වීඩියෝව මෙතනින්
https://fb.watch/b_gbb3Cv1g/
මාතලන්... හර්ෂලා, එරාන්ලා, බන්ධුලලා වගේ ප්‍රොෆෙෂනල් ඉකොනොමිස්ට් කෙනෙක්වත් ආචාරියෙක්වත් උස්තාද් කෙනෙක්වත් නෙමෙයි.
හැබයි මීට දවස් හයකට කලින් මම කිව්වාම ඇත්ත උද්ධමනය මහ බැංකුවේ උන්වත් ආන්ඩුවේ කෙප්ප කෙලින උන්වත් කියන 16.5% නෙමෙයිය, ඇත්ත උද්ධමනය 50% යි කියලා ගොඩක් උන් මට හිනා උනා.
ඒත් ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විස්ස විජ්ජාලේ, ස්ටීව් හෑන්ක් කියන කියන මේ ආර්ථික දොස්තර මහත්තයා කියන්නේ ඒක 55% ක්‍ය කියලා.
එයාලා ලංකාව ගැන කියන බොහෝ දේ සැබෑ වෙලා තියෙනවා වගේම, ලංකාව ගැන විශේෂ අධ්‍යයනයක නිරත වෙන ආයතනයක්.
අම්මට සිරි ලංකාවට මේ දේ වෙන්න හේතූ රාශියක් තියෙනවා.
▪️ පළවෙනි එක තමයි පී බී ගේ යෝජනාවක් වන ඩොලරය මත රුපියලේ අගය පාලනය කිරීම.
මේක අමු ගොබ්බ වැඩක්ය, ඩොලරයට නිදහසේ පාවිය දිය යුතුය, එහෙම නැත්නම් වෙන්නේ දිය යට ඔබාගෙන ඉන්න රබර් බෝලේ අත ඇරිය ගමන් උඩ එන එකය කියලා දහස් වාරයක් ලියලා ඇති.
දැන් වතුරෙන් උඩටත් විසිවෙලා බෝලේ අල්ල ගන්න බැරිව කස්ටිය හත් පොලේ ගාගෙන නානවා.
▪️ දෙක පී බී ගේ ගුලි කාලා වැට් එක අඩු කරපු එක.
මේකෙන් ව්‍යාපාරිකයෝ තව තව පොහොසත් වෙලා, උන් ඒ සල්ලි පිටරටවල් වල ගිහින් ඉන්වෙස්ට් කලා හෝ ඉතිරිකලා මිස ආන්ඩුව බලාපොරොත්තු වෙච්චි දේ ඉටු වුනේ නේ.
මේ ගොබ්බ තීරණයෙන් ආන්ඩුවට කාර්තුවකට ලැබෙන රාජ්‍ය ආදායමෙන් විශාල කොටසක් අහිමි උනා ඉතරක් නෙමෙයි. රටේ සල්ලි ටිකත් පිට රටට ගියා.
▪️ පී බී ගේ ගුලි කාලා ආනයන තහනම් කිරීම.
උඋදාහරණයකට වාහන ආනයනය ගන්න, ඒක දීපව්‍යාප්ත බිස්නස් එකක්, නුගේගොඩ, පිලියන්දල, කුරුණෑගල, කටුගස්තොට, මේ ව්‍යාපාරය අරක්ගත් නඟර බවට පත් වුනා. හැම නඟරයෙම එක හෝ කාර් සේල් එකක් තිබුනා.
එක වාහනයක් ආනයනය කලාම ආන්ඩුවට 200% ක 300% ක බදු ආදායමක් ලැබුනා. ආන්ඩුව මේ බදු ආදායම නැති කර ගත්තා. බිස්නස් කෑවා. මිනිස්සු වෙන රටවලට ගියා.
රට තුල ආදායමක් උපයලා රජයේ බදු ආදායමට සම්පූර්ණයෙන්ම දායක වන ව්‍යාපාරිකයින්ගේ ඔලුවටම ගැහුවා.
දැන් රටේ තියෙන්නේ ඕනම දේකට ලෝක වෙළඳ පොලේ තියෙන මිළ නෙමේ. බොරුවට පුම්බලා අයිසින් දාපූ ෆේක් ආර්ථිකයක්.
▪️ වෛද්‍ය විශේෂඥයින්ගේ ගුලි කා රට වසා දැමීම.
මේ ගොබ්බ වැඩේ කලේ තනිකරම විරුද්ධවාදීන්ට බයේ. රටට කෙලවෙන බව දැන දැනම කළ ව්‍යසනයක්.
මේක අමු ගොබ්බ වැඩක්‍ය, ඔරොත්තු දෙන එකා ඉතිරි වෙයි මැරෙණ එකා මැරෙයි කියලා අපි එදා ඉඳලම කිව්වා. රට වැහුවොත් ආර්ථිකේ කුඩු වෙනවා කියලා අපි ලිව්වා.
ඒවා ඇත්ත කරමින් සජිත්ගේ ටොසී ගහපු මහරාජලා මංගලලාත් මලා, ආන්ඩුව නිකං ජනවාර්ගික ප්‍රශ්ණත් දාගෙන හත් පොලේ ගාගෙන නාලා සල්ලි අච්චු ගැහුවා. දැන් ඒවයේ පරිප්පු කනවා. මිනී ගෙදර ගෙනියන්නත් දෙනවා
▪️ පී බී ගේ කාබනික මේනියාව
මේකත් ඉතා හොඳ වැඩක්‍ය ඒත් අවුරුද්දෙන් දෙකෙන් කිරීම විකාරයක් විතරය කියලා අපි ලිව්වා.
ඒත් රට පුරා පැවති උද්ඝෝෂණ විරෝධතා අතරේ උනත් අස්වැන්නේ අඩු වීම 25% - 35% අතරය කියලා විරෝධතා කරපු උනුත් දැන් කියන්නේ.
ආන්ඩුව හිතනවා නම් ඒක මේ කාබනික මේනියාව නිසාය කියලා, එයාලා මාර පව් කියලා තමයි අපිට කියන්න වෙන්නෙ. ගොයියෝ ළඟ තිබුන රසායනික පෝරයි, ඉන්දියාවෙන් හොරෙන් ගෙනා පෝරයි ගිනි ගනන් වලට අරගෙන තමයි මේ අස්වැන්න උන් ගත්තේ.
අද හාල් ගිනි ගනන් ඒ නිසයි.
ඉතින් පේනවනේ රටේම හදන ඒවත් පිටරට ඒවටත් වඩා වැඩි මුදකකට කන්න උනේ අර ගොබ්බ තීරණය නිසාය කියලා.
කෙසේ හෝ වෙච්චි දේ උනා... ගිය දේ ගියා.. දැන් ආන්ඩුව ඒ වැරදි හදාගෙන ඉදිරියට යන බවක් පේනවා.
හැබයි ඔය සුද්දා කියන "කරන්සි බෝඩ්" තියා මොන බොඩ් එකක්වත් මේ මහ බැංකුව එක්ක මේ නිළධාරින් එක්ක කිරීම නම් එකම විකාරයක්.
මොකද මේ රට අවුරුදු 74 කින් මේ තත්වෙට පත් කළේ දේශපාලුවෝ විතරක් නෙමේ. ඊට හරි හරියට වග කියන්න ඕන රාජ්‍ය නිළධාරී පැලැන්තිය.
රට කෑවා විතරක් නෙමෙයි, හොරා කෑවෙත් මුන් දෙගොල්ලම එකතු වෙලා. උන් රස්සාව බේර ගන්න දේශපාලුවන්ගෙ තකතීරූ තීරණ වලට එහෙයි කියලා කට පුච වහගෙන හිටපු උගත්තු.
ආන්ඩුවට ඒ බුද්ධිමතුන් උගතුන් ඉඳලා කෙල වෙන්නත්, ඩිග්‍රි උපාධි කිසිත් නැති ව්‍යවසායකයෝ සාර්ථක ව්‍යාපාරිකයෝ වෙන්නත් හේතුව තමා, උන් පොඩි තැන ඉඳලා, කට්ට කාලා, එක්ස්පීරියන්ස් වලින් ඒ තැන්වලට ආපු, ප්‍රැක්ටිකල් පොරවල් වීම. උන් දන්නවා හොරා කන්නේ මොකාද හොරා කන්නේ කොහොමද කියන එකත්.
එ නිසා ලාබයෙන් කිසියම් ප්‍රතිශතයක් ඒ සඳහා වෙන් කරලා තිබ්බත්, බඩු මාට්ටු උන ගමන් කෙලින්ම දොට්ට. නිකන් නෙමේ පත්තරේ ටයි කෝට් දාපු පොටෝ එකත් එක්කම. අනික ඒවයේ ඉන්න පොඩි එකාගේ අයිඩියාස් වලටත් ඉඩක් තියෙනවා, චෙයාර්මන්‍ට නොමැති අයිඩියා එකක් පොඩි එකෙක් ගාව තියෙන්න පුලුවන්. ඉතින් ඌට ඉඩක් ලැබුනම ඌ ඉහළටම යනවා.
ඒකයි ඇත්ත.
ඒ නිසා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමට ආන්ඩුව ගත් තීරණ ඉක්මනින් ක්‍රියාවට නගන්න ඕන.
හැබයි ආර්ථිකය හැසිරවීමට හා කළමණායට හා පසුවිමරම අනිවාර්‍යයෙන් විදෙස් ආයතනයකට හෝ විදෙස් විශේෂඥයින් පිරිසකට පවරන්න ඕන.
ඒ සඳහා ලෝක බැංකුව, IMF, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම ඉන්දියාව ඇමරිකාව හා චීනය යන රටවල් සියල්ලටම එකඟ විය හැකි පිරිසක් හෝ ආයතනයක් වහාම ස්ථාපිත කළ යුතුයි.
මේ සඳහා එන විරෝධය මාරාන්තික විරෝධයක් වූවත් එය පයිසයකට මායිම් නොකළ යුත්තේ,
විරුද්ධවාදීන් සියල්ලන්ටම මීට විකල්ප නැති බවත්, මෙයින් ගොඩ ඒමට නම් විශාලා කැප කිරීම් කළ යුතු බවත් උන්ගේ ශ්‍රී මුඛ වලින්ම පවසා තිබෙනා නිසාය.
ඒ වගත් මෙසේය..