.

.

Jan 26, 2014

ගෑණුන්ට බය පිරිමි (නිලියන්ගේ ආගමනය) - Gynophobia


*** පොඩි උන් කියවන්න එපා....

මේ පාරත් සුපුරුදු පරිදිම, නෑදෑ හැත්ත බුරුත්තම මනාපේ ඉල්ලන්න එනවාය. ඒ අව් අස්සේ නළු නිළියෝද ගේමට බැහැලාය. හිරුනිකාත් ගේමට ඇවිල්ලාය. අපේ උන්ට නළුවෝ හා ගායකයෝ ආවාට අවුලක් ඇත්තේ නැතිය. ඒත් හිරුනිකාලා, නිළියෝ හා ගායිකාවෝ එන එකට, පොලු කෙලින් කරාගත් නෂ්ඨ කාම කාරයෝ ෆේස්බුක් පුරවනවාය. කාටුන් කාරයෝ කාටුන් අඳිනවාය. පුවක් පත් කත්තුරුලා කත්තුරු වාක්කි ලියනවාය. වයර්ලස් එකෙයි, මෝඩ පෙට්ටියෙයි, එනවුන්සර්ලා කින්ඩිය දානවාය. මේ ඔක්කෝම පිරිමිය. තවම එක කාන්තාවක්වත් මේවාට විරුද්ධ වෙලා නැතිය. එහෙම විරුද්ධ වෙන උන් ඉන්නවා නම් උන් කාන්තවන් නොව පට්ටි එළදෙනුන්ය.

දැන් කොහොමත් තියෙන්නේ නසරානී දේශපාළණයක්ය. ජරාජීර්ණ වූ දේශපාළණයක්ය, දේශපාළණය නොව මුළු සමාජයම එසේමය. හැම එකාම බලන්නේ, තමන්ගේ පවර් එක පෙන්නන්ය. සම හරක් එහෙම කියනවා කියා, යාපා අබේවර්ධනලාගේ මනාප ඉල්ලන පුතෙකුට මල පැනලා, අම්බ ටෝක් එකක් දෙනවා ටැලිවිසොන් එකේ දැක්කේය. 

ඌ කියන්නේ පාක්ෂිකයන්ට රස්සාවල් දෙනවා නම්, පලාතේ පාර හදා දෙනවානම්, මාරුවීම්, උසස්වීම හා පත් කිරීම ලබා දෙනවා නම්, මේක ජරා දෙශපාළණයක් වන්නේ කොහොමෙයි කියාය. ඒ ගොන් නාම්බාට අපට කියන්නට තියෙන්නේ, දේශපාළණය ගූ ගොඩක් කියන්නේ ඔය හේතූන් නිසා තමයි කියලාය. හැම එකාම දේශය පාළණේ කිරීම හැර අනික් හැම දේම කරනවාය.

මේ රටේ පාලකයෝ, නායකයෝ හා ඇමතිවරු කප්පරක් බිහිවෙලා උන්නත් රටට වැඩක් කරලා තියෙන්නේ කීප දෙනාය. 77 කලින් වැඩි දෙනෙක් උන්ටවත් මක්කාත් නොකරගෙන මිය පරළොව ගියේය. ඒත් 77 පස්සේ, "පාර්ලිමන්ට් කොම්පැනි ඇන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ්" හී සේවයට පැමිණි හැම එකාම, රටට මක්කා නොකලත්, හත් මුතු පරම්පාරාවම ගොඩ දා ගත්තේය. වාහන එපා කියා ආපු ජෙප්පෝත්, අද වාහන ගැන හාම් හූම් සද්දයක් නැතිය. ඇමතිකම් කරපු කාළයේ, පක්ෂයේ සාමාජිකයෝත්, අමාත්‍යශවල වාහන, ගෙවල් වල පවා අරගෙන ගියෝය.

විශේෂයෙන් 94 පස්සේ ආපු සැටලයිට් නෝනාත්, එයාගේ අමාත්‍ය මණ්ඩලයත්, විස්කි බිබි, කාමසුඛල්ලිඛානූ යෝගයේ යෙදුනා මිස, රටට කරපු කෙන් ගෙඩියක් නැත. ඩී ඇස්, ජේ ආර්, ප්‍රේමදාස ගෙන් පසු රටට වැඩක් කලේ රාජපක්ෂලා විතරමය. මහින්ද මහත්තයාත්, 94 පටන් මෙළෝ දෙයක් නොකල ගොන් බූරූ ඇ මැට්ටලා ටිකම තියාගෙන ඉන්නේ මොළේ නරක් වෙලා වෙන්න ඇතිය. මේ කාළකන්නි ටික එලවලා, අළුත් උන්ට තැනක් දුන්නා නම්, අඩුගානේ මක්කා හරිම වෙනවාය.

ඒවා පැත්තක තියෙද්දි මේ කතා කොරන්න යන්නේ, හිරුනිකා, අනර්කලි, ගීතා, නදීෂා, ගයේෂා, රුවන්ති මංගලා හා ජින්ජර් මනාපේ ඉල්ලන සීන් එක ගැනය. අපේ සත් ගුණවත් වීර සිංහල සිංහයන්ට, මේ ඔක්කෝම පට්ට වේසියෝය. හිරුණිකා තාත්තා මරාපු පක්ෂෙන්ම ඉල්ලන නිසා එයත් වේසිය. එයා ෆොන්සේකාගේ පක්ෂෙන් ඉල්ලුවානම් විහාර මහා දේවියය. එතකොට මනාප ඉල්ලීමේ කිසිම ප්‍රශ්නයක් ඇති වන්නේ නැතිය.

කාන්තාවෝ දේශපාළණයට ආවේ අද ඊයේ සිට නෙමේය. මෙළෝ දෙයක් නොකර කුස්සිය අස්සේ ගොස හැංගුන සිරිමාවෝ, ළොකයේ ප්‍රථම අගමැතිනිය උනේ මේ සිරි ලංකාවේමය. එයා දේශ පාළන්යට එන්නා කලින් මෙළෝ මළදානයක් කරලා තිබුනේ නැතිය. ඒ උනාට මේ එන නිලියෝ, ඔක්කෝම දැනගෙන එන්න ඕනාය. පැෆරල් එකද මොකක්ද මළදානෙත් කියන්නේ ඒ කතාවමය.

උන් කියා තිබුනේ දේශපළණයට එන්නා ඕනා, දැන උගත් විනයක් හා අත්දැකීම් ඇති පිරිසක්ය කියලාය. එතකොට දැන් ඉන්න උන්ට තිබෙනා දේශපාළණ දැනිම, පාරලිමේන්තුවේ ගහන බයිලා වලින් පෙනෙනවාය. විනය කෙසේ වෙතත්, තනයක් දැක්කොත් නම්, විකාගෙන විකාගෙන යනවාය. එක්ස්පීරීයන්ස් කෙසේ වෙතත්. නගර සභාවේ, පලාත් සභාවේ, පාර්ලීමෙන්තුවේ සැසිවාරයකටවත් සහභාගි වෙන්නේ නැතිය.

මේවාට පවතින ජනාධිපති ක්‍රමයත් සම්පූර්ණයෙන්ම වග කිව යුත්තේය. කිසිම කෙනෙකුට කිසිම දෙයක් කිරීමට නොහැක. ඇත්තේ වැඩවසම් ක්‍රමයටත් වඩා අන්ත ක්‍රමයක්ය. එහෙම ක්‍රමයක් යටතේ, නිලියෝ විතරක් නොව පොන්නයෝද ඉල්ලුවාට, මට නම් අවුලක් නැත්තේය. ආන්ඩු පක්ෂේ ඉන්නේත් වැඩි පිරිසක් එහෙම අයය. රටේ ගොබ්බ සේනලා මල අතට අරගෙන තියෙන්නේ තමන්ගේ පුරුෂාධිපත්‍යයට කෙලවෙන නිසා මිස වෙන මගුලක් හින්දා නෙමේය.

උන්ට කුඩු ගේන අගමැති කෙනෙක් හිටියාට කිසි අවුලක් නැතිය. බඩු ගහනවා කියා පාර්ලීමේන්තුවේ හැන්සාඩ් එකෙත් ලියනා උන් ගැන, කිසි අවුලක් නැතිය. රටේ සංස්කෘතික ඇමතියා බඩු ඉස්පොට් එකේ සිට මාට්ටු වූවට, කිසි අවුලක් නැතිය. ඒකටත් වැරදි ජීනා මැඩම්ය. තව එකෙක් බැල්කනි මාරු වෙන්න ගිහිල්ලා, කකුල් කඩා ගත්තාට කිසි අවුලක් නැතිය. තව එකෙක්ගේ හොර ගෑණී, ඌගේ ගෙදර ඉස්සරහට ඇවිත් වහ බීලා මිය ගියාට, කිසි අවුලක් නැතිය. තව එකෙක් කෝටි ගනන් හම්බ කලාට වගේ වගක් නැතිය. හැම එකාම බඩු ගැහුවාට, හොරකම් කළාට, රේප් කේස් කලාට කිසිම අවුලක් නැතිය. වැරදි කාරයෝ, රේප් වෙනා උන්ය. 

සින්දු කියාපු එකෙක් ආන්ඩුකාරයෙක් වෙලා ඉන්නවාය. ඒ උනාට සින්දු කියන එකියක් මනාප ඉල්ලන්න එන එක රටේම පාප කර්මයක්ය. පක්ෂේ මහ ලේකම්, දොස්තරලා ඉස්සරහා විරිඳු කියනවාය, ඒවට කිසිම කතාවක් නැත්තේය. කස්ටියටම එයා හීරෝ වෙනවාය. ඒ උනාට, පබා, දිල්කා එක්ක, බයිලා ගැහුවාම ඔක්කෝටම මල පනිනවාය. අගමැති වෙන්න පෙරුම් පුරන උන්, අමාත්‍යාංශයේ සැටියේ බඩු ගහලා, නෝනාගේ අතටම අහුවෙනවාය. ඒ උනාට, නිලියෙක් වෙන එකෙක් එක්ක ගිහිල්ලා උන්නොත්, ඒක පට්ට වේසිම වෙනවාය. අරූ අනාගත අගමැති කමට උනත් සුදුසුකමක් සපුරා අවසානය.

මේ සිඳුවන්නේ කිසිවක් නොවේ. පුරුෂාධිපත්‍ය අහිමි වීමේ අඳෝනාවයි. මේ කෑ ගහන හැම එකාම මේ නිලියන්ගේ රුව දැකීමෙන්ම පමනක් කම් සුව විඳිනා රෝගීහුය. උන්ට මොවුන් හා නිදි වැදීමට මුදල් නැත. එක්කෝ ගෑණිට බය නිසා හොරෙන් වත් මුන් දිහා බැලිය නොහැක. මුන් තියා ගමේ ඉන්න කෙල්ලෙක් එක්කවත් නිදා ගැනීමේ පිනක් ඇත්තේ නැති උන්ය. එහෙම පිනක් ලැබුනත් කට්ට කළුවරේ ඇඳුම් පිටින් සෙක්ස් කරනා උනය.

ජීවිතයේ කම් සැප ලබන එකා, අනුන්ගේ කම් සැපතට ඊරිසියා කොරන්නේ නැතිය. තම මහන්සියෙන් දියුණුවෙන එකා, අනුන්ගේ දියුණුවට ඊරිසියා කොරන්නේ නැතිය. නිකන් දෙනකන් කන්න බලාගෙන ඉන්නා කාළකන්නින්ට වඩා, මේ කෙල්ලෝ කුමන ක්‍රමයෙන් හෝ තම ජීවිත ජය ගන්නා ළද මිනිසුන්ය. උන්ගේ පෞදගලික ජීවිත අපට අදාල වන්නේ නැතිය. උන්ගේ පෞද්ගලික ජීවීත ගැන හොයනවානම්. දේශපාළණයේ එකම පිරිමියකුටවත් ඉන්නටත් බැරිය. ගැණුන්ගේ පතිවත සොයනා කාළකන්නින්ට, මේවා දරාගැනිම බොහෝ සෙයින් අමාරු වෙනවා නොඅනුමානය.

මට තිබෙනා ප්‍රශ්නය අගමැති තනතුරට ගීතා කුමාරසිංහ පත් උනොත් ඇති වැරද්ද කුමක්ද කියාය. මොකෝ ඇග්මැතිතුමාත්, ගීතාත් ගහන්නේ එකම වරගයේ බයිලාවන්ය. සෞඛ්‍ය ඇමති කරන්නේ බෙර ගහන එකයි, විරිඳු කියන එකයි නම්, ඒ වෙනුවට ජින්ජර් පත් උනාම මොකෑ කියාය. 2500 පවුලක්ටම කන්න පුළුවන් කියන හරකාට වඩා, හාල් කිලෝ එකේ ගාන නොදන්නා, ජීවන්ගේ දුව ආවත් මට නම් වෙනසක් නැත්තේමය. අජ්ජාපනේ කන හල්පාරුවෝ සැට් එකට වඩා, මේළෝ අජ්ජාපනයක් නැතේ කියන නිලියක් දැම්මොත්, අඩුගානේ ඒ ලෙවල් කොරන උන්වත් පොඩි ආතල් එකක් ගන්නවා ඇත. බඩු කාරයන් වෙනුවට, ගොන්නුන් යැයි කියා පරිබව කරනා පිරිසක් පත්වීමේ වැරැද්ද මොකක්ද කියා මට නම් තේරෙන්නේ නැතිය.

අවසාන වශයෙන් ජනාධිපති තුමාට කියන්න තියෙන්නේ. මේ ඡන්දයට මනාප තුනක් මදි කියලාය. ඉවාන් පවුලූෂා කියනවා වාගේ, ඉන්න කෑලී ගානට හරියන්න, මනාප ගාන ඇජස් කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවාය. මේ ඉල්ලීම කරන්න ඔනේ මගෙන් නොව, අර රාජගිරියේ ඉන්නා කොතවරණ මැමසාරිසාගෙන්ය කියා, ඔබතුමා මට කියන්න ඉඩ තියෙනවය. මට කියන්න තියෙන්නේ අනික් උන්ට විහිළු කලාට, මට විහිළු කරන්න එපා කියලාය. ඒ මොකෝ, සුමනදාසය දෙන දින වකවානු අනුව, විසුරුවන දිනෙයි, නාම යෝජනා දෙන දිනෙයි, මැතිවරන තියන දිනෙයි, තීරණය කරන්නේත් ඔබ තුමා කියා මා හොඳිනම දන්නා නිසාය.

සිරි ලාංකිය සුචරිතවාදියාගේ නිරුවත..


118 comments:

  1. ආයේ මොනවා කියන්නද ලොක්ක...

    ReplyDelete
    Replies
    1. හපොයි තව කොච්චර දේවල් තියෙනවද කියන්න..

      Delete
  2. මිනිස්සුන්ව අන්දන්න හදා ගත්ත අළුත් ක්‍රමයක් නෙව...

    ReplyDelete
    Replies
    1. ඔව් කෙනෙකුට එහෙම පේන්නත් පුළුවන්, නමුත් මේක අළුත් දෙයක් නම් නෙමෙයි..

      Delete
  3. දෙවියන් පා තබන්නට බිය වන තැන මෝඩයෝ පිනුම් ගසති.ඒ නිසා ඒතැනට තවත් මෝඩයින් ආවාට කම් නැත.මක් නිසාද යත් පත් කරන්නේද ඒවැනිම මෝඩයින් ‍රැලක් බැවිනි.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම සිස්ටම් එකේ වෙනසක් නොවන තාක් කල් මේ සැන්තෑසිය අප අකමැති වුවද විඳින්නට වන්නේය.

      Delete
  4. මාත් ඔය ගැන ලිපියක් ලිව්ව. නමුත් උඹ කියන විදියට ඉරිසියාවක් නං නෑ. මොකද ඔය කවුරු ආවත් "මගේ ඡන්දය" දෙන්නෙ නැති නිසාත් අපිට යමක් නැති නිසාත්. (අනෙක හැම මගුලටම ඉරිසියාවයි ඉරිසියාවයි කියල කෑගහන එවුන් ලඟ තමයි ඕක වැඩියෙන්ම තියෙන්නෙ) ඒ ගැන ඇති.

    මෙන්න මගේ ලිපියට තිසර දාපු කමෙන්ටුව. මගේ අදහසත් ඒක නිසා මෙතන දානව.
    මගේ අදහස මේකයි.

    මම නම් මෙතන යම් අයෙකුට ඡන්දය ඉල්ලීමේ අයිතිය ගැන ප්‍රශ්නයක් දකින්නේ නැහැ. මේ අයට ඡන්දය ඉල්ලන්න ඇති අයිතිය ගැනත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඡන්දයක් කියන එක කඩේකින් බඩුවක් තෝරනවා වගේ නිදහස් තේරීමක් කියලා මම හිතන්නේ නෑ. අපි අකමැති දෙයක් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව ඡන්දයකදි නැහැ. ඒ ඉදිරිපත් වෙලා ඉන්න අයගෙන් යම් පිරිසක් පත්වීම් අනිවාර්යයෙන් ලබනවා. පක්ෂයකට ඉදිරිපත්කල හැකි අපේක්ෂකයන් ගණන ගැන සීමාවක් තියනවා. ඒ නිසා එක් එක් ඡන්ද කොට්ටාශ වලින් ඉදිරිපත් වෙන අයගේ සීමාවක් තියනවා. මෙතැනදී ඡන්දයට ඉදිරිපත් කරන අයගෙන් කෙනෙක්ට ඡන්දය දෙන්න ඡන්දදායකයාට සිද්ධ වෙනවා. බහුතරය ඡන්දය පාවිච්චි නොකර සිටියා වුණත් එහි වෙනසක් වෙන්නේ නැහැ.

    මේකත් අර සංස්ථා සභාපතිවරු, තානාපතිවරු පත්කරනවා වගේ. ඒවා ජනාධිපතිවරයා විසින් කරන පත්වීම්. ඒ පත්වීම් නීත්‍යානුකූල වුණත් නුසුදුසු අය ඒ තැන් වලට පත් වුණාම සිද්ධ වෙන දේවල් අපි දකිනවනේ. ඒ නිසා මමත් මේක දකින්නේ ඉන්න නුසුදුස්සන්ගේ ගොඩට තවත් නුසුදුස්සන් එකතු කිරීමක් හැටියට. ඒ නිසා ඊට විරෝධයක් පෑම වරදක් විදිහට මම දකින්නේ නෑ. රටේ හැටියට මෙහෙම තමයි වෙන්න ඕනේ වගේ කතා හරි. නමුත් එහෙමයි කියලා ඊට විරුද්ධව කතා කරන්න බැරි කමක් නැහැනේ.

    හැබැ‍යි මේකත් කියන්න ඕනේ. මම දැක්ක ගොඩ දෙනෙක් මේකට විරුද්ධ මේ අය නිළියෝ, නිරුවතින් රඟ පෑවා, බිකිනි ඇන්දා කියලා. ඒ වගේ කතා නම් තේරුමක් නැහැ. ඒ අර්ථයෙන් නෙමෙයි මම අකමැති. මේකෙන් වෙන්නේ දැනට තියන මහා පරිමාණ හොරකම් කරන, මැර, අවනීතික දේශපාලනයට තවත් මානයක් එකතුවීම පමනක් නිසා.

    ReplyDelete
    Replies
    1. රාජ් ඔය කියන කාරනේ ගැන මාත් හුඟක් කල්පනා කරල තිබෙනවා.ඇත්තටම මේ චන්ද ක්‍රමය තුල නිසි තේරීමක් කරන්න බෑ.හැමෝම හිරවෙලා.වෙස්ට්මිනිස්ටර් ක්‍රමයෙ තිබුන මේ හිරවීම විධායක ක්‍රමයෙ තවත් වැඩි වෙලා.මේ මැතිවරණ ක්‍රම ඔක්කොම චන්දදායකය දුර්වල කෙරෙන ඒව.

      Delete
    2. රාජ්.. මම උඹේ එකේ ලියපු එකම මේකෙත් ලියන්න ආවේ... ඒත් උඹ ඉස්සර වෙලානෙ.

      මේ ගැන වැඩිදුරට කල්පනා කරනකොට ආපු තවත් අදහස් ටිකක් එකතු කරන්නම්.

      මේ සම්බන්ධයෙන් විරෝධය අකාර දෙකක් ගන්නවා. එකක් තමයි, මේ නිළියන්, ගායිකාවන් ගැන තියන සමාජ ආකල්ප මත දක්වන විරෝධය. එයට හේතු වෙන්නේ ගයේෂා නිරුවතින් රඟපෑවා, නදීෂා බිකිනි ඇන්දාය වගේ කතාවක්. ඒ අනුව, එහෙම කියන අයට බොහොම සංවර චරිත රඟපාන නිළියක් ඡන්දය ඉල්ලුවාට ප්‍රශ්නයක් නැහැ. එතකොට එතන වුණත් පුරුෂාධිපත්‍ය ගැන අවුලක් නැහැ.. තියෙන්නේ සදාචාරය සම්බන්ධ අවුලක්. මම මේකට එකඟ නැහැ. ගොඩක් අය කතාකරන්නේ මේ අයගේ පෞද්ගලික ජීවිත ඇහින් දැකලා තියනවා වගේ. අර අධ්‍යක්ෂක එක්ක නිදාගත්තා කියනවා, වේස ගෑණු කියනවා. මම නම් නදීෂා, පබා එහෙම වේසකමේ (වෛශ්‍යා වෘත්තියේ) යනවා දැකලා නෑ, දැකපු කෙනෙක් මට හම්බවෙලත් නෑ. චිත්‍රපටියක නිරුවත් ජවනිකාවක් රඟපෑම, සහ නිරූපනයට කොට ඇඳුමක් හෝ බිකිනියක් ඇන්දවිට අපේ අය මිනිස්සුන්ට චරිත සහතික දෙන්නේ මේ විදිහට තමයි. අඩුම ගණනේ මේ දේවල් සදාචාර විරෝධීවත් නෑ. එය ඔවුන්ගේ රැකියාව.

      අනික තමයි, මේ අය දේශපාලනයට නුසුදුසුයි, දැනුම, අත්දැකීම් නැහැ කියන විරෝධය. මමත් ඉන්නේ මේ ගොඩේ. කලින් කිව්වා වගේ ඡන්දයකදි අපේක්ෂකයෙක් ප්‍රතික්ෂේප කිරීම හැකියාව නැහැ. අපිට සුදුසු අපේක්ෂකයා (භාණ්ඩය) නෑ කියලා හැරිලා යන්න බැහැ. තියන ඒවගෙන් එකක් ගන්න වෙනවා. ඒ නිසා අපි තෝරාගැනීම සිද්ධ කරන ගොඩට පුද්ගලයන් පත්වීම සම්බන්ධයෙන් විවේචනය කරන්න අපිට අයිතියක් තියනවා. එතැනදි කාගෙවත් අයිතීන් උල්ලංඝනය වෙන්නේ නැහැ. ඊට අමතරව මෙයාලට දේශපාලකයන්ගේ ළමයින්ටත් වඩා වැඩි (අසාධාරණ?) වාසියක් තියනවා. වෘත්තිය නිසා දැනටමත් ඔවුන් රටපුරා ජනප්‍රිය වී සිටීම. ඒ නිසාම ඔවුන් සම්බන්ධයෙන් ලැබෙන අවධානය (හොඳට හෝ නරකට) වැඩිවීම සාධාරණයි.

      එහෙම අය ඕන තරම් ඉන්නවා ඇයි එයාලට හොඳනම් මෙයාලට නරක ඇ‍යි කියන ප්‍රශ්නය මාතලන් මතුකරලා තියනවා. මම නම් හිතන්නේ පොදුවේ තැනින් තැන මේ ඉන්න අය පිළිබඳ අපි අඩු වැඩි වශයෙන් විරෝධය දක්වලා තියනවා. මර්වින්ලට, දුමින්දලට මේ බ්ලොග් ලියන අය 99% විරුද්ධයි. දේශපාලකයන්ගේ පවුල් වල අය ඉදිරිපත් වීමටත් විරුද්ධව කතාබහ කෙරිලා තියනවා. දිවුල්ගනේ දේශපාලනයට ආපු කාලේ එයටත් විරුද්ධව ලියපු අය හිටියා. එක විදිහකට මේකත් අර, කොටි මෙහෙම කරනකොට උඹලා සද්ද නෑ, ආමි එකෙන් කරනකොට තමයි උඹලාගෙ කටවල් ඇරෙන්නේ වගේම තර්කයක්. නෑ එහෙම නෙමෙයි. මේවට හැමදාම විරුද්ධ පිරිස් ඉන්නවා. නමුත් ජනමාධ්‍ය මගින් මාර්කට් වෙන සහ සම්මතයට පටහැනි මාතෘකා විතරයි අපිට මතක හිටින්නේ. ලෝකයේ බොහෝ රටවල් ලංකාවටත් කලින් කොටි සංවිධානය තහනම් කරපු බව මතක තියෙන්නේ ටික දෙනාටයි. නමුත් ලංකා ආණ්ඩුවට විරුද්ධව ඒ රටවල් කතාකරන ඒවා අපි බහුතරයකට හොඳට මතකයි.

      මට පේන්නේ මෙතන වෙලා තියෙන්නේ... "විරුද්ධතාවයකට විරුද්ධ වීමෙන්, නියම වැරැද්ද යටපත් වීම". ඒ කියන්නේ මාතලන් ගේ පෝස්ට් එක ලියවෙන්නේ අර ඉහත මුලින් කී බොරු සුචරිතවාදීන්ගේ විරෝධතාවයට එරෙහිව. නමුත් වැරැද්ද එතන නෙමේ මෙතනයි කියලා කියනවා වෙනුවට, වෙලා තියෙන්නේ වැරැද්දක් නෑ කියන අදහස ඉදිරිපත් කිරීම.

      පොඩි කාලේ ජේසුස් වහන්සේගෙ චරිතය ගැන කියවද්දි මෙහෙම දෙයක් කියෙව්වා මතකයි. ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් වලින් කුපිතවන පූජක ප්‍රභූ පිරිස ඇතුළු ජනතාව ජේසුස්ව කුරුසියේ ඇණගසා මරාදමන්න නියම කරන ලෙස පිලාත්ගෙන් ඉලා කෑගසනවා. නමුත් එහෙම කරන්න නම් මරණයට නියම වූ වෙනත් හිරකරුවෙකු නිදහස් කිරීම කලයුතු වෙනවා (මට මතක ඒ විදිහටයි ). ඉතින් ජේසුස් වහන්සේව මරාදැමීම අරමුණ කරගත් ඒ ජනතාව බරබ්බස් නම් මරණයට නියම වුණු අති දරුණු දාමරිකයාව නිදහස් කර ඒ වෙනුවට ජේසුස් වහන්සේව මරණයට නියම කරන ලෙස ඉල්ලා සිටිනවා.

      මේ විදිහට, යම්කිසි කාරණයකට විරෝධය දැක්වීමේදී, විරෝධය බලවත් වෙලා ඇත්තම වැරදි පවා සාධාරණීකරණය වීමට දීර්ඝ ඉතිහාසයක් තියනවා.

      මාලන් ඊළඟ පෝස්ට් එක ලිව්වහම තව දුරටත් ඒ ගැන කතා කරන්න පුළුවන් වෙයි.

      Delete
    3. තිසර,
      සුපිරිම පැහැදිලි කිරීමක්. 1000%ක් එකඟයි. (උඹ බ්ලොග් නොලිවීමයි අවුල).
      සම හරක්ට මේව තේරෙන්නෙ නැති එකයි අවුල.
      "විරුද්ධතාවයකට විරුද්ධ වීමෙන්, නියම වැරැද්ද යටපත් වීම" මාතලන්ලට (සහ ලිපියට එකඟ) උදවියට මේක නොතේරීමයි අවුල!

      Delete
    4. @ රාජ් ඇන්ඩ් තිසර

      රාජ් තොප්පිය දමාගෙන නාති. ඒ ගැන මට කොරන්නට දෙයක් නැතිය. තිසර කියනා දේ මාතලන් ළිපිය තුල ඉතා පැහ්/දිලිව ඉදිරිපත් කොට ඇත.

      තිසර හා මාත් එකඟය..

      Delete
    5. තිසර,

      "....කලින් කිව්වා වගේ ඡන්දයකදි අපේක්ෂකයෙක් ප්‍රතික්ෂේප කිරීම හැකියාව නැහැ. අපිට සුදුසු අපේක්ෂකයා (භාණ්ඩය) නෑ කියලා හැරිලා යන්න බැහැ. තියන ඒවගෙන් එකක් ගන්න වෙනවා. ..."

      නෑ. හැරිල යන්න පුලුවන්.ඡන්දෙ නොදා ඉන්නවනෙ.ඡන්දෙ වර්ජනය කරනවනෙ 50% අඩු ඡන්ද ප්‍රතිශතයක් ආවම මොකද්ද ප්‍රකාශවෙන්නෙ. බහුතර ජනතාව මේ ක්‍රමය ප්‍රතික්ශේප කරනව කියන එකයි.

      Delete
    6. ඒක නෙමෙයි කල යුතු දේ... ඡන්දය කටු ගාන එක.. ඡන්ද අයිතිය කියන්නේ බොහෝම වටිනා දෙයක්.. ඒක පාවිච්චි නොකරන එක මෝඩ කමක්.. චන්දය කටු ගාන පිරිස වැඩි උනොත්, එතන යම් පණිවිඩයක් තියෙනවා.. ඒත් නොදා ඉන්න එකෙන් වෙන්නේ මොකා උන්නත් එකයි කියන එක.. ඒ කියන්නේ ඒ ඡන්ද ඔක්කෝම පවතින ආන්ඩුවට කැමත්ත ප්‍රකාෂ කරපු ඒවා..

      Delete
    7. මාතලන්:
      දුමින්ද සිල්ව‍ගෙ ‍ලෙ‍ඩේ තියනව නං කරන්න ති‍යෙන්‍‍නෙ ආ‍යෙත් ‍පෝස්ටුව කියවීමයි.

      Delete
    8. සම හරෙකුට ඒ ලෙඩේ හැදිලා වගේ පේනවා.. බෙත් නෑලූ මචං

      Delete
    9. @මාතලන්, ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසය පෙන්නලා තියනවා කාන්තාවකට රටේ ප්‍රධාන දේශපාලන භූමිකා රඟපාන්න කිසිම බාධාවක් නැහැ කියලා. දේශපාලනයට සම්බන්ධ පසුබිමකින් කාන්තාවක් දේශපාලනයට එන එකේ වැරැද්දක් බහුතරය දැක්කේ නැහැ. තාර්කික නැති වුණත් සැමියා මියගියාම බිරිඳට දේශපාලනයට එන්න අයිතියක් තියනවා කියන හැඟීමත් වැටෙන්නේ ඒ ගොඩටමයි. මෙතන තියෙන්නේ කාන්තාවට ඇති බියක් නෙමෙයි. උඹේ ලිපියේ කරුණු නොදැක්වුවාට අවසානයේ තියන කාටූන් එකෙන් පෙන්නුම් කරන බොරු සුචරිතවාදය තමයි මේකට හේතුව.

      මේ චන්දේ ඉල්ලන්න එක්කේ අයිරාංගනී සේරසිංහ, දුලීකා මාරපන, රත්නා ලාලනී ජයකොඩි වගේ සෙට් එකක් උණා නම් මිනිස්සු මේ කතා කියන්නෙ නෑ. ප්‍රශ්නය ගැහැණු වීම නෙමෙයි... මේ ගැහැණු අපේ සිංහල බෞද්ධ චින්තනය ඇතුලේ අපි මවාගෙන ඉන්න ස්ත්‍රිය නොවීම. මෙතන වෙන දෙයක් නෑ, අර කොටට ඇන්දහම දූෂණය වුණාට කමක් නෑ කියන එකේම දිගුවක්. මෙතනට සීනිබෝල නළුවෝ ටිකක් දැම්මා නම් මේ විරෝධතාවය ඒ විදිහටම එනවා කියන එකයි මගේ අදහස. මිනිස්සු ගැහැණියකට විරුද්ධවීමේදී ඔවුන්ට ලේසියෙන් රිදවන්න පුළුවන් නිසා ගැහැණුකමට පහර ගහනවා. ඒ වගේම පිරිමින්ගේ පිරිමිකමට ගහනවා. පිරිමි පොන්නයෝ කරනවා, ගෑණු වේසියෝ කරනවා. උඹම කල්පනා කරලා බලපන් 'රනිල් පොන්නයා' කියන මඩ ප්‍රචාරය, රනිල් බලයට පත්නොවීමේ එක ප්‍රධාන හේතුවක් වෙන්න බැරිද?

      මට මෙච්චර දිගට ලියන්න හිතුණේ මේකයි. රටේ පවතින වැරදි තත්වයක් මිණුම්දණ්ඩක් විදිහට අරගෙන තව වැරැද්දක් සාධාරණීකරණය කරන එකට මම එකඟ නැහැ. දැන් වැඩිහිටි කාන්තාවක්, කුඩා පිරිමි දරුවෙක්ව ලිංගික අපහරණයට ලක් කලොත්, අපි කියනවද? සාරුවා සුනිලුත් කලා නම් මෙයාට විතරක් හොඳ නැත්තේ ඇයි? මෙයා කාන්තාවක් නිසාද? කියලා. ඕකෙන් වෙන්නේ වැරදි දේවල් සාමාන්‍යකරණය වීම. "ඇමෙරිකාවත් මානව හිමිකම් කඩනවා නම් අපිට විතරක් නරක ඇයි?" කියලා අපේ මානවහිමිකම් කඩවීම් සාධාරණීකරණය කිරීම, පොලිසියට ආයුධ පෙන්වීමට ගොස් දාමරිකයන් මියයන නාට්‍යය වගේ දේවල් අද සමාජයේ සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ මේ නිසයි. අලුත් වැරැද්දක්, කාලයක් තිස්සේ සිදුවෙන පරණ වැරැද්දකින් සාධාරණීකරණය කරලා නිවැරද්ද කරා ගිය සිද්ධියක් මම නම් තාම අහලා නැහැ.

      Delete
    10. @X - Porter
      ඡන්දය කටුගෑම, පාවිච්චි නොකිරීමට වඩා සුදුසු බව මම පිළිගන්නවා. නමුත් එතනත් ප්‍රායෝගික ප්‍රශ්න තියනවා. කටුගෑම උවමනාවෙන් කල එකක්ද නැද්ද කියන ප්‍රශ්නය එනවා. මොකද ඔක්කොම වැටෙන්නේ අවලංගු ගොඩට. එහෙම කලත් එයින් කිසිම බලපෑමක් වෙන්නේ නෑ මන්ත්‍රීධූර පත්වීම් වලට. මම නම් දන්න හැටියට ලබාගතයුතු අවම ප්‍රතිශත මට්ටමක් නෑ. ඡන්ද 2 තිබ්බත් ඒ පුද්ගලයා ලැයිස්තුව අනුව ඉන්නේ උඩින් නම් මන්ත්‍රීධූරය ලැබෙනවා. කොටින්ම 99% ඡන්දය ප්‍රකාශ නොකලත් කටුගෑවත් ඉදිරිපත්වෙලා ඉන්න අපේක්ෂකයන්ගෙන් පිරිසක් පත්වීම අනිවාර්යයක්. මේ වගේ තත්වයක් සම්බන්ධයෙන් පවතින නීතිරීති ගැන නම් මම දන්නේ නෑ.

      Delete
    11. තිසර,
      ඡන්ද පත්‍රිකාව පුරා ඉරක් ඇඳල කටුගෑවානම් (හැමෝම) විරෝධය මතුපිටට ගන්න පුළුවන් ලෙහෙසියෙන්ම. 15%ක් වත් තියනව නං ඇති.

      Delete
  5. කතා කර පලක් නැත... මන්ද කුමණ ආකාරයකින් හෝ ඔවුන් පාර්ලිමේන්තුවට යන නිසාවෙනි...

    ReplyDelete
    Replies
    1. එය ජනතාව සතු තේරීමකි..

      Delete
  6. >>අවසාන වශයෙන් ජනාධිපති තුමාට කියන්න තියෙන්නේ. මේ ඡන්දයට මනාප තුනක් මදි කියලාය. <<
    භය වෙන්න එපා මචෝ ඒක උඹල ඉල්ලුවේ නැති වුනාට ලොක්ක මේ අවුරුද්දේ කරන්න යන දෙයක්.
    තම පුතනුවන් වෙනුවෙන්.....ජාතිමාමක පියකුට නොකළ හැක්කේ කුමක්ද...සබද...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ එහෙම දෙයක් මෙතන නම් නෑ.. ඒත් වෙනත් කතාවක් දැන් ගොඩක් ප්‍රසිද්ධයි..

      Delete
  7. මාතලන් ලොක්කත් එහෙනම් නිලියන්ට මනාපයි ඇ :D

    ReplyDelete
    Replies
    1. නිලියන්ට අකමැති කව්ද බන්...

      Delete
  8. මේක හරියට මඟ හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී ජාතියෙ වැඩක්... ඡන්දෙ දෙන්න සුදුසු කියල එකෙක්වත් නෑ... ඡන්දෙ නොදී නිකා හිටියොත් එතනත් අවුලක්... ඒත් ඇත්තටම අද වෙනකොට ගොඩක් ඡන්ද කුණු කූඩට යන තත්වයක් තියෙන්නෙ... හිතක් පපුවක් තියෙන එකෙක්ට මුන්ට ඡන්දෙ දෙන්න පුළුවන්ද.... හොරුයි, කුඩුකාරයොයි, මිනිමරුවොයි, පාතලයොයි, ගෑණු පෙරේතයොයි.... ඒ අස්සෙ මහතැන කියනවා ජනතාව වැඩකට නැති එවුන්ට ඡන්දෙ දෙනවලු... වැඩකට නැති උන්ට නාම යෝජනා දුන්නෙ වෙන ලෝකෙකින් ආපු උන් වෙන්නැති... මහ බූත රටක් මේක...

    අර අන්තිමට කාටූන් එක නං නියමෙට ගැලපෙනවා මාතලන්...

    ReplyDelete
    Replies
    1. ඇත්ත.මේ රටේ බහුතරයකට තිබෙන ප්‍රශ්නෙ චන්දෙ දෙන්න කෙනෙක් නැතිකම

      Delete
    2. දැන් ඔය හැම එකාම කියන්නේ උගත් බුද්ධිමත් සමාජය ගැන දැණුවත් උන්ට දෙන්න කියලා නේ. එතකොට ඔය ඉන්න උපාධි කාරයෝ මොනවද කරලා තියෙන්නේ. ජනසම්මතවාදය ගැන පත්තර පිටු පුරවපු, ඩලස්ලා, විමල්ලා අද මොනවද කියන්නේ. බුද්ධික පතිරණ වගේ දොස්තරලගෙයි ගීතගෙයි වෙනස මොකක්ද, ජනමාධ්‍යවේදයේ හිටපු උන් ගියා කියලා ජනතාවට මොකක්ද උනේ.. ඊට වඩා රස්තියාදුකාරයන්ගෙන්, කුඩුකාරයන්ගෙන් අඩු ගානේ ඒ ඒ පළාත්වල උන්ටවත් සෙතක් වෙලා තියෙනවා. කරූ පබාට පරදින්නේ නිකන් නෙමෙයි. ඒ තමයි ගම්පහ මිනිස්සු කරූව ප්‍රතික්ෂේප කළ ආකාරය.

      Delete
    3. උබට තියෙන විසෙ.. ඈ...?

      Delete
  9. අනේ මන්දා මොලේ විකාර කතා මෙවා ...
    මාතලන් හිතන් ඉන්නෙ මේවට විරුද්ධ වෙන උන් ඔක්කෝම පුර්ෂාධිපත්‍ය අගයන උන් කියලා ද ,මම නම් හිතන්නෙ මේ වැඩෙන් වෙන්නෙ මේ තියෙන ජරා තුට්ටු දෙකේ දේශපාලනය තවත් අජපල් වෙන එක විතරයි කියලා ,

    එක අතකට නළු බට්ටන්ටත් පුලුවන් නම් මේ මඩට පනින්න මේ නළු බට්ටියෝ ටික පැන්නා කියලා වෙනසක් වෙන එකක් නෑ ..
    අර ජිවන් කියන හදයා බාර ගන්න ගන්න අමාත්‍යාංශය හදලා ගන්නෙ අපුරුවට .....

    මේව ඉතිං බ්ලොගියේ දැම්ම කියලා උන් එන එකේ වෙනසක් වෙන්නෙත් නෑ ...අපි ජන්දේ දෙන එකෙ වෙනසකුත් නෑ ...
    කොමඋනත් මෙක පුරජා තන් ත්‍රවාදය තියෙන රටක් එක නිසා ඔන මගුලක් ...

    ReplyDelete
    Replies
    1. මම නම් කිසිම වෙනසක් පේන්නේ නෑ.. ඒ මට පේන හැටි..

      Delete
  10. මටත් මතෙ ඉල්ලන එක ගැන කිසිම ගැටලිවක් නැ.මෙලො වැඩක් වෙන්නෙ නැති එකෙ ආතල් එකක්වත් ලැබෙනව නෙ.

    ReplyDelete
    Replies
    1. මාස දෙක තුනක් දෙන ආතල් එකම මදෑ..

      Delete
  11. //සෞඛ්‍ය ඇමති කරන්නේ බෙර ගහන එකයි, විරිඳු කියන එකයි නම්, ඒ වෙනුවට ජින්ජර් පත් උනාම මොකෑ කියාය. // ඒකනෙ දැං ඉන්න උංට විරිඳු හරියන්නෙ නෑනෙ. මෙයා විරිඳු රී මේක් කරල හරි කියයිනෙ.

    ReplyDelete
    Replies
    1. නිකන් තේ වලට වඩා ඉඟුරු තේ කොහොමත් රහයි නේ...

      Delete
  12. කියන්න ඕන දේවල් ඔක්කොම අර පින්තූරෙන් කියවෙනවා.ලියවිල්ලට වැඩිය ඒක ප්‍රභලයි.

    ReplyDelete
    Replies
    1. එකම වෙනස ඉන්න එකා ජාතික ඇඳුමක් ඇන්දෙ නැති එක..

      Delete
  13. මොනව කියන්නද බං දෙමු දෙමු ඡන්දේ...

    ReplyDelete
    Replies
    1. මම නම් දෙන්නේ ජෙප්පන්ට..

      Delete
  14. අපේ රටේ උන්ට වෙලා තියෙන්නේ හොරු රැළෙන් අඩුවෙන්ම චාටර් එකා තෝරන්ඩ.ඒ උනත් අපේ ඉන්න හරක් රැළ ඉන්න ලොකුම හොරු ටික තෝරලා යවනවා.ඊට පස්සෙ බොරුවට බෙරිහන් දෙනවා...

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද මෙව්වා...

      Delete
  15. මාතලං මචෝ ඕකට කියන්නෙ ලිංගික කුහක කම කියල. නැත්තං මේ ගූ වලට තව ගූ එකතු උනාය කියල මක්ක වෙනවයි...ඒක මුන් නොදන්නවයි....

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. ඕකත් එක හේතුවක්..

      Delete
  16. ඒත් මාතලං අය්ය මේම එක්කුත් තියේ....
    අපේ උං බැන බැන ඒ පඩත්තලයන්ටම ඡන්දෙ දෙනවනෙ. වැඩේ කියන්නෙ ඇය් උන් නරක නං වෙන අළුතෙං එන එකෙට්ට දෙන්නෙ නැත්තෙ... මං අහන්නෙ උං නරකයි නං ඇයි උංනෙ රේද මත්තෙම එල්ලිලා ඉන්නෙ කියනෙක...
    මං එක වේසාවෙක්ගෙං ඕ ගැන අහපුවාම ඌ දුන්නෙ මරු උත්තරයක්...
    ///නොදන්න අර මොකාටද එකාට වඩා දන්න කොටිය හොදානෙ බං///
    මට නේද්දකිං කියල හිතුණ...
    ඇයි යකෝ ඉන්න ප** ගෙරියෙක්නං උව පන්නලා අලුත් එකෙක් ගෙනාවම තියෙන වැරැද්ද මොකද්ද
    අනේ මංද අපේ උන්නෙ චිංතනේ

    ReplyDelete
    Replies
    1. කාටද දෙන්නෙ කියපන් බලන්න.දෙන්න ඉන්නෙ හරිත වර්ණ හොරුනෙ.ඒ අය 17 වසරක් කරපු හරිය දන්නවනෙ.ඔබා බැලු මල්ල යලි ඔබනුයෙ කුමට

      Delete
    2. නෑ නෑ යකා මහත්තය මං කියන්නෙ අලුතෙං එන අලුකුත්තේරුවන්ටත් පොඩි චෑන්ස් 1ක් දෙන්න ඕන කියල මොකද ඉන්න වුන් කෙප්ම නං කෙලින්නෙ සත පහකට වැඩක් නැත්තං අලුත් එකෙක්ව ටැස් කොරල බැලුවම මක්ක වෙන්නෙ..
      මේකට හොදම උදාහරණෙ තමා පහුගිය දොහක ඉන්දියාවෙ දිල්ලි මැතිවර‍ෙණදි ආම් ආද්මී කියන පක්ෂයෙ නැගී සිටීම... කව්රුත් හිතුවෙ නෑනෙ ඒ වගේ තනිමනුස්සයෙක් එක පාරටම ඒ වගේ නැගිටී කියල නේ... අපිත් ඒ වගේ චෑන්ස් 1ක් කාට හරි දුන්නොත් මොකද...?

      Delete
    3. ඔය හැම එකාම චැන්ස් අරන් තමා මේ රටට වැඩෙ කොරේ ,තවම ඔය ජෙබ්බො විතරයි රට පාලනය කොරෙ නැත්තෙ ආණ්ඩු අරගෙන,අනික් උන් ඔක්කෝම එකයි .

      Delete
    4. විකල්පයක් නැතුව එන එකෙක්ගෙන්වත් වැඩක් නෑ බං

      Delete
  17. ලිපිය පැත්තකින් තියමු..අර අන්තිමට දාපු පින්තූරෙනම් මරු..සුචරිතවාදීන්ගේ විපරීත් නිරුවත

    ReplyDelete
    Replies
    1. මමත් මාර කැමති පින්තූරයක්

      Delete
  18. අන්තිම පින්තුරෙන් කියන්න ඕනේ ඔක්කොම ටික කියලා තියෙනවා.ජන්ද දායකයා බුද්දීමත්ව ක්‍රියා කරනවානම් ඔය ඉල්ලන අය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ඡන්ද දායකයෝ නෙමෙයි පක්ෂ නායකයෝ බුද්ධිමත් නම් මෙහෙම විකාර වෙන්න විදියක් නෑ..

      Delete
  19. මම නම් මේ අය ඉල්ලන එකට මනාප වුනේ මේ අය දැන් ඉන්න අයට වඩා අමුතු නරකක් නැති නිසයි.පැරකුම් කියනව වගෙ මේ අය අඩුතරමින් අපේ මන පිනවල හරි තිබෙනව.දේශපාලකයන්ගේ ඥාතීන්,කුඩු කාරයො,ස්ත්‍රී දූෂකයො,මිනීමරුවො,හොරු චන්දෙ ඉල්ලන එකේ මේ අය ඉල්ලුවම ඇති වැරැද්ද මොකක්ද?මෙතන වෙන්නෙ අර කිව්ව වගෙ කකුල් වලට බය වෙන එක.

    අර අන්තිමට දාපු පොටෝ එක නම් මරේ මරු.ඔය කුහක සදාචාරෙ නිසා මිස වෙන මොන හේතුව නිසාද මේ නිළියන්ට විරුද්ධ.

    මම නම් කියන්නෙ ගණිකාවන් ඡන්දෙ ඉල්ලන්න ඕන කියල.ඉන්දියාවෙ එහෙම අය ඉල්ලනව.ලිංගික ශ්‍රමිකයන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන්.ඊලඟට සමරිසියන් චන්දෙ ඉල්ලන්න ඕන.මේ වගෙ වටපිටාවක් ආවොත් සදාචාරකාරයන්ගෙ රෙදි ගැලවෙයි.මොකද මේ නිළියන්ට කරන ප්‍රධාන චෝදනාව ගණිකාවො කියන එකනෙ.ඉන්දියාවෙ වගෙ ගණිකා සංගමයකින් අපේක්ෂිකාවක් ඉල්ලුවොත් කට උත්තර නෑ නේද?

    අනාගතේ මේ හැමෝගෙම සිහින මාලිගා බිඳ වැටෙනවා.බිම වැටිල කුඩේ කුඩු වෙනව

    ReplyDelete
    Replies
    1. කතාකරන්නේ මහ ළොකු ප්‍රජාතන්ත්‍රවාදේ.. ඒත් කතාකරන උන් ළඟ ඒක නෑ..

      Delete
  20. ලංකාවේ ජනයා ඡ්න්දය ලකුනු කිරිමේ ක්‍රම වෙද දෙකක් තිබේ ඉස්සර එහේම උනත් මේවර මක්කා වේදැයි මා නොදනිමි නමුත් අතීත නියැදියන්ට අනූව ග්‍රාමිය ඡන්දය බොහෝ විට නිල් වුවත් නාගරික ඡන්ද කොලපාට විය // ජනපතිවරනයකදි හැර // මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙවර බස්නාහිර සහ දකුනු ඡ්න්ද සටනයි බස්නාහිර පලාත ගත්කල ග්‍රාමිය බොහෝ පෙදෙස් නිල් වුවත් නගර මධ්‍ය වැඩිපුරම ඇත්තේ කොල පාටය නමුත් බොරැල්ල කැස්බැව වැනි ආසන ඒ ඒ වකවානු අනුව පාට වෙනස්වීම් වලට ලක්වූ අවස්ථා දක්නට ලැබේ එසේනම් සිතිය යුත්තක් ඇත ග්‍රාමිය ජනයා සමස්තයක් ලෙස ගත් කල වඩාත්ම පපුවට බරව ඡ්න්දය පාවිච්චි කරන බවත් සහ නාගරික ජනයා බඩු මිල ව්‍යාපාරික දුෂ්කරතා තාක්ෂනික දැනුම තර්කවිතර්ක මාධ්‍ය විචාර වැනි බොහේ සාධකයන්ට යටත්ව තම ඡන්දය පාවිච්චි කරන බව නොවේද

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. ඉතා පැහැදිලි විග්‍රහයක්..

      Delete
  21. පොඩි උන්ට කියවන්න එපා කියපු නිසා කියෙවුවෙ නෑ ඕන්

    එක්කො කමක් නෑ හොරෙන් කියවනවා.

    මට තියෙන ප්‍රශ්ණෙ මාතලන් අයියෙ. අර විදියට ඉන්න නිළියො ගානට මනාප වැඩි කොලත් වැඩක් නෑනොවැ. දැන් මන් ඉඟුරු නංගිටයි නදීශා අක්කටයි හිරුණිකා ඇනිට‍යි තුන් දෙනාටම මනාපයි. ඒත් පක්ෂ දෙකකනෙ තුන් දෙනා. :-(

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්ද බන් පළාත් දෙකක්නේ ...අනික එයා චන්දය දින්නම කොහොමත් මේ පැත්තට එන නිසා ඔන්න ඔහේ අනිත් තුන් හතරදෙනාට දෙන්ට ප්‍රියා

      Delete
    2. ඒක ඇත්ත ඉවාන්, අර කරූ සීයාවත් පරද්දලා මනාප ලිස්ට් එකේ දෙකට ආව පබා නැන්දත් දැන් මහින්ද මුත්තාගෙ දෑත් සවිමත් කොරන එකේ. නදීශා අක්කා උන්ගෙ මනාප වලින්ම ආපු දෙන්.

      මම ඕන වෙඩිමක් කියලා සංධානෙන් දාන ලක්ශනම සැක්සිම නිළියො තුන් දෙනා තෝරලා මගේ තුන දෙනවා. (මගේ තුන යනු මගේ මනාප තුන බව කරුණාවෙන් සලකන්න. :-D)

      Delete
    3. මම කියන්න ගියදේ ඉවාන් කියලා ඉවරයි.. එයා ගැන කළබල වෙන්න ඕන නෑ.. දින්න ගමන් බඩු ළොක්කා ගාව.. දෑත සක්තිමත් කොරන්න හරි මසාජ් කොරන්න හරි යයි..

      Delete
  22. මගේ බ්ලොගේ පැත්තට අලුත් ක්‍රවුඩ් එකක් බැහැලා ඉන්නකොට මම බැලුවේ එහෙම වුනේ කොහොමද කියලාය . මාතලන්ට ස්තුතියි ,

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මචං.... (හික්ස්...)

      Delete
  23. මේ රටේ දේශපාලනය ගැන මට ඇත්තේ කිසිම සුබවාදී ආකල්පයක් නොවේය. මොන පක්ෂය ආවත් දැන් මේ හුරුවී තිබෙන පාදඩ ආකෘතියෙන් මිදීමක් නැතිය. විපක්ෂේ එවුන් මෙවනවිට් සිටින්නේ හාමතින්ය . කවදා හරි කොම්පුටර් ජිල්මාට් එක රෝන්ග් යාම නිසා බලය ලැබුනත් ඔවුන් මේ වගේ දෙගුණයක් කන්නේ කෙසේද කියා බලන් හිඳිති. ඒ නිසා ක්‍රමය වෙනස් වෙයි කියලා හිතන්න කිසිසේත් බැරිය .ඉතිං එහෙම තැනකට කවුරු ආවත් අමුතුවෙන් මීට වඩා නරක් වෙන්නේ නැත.
    කිසිම උගත් කමක් නැති ගයේෂා කියන දේවලුයි පට්ට උගතෙක් වන බන්ධුල ගුණවර්ධන කියන දේවලුයි එක සමානනම් කවුරු ආවාම මොකදැයි කියා දැන් සිතේ .

    ReplyDelete
    Replies
    1. අන්තිමට තියෙන කාටුන් එක නම් මල් හතයි

      Delete
    2. කළකිරුණු විශාල පිරිසක් ඉන්නවා.. ෆොන්සේකගේ පක්ෂය වට ඔවුන් රෝක් වෙන බවක් පෙනෙනවා.. ඒක ප්‍රජාතන්ත්‍රවාදීව හොඳ දෙයක්.. හැම එකාම එක වගේ නිසා.. තරම හොඳ ජෙප්පන්ට දෙන්න හිතාගෙන ඉන්නේ..

      Delete
  24. මම නම් දකින විදියට ඕනෙම කෙනෙකුට අයිතියක් තියෙනවා තමන් කැමති දෙයක් කරන්න සම්මත නීතියට විරුද්ධ නොවන විදියට. ඒ අනුව නිළියන්ට ඡන්දය ඉල්ලන්නත් රටේ ජනතාවට ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීමටත් අයිතියක් තියෙනවා.ඔවුන්ට විරුද්ධ වීමට මාතලන් ඔබටද මටද අයිතියක් ඇති බව මගේ හැගීමයි.දේශපාලනේ ගැන මලපොතේ දැනීමක් නැති වුන් කෙසේ නම් සිතනවා ඇත්ද.ඒ දවස් වල මට හිතෙන විදියට 1994 වසර කැකිරාවෙන් ඡන්දෙ ඉල්ලුවා රාණි අධිකාරි කියල ඇනටික් චරිතයක්.මම පුංචි එකා කාලෙ. හරි ලස්සනයි.තොල්පෙති පාට කරල , නියපොතු පාට කරල, කොණ්ඩෙ වයිවාරන විදියට හදල, දුකේ බැරුව හරිම හරි ලස්සනයි. පාර දිගේ යනකොට අතවනනවා, පොඩිවුන්ට ටොපි චොකලට් බෙදනවා, අම්මප කවදාවත්ම ඉස්කෝලෙකට පයගහපු එවුන් නෙමේ ඇගේ අත අල්ලගෙන ඉඹිනවා. මිනිස්සු ඇයව මහ ඉහලින් වර්ණනා කරා. අන්තිමේදී

    ReplyDelete
    Replies
    1. ඒ මොනවද බං. සිරිමාවෝ ඇති නේ හොඳම උදාහරණයට.. අගමැති උනේ.. සම හරක් කියන්නේ රට හැදුනයි ඒ කාළේ මාර විදියට කියලා..

      Delete
  25. මා බුකියේ දු‍ටු සටහනක් / මගේ අදහසක් මේකමයි :

    "සංකර ඇඳුමෙන් හෝ නිරුවතින් ගායනයේ, රංගනයේ යෙදෙන සියල්ලෝම ගණිකාවෝ වන්නේලු ය. මෙවන් සංස්කෘතියකින් හා සදාචාරයකින් පරිපූර්ණ අඹ ඇටයක ඡන්දය ඉල්ලීමට එවන් ගණිකාවෝ සුදුසු නැතැයි කියා බොහෝ දෙනා කියනවා ය. ඒ ඔවුන්ගේ දේශපාලන දැනීමේ මද කම නිසා නොව ඔවුන් ගණිකාවන් යනුවෙන් හැඳින්වෙන නිසාලු ය. එහෙත් අහවල් එකේ සිට දූෂිත මැරයන්, මත්කුඩු වෙළෙන්දන්, හොරුන්, මන්ද බුද්ධිකයන්, සිවුරු හොරුන් රට පාලනය කිරීම හොඳ ය. ඉතින් අනේ හුකේ ය.. නන්නානේ ය.. අහවල් එක හඳපානේ ය.."

    සටහන : Pamuditha Zen Anjana

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙත් ඔය කතන්දරේම තමයි..

      Delete
  26. ප්‍රශනෙ ඡන්දෙ ඉල්ලන එවුන්ගෙද? දෙන එවුන්ගෙද?

    ReplyDelete
    Replies
    1. දෙගොල්ලගෙම නෙමෙයි.. මේ වගේ උන් දාන උන්ගේ...

      Delete



  27. “Seven Deadly Sins

    Wealth without work
    Pleasure without conscience
    Science without humanity
    Knowledge without character
    Politics without principle
    Commerce without morality
    Worship without sacrifice.”

    ම්හත්මාගාන්ධි තුමාගේ කියමනක් ,,, ඒක කොච්චර සත්‍යද

    දැන් අපේ රටේ මිනිස්සුන්ට බඩුමිල ඉහලගියාට බස් ගාස්තු වැඩි උනාට කමක් නැහැ දැන් කතා කරන්න දෙයක් තියෙනවනේ..කියන්න ඕනේ ඔක්කොම සහසුද්දෙන් කියලා තියෙනවනේ ආයේ මොනා කියන්නද ? මටනම් නිලියෝ ,ගායිකාවෝ කවුරු ගියත් එකය.තඩි බඩවල් තියෙන එක එක විදියේ පිරිමි අස්සෙන් ගැහැණු කීප දෙනෙකුත් ඉද්දි හිස් දේවල් කතා කරන තැන වුණත් ටිකක් ලස්සනට පෙනේවිනේ.

    තිඹිරිගේ වෙත එන්න අලුත් බ්ලොග් කරුවන් හදුනාගන්න

    ReplyDelete
    Replies
    1. මොකා ආවත් වැඩවසම් ක්‍රමයට හැඩ ගැසිය යුතුය. එය වෙනස් කිරීමට එකෙකුටවත් ඕනෑ කමක් නැතිය..

      Delete
  28. මංනං බලං ඉන්නේ සුමී අක්කි ඇමරිකාව දාලා ඇවිත් මෙහෙ ඡන්දෙට ඉල්ලනකල්.. ආයේ ඉතිං බොක්කෙන්ම බැහැලා වැඩ කරනවා... එතකං මේ දවස්වල හිරුනිකාට සප් එක දීගෙන මේ ඉන්නේ... ඇත්තම කිව්වොත් හිරුණිකා කරට ගන්න අපි පරක්කු වැඩි උනා.. හැබැයි ඉතිං ඒකට වරදක් කියන්නත් බැහැ.. මොකද පහු ගිය ටිකේ ආසාවට කර තියන්න බැරි තරමට කරවල් පිටින්නේ ආවේ... බොහෝම අමාරුවෙන් දැන් මේ හේත්තුව දාගත්තේ... මුලින්ම හිරුණිකා කරට ගත්ත උදවිය කියාපුවා ඒ දවස්වලම ඇහුවනං මට මෙහෙම දුකක් නැහැ අයියෝ... දැන්නං ඕං අපිත් බැහැලා වැඩ...

    ReplyDelete
    Replies
    1. මම හිතනවා හිරුනිකා නොම්මර එකට එයි කියලා..

      Delete
  29. කවුන්සිලේට තව අඩු කවුද? හොරු, ත්‍රස්තවාදියෝ, බඩු කාරයෝ, සිවුරු දරාගත්ත අය...නළුවෝ, නිළියෝ, ගායකයෝ, ක්‍රීඩකයෝ, ගුරුවරු, ගුරුහොරු, .... ඔය එකි නොකී හැමෝම ඉන්නවානෙ. පලා සබාවෙත් ඔය කස්ටියම අඩු පාඩු නැතුව ඉන්ට එපායැ!

    ReplyDelete
  30. මට නං මේ මාතෘකාව එපා වෙලා!

    මේ කාන්තාවන්ට විරුද්ධව කෑ ගැසීම පුරුෂෝත්තම ඌරුවාදය මිස වෙනකක් නොවෙයි!

    ReplyDelete
    Replies
    1. මේ කාන්තාවන්ට විරුද්ධව කෑ ගැසීම පුරුෂෝත්තම ඌරුවාදය මිස වෙනකක් නොවෙයි!////
      වෙන්න ඇති කකා එත් අපි කැමති නේ මාතලන් ලියන කිරිමෙට, අපිටත් එපා වෙලා ,එත් මාතේ කැමති නේ ,අපේ මොකේ දානවා කමෙන්ට් ....

      Delete
    2. කකා,
      බොහෝ දෙනෙකුගේ අවුලක් තමයි යම් සිද්ධියක් සම්බන්ධව තමුන් කලින් යම් නිගමනයකට ඇවිත් අදාල නිගමනය නිවැරදි යයි ඔප්පු කිරීමට මූලික කරුණු ගොණු කිරීම.

      Delete
    3. වෙන මොකක්ද කකා.. සම හරක් ඇදගෙන නාන්නේ ඒකනේ..

      Delete
  31. කල්ලල් ලෑ. බෝල්ලල් ලෑ. අලේ වල්ලල් ලෑ.

    අහවල් එක අස්සේ බ්ලේඩ් එකක් තිබුණ වෙලාවක දිව දාපු එකෙක් ඔහොම කිව්වලු.

    ReplyDelete
    Replies
    1. දිව දාන්න වෙන තැනක් තිබුනේ නැතුව ඇති...

      Delete
  32. දැනට ඉන්න කට්ටියගෙන් වුනත් තමන් වටේ ඉන්න අයට මිසක් ප්‍රදේශයට දැනෙන දෙයක් වෙන්නෙ නෑනේ.ලැබෙන එකාට හැමදාම ලැබෙනවා.අන්න ඒ ලැබෙන දේවල් නැතිවෙන බයට තමයි මේ අලුත් මූනු වලට කෑගහන්නේ..

    ReplyDelete
    Replies
    1. එයත් එක හේතුවක්.. ඊට වඩා ගැහැනුන්ට මාර බියක් දක්වනවා අපේ අය..

      Delete
  33. ඔච්චර කෑගහන්නැතුව මනාපෙ නොදී හිටියනං ඉවරයි මාතෙ.

    දේශපාලනේ වැජඹේවා!!! සිනමා කර්මාන්තෙට කෙලවේවා!!!

    ReplyDelete
    Replies
    1. මම පොදු පෙරමුණට දුන්නොත් අනිවාර්යයෙන් මුන්ට දෙනවා.. ඒ මුන්ගෙයි අනික් උන්ගෙයි කිසිම වෙන්සක් නොදකින නිසා...

      Delete
  34. මට නම් මේ දේශපාළුවෝ අරහං. මොකා උනත් කමක් නෑ රටට වැඩක් කරනවනම්.
    මටනම් මේ නිළියෝ ගැන තියෙන්නේ අනුකම්පාවක්. තමං දන්න දක්ෂකමක් තියෙන කරැමාන්තය කරගෙන නොඉඳ කාගේහරි ඉගැන්නුම් බහකට නිකං පුක දීලා සවුත්තු වෙනවා. මට දුකයි සිනමා කර්මාන්තයට යන නස්පැත්තියට.
    වෙනදා වගේම උඹේ ලිවීම මසුරං ගොයියෝ. ජය!!

    ReplyDelete
    Replies
    1. සිනමාවට තව මොන නස්පැත්තියක් වෙන්නද බං..

      Delete
  35. මාතලනුත් මාර ආතල් ඒකක් ගන්නවා නොවැ නිළියෝ බැස්ස ඒකෙන් ජන්දේට,
    පහුගිය දවස් ටිකේ බුකීයයයි, බ්ලොග් ටිකයි බැලුවාම, මහින්දට තරම් ලංකාවේ ජන්දදායකයාව තේරුම් ගත්ත දේශපාලඥයෙක් කවදාවත් ඉඳලා නෑ!
    නිළියෝ ටික බැස්ස්සුවා විතරයි, බඩු මිළ, පඩි,මැරකම්,කුඩු විකිණීම් ,නිතීයේ බිඳවැටීම් ..
    මාධ්‍ය නිදහස ,දූෂණය භීෂණය ඔක්කොම ඉවරයි! දැන් රටේ වදගත්ම ප්‍රශ්ණේ නිළියෝ දේශපාලනය කරන ඒක හරිද වැරැදිද කියන ඒක.
    මං කල්පනා කරන්නේ මහින්ද ඊළඟ ජන්දේට ගහන ගේම මොකක්ද කියලා!
    නිළියො ටික ආපු ඒකෙන් අපි ගන්න ආතල් ඒක වාගේ දහගුණයක ආතල් ඒකක් මහින්ද ගන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත, මේ තරම් මිනිස්සු අන්දපු නායකයෙක් ළොවෙත් නැතිව ඇති..

      Delete
  36. +++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  37. ඉල්ලන එක නෙවේ අවුල, ඉල්ලලා අරන් කරන්න පුලුවන්ද කියන එකයි. පිරිමි වේවා, ගැහැනු වේවා, කරන්න පුලුවන් එකා තෝරනවා මිසක ලිංගික ප්‍ර බේදය සෙවීම වැඩක් නැහැ.

    නොගැලපෙන්නන්ට නාමයෝජනා දීම තනිකරම ගොන් ආතල් එකක්. - ඊටත් වඩා ආතල් උන්ව පාර්ලිමන්ට් යවන මහජනතාවක් සිටීම.

    ReplyDelete
    Replies
    1. කරන්න පුළුබන් හෝ බැරි හෝ බලන්න.. කිසිම දෙයක් කොරන්න දෙන්නේ නැති එකත් ගැටළුවක්.. නමුත් කිසිම වරප්‍රසාදයක් නොදී වැඩ කරපු මිනිහෙක් තමයි ප්‍රේමදාස කියන්නේ..

      Delete
    2. ඉතින් අපි එයාගෙ පුතා වෙනුවෙන් පෙළ ගැසෙමු ???

      ;)

      Delete
  38. හරි හමන් එකෙක් ඉල්ලන තුරු මම ජන්දේ දෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. උඹ ඩුබායි ඉඳන් කාට ඡන්දේ දෙන්නද බං..

      Delete
  39. ගාමිනී, විජය, ජෝ, සිරිල් වික්‍රමගේ, ජයසිරි, ආදිය කෙසේවෙතත් රන්ජන්, සේනක විජේසින්හ ආදීන්ටත් නොකිවූ දෙවල් නිලියන් ගායිකාවන් චන්දෙට ආවිට අපේ ප්‍රබුද්ද අය කියති. ඔවුන්ට ඕනෑ චන්දෙට එන සියලුදෙනා නන්දා මාලනි වගෙ වෙන්නද? (There is an element of gynophobia or misogyny in "most" of the criticism)
    කෙසේවෙතත් දෑන් ඔය ඈවිත් ඉන්න ලස්සන අයගෙන් නුසුදුසුම අය හිරුනිකා සහ ගීතා මට හිතෙන විදිහට, මන්ද ඔවුන් දෙදෙනා හෑසිරෙන්නෙ ලන්කාවේ typical දේශපාලනය කරන පරිණත තග් විදිහට. ඔවුන්ට වඩා දේශපාලන කිසිවක් නොදන්න බොලද බාගෙට පිස්සු අනර්කලීද හොන්දය.
    නොහෑකියාව සහ නොදන්නාකම, කපටිකම සහ තගරි වලට වඩා හොදය.

    ReplyDelete
    Replies
    1. මේ මනාප ක්‍රමය අනුව තග නැතිව ඡන්ද කෙරුවාව කිරීමට නොහැකිය...

      Delete
  40. අන්තිමේ දාලා තියෙන පින්තූරේ ගති..

    ඡන්දේ ඉල්ලන්න ඔනම කෙනෙක්ට ඉඩක් තියෙනවනේ අයියේ.. ඒ ගොල්ලා දිනවනවද නැද්ද කියන එක ඉතින් මහජනයාගේ වැඩක්..

    ReplyDelete
    Replies
    1. ඒකට නේ ඡන්දය කියන්නේ...

      Delete
  41. ඇත්තෝ ක.ති බොති සුකති
    නැත්තෝ සුත්ත බලා සැනසෙති

    ReplyDelete
    Replies
    1. සැනසිලා නිකන් ඉන්නෙත් නෑ..
      ඒකට කෙලත් ගසති...
      පරිබව කරති
      ගල් ගසති..

      Delete
  42. This comment has been removed by the author.

    ReplyDelete
  43. ඕනම කෙනෙකුට ඡන්දේ ඉල්ලන අයිතිය තියනවනේ.. ගැටළුවකට තියෙන්නේ නුසුදුසු අයට නාම යෝජනා දෙන එකයි.. නාම යෝජනා ලැබුනු නුසුදුසු අයට මිනිස්සු ඡන්දෙ දෙන එකයි.. (දැං ඉන්න එවුන් සහ නිළියන් අතර කිසි වෙනසක් නෑ)

    ReplyDelete
    Replies
    1. ප්‍රධානම දේ නොමිනේෂන් දෙන එක.. ඒ ඉන්ටවීව් දැක්කම බඩ දඟලනවා...

      Delete

  44. ඔයාට තියෙන්නේ Gynophobicphobia (ජයිනොෆෝබික් ෆෝබියා) කියන ලෙඩේ
    ඒකෙ තේරැම ජයිනෆෝබියාවට අධිකලෙස විරෝධය දැක්වීම
    මහින්ද රාජපක්ෂ ඔය ලෙඩේ ගැන දන්නවා ඒකයි නිලියො දාලා ඔයාල වගේ අයගෙ චන්ද කඩාගන්න
    ක්‍රියාකරන්නේ
    මේ ගොල්ල දේශපාලන වේදිකවට නඟින්නේ සාරි ඇඳලා ඒ නිසා කකුල් බලන්න නම් ලැබෙන එකක් නෑ
    හැබැයි බුරිය බලන්න පුලුවන් වෙයි

    මේ වැඩේට මම කරුණු දෙකක් නිසා විරුද්ධයි
    1. මේ කට්ටිය හැමෝම සිංහල අය වීම ජිංජර් විතරක් බර්ගර් නමුත් මම බර්ගර් ජනකොටස සලකන්නේ සිංහල ජාතියට අයත් කුලයක් විදියට
    සිංහල ගෑනුන්ව පස්සට තල්ලු කරලා සිංහල නොවන ගෑනු ඉස්සරහට දැමීම සිංහලයන්ට වාසියි කෙටි කාලීනව යම් අලාබයක් වුනත් ඒක දීර්ඝ කාලීනව
    ලාභයි
    2. මේ ගොල්ල මන්තී කම් ගත්තොත් රාජපක්ෂලාට විතරක් නගුට වනන අනික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මක්ත්‍රී වරුන්ට
    ගොරවන සත්ව විශේෂයක් වීමේ ඉඩක් තියෙනවා (විශේෂයෙන්ම හිරුනිකා) පිරිමියෙක්ට ඡන්දෙ දීම මීට වඩා ටිකක් හරි වාසියි.

    මටනම් දැන් කියන්න තියෙන්නේ හෙල උරුමෙට මනාප තුනම දෙන එක හොඳයි කියලා

    ReplyDelete
    Replies
    1. ඔහේට තියෙන ලෙඩේට මම මොනවා කරන්නද.. ඕකට තාම බෙහෙත් හොයා ගෙන නෑ නේ..

      Delete
  45. සෝයි පොටෝ ටික අයියා ...... ඔයාගේ කැමරාවෙන්මද ගත්තේ

    ReplyDelete
    Replies
    1. ඔව් බං ගොඩක් අමාරු උනා.. කැමරාවට නෙමෙයි... මට..

      Delete
  46. මම නම් කියන්නේ නිලියක් තියක් මොන එකියක් වුනත් කමක් නැහැ දේශපාලනික දැණුමක්, පරිපාලනමය හැකියාවක්, සහ මනා සමාජ අව්බෝධයක් තියෙන එකියන්ට සහ එකාලාට නාමයෝජනා දෙන්න කියලා. එතකොට ජනතාව බලාගනියි ඉතිරි ටික. නාමයෝජනා දෙන්නේ අපි නෙමෙයිනේ.ඒක කරන්නේ දේශපාලනයේ කෙල පැමිණි සංසර්ගික ශුක්‍රානුවෝ නේ. උන්මනේ කියන්නේ මේ මල හත්තිලව්වට උගතුන් බුද්ධිමතුන් යවන්න කියලා. ඒ කියලාම මාල හොරුන්ටයි, ගණන් කරකර බඩු ගහන එවුන්ටයි, ඒවා මතක් කර පාටි දාන එවුන්ටයි නොමිනේෂන් දෙනවා.

    ReplyDelete
    Replies
    1. කාට කියන්නද බන් මේ කරුමේ.. විපක්ෂෙත් කරන්නේ ආන්ඩුවම කරන එක කොට..

      Delete
  47. 1. මොකද බන් අර උඩීන්ම පොඩි එවුන්ට කිය වන්න එපා කියල දාල තියෙන්නෙ. උඹ හිතනවද අද කාලෙ පොඩි එවුන් උඹල වගේ වයසක ඩයල් කියන දේවල් අහවි කියල.

    2. අර යටම පින්තූරෙ ඉන්න එකා කරපු දේ ඒ හටි වැරැද්දක් නෑනෙ බන්. කොහොමත් ගෙඩිය පිටින් බලනවට වඩා අස්සෙන් ලාවට බලද්දි තමයි ගතිය තියෙන්නෙ. උඹත් ඕන නම් කරල බලහංකො මම කියන්නෙ බොරුද කියල.

    3. අනිත් එව්ව ගැන නම් කතා කරල මෙලෝ තේරුමක් නේ බන්.

    ReplyDelete
    Replies
    1. පාරේ යන කොට නම් එහෙම ආතල් එකක් තියෙනවා.. ඒත් ඉතින් කාමරේට වැදුනම් එහෙම බලලා මදි.. මම හින්දි ෆිල්ම් වලට වඩා බ්ලූ ෆිල්ම් වලට මනාපයි..

      Delete
  48. supri post eka. Mamath sehena denek ekka fight kala oya denek ekka. Mathalan ekka 100% ekangai mama. Kuhaka kama... genu tika awoth podi lamai tika hari beraganna puluwan....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න