම වුණ මාලිමාවට අමතරව වෙනම සූක්ෂමව කටයුතු කරන ඉන්දියාව සහ චීනය මේ ලංකාවේ "අවිනිශ්චිතභාවය" chaos තමන්ගේ සැලසුම්වලට පාවිච්චිකරන්නේ කොහොමද කියන එක උඩ ඔය හුඟක්දේවල් සෑහෙන වෙනස්වෙන්න පුළුවන් වගේම මේ අවිනිශ්චිතභාවයේ 'මහමොළය' එහේ එකක් වෙන්නත් පුළුවන්....

      පොදු ජනතාවට කියන්න තියෙන්නේ

      කරන දෙයක් ප්‍රවේශමෙන් කියලා තමයි ඉතින් ලංකාවේ ඉන්න අය මීට වඩා හොඳට සිටුවේෂන් එක රීඩ් කරල මැච් එක ගහන්න පුලුවන් වෙන්න ඕනේ 😄

      Delete
  3. යෝජනාව නම් කදිමයි. මම වෙන තැනකත් ලීවේ JVP රන් මොළ වලින් වැඩක් ගන්ඩ නම් වගකීම් භාර දෙන්ඩ ඕනෑ කියලා. මේ සහෝදරවරුන්ගේ තනිව ආණ්ඩු පිහිටුවීමේ සිහිනය නම් කවදාවත්ම සැබෑ වෙන්නේ නෑ . අන්තවාදී සටන් පාට ගිරවුන් මෙන් ජප කරමින් "මව්බිම නැත්නම් මරණය", "බලය ලැබෙන්නේ තුවක්කු කඳ තුලිනි" වැනි වැනි පිස්සු විකාර දොඩවමින් මැරෙන තුරු විරුද්ධ පක්ෂයේම රැඳී සිටීමට මේ සහෝදරවරු තීරණය කරනවා නම් අපට කරන්නට දෙයක් නැත. හිතෙන හිතෙන වෙලාවට පයින් ගසා එලවන්නට බැරි විදියේ ගිවිසුමක් අත්සන් කරන්නට UNP බලධාරීන් කැමතිවෙනවා නම් අනුර ප්‍රමුඛ දක්ෂ සහෝදරවරු කිහිප දෙනාගෙන් රටට වැඩක් ගන්නට ලැබෙනවා ඇත. අනුර කුමාර දිසානායක, විජිත හේරත්, ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක වැන්නන්ගෙන් රටට වැඩක් ගැනීමට නම් ඔවුන් පාලනයට සහභාගී කරගත යුතුය. මේ අය විමල් විරවංශ වැනි හිස් බෙලෙක්ක නොවේ.

    ReplyDelete
  4. අනුරයියා කැනඩාවෙදි ඊනියා "ජාතික සම්පත් රැකගැනීම" ගැන අහපු ප්‍රශ්නෙට දිපු උත්තරෙට එහෙම රැක ගන්න ඕනේ කියන ජාතික සම්පත් දෙකක් පෙන්නලා, ඒකට බිස්නස් කේසස් දෙකක් ගැන කරුණු දැක්වූවා.

    අනුරයියා ගත්තු පලවෙනි උදාහරණය තමයි ටෙලිකොම් එක, අනුරයියා ඒක රැක ගන්න ඔනෙ බිස්නස් කේස් එකක් හැටියට පෙන්නුවෙ ලන්කාවෙ අයි.ටී. සෙක්ටර් එක ඩොලර් බිලියන 6 ක් කොහෙද කරන්න ඕනෙලු , නමුත් ඒක ටෙලිකොම් එක පුද්ගලීකරණය කරපුවහම කරන්න බෑලු .
    මොකද එහෙම කරපුවහම අයි.ටී සෙක්ටර් දියුනු කරන්න ඔනෙ ෆයිබර් වගෙ දෙවල් කරන්න බෑලු.
    (අපරාදෙ මිට කලින් වතාවක ටෙලිකොම් එකේ 49% ක් ජපානයේ NTT එකට විකුණලා පුද්ගලිකරණය කළේ (එහෙම නොකරානම් රජයේම 100% ක් තිබුණානම් මේවන විට ලංකාවේ අයි.ටී සෙක්ටර් එක බිලියන 20 විතර වෙන්න තිබුනා. වෘත්තීය සමිතිකාරයෝ එක්ක රජයේ දෙපාර්තමේන්තුවක් වගේ CEB, Ceypetco, SriLankan Airlines වගේ අධික ලාබ ලබන රජයේ දීප්තිමත් ආයතනයක් වෙන්න ඉඩ තිබුණා අපරාදේ

    ඊලග උදාහරණය තමා "එයාර් ලන්කා " එක . (එයා කිව්වෙ එයාර් ලන්කා කියලා තමා ශ්‍රී ලංකන් එක ගැන වෙන්න ඇති කියල හිතමූ) . එගොල්ලොන්ගෙ ආන්ඩුව ආපුවහම රටට සංචාරකයෝ කොච්චරද ගානක් ගෙන්න හිතාගෙන ඉන්නවලු, දැන් වගේ කීප ගුණයක පිරිසක් ඒත් ඒකට එයාර් ලන්කා එක රජය යටතේ තියෙන්නට ඔනෙලු . දෑනට තියෙන ප්‍රශ්න හෑටියට එයා කිව්වෙ ට්‍රන්සිට් කාලෙ වැඩි විම, ටිකට් වල කොස්ට් එක වැඩිවීම වගෙ දෙවල්. ඒක නිසාම ටිකට් කොස්ට් එක අඩු කරන්න බජට් එයා ලයින් එකක් පටන් ගන්න ඔනෙලු ( සමහර විට එකට මිහින්ල න්කා කියලා නමත් දායි ) . ලන්කාවට එන එවුන්ට එන්න තියෙන එකම එයාර් ලයින් එක "එයාර් ලන්කා " කියලද කොහෙද උන්දෑ හිතාගෙන ඉන්නෙ .

    කොහොම වුනත් අනුරයියා එක දෙයක් ඉගෙන ගෙන තියෙන පැහැදිලියි. එක තමා ඔය ස්ටෙජ් වල් "අපි ආපුවහම විකුනපුවා ආයෙ ගන්නවා " වගෙ මෝඩ කතා කියන එක භයානක බව. මොකද ඔය ප්‍රශ්නෙ අහපු එකා වගෙ එවුන් ස්ටෙජ් එකෙ ආතල් එකට කියන ඔයවගේ කයිවාරු කතා සීරියස්අ රගෙන පස්සෙ මළ කරදරයක් වෙන බව. ඒක නිසාම ගත් කටටම දැනටමත් විකුණලා තියෙන ඒවා නම් ආයෙ ගන්න බෑ කියලා කෙලින්ම කියලා දැම්මා. පොර සෑහෙන කපටියෙක් නිසාම හොඳයි.

    ReplyDelete
  5. මේ ගැන ඇනලිටික් කන්ටිනුඒෂන් වලින් ගණනය කරල බලන්න වෙනවා මාතලන් ලංකාවේ මැතිවරණය ජයග්‍රහණය කරන කෙනා ගැන, ජයග්‍රහණය කලත් ඊට වඩා අමාරුයි ඊළඟට ඉතිරි අවුරුදු කීපය තුල ආණ්ඩුව පවත්වාගෙන යන එක, මොකා ආණ්ඩුව කළත් ජනතාවට එපා වෙනවා ඉතාම ඉක්මනින්ම, රාමානුජන්ගේ ගණනය කිරීම් වගේ දෙයක් කරන්න වෙනවා Paul Dirac විසින් electron behavior එක ගැන කරපු ගණිතමය පරීක්ෂණය ගැන හොයලා බලන්න.

    මට හිතෙන විදිහට Analytic continuation වල වැදගත්කම පේන තැනක් තමයි Antimatter සොයාගැනීම. Quadratic equation solve කරද්දී (-b+-√b^2-4ac)/2a වල එක අගයක් අපි ගොඩක් වෙලාවට කිසි තේරුමක් නෑ කියලා අයින් කරනවා. ඒත් එකෙන් තමයි මුලින්ම antimatter කියලා දෙයක් තියෙන්න පුළුවන් කියන අදහස ආවේ, ඒ වගේ තමයි මේකත්.

    ReplyDelete
  6. මාතයියේ ඔය මාලිමාව ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයට ඔයවගේ පොරසීන් දාගෙන උඩට එන්න හේතුව මාලිමාවට තියෙන හැකියාවකින් හෝ වෙනත් දක්ෂතාවකින් හෝ නොවෙයි අර ලූලා නැති වලට කණයා පණ්ඩිත වෙනවා වගේ අනිත් දේශපාලන පක්ෂ වල අසාර්ථක භාවය නිසායි.

    උදාහරණ විදිහට අද ලංකාවේ විපක්ෂය ගත්තාම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කියලා කියන්නේ කැපුවත් කොල හිටපු එජාප දැනට සජබයේ ඉන්න වහල්ලුන් ටික ඇරුණාම රටේ බහුතරය අතර ජෝක් එකක් බවට පත්ව ඇති විහිළුවට ගන්න ඕන චරිතයක් විතරයි සජබයේ ඉන්න අනිත් උනුත් ජෝකර්ලා විශේෂයෙන්ම ආර්ථික උපදේශක වගේ ඉන්න හර්ෂ ද සිල්වා වගේ අය දැන් ෆ්රේඩී සිල්වා වගේ ජෝක් බවට පත්වෙලා...

    ආණ්ඩුව කොහොමත් ජනතා විරෝධී ලෙස බදු වැඩිකිරීම වගේ දේවල් කරන නිසා මිනිසුන්ට එපා වෙලා අනික රනිල් වික්‍රමසිංහ කියන්නේ කොහොමත් තමන්ව මාකට් කර ගැනීමට බැරි දේශපාලන වශයෙන් අසාර්ථක පුද්ගලයෙක්

    මේ දක්වා ලංකාවේ දේශපාලන ව්‍යාපාර වල කවුරුත් පිලිගන්න ඕනෙ යතාර්ථය තමයි 2020 මැතිවරණය දිනපු පොහොට්ටුවේ දේශපාලනය 2009 යුධ ජයග්‍රහණයේ තනි අයිතිකරු විදියට රටපුරා මාකට් කරගෙන පොරක් බවට පත්ව සිටි
    මහින්ද රාජපක්ෂ කියන මහල්ලා
    වටා ක්‍රියාත්මක වුනා. රාජපක්ෂ පවුල් පාලනය කියලා තිබුණට ඔතන සැබෑ නායකත්වය තිබුණේ මහින්ද රාජපක්ෂ කියන චරිතය වටා විතරයි නමුත් මහින්දගෙ අසනීප තත්වය නිසා ඔහුගේ දේශපාලන නායකත්වය ක්‍රියාත්මක නොවීමෙන් පොහොට්ටුවේ දේශපාලනය පසු බැස්සෙ.

    ඊට පස්සේ මහින්ද රාජපක්ෂ විසින් නාමල්ට පාර කැපීමට යොදාගත්ත හිටපු ආරක්ෂක ලේකම් වූ තම සොයුරු නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුනාට ඔහුට දේශපාලන අත්දැකීම් වගේම නායකත්වයට හිමිවිය යුතු නිසි පෞර්ෂත්වය නොතිබීම එකතුවීමේන් පාර්ලිමේන්තු 2/3 බලය සහ විශාල ජනවරමක් ලැබූ ගෝටාබය ආණ්ඩුව වසර 2කින් කඩන් වැටුනා. මහින්දගෙ තැන ගන්න් බැසිල් උත්සහ කලත් ඔහුට ජාතික දේශපාලන නායකත්වයක් නැහැ. ඒ නිසාම ලංකාවට නායකත්වය දෙන්න සුදුසු දේශපාලන ව්‍යාපාරයක් ලංකාවේ දැනට නෑ, ඔය මාලිමාව කියන්නේ කිසිම ආකාරයක වගකීමක් නැති විකාර කාරයන් පිරුණු කැඳහැලියක්, උන්ට බැරිවෙලාවත් බලය ගියොත් රට සෝමාලියාවට වඩා අන්ත අසරණ තත්ත්වයට පත්වීම නිසැකයි. ගියපාර ගොඩදාන්න රනිලා හරි හිටියා ඒත් දැන් ඌටත් වයසයි දැනටමත් හැත්ත පහක් තව ටික දවසකින් නාකි මයිනා වගේම වෙයි...

    ඒ නිසා ලංකාවේ සිටින අයට කළහැකි හොඳම දේ රටින් පිට වෙලා ස්ථාවර මට්ටමක පවතින හොඳ රටක් සොයා එබඳු පිටරටක පීආර් ගැනීමට පියවර තබමින් රටේ තියෙන වත්කම් විදේශ රටවල ආයෝජනය කිරීමයි. වෙන සොලූෂන් එකක් මටනම් පේන්නේ නෑ. එහෙම තියෙනවා නම් කියන්න බලන්න සංවාදයට විවෘතයි. අපට නම් අවුලක් නෑ ඉතින් ලංකාවේ අපේ තිබුණ අනවශ්‍ය දේපළත් විකුණලා අපේ දෙමව්පියන්වත් පර්මනන්ට් මෙහෙට ගෙන්න ගන්නට කටයුතු කළේත් ඒකයි

    ReplyDelete
  7. මොස්කව් නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් ඇමෙරිකාවට, ඊශ්‍රායලයට සම්බන්ධිත පිරිසක් කියලා රුසියාව මුලින් කියනකොට බොහෝ දෙනෙක් ඒකට පුදුම වෙලා තිබුණා.

    ඒ උනාට මේක කියවගන්න ඒ තරම් අමාරු නැහැ.මේ වෙලාවේ ලෝකේ යුධ පෙරමුණු දෙකක් තියෙනවා.

    එකක් පලස්තීන - ඊශ්‍රායල යුද්ධය.

    මෙතනදී සමස්ත මුස්ලිම් ප්‍රජාවම පලස්තීනය පැත්තේ.

    පුදුමයකට වගේ ඇමෙරිකාවේත් අතිබහුතරයක් දැන් ඊශ්‍රායල විරෝධින්. (ඔවුන් පොදුවේ යුද්ධය ප්‍රතික්ෂේප කරනවා. සිය රටෙහි මුදල් වෙනත් රටක යුද්ධයකට වැය වීමට ඔවුන් විරුද්ධයි)

    හැබැයි රාජ්‍යයක් විදියට ඇමෙරිකාව සහ යුරෝපය ඊශ්‍රායලය පැත්තේ.

    රුසියාව මෙතනදි හිට ගත්තේ පලස්තීනය එක්ක.

    මේ යුද්ධයේ දී ගාසා තීරයේ දරුවන් ඇතුලු දහස් ගණනක් සිවිල් වැසියො අමු අමුවේ ඝාතනය කළ බව බොරුවක් නෙවෙයි.

    ඒ ඝාතනයන් වෙද්දි මානව හිමිකම් රකිනවා ය කියන බටහිර නොදැක්කා වගේ හිටියා.

    අමු අමුවේ දරුවො මැරෙද්දී මානව හිමිකම් සංවිධාන ඇස් කන් වහන් හිටියා.

    ලෝකයේ ඇත්තටම මානව හිමිකම් යනු දේශපාලන අවියක් පමණයි.

    නැතුව සර්ව සාධාරණ කැපවීමක්, උවමනාවක් කාටවත් නැහැ.

    එවැනි පසුබිමක රුසියාව ගාසා තීරයේ සටන් විරාමයක් ගේන්න යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගෙනාවා.

    ඒ යුද්ධයේ මැද අවදියේ.

    ඇමෙරිකාව තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරලා ඒ යෝජනාව පරාජය කළා.

    (2009 යුද්ධයේ අවසන් කාලයේ ඔය යෝජනාවම ඇමෙරිකාව ගෙනාවා.

    රුසියාව සහ චීනය නිශේධ බලය පාවිච්චි කරලා යෝජනාව පරාජය කළා.

    රුසියාව සහ චීනය නැත්නම් අදටත් මේ රටේ බෝම්බ පිපිරෙනවා)

    ගාසා තීරයේ ගිනි නිදහසේ ඇවිළුනා.

    දහස් ගණනක් මුස්ලිම් මිනිස්සු මැරුණා.

    ඒ යෝජනාව සම්මත වුණා නම් දහස් ගණනකගේ ජීවිත බේරෙනවා.

    මේ නිසා මේ වෙලාවේ ලෝක මුස්ලිම් ප්‍රජාව ඉන්නේ රුසියාව එක්ක.

    මේ වෙලාවේ රුසියාවට ගහන්න අමාරුවක් ඉස්ලාම් අන්තවාදයට නැහැ.

    ලෝකේ අනිත් යුද පෙරමුණ රුසියානු - යුක්‍රේන යුද පෙරමුණ.

    එහි ඇමෙරිකාව සහ යුරෝපය යුක්‍රේනයට අනුග්‍රහය දක්වනවා.

    මේ මොහොතේ යුද්ධයේ රුසියාව ඉන්නේ ජයග්‍රාහී තැනක.

    ඔවුන්ගේ හදවත බඳු මොස්කව් නගරයේ ප්‍රහාරයකින්, රුසියාවේ මානසිකත්වය බිඳ දමන්න පුලුවන්.

    එහි ආරක්ෂක අංශයන්ගේ අවදාබය වෙනස් කරන්න පුලුවන්.

    මේ ප්‍රහාරය කියවාගන්න ඕන පසුබිම එයයි.

    මේක ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරය වගේ නෙවෙයි.

    පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයො IS සංවිධානයට සෘජුව සම්බන්ධයි.

    ඔවුන් ප්‍රහාරයට පෙර IS සංවිධානය සමග වීඩියෝ දර්ශන පටිගත කර තිබුණා. ඒ සාමාන්‍ය IS ප්‍රොසීජියර් එක.

    මොවුන් හුදෙක් කුලී හේවායො. මොවුන්ට IS සමග පිළිගත හැකි කිසිදු සබඳතාවයක් තිබුණේ නැහැ.

    පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයො දැඩි මතධාරියො. ප්‍රහාරයට මොහොතකට කළින් පවා ඔවුන් ආගමික වතාවත් වල නියැලුනා.

    ඔවුන්ට අන්තවාදී ඉතිහාසයක් තිබුණා.

    මොස්කව් ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තයො, ප්‍රහාරය පුරාවටම අර සුපුරුදු වචනය වත් කියන්නෑ.

    පාස්කු ප්‍රහාරයේ අන්තවාදියො ප්‍රහාරයෙන් පසු කෙලින්ම ස්වර්ගය ඉලක්ක කළා.

    මොවුන්ට නියම යුධ මෙහෙයුමක වගේ ගලවා ගැනීමේ ස්ථානයක් (Evacuation point) තිබුණා. (යුක්‍රේනයේ)

    ඔවුන් කිසිසේත්ම ආගමික අන්තවාදියො නෙවෙයි. කුලී හේවායො.

    පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවා පොතක්. අයිඩියොලොජියක්.

    හැබැයි මේ ප්‍රහාරයට රියල්, ෆිසිකල් මහමොලකාරයෙක් ඉන්නවා.

    කාට හෝ රුසියාව අස්ථාවර කිරීමට උවමනා වුණා.

    එමෙන්ම රුසියාව සහ මුස්ලිම් ප්‍රජාව බිඳවීමට අවශ්‍ය වුණා.

    කවුරුන් හෝ මේ ප්‍රහාරකයන් මිලට ගත්තා. (ඩොලර් පන්දාහකට ටෙලිග්‍රැම් හරහා)

    ඒ ප්‍රහාරය ඉස්ලාම් අන්තවාදයේ වැඩක් විදියට ෆ්‍රේම් කිරීමට අවශ්‍ය වුණා.

    ප්‍රහාරයෙන් පස්සෙ ඔවුන් පැනලා යන්න සැලසුම් කළේ යුක්‍රේනයට.

    ReplyDelete
    Replies
    1. මොස්කව් නුවරට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සෙ ඊයේ සහ අද පුටින් මාධ්‍යයට කතා කළ කතාවල ඔහුගේ අදහස්වල සංක්ෂිප්තය මෙහෙමයි.

      * අපි කිසිම වෙලාවක ගාසා තීරයට උදව් කිරීම නවත්තන්නේ නැහැ.

      මේ අනුව රුසියාව මෙය මුස්ලිම් ප්‍රජාවේ වැඩක් ලෙස නොදකින බව පැහැදිලියි.

      * මේ ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද කියලා අපි දන්නවා. හැබැයි අපි හොයන්නේ මේකට අණ දුන්නේ කවුද කියලා.

      ඒ අනුව රුසියාව "මහ මොළකරු" සොයමින් ඉන්නවා.

      මේ ප්‍රහාරයෙන් පස්සෙ රුසියාව කෙලින්ම ඇගිල්ල දික් කළේ යුක්‍රේනයට.

      යුක්‍රේනය එය ප්‍රතික්ෂේප කළා.

      නමුත් මීට දින කිහිපයකට කළින් යුක්‍රේන බුද්ධි අංශ නායකයා රුසියාවේ අභ්‍යන්තරය ගිනි තබන බව කිව්වා.

      ප්‍රහාරයෙන් පසුව ඇමෙරිකානු ධවල මන්දිරය ප්‍රහාරයට යුක්‍රේනය සම්බන්ධ බව ප්‍රතික්ෂේප කළා.

      ඇමෙරිකාව එහෙම කිව්වා නම් මේ වැඩේ අනිවාර්යෙන්ම යුක්‍රේන + ඇමෙරිකානු වැඩක් කියලා ඇමෙරිකානුවන්ම කමෙන්ට් කරලා තිබුණා.

      යුක්‍රේන අර්බුධය ආරම්භ වුනාට පස්සෙ රුසියාවෙන් යුරෝපයට ගෑස් සපයන ප්‍රධාන නලය කිසිවෙකු හෝ පුපුරවා විනාශ කළා.

      ඇමෙරිකානු සහ බටහිර මාධ්‍ය එය රුසියාවේ වැඩක් කියලා කිව්වා.

      හැබැයි එය ඇමෙරිකාවේ C.I.A ප්‍රහාරයක්.

      එය ඇමෙරිකානුවන් දැන් එලිපිටම කියනවා.

      ඒ අතර වත්මන් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඉන්නවා.

      මේ මොහොතේ යුක්‍රේනය කියන්නේ මූලිකවම ඇමෙරිකාව , යුරෝපය සහ ඊශ්‍රායලය.

      මේ වගේ වැඩක් කරන්න පුලුවන් බුද්ධි අංශ තියෙන්නෙ දෙකයි.

      එකක් C.I.A. අනික මොසාඩ්.

      මේ වැඩේ ඇමෙරිකානු සහ ඊශ්‍රායල සහයෙන් යුක්‍රේනය කළ වැඩක් යැයි කියන්නේ ඒකයි. බොහෝ විට ඉතාම ඉක්මනින්ම රුසියාවෙන් උක්රේනයට මොකට ලෝකු පෝරියල් එකක් ලැබෙයි කියල ලොව ගොඩක් අය හිතනවා මේ අනුව.

      Delete
  8. ආවෙමි
    කියවීමි
    ආ බැව් ලියලා
    පිටවීමි!

    ReplyDelete
  9. ඔය කාටත් වඩා රනීල් කියන්නේ කවුද කියලා හිරුණිකා හොඳින්ම දන්නවා.

    කවුරු කවුරුත් රනීල් ඉස්සරහා පදිරි 🤣🤣🤣🤣

    හිරුණිකාගේ තාත්තට ශොට් එක දුන්නට පස්සේ හිරුණිකා ගියා රනීල්ව හම්බ වෙලා පක්ශෙ මාරු කරලා UNP එකට එන්න. අන්න ඒ වෙලාවේ ෆ්ලවර් රෝඩ් එකේ අරගලය වෙලාවේ ගිනිතියපු ගෙදරදී හිරුණිකා එයාගෙ අම්ම එක්ක ඇවිල්ලා රනීල්ව හම්බ වෙලා පක්ශෙ මාරු කරන්න ඉල්ලීමක් කලාම ඔයා දැන්ම එන්න එපා තව පොඩි කාලයකින් අපි ආණ්ඩුව හදනවා එදාට මම කතා කලාම ඔයා එන්න කියලා කියනවා. හිරුණිකා එලියට බහින්නේ රනීල්ගේ අම්මා මතක් කරන් . ඒ වෙලේ රනිල් ආණ්ඩු හදනවා කියලා හිතන එකත් විහිළුවක් . අනික චන්දයක් පේන මානයක තිබ්බේ නෑ. හැබැයි අර කිව්වා වගේම මහින්ද අවුරුදු දෙකකට කලින් ජනාධිපතිවරණය කැඳවනව. රනීල් ආණ්ඩුව හැදුවා. ඒ ආණ්ඩුවේ හිරුණිකාත් UNP වෙලා ආවා 😌😌😌😌....

    Hirunika Premachandra ට ඔන්න මෙච්චර කල් හොයපු Ranil Wickremesinghe ව හම්බ වෙලා

    රනීනීනීනීනී................ල්ල්ල්ල්..ල්..ල්..ල්...🤣🤣...
    රෝස කැලෙන් බබාල ඇහිඳගත්ත හැටි කියන්නේත් මෙයාම තමා..

    ReplyDelete
  10. මාතා, මීට කලකට ඉහත අමුතුම කතාවක් තිබ්බා ගොසිප් ටයිප් මැගසින් එකක. ජෝතිපාල මැරුණට පස්සේ ලංකාවේ දරු උපත්වල පිරිමි දරු උපත් සෑහෙන අඩුවුනා කියලා. ඇත්ත බොරු කෙසේවෙතත් ඒ කාලේ ජන මනසත් එක්ක නොසලකා හරින්න බැරි කතාවක්. හැබැයි ඒ කාලේ චිත්‍රපටිවලින් මටනම් අතේ ඇඟිලි ගානටත් අඩු චිත්‍රපටි ගානක ඇරෙන්න වෙන කිසිම චිත්‍රපටියක ලංකාවේ නලුවෙක්ගේ මාරයි කියන්න තරම් රඟපෑමක් හම්බෙලාම නෑ. ඊටවඩා ඒ කාලේ නිළියන්ගේ රඟපෑම ඉස්සරහින් තිබ්බා.

    මම ගොඩක්ම පොඩි කාලේ විජේ මැරෙද්දි මම මොන්ටිසෝරි යන්නත් ඉස්සර කාලේ දවසක වුණත් ඒත් එදා අපේ අම්ම සෑහෙන දුකෙන් කියපු කතාවක් මට තාම මතකයි.

    "හොටු පෙරාගන ඉන්න ළමයෙක් වුනත් වඩාගන ඒ ළමයගේ හොටුත් හූරලා දාපු මනුස්සයෙක්"

    ඒ තමයි විජේ මිනිස්සුන්ගේ හිතේ හිටිය තැන කියලා අද තමයි තේරෙන්නේ, නමුත් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් විජය ප්ලෑන් කරලා චන්ද්‍රිකාව බැන්දත් විජයට ඒ සොසයිටි එකේ හිතපු විදියට මූව් වෙන්න බැරි උනා. මස්සිනා අනුර බණ්ඩාරනායක කවදාවත් විජයව පිලි ගත්තේ නෑ. විජය ගේ ජනප්‍රිය වාදී බොරු පීඩිත දේශපාලනයත් ඒකේ කොටසක්. චන්ඳ්‍රිකාට තරහා ගියාම විජයට කුලය පන්තිය ඇදලා බැන්නේ. ඔහු බණ්ඩාරනායක මැතිනියටත් ඉතා සහසිකව වාචිකව පහර දෙන්න මේ කාරනා හේතු වෙන්න ඇති (එක් අවස්ථාවක විජය කියනවා ජේමිස් ඇතුගල මැරුවේ බණ්ඩාරනායක මැතිනිය කියලා).

    නමුත් විජයගේ පුතා විමුක්තිට මේ පහල ක්ලාස් එක අතික්‍රමණය කරලා දැන් ඉහල සමාජයත් එක්ක මූව් වෙන්න පුලුවන් ඒත් ලංකාවේ සෝ කෝල්ඩ් පීඩිත සමාජයට ඔහු අමුත්තෙක් ඒ වගේම විජයගේ පුතා විමුක්ති සමරිසියෙක් බව ඔහු පිලිබඳව දන්න අය කියනවා. ඒක සත්‍යක්ද දන්නේ නෑ. නමුත් විමුක්ති සමරිසියෙක් නම් පසුගාමී ලාංකික සමාජය ඔහුව කොහොම පිලිගනීද කියන එක ගැටලුවක්.

    විජයගේ මරණය නිසා ඔහු වීර දේශපාලන චරිතයක් උනා. නමුත් බලය ලැබුනා නම් විජය ලංකාවේ සජිත් ප්‍රේමදාස රාජපක්ෂ පවුල අනුර කුමාර දිසානායක වගේ තවත් එක් මෝඩ දේශපාලකයන්ගේ ගොඩට වැටිලා මේ වෙන කොට වාසුලා වගේ හැත්තෑව පැනපු අවලංගු චරිතයක් වේවි බොහෝ දුරට, මොකද මාතලන් විජය එච්චර ලොකු විෂන් එකක් තිබුණ දැන උගත් දාර්ශනික සංකල්ප තේරෙන බුද්ධිමත් මිනිහෙකුත් නොවෙයි. ඔහුට තිබ්බේ සිනමාවේ වීර චරිත නිසා ඇතිවුණ ලාබ ජනප්‍රියතාව විතරයි. ඒ ජනප්‍රියතාව කියන එක බටර් වගේ දියවෙලා යනවා ඉක්මනින්.

    ReplyDelete
  11. ලංකාවේ මේ දවස් වල දේශපාලනය ගැන කතා කළොත් නිහඬව ඉන්න බහුතරයක් දෙනා තාම තීරණයක් අරගෙන නෑ වගේ. ඒ වගේම 2019 හැට නම ලක්ෂයෙන් 30% ක් විතර පිරිසක් වෙනත් පක්ෂ විපක්ෂ කණ්ඩායම් වලට මාරු වුණත් 70% විතර පිරිසක් අඩු වැඩි වශයෙන් විස්වාස කරන්නේ ඔවුන් දැනගත්ත හුගක් දේවල් වලින් ඔවුන්ට තේරුණා කියලා කියන්නේ නන්දසේන ගෝඨභය, හුගක් නිවුණු සැහෙන්න රටට සහ ජනතාවට ආදරේ මිනිහෙක් බවයි. ඔහුට ජනතිපති ධුරය ලැබුනට අවශ්‍ය අනිත් සහයෝගය ලැබුනේ නෑ කියලාත් එකට හේතුව ඔහු පක්ෂයක නායකයෙක් නොවුන එක බවත් බැසිල් පොහොට්ටුව තණ්හාවෙන් අල්ලන් හිටිය බවත් ඒ නිසා ගෝඨභයට අවශ්‍ය කිසිදෙයක් පහල ඉන්න අය කලේ නෑ කියලත් ඒ වගේම ඔහු නායකත්වයට ආර්ථික අර්බුදයක්/ කොරෝනා පවතී වැරදි කාල වකවානුවක නීසාත් ඒ යෝදයා US Citizenship එකත් අතඇරලා දංකාවට ආවේ ලංකාවේ මිනිස්සු ඔහුව ඉල්ලපු නිසා බවත් ඔහුට රට හරි පාරට ගෙනියන්න හොද හැකියාවක් තිබ්බ බවත් ඔහු ලංකාවේ දැනට ඉන්න එකම සිංහල බෞද්ධ නායකයා බවත් සුළු ජාතින් ඔහුව කුමන්ත්‍රණයකින් විනාශ කරන්න කටයුතු කළ බවත් කවදා හරි මිනිස්සුන්ට මේ වුන දේ තේරෙන් ඇති බවත් ඔවුන් විස්වාස කරන්නේ. මම හිතන්නේ නෑ ඒ කට්ටිය වෙනස් වේවි කියලා.

    ReplyDelete
  12. චෙන්නයි ටීම් එකත් චමුදිත සමරවික්‍රම හිවලගෙන් ඉගෙනගෙන මතීෂ පතිරණ මුස්තෆිස් උර් රෙහ්මාන් දෙන්න දාගෙන අපිවයි බංගලියන්වයි කොටවල අහක ඉඳගෙන ආතල් එකක් ගන්නව. අනුර කුමාර දිසානායක කියන ගොන් හිවලා ඒ අස්සේ ගොන් ආතල් දෙනවා මෙහේ.

    ReplyDelete
  13. රුපියලට සාපේක්ෂව ඩොලර් එකේ අගය අඩු උනාට බඩු මිල අඩු වෙලාද? උදාහරණයක් වශයෙන් 2018 ඉඩමක මිල මිලියනයක් නම් 2023 වෙනකොට මිලියන දෙකක් වගේ වෙලා. ඕක ඩොලරය රු270ට බැස්සත් අඩු වෙන්නේ නෑ

    රුපියලට සාපේක්ෂව ඩොලරය වැඩිවෙනකොට ණය රුපියල් වලින් ගනන් හදල බනිනවා ලංකාවේ දේශපාලන පක්ෂ වලට කඩේ යන බුකියේ එවුන් සහ දේශපාලුවන් නිතරම තමන්ගෙ වාසියට බිලියන් ලක්ෂ වලින් කෝටිවලින් කියන්නෙ ,මුං තලගොයි කබරගොයි එක හට්ටියෙ උයන්නෙ බංකොලොත් වුනාම අනේ අපි දන්නෙ නෑ ඔව්ව, ඒ වගේ කාලකන්නි දසයො හැත්තක්

    ReplyDelete
  14. යකෝ මාතා හැමෝටම අර සුනිල් හඳුන්නෙත්තිට දයාශාන්තලා වගේ වෙස්සන්තර යාලුවෝ නෑ හැමදේම ඕන ඕන වෙලාවට ඉල්ලන සුනංගුවෙන් නිකම්ම දේවල් දෙන්න.ඒ නිසා මහන්සිවෙන්න ඕන හම්බකරන්න. තේරුණා ද?

    ReplyDelete
  15. අඩෝ ළමාතන් උඹලට හොද වැඩෙි උඹට දිගටම ගහන්නේ පාචිචල් කරන්නේ ජෙප්පෝ අනික තමයි උඹලා කරන දේශපාලනයක් එලිපිට කරපල්ලා මචං උඹත් ලංකාවේ අපේ ගෙවල් අහල පහල එකා නිසා ගමේකමටත් එක්ක කියන්නේ ඇයි බය වෙන්නේ බං ඔය ජෙප්පන්ට උන් තරමි පහත් විනාශකාරි දේශපාලන ඉතිහාසයක් අනිත් උන්ට නෑ.

    උන් හිතාන ඉන්නේ තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියාට වෛර කල යුතුයි උන් මරා දැමිය යුතුයි කියන තැන, ඒ නිසාම උන්ගේ දේශපාලනය නගිනවට වඩා වේගෙන් බැහැල ගිහිල්ල විනාශ වෙනවා සිකුරුයි ඔය ගයන්නේ හංස ගීතය, බලය ලැබුණාම තමයි උන්ගේ විනාශයේ ආරම්භය ඒක තමයි රනිල්ලටත් ඇමරිකාවට සහ ඉන්දියාවට ඕන, ඒත් බැසිල් රාජපක්ෂ උත්සාහ කරන්නේ මාලිමාව සම්පූර්ණයෙන්ම විනාශ නොවී බේරා ගැනීමට උන්ගේ ඉදිරිකාලීන අවශ්‍යතා වෙනුවෙන්ම ලබන 2029 හෝ ඊට පෙර පැවැත්වෙන අනාගත ජනාධිපතිවරණයකට නාමලාව දිනවීමට පලිහක් ලෙස මාලිමාව කඩේ යවාගන්න

    ReplyDelete
  16. අද ලංකාවේ අගමැති ලෙස දිනේෂ් චීනයට ගිහිං චීනය සමග අවබෝධතා ගිවිසුම් 09 කට අත්සන් කරනවා. (අද දෙරණ / සිරස දහවල් පුවත් )

    සාගල රත්නායක සහ පරිසර අමාත්‍යංශ ලේකම් රේගු අධ්‍යක්ෂක නාවුක සහ වරාය අමාත්‍යංශ මහා මාර්ග අමාත්‍යංශ වල ලේකම් වරුන් ලංකාව සහ ඉන්දියාව අතර මාර්ගය ඉදිරිකිරීමට අදාල එකගතා වලට ඉන්දියාවට යනවා. (අද සිරස දහවල් පුවත් )

    දැං බැරිවෙලාවත් (අහම්බයෙන් හරි) ජවිප අනුරලා බලය ගතතොත් IMF එකගතා මුළුමනින්ම සුනිල් හදුන්නෙත්ති කියන පරිදි නැවත සමාලෝචනය කරනවා පෙර ආන්ඩු සමග එළඹෙන ලද ගිවිසුම් අදාල නෑ අපි අළුත් ජනවරමක් කියලා (දෙරණ 360 වැඩසටහන 25 මාර්තු )

    ඒවා අහෝසි කරනවද ?
    එහෙම කරන්න පුළුවන්ද ?

    අවම තරමින් දැන් ලංකාව තායිලන්තය එක්ක අත්සන්, කරපු නිදහස්,වෙළද ගිවිසුම ලංකාවට අවාසියි කියලා ඒක ඒක පාර්ශ්වීයව සමාලෝචනය කරනවා හො නතර කරනවා කියන්න පුළුවන්ද ??

    එහෙම කරන්න බෑ.‼️‼️

    රටක් හෝ ජාත්‍යන්තර ආයතනයක් ලංකා රජය එක්ක මිසක් පත්වෙන එක එක ආන්ඩු අනුව එකගතා වලට එන්නේ නෑ.

    එහෙම නම් JVP ය බළයට ආවොත් මේ තාක් පිටරටින් ගත්ත ණය පාර්ලිමේන්තුවේ කවුද අනුමත කරේ අහලා අපි ඒවා ගෙවන්න බැදිලා නෑ අපි අළුත් ජනවරමක් කියලා

    කවදා හරි ගෙවනකල් ඉන්න කීවොත් ඉන්නවද ? 😀😀

    එතකොට ජාත්‍යන්තරව ලංකාවේ ආන්ඩුවට නඩු දානවා මිසක් රනිල්ට මහින්දට චන්ද්‍රිකාට සිරිසේනට කියලා නඩු දාන්නේ නෑ.

    මේ IMF ගිවිසුම රටේ,ජනතාවට සහන දෙන්න රටේ,ජාතික සම්පත් රැකගන්න සුභසාධන රාජ්‍ය ආකෘතිය පවත්වා ගන්න බාධක ඇති කරලා තියනවා

    ඒවා වෙනස් කරගන්න අර සජිත්,ප්‍රේමදාස කෙලින්ම කියනවා වගේ සාකජ්චාවකට අපි එනවා කියනවා හැර

    මුළු මනිනින්ම නැවක සමාලෝචනය කරනවා කියන එක පට්ට විහිළුවක්. 😀

    එක්කෝ ජවිපයේ සුනිල් හදුන්නෙත්තිලා බළය ලැබුනොත් රනිල් ගිය මාවතේම IMF එක එක්ක යනවා කියන එක වහන්න කරන තාවකාලික රංගනයක්.

    එහෙම නැත්නම් පෙට්ටි කඩයක් කරලවත් අත්දැකීම් නැති JVP ආර්ථික කමිටුව රට තිබ්බටත් වඩා අනලා සේරම හානවා කියන එකට පුරෝකථනයක් ‼️

    අපට කැමති වුනත් නැතත් ජාත්‍යන්තරව අපි එකගවී යන එකගතා සමග ඒක පාර්ශවීය කැමැත්තට කේවල් කරන්න රටේ ජන බලයට විතරක් පුළුවන්,තත්වයක නෙවෙයි ඉන්නේ.

    ඕක නොදැන කටයුකු කරන්න ගියොත් රසායනික පොහොර තහනම් කරලා ඉන්දියාවට ඇමරිකාවට අරිංඥං කියලා ගිය මෝඩ නන්දසේන ගෝඨාභයට වුන දේ IMF එකට කියලා ජවිපය කරවා ගන්නවා

    ජවිපය බලයට නොඑන හංදා ඉතිං සුනිල් හදුන්නෙත්ති ඔහොම කියන්නත් ඇති මොනද කීවට බයක් නෑනේ 😀😀

    ReplyDelete
  17. ලක්දේසෙත් පචකෙලියා
    පිටදේසෙත් පච කෙලියා..
    ලක්දේසෙත් පිටදේසෙත්
    ලපයා පච කෙලී.. යා.. 🤣

    ReplyDelete
  18. මාලිමාවේ කයියනායක හොර රැල කයිවාරු ගහලා මිනිසුන්ට පොයිය දාල තව අවුරුදු ගාණකට පුල් මාවලස් ලක්ෂරි ලයිෆ් ගතකරන්න ගහන තවත් එක් ගේමක් නේ ඔය,

    රජය මේ වෙලාවේ ලංකාවේ පුද්ගලික අංශයේ දක්ෂතම කෘෂි නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ කළමණාකරණය යටතේ වව්නියාව, කිලිනොච්චිය, ත්‍රිකුනාමලය, මන්නාරම, අම්පාර සහ මඩකලපුව වගේ ප්‍රදේශ වල රජයට අයිති කොටසක් අක්කර 100 ට වැඩි ඕනතරම් නිකරුනේ මාන වැවුණ මුඩු බිම් කොටස් සහ භුගත ජලය වසර පුරා හිරු එළිය සහ ත්‍රිවිධ හමුදාවේ ලක්ෂයකට වැඩි සේවා අතිරික්තයක්
    එහි ඉංජිනේරුවරයා, පරිපාලන නිලධාරියා සිට කම්කරුවා දක්වා දැනටමත් වැටුප් ලබන තරුණ ජවය සහ කරන්න වැඩක් නැති දේශපාලන පත්වීම් ගත් රාජ්‍ය සේවකයෝ දස දහස් ගණනක්,පසුගිය කාලයේ ඉදිකිරීම් වලට යෙදවු යන්ත්‍ර සූත්‍ර දස දහස් ගණනක්
    බන්ධනාගාර වල සිරකරුවන් පමණ ඉක්මවා ඉන්න පිරිසට
    කරන්න තියෙන්නේ මෙච්චරයි....

    රජය පුද්ගලික අංශයේ කෘෂි නිෂ්පාදන ව්‍යාපාර සහ බැංකු වලට කතාකර එම අක්කර 100 ව වැඩි මඩු බිම් කොටස් අඩි 10 උස වගා දැල් වලින් වටකර එක ගේට්ටුවක් දානවා.
    ගේට්ටුවට CCMP දෙදෙනෙක් දානවා.
    ඒවගේ අක්කර දෙක තුනක ලොකු ජලාශ හදනවා....
    වැසි ජලය කලමනාකරණය කරනවා...
    මදි ජල පාඩුවට වගා ලිං කපා සෝලා පවර් වතුර පොම්ප සවි කරනවා...
    මේ වගේ ඒකක විස්සක් තිහක් විතර දිවයිනේ ඒඒ තැන්වල පටන් ගන්නවා.....
    වැඩ පටන් ගන්නවා....

    දැනට කරන වගාවට අමතරව මේක ආවම මාස හතරකින්
    රට එලවලු පලතුරු වලින්
    ස්වයංපෝෂිතයි....❤
    අතිරික්තය අපනයනයට....
    වෙනත් ආහාර වර්ග සහ බැරිම නම් සත්ව ආහාර නිෂ්පාදනයයට....

    අගය එකතු කිරීම...
    කර්මාන්තශාලා පටන් ගන්නවා...
    හිගාකන රට සංවර්ධිත රටක් වෙන මාවත විවර කරන එක පියවරක් ඔය
    හෝව්..හෝව්..පොඩ්ඩක්

    එතකොට මෙන්න රණවිරුවන් කුලී වැඩ කරනවෝ... 😥
    සිරකරැවොත් මනුෂයෝය..😥,
    මානව හිමිකම් උල්ලංඝනය
    වෙනවෝ...😥
    පරිසරය විනාශ වෙනවෝ....😢
    භූගත ජලය ඉවර වෙනවෝ...😡
    පාරම්පරික ගොවියා අසරණ වෙනවෝ...
    කැලෑ සත්තු අසරණ වෙනවෝ....😢
    අපට ඡන්දෙ දුන්නම අපේ ආණ්ඩුවක් යටතේ මේ ඔක්කොම
    නතර කරලා ..😡
    ඒ ඉඩම් ජනතාවට නිකම් සින්නක්කරම බෙදලා දීලා.. 😡
    මේ හැමෝම නිකම් පඩි ගෙවලා තියා ගන්නවා..😡
    කිව්වම මාලිමාව ඇතුලු වමේ ගොන් මීහරක්ගේ වහල්ලු
    සදාකාලික පාට කණ්නාඩි
    කාරයෝ සහ බලය ගන්න
    රට වැටනකල් බලා ඉන්න
    උන් එක්ක එකතුවෙලා..😡
    පක්ෂ මීඩියා චැනල් වලින්....
    ශෝෂල් මීඩියා වලින්..
    ඔපරේෂන් එක පටන් ගත්තම....
    🛑අපේම නිකම් කන්නෝ,
    🛑එයාල දන්න ඈයෝ
    🛑නෑදෑයෝ
    ලක්ෂ පහ හයක් ඡන්ද දෙයි. එච්චරයි 😡😡😡)

    රජයෙන් හැම දෙයක්ම කරනකම් බලාගෙන ඉන්න නිසා
    පසු අස්වනු තාක්ෂණය හා ප්‍රවාහන නාස්තිය අවම කරගන්න බැරුව දඟලනව තාම. මිනිස්සු හැඩ ගැහෙන්නෙ නෑ. කිසිවෙක් මූලික පිරිවැය දරන්නෙ නෑ.
    නිසි ප්‍රවාහන හා ගබඩා පහසුකම් නෑ. ප්‍රවාහන වියදම අවම කිරීමට දුම් රිය භාවිතාව නැහැ. නිසි මිළ පාලනයක් නැහැ.

    අපනයනයට අවශ්‍ය කරන මග පෙන්වීම ඉතාම අඩුයි. ඒක කරන්නෙ අතරමැදියො ගොවියාට දෙන සොච්චම වෙනස් වෙලා නෑ.
    තරුණ ගොවියන් හදන්න පුළුවන් ඔවුන්ට අපනයනය ඉලක්ක කරගෙන අවශ්‍ය දැනුම හා මගපෙන්වික්ම ලබා දෙන්න ක්‍රමවේදයක් සකසන්න පුළුවන් නම්.
    ක්‍රමවේදයක් තිබේනම් එය තරුණයන් අතර ජනප්‍රිය නැති හේතු හොයල ඒවට විසඳුම් ලබා දිය යුතුයි. කෝ ඒකට නිසි මග පෙන්වීම්.. අන්න එදාට මේ මෙලෝ වැඩක් බැරි මාලිමා කයියෝ පරාද වෙනවා, ඒකයි ආණ්ඩුව කළ යුතු

    ReplyDelete
  19. ලංකාවේ දේශපාලනයට ක්‍රීඩාවෙන් උගත යුතු බොහෝ දේ තියෙනවා, විශේෂයෙන්ම ඉන්දීය ප්‍රීමියර් ලීගයේ ඊයේ පැවති තරගයත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පරාජය වුණ එක ගනිමු.

    තරගාවලියේ ශූරතා පහක් දිනූ සහ වැඩිම වරක් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි කණ්ඩායම මුම්බායි ඉන්ඩියන්ස්.නමුත් මේ මොහොතේ ඔවුන් දැඩි අර්බුදයකට මුහුණ දීලා.

    මුම්බායි කණ්ඩායමේ සාර්ථකම සහ ජනප්‍රියම නායකයා රෝහිත් ෂර්මා.
    මුම්බායි කණ්ඩායම ඉන්දීය ප්‍රීමියර් ලීගයේ ලැබූ සාර්ථකත්වයන් පසුපස සිටි නායකයා ඔහු.මේ නිසාම චෙන්නායි රසිකයන්ට මහේන්ද්‍ර සිං දෝනි වටින්නේ යම් සේද, මුම්බායි රසිකයන්ට රෝහිත් ෂර්මා එතරම් වටිනවා.

    හාර්දීක් පාන්ඩ්‍යා මුම්බායි කණ්ඩායමෙන්ම ගමන ඇරඹූ තරුණ ක්‍රීඩකයෙක්.කිසිවක් නොතිබූ, කිසිවෙක් නොදැන සිටි හාර්දීක් පාන්ඩ්‍යා ගොඩනගන්නේ මුම්බායි කණ්ඩායමෙන්.මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමෙන් අවස්තාවන් හිමි වූ ඔහු පසුව ඉන්දීය ජාතික කණ්ඩායමේත් ස්ථිර ක්‍රීඩකයෙක් වුණා.කණ්ඩායම් දෙකටම නැතුවම බැරි සුපිරි තරුවක් වුණා.සාර්ථක මුම්බායි කණ්ඩායමේ ස්ථිර ක්‍රීඩකයෙක් වූ ඔහු පසුව ඉන්දීය ප්‍රීමියර් ලීගයට අළුතෙන් පැමිණි ගුජ්රාත් කණ්ඩායම සමග එක්වුණා.
    ඒ එහි නායකයා ලෙසටයි.

    ගුජ්රාත් කණ්ඩායමේ නායකයා ලෙස මංගල තරගාවලියේම ශූරතාවයත් දිනූ පාන්ඩ්‍යා යළිත් මුම්බායි කණ්ඩායමෙන්ම මිලට ගත්තා.
    ඒ සමගම එහි නායකත්වයත් පාන්ඩ්‍යාට ලබා දීමට මුම්බායි ඉහළ කළමනාකාරීත්වය තීරණය කළා.
    නීටා අම්බානි මෙන්ම කණ්ඩායම් අධ්‍යක්ෂ මහේල ජයවර්ධනත් ඒ තීරණය පසුපස හිටියා.

    මුම්බායි කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීමට හේතුව මුම්බායි ඉන්ඩියන්ස් ඊළග පරම්පරාව ගොඩනැගීම යැයි මහේල ජයවර්ධන කිව්වා.කෙසේවෙතත් තමන් නායකත්වයෙන් ඉවත් කරන බව දැනුවත් කිරීමට හෝ කණ්ඩායම් කළමනාකාරීත්වය කටයුතු නොකළ බවට රෝහිත් ෂර්මා පසුව ප්‍රකාශ කළා.

    රෝහිත් මුම්බායි රසිකයන්ගේ ආදරණීය නායකයා.එමෙන්ම තවමත් ඉන්දියානු ජාතික කණ්ඩායමේත් නායකයා.

    අනෙක් අතට හාර්දීක් පාන්ඩ්‍යා විටෙක මුම්බායි කණ්ඩායම හැරගිය ක්‍රීඩකයෙක්.ඔහුට නායකත්වය ලබා දීම රසිකයන් කිසිවිටෙකත් අනුමත නොකරන තීරණයක් වුණා.

    රෝහිත් ෂර්මා වුනත් නායකත්වයෙන් ඉවත් වූයේ කැමැත්තකින් නොවෙයි.මේ සිදුවීම සමග මුම්බායි කණ්ඩායම දැඩි අර්බුධයකට මුහුණ දීලා.පැහැදිලිවම රසිකයන් මුම්බායි නව නායකත්වය සහ කණ්ඩායම ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා.

    මුම්බායි ඉන්ඩියන්ස් මුල්ම තරගයේ හාර්ඩික් පාන්ඩ්‍යා විසින් රෝහිත් ෂර්මාගේ පන්දු රකින ස්ථානය වෙනස් කරවමින් පිටියේ ඇවිදවීම රසිකයන් දැඩිව විවේචනය කර තිබුණා.එමෙන්ම කණ්ඩායම තුලත් බෙදීමක් ඇති වෙලා.

    පාන්ඩ්‍යා මුම්බායි නායකත්වය දැරූවත් තවමත් ඉන්දීය නායකත්වය දරන්නේ රෝහිත් ෂර්මා.හිටපු ක්‍රීඩකයන්ගේ, මාධ්‍යයේ සහ රසිකයන්ගේ නායකයා රෝහිත් ෂර්මා.එම නිසා මුම්බායි ඉන්ඩියන්ස් කඳවුර තුල රෝහිත් සතු බලයත් අවතක්සේරු කළ නොහැකියි.

    කණ්ඩායම තුල රෝහිත් කණ්ඩායම සහ පාන්ඩ්‍යා කණ්ඩායම වශයෙන් පැහැදිලි පිල් බෙදීමක් ද ඇතිවෙලා.

    ජස්ප්‍රිත් බුම්රා වැනි ඉන්දීය කණ්ඩායමේ ස්ථිර, ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් රෝහිත් ෂර්මාට පක්ෂපාතීයි.ඔවුන් පාන්ඩ්‍යාගේ නායකත්වයට එතරම් ගරු නොකරන බවත් කියවෙනවා.තරගාවලියේ මෙතෙක් මුම්බායි කණ්ඩායම විසින් දැක් වූ දියාරු ක්‍රීඩාශීලිත්වයට, මේ අර්බුධකාරී පසුබිමත් සෘජුවම බලපානවා ඇති.

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මේ සිදුවීම කළමනාකරනය කළ අයුරු වැරදියි.ඒ බව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමෙන් උගත හැකියි.

    ReplyDelete
    Replies
    1. ඉන්දීය ප්‍රීමියර් ලීගයේ මුම්බායි කණ්ඩායම තරමටම සාර්ථක කණ්ඩායම චෙන්නායි සුපර් කිංග්ස්.එය මහේන්ද්‍ර සිං දෝනි ගේ සුපිරි නායකත්වය වටා ගොඩනැගුණු කණ්ඩායමක්.චෙන්නායි කණ්ඩායමත් මෙවර තමන්ට බොහෝ දෑ දිනා දුන් මහේන්ද්‍ර සිං දෝනිගේ සුපුරුදු නායකත්වය වෙනුවට නවක ක්‍රීඩකයෙකුට නායකත්වය ලබා දුන්නා.

      එහෙත් ඒ නායකත්ව හුවමාරුව සිදු වූයේ මහේන්ද්‍ර සිං දෝනිගේ පූර්ණ ආශිර්වාදයෙන්.තමාගෙන් පසු චෙන්නායි කණ්ඩායම මෙහෙයවන නායකයා කවුරුන්දැයි සම්පූර්ණයෙන්ම තෝරාගත්තේත් මහේන්ද්‍ර සිං දෝනි විසින්මයි.යොවුන් ක්‍රීඩක ඍතුරාජ් ගයික්වාඩ් දෝනිගේ තෝරාගැනීම වුණා.

      මේ තරගාවලියේ චෙන්නායි ක්‍රීඩා කළ තරග අනුව, දෝනි විසින්ම නව නායක ගයික්වාඩ් පුහුණු කරමින් සිටින බව පැහැදිලියි.ඒ බව රසිකයන්ටත් පැහැදිලිවම සන්නිවේදනය වෙනවා.එම නිසා චෙන්නායි කණ්ඩායමේ කිසිඳු අර්බුධයක් ඇති වූයේ නැහැ.

      පෙර පැවැති ක්‍රීඩාශීලිත්වයෙන්ම චෙන්නායි කණ්ඩායම පිටියට එනවා.
      අනෙක් අතට මුම්බායි කණ්ඩායම මුල සිටම වරද්දා ගත්තා.

      කණ්ඩායමක දෙවන පෙළක් සහ ඊළග පරපුර ගොඩනැගිය යුතු වූවත්, ඒ බව කළ යුත්තේ ඉතාම සීරුමාරුවෙන්.මහේල ජයවර්ධන විසින් එම තීරණය සහමුලින්ම වරද්දාගත් බව පැහැදිලියි.

      ඒ හේතුවෙන් අද මුම්බායි කණ්ඩායම දැඩි අර්බුධයකට මුහුණ දීලා.කණ්ඩායම දෙකට බෙදිලා. ප්‍රබලයන් කලකිරිලා. රසිකයන් පවා කණ්ඩායමෙන් ඈත් වෙලා.

      අනෙක් අතට මහේන්ද්‍ර දෝනි ඉතාමත් නිවැරදිව පරම්පරා අතර බල හුවමාරුව සිදු කළා.එමෙන්ම තමන්ගෙන් පසු පරම්පරාවත් පුහුණු කරමින් සිටිනවා.චෙන්නායි කණ්ඩායම මේ මොහොතේත් ප්‍රබලයි.

      මහේල ජයවර්ධන සහ මහේන්ද්‍ර සිං දෝනි සිය ජාතික කණ්ඩායම් හි ජ්‍යේෂ්ඨයන් වී නායකත්ව දරද්දී, පරම්පරා හුවමාරුව සහ බල හුවමාරුව සිදු කළේ මේ අයුරින්මයි.

      ලංකාවේ රනිල් වික්‍රමසිංහත් ඔහුගේ ඊළඟ අනුප්‍රාප්තිකයා ලෙස එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තීරණය වූ මාලිමාවට බලය හුවමාරුව කළ යුතු වන්නේ මහේන්ද්‍ර සිං දෝනි විසින්ම ඉන්දියානු කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංස්ලාගේ බල හුවමාරුව කරපු අයුරින්මයි.

      Delete
  20. මාතලන් ලංකාවේ සමාජය තුල ලොකු අවුලක් තියෙනවා ......ඕව මොනාද ..... දැන් ප්‍රභාකරන්ව වලෙන් නැගිට්ටවල රටම බාර දෙනව කිව්වත් මිනිස්සු මීක් කියන්නෙ නෑ.... මොකද ඒ හැමදේම හැදුවේ රාජපක්ෂ බවත් ඒකෙන් රාජපක්ෂලා නැගිටියි කියලා හිතන ඒ වගේ කිසිම දෙයකට කවුරුත් මුකුත් නොකියන තැනකට ලංකාව ගෙනත් තියෙන බවයි මට මෙහේ ඉඳගෙන ලංකාවේ වෙන දේවල් බලනකොට පේන්නේ (ඔය ජතික ආරක්ශාව, රටේ ස්වෛරීභාවය, ජාතික සම්පත් ආරක්ශා කිරිම, බුද්ධාගමට වෙන හානිය ගැන කතා කිරිම.. සන්ස්කෘතිය වගෙ රටකට සන්වේදි සහ වැදගත් කාරණා සේරම රාජපක්ෂලා නැගිටීමත් එක්ක ඈදල මිනිස්සුන්ගෙ මනසට කවල තියෙන්නෙ) ..... සරලවම කිව්වොත් තමන්ගෙ පුතා මැරිලා හරි ලේලි කනවැන්දුම් වෙන එක එන්ජොයි කරන නැන්දම්මාගෙ ලෙවල් එකට මිනිස්සුන්ගෙ තින්කින් හදල තියෙන්නෙ ඇමරිකන් මාධ්‍ය මෙහෙයුමෙන් අරගලය සමග..... ඒකාලේ බුදුපිළිම කඩපු ඒවයේ සිට එම ජනතාව එක එක්කනා හා අසාද්සාලි කල කීදේ මතක අපට නම් ..... අනිවාර්යයෙන් ගලගොඩ අත්තේ හිමි රැකගත යුතුයි. එකම වරද අදහස් ප්‍රකාශ කිරීමේදී ඇති ආවේග ශීලිත්වය.නමුත් ඒ ස්වාමීන් වහන්සේ කියපු දේවල්වලට අවධානය යොමුකලානම් පාස්කු ප්‍රහාරය වෙන්නේ නෑ.හැම ආණ්ඩුවක්ම අරාබි රටවල්වලට බයයි....... මුස්ලිම් පක්ෂවලට ලැබෙන අරමුදල් හරියට ගණන් බලන්න හැකිනම් මේ අනතුරේ භයානකකම තේරුම් ගන්න පුළුවන්. දමිළ ඩයස්පෝරාවේ රටේ අනන්‍යතාවයට තියෙන අනතුර 50%ක් නම් මේ අන්තවාදී අනතුරේ භයානකම 100%යි..... මම දකින ඒකට හේතුව තමා 2019 ජනාධිපතිවරණය දිනන්න රාජපක්ෂලා පාස්කු ප්‍රහාරය කල බවට මිථ්‍යා මතය සමාජගත කරන පිරිස අද දේශපාලන පොරපිටියේ ඉදිරියෙන්ම ඉන්න එක.එදා ගෝඨාභය දිණුවේ යහපාලනය ඒ පිස්සු කෙලපු පාලනයට..... විරුද්ධව. එදා ගෝඨාභය ජයග්‍රහණය කරවන්න රටපුරා තිබුණේ එක සමාන පිබිදීමක් නමුත් අද එහෙම පිබිදීමක් තියෙන්නේ බස්නාහිර හා දකුණේ .....
    ඒකත් තුන්කොන් සටනක්

    ඔය මොනතත්වය යටතේත් මහින්ද රාජපක්ෂට වෙන්වුණු ඡන්ද ලක්ෂ 30-35 ලංකාවේ තියෙනවා.(මහින්ද හා ගෝඨාභය ජනතාවට එපා කෙරෙව්වේ අංක 1 බැසිල් කියල ඒ බහුතර පිරිස හිතන්නේ)ඒක වෙනස් කරන්න බෑ. මම පිළිගන්නවා ගෝඨාභයට ලැබුණු චන්ද ලක්ෂ 69 දැන් 50%ක්ම අඩුවෙලා කියල නමුත් ඒ 50%ම ජවිපෙට ගියත් ජවිපෙට ජනාධිපතිවරණයෙන් දිණන්න බෑ.

    යහපාලනය ජනතාවට එපාවුනේ බලයට ඇවිත් මාස එකෙන් ජනතාව ඒ ආණ්ඩුවේ තිබුණ නායකත්වයේ අඩුව තේරුම් ගත්ත. දවසින් දවස ඒක තහවුරු වෙනජාතියේ අමු පිස්සු සිරා කළේ මම දන්න දේශපාලනය අනුව මේ රටේ විනාශයේ හැරවුම් ලක්ෂය තමයි පඹයකු ජනාධිපති කිරීම.ඒකයි එවැනි ජයග්‍රහණයක් 2019 කළේ.

    ReplyDelete
  21. මාතලන් අනුර කුමාර දිසානායක සහෝදරයා Ambidextrous (අත් දෙකම හුරු) අය ලෝකෙ පොඩි පිරිසක් ඉන්නෙ. ඒකයි මේ වගේ දේශපාලුවන් දුර්ලභ වෙන්නෙ.

    ක්‍රීඩා වලින් ක්‍රිකට් වලත් ambidextrous ප්ලේයර්ස්ලා වර්ග දෙකක් ඉන්නවා, බැට් කරන පැත්තට විරුද්ධ අතින් බෝල් කරන අය, අත් දෙකම එක සමානවම පුළුවන් අය. (වමත්/දකුණත් දෙකෙන්ම බැට් කරන වමත්/දකුණත් දෙකෙන්ම බෝල් කරන.)

    සමහර ස්පෝර්ට්වල හිටියට ක්‍රිකට්වල වගේ highlight වෙන්නෙ නෑ.WWE එකේ Shawn Michaelත් Ambidextrous කෙනෙක්. ambidextrous කියන්නෙ ටැලන්ට් එකක් නෙමේ. ඒක අපි ඔය වමත් හුරු දකුණත් හුරු කියනවා වගේ සමහර අයට දෙකම පුළුවන්. WWE වලදි ඉතිං ඒකෙ ඇති Value එකක් නෑ😅.
    සමහරු ඉන්නවා අත්දෙකෙන්ම එක වගේ ලියන්න පුළුවන්. සමහරු ඉන්නවා අත්දෙකෙන් එකම වෙලාවෙ ලියන්න පුළුවන් (3 idiots එකේ ප්‍රොෆෙසර් virus එහෙම කෙනෙක්).

    ඔව්. දකුණත් බැටින් වමත් බෝලින්, වමත් බැටින් දකුණත් බෝලින් කරන අයත් එහෙම තමා. මේ අය ගොඩක් වෙලාවට පොඩි කාලෙ ඉඳන් මූලිකව එක අතක් හුරු කරගන්නවා ලියන්න වගේ දේවල්වලට ඒ අතෙන් තමා බැටින් කරද්දි ඉන්නෙ. ඒ වගේ ගොඩක් බැට්ස්මන්ලා රිවර්ස් ෂොට්ස්, ස්විච් හිට් ගහද්දි හරිම පර්ෆෙක්ට් විදියට movements කරනවා.

    ලංකාවෙ ඉන්නවා දකුණත් බැට්ස්මන් කෙනෙක් ස්කූල් කාලෙ වමත් කරවපු. හේතුව එයාගෙ බැටින් ස්ටයිල් එක ලංකවෙ හිටපු හොඳම ඇග්‍රෙසිව් බැට්ස්මන්ට සමාන නිසා.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න