.

.

Oct 22, 2023

කිතලංගමුවේ මර්තේලිස්, නිර්මාල්, සමිල මුතුමුණි හා දේශපාලන හිඟන්නෝ

 



කිතලංගමුවේ මර්තේලිස්, 

නිර්මාල්, සමිල මුතුමුණි හා

දේශපාලන හිඟන්නෝ

➖➖➖➖➖➖➖➖🔴


නිර්මාල් රංජිත් දේවසිරි පොතක් ලියනවා මර්තේලිස් වෙනුවෙන්... පොතක් ගහනවා කියන්නේ බිස්නස් එකක්... නැත්නම් පොත විකුණන්නේ නෑ නේ...


ඒ අතරේ අද දිනයේ ඒ වෙළඳ භාණ්ඩයේ ප්‍රචාරණය  සඳහා ඒ හා සහසම්බධ වමේ සෙට් එකක්... මර්තේලිස්ගේ ගෙදර යනවා....


ඒ පිළිබඳ පෝස්ට් කීපයක් නිර්මාල්ගේ වෝල් එකේ යනවා...


එතනදි සමිල මුතුමුණි ප්‍රශ්ණයක් අහනවා නිර්මාල්ගෙන්.... මේ යන්නේ.. // මර්තේලිස්ට යම් උපකාරයක් කරන්නද? // කියලා... 


රටේ දේශපාලන සංස්කෘතිය අනුව ඒක සාධාරණ ප්‍රශ්ණයක්..


මොකෝ... වමේ දේශපාලනය තුල මේ දක්වාත්... ඉදිරියෙත් සිඳුවෙන්නේ... වමේ පොලිටික්කෝ දක්ශිනාංශික උන් එක්ක එකතු වෙලා පීඩිතයට පුප පෙන්නපු එක විතරයි...


ඒ පරම සත්‍යයය නිසාම... නිර්මාල්ට මේකට මල පැනලා... හවස් වරුවේ මේ පෝස්ට් එක දානවා..


// මර්තේලිස්ට ‍ගෞරවය පිණිස කිව යුත්තේ දේශපාලන හිඟන්නන් මෙන් කාගේවත් පිහිටෙන් යැපීමට තරම් ඔහු හිඟන්නෙක්වත් අසරණයෙක්වත් නොවන බවයි. ඔහු අපට ඔහුගේ නිවසට ආරාධනා කලේ ජීවත් වීමට කීයක් හරි ඉල්ලා ගැනීමට නොවේ. ඔහුගේ ජීවිතය සහ සතුට අපත් සමඟ බෙදා ගැනීමටයි!!! //


ඉතින් මේක උදේම දැම්මා නම්... සමිල අහපු ප්‍රශ්ණය මතු වෙන්නේ නෑ.. මෙතන නිර්මාල් දේශපාලන හිඟන්නෙක් කියන්නේ සමිලට..


හැබයි සමිල කියන්නේ දේශපාලන හිඟන්නෙක්වත්... දේශපාලන වහලෙක්වත්... නෙමෙයි.. ඔහු වෘත්තීමය වශයෙන් නිර්මාල්ලට වඩා ඉහළ බුද්ධිමතෙක්... නමුත් දේශපාලනයෙදි අත දරුවෙක්....


(එහෙම කෙනෙක් සීරියස් ගැනීමම නිර්මාල්ගේ නොදැනුවත් කම වගේම... සමිලගෙ දක්ෂකම... ඒ කියන්නෙ සමිල රාජපක්ෂලා වෙනුවෙන් දැනන යමක් කලා කියලා නිර්මාල් හිතනවා)


ඔව්... ඔහු මීට පෙර රාජපක්ෂලා වෙනුවෙන් පෙනී සිටියා... රාජ්පක්ෂලා වෙනුවෙන් පෙනී සිටීම දැන් පාපයක් හා සාපයක් වෙලා තියෙනවා. 


ජැක්සන්ට වුනෙත්... ඉරාජ්ට වුනෙත්.... සමිලට වුනෙත් ඒක... නමුත්... නිර්මාල්ලගෙ පඩිය... ඕසෙට වැඩි කළෙත් රාජපක්ෂලාම තමයි..


එයාලා දේශපාලන හිඟන්නෝ නම්... ඉතිහාසය උගන්වන කෙනෙක් දේශපාලනය කිරීමත්... එක එකාට කඩේ යාමත්... සුපිරි හිඟන කමක්... 


මොකෝ මේ රට ආර්ථික වශයෙන් විනාශ කරපු යහපාලන ආන්ඩුව ගේන්න... නිර්මාල් ඕසෙට කඩේ ගිය කෙනෙක්... 


දැන් එයා අපිට කියනවා කඩේ යන්නේ රනිල්ටද අනුරටද කියලා තීරණය කරන්න කියලා.. 


එහෙම කියලා එයා හැටට හැටේ ජෙප්පන්ට කඩේ යනවා...


මට කියන්න තියෙන්නේ සමිලවත්... මහින්ද පතිරණවත්... නිර්මාල්වත් දේශපාලන හිඟන්නෝ නම් නෙමෙයි... කොලිෆයිඩ් වෘතිකයෝ...


හැබයි ජෙප්පන්ට කඩේ යන්න පටන් ගත්තයින් පස්සේ... නිර්මාල්ගේ අන්මත ඉවසීම... අදහස් ප්‍රකාෂ කිරීමේ අයිතිය මෙන්ම තොරතුරු දැණගැනීමේ අයිතිය හා ප්‍රශ්ණ කිරීමත් නොරුස්සන බවක් පේනවා...


ඉතින් සමිල මීට පස්සේ නිර්මාල් ප්‍රශ්ණ කිරීම ටිකක් පරෙස්සමින් කරන්න...


මොකද එයා දැන් මැයි 9 සිඳුවීම් සාධාරණීකරණය කරන...

ජනතාවට ව්‍යවස්ථාව උල්ලංගනය කළ හැක...කියන... ජේවීපී හිඟන්නෙක් නිසා...

.

31 comments:

  1. ඔවු ඔය කතාව ඇත්ත ජෙප්පන්ට රෙදි නැතුව කඩේ යන්න ගත්තම ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ළඟ ඉස්සර තිබුණ ඉවසිලිවන්ත විනයක් ඇතුව හැසිරිම සහ ශික්ෂණය නැතිවෙලා තනිකර මාලිමවේ වහල් බයි මැර මීහරක් වහල්ලුන් හැත්ත වගේ තග දාගෙන ප්‍රචණ්ඩත්වය පෙන්නන්න පටන් අරගෙන නේද?

    නිර්මාලත්වය තුල අස්ථාවර අස්ථිකරණයක් දක්නට ලැබෙන අතර අස්ථිකරණය ගැන නොදන්න අයට අලුත උපන් බිළිඳෙකුට සාමාන්‍ය වැඩිහිටියෙකුට වඩා අස්ථි ගානක් ඇත්තේ එයාලගෙ සමහර අස්ථි එකට එකතු වී නොමැති නිසා.. පුද්ගලයෙකු වර්ධනය වන විට,එයාලගෙ සමහර අස්ථි එකට ඒකාබද්ධ වෙනව. එහි ප්රතිඵලයක් වශයෙන් සම්පූර්න අස්ථි ගාන අඩු වෙනව. . මේ ක්‍රියාවලිය තමා අස්ථිකරණය ලෙස හදුන්වන්නෙ. තවද මේ වෙනස්වීම ළමා කාලය සහ නව යොවුන් විය දක්වාම සිදු වෙනව. පුද්ගලයෙකු වැඩිහිටිභාවයට පත්වෙන කොට එයාලගෙ අස්ථි බොහොමයක් එකට ඒකාබද්ධ වෙනව.මේ නිසා අලුත උපන් බිළිඳෙකුට සාපේක්ෂව අඩු අස්ථි සංඛ්යාවක් තමයි සාමාන්‍යෙ මනුස්සයෙක්ට තියෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්මකීර්ති කියන්නේ ආවොත් සෙන්ට් ගියොත් ඕඩීකොලොන් ජාතියේ පොරක්. යකෙකුටවත් බය නෑ. මෑන් ගාව මරනෙත් පදිරිවෙලා තියෙනව. ගහනව කිව්වොත් ගැහුවා. මරනව කිව්වොත් මැරුව. මීට පෙරත් ඒවගේ ගේම් ගහපු සුපිරි චරිතයක්. අනික් අටදෙනාම ගියත් නොමැරුනොත් මෙයා තනියම හරි ගේම් එක ප්ලේ කරනව. මීට පෙරත් 88/89 භීෂණ සමයේ රුසියාවේ ඉදං ඇන්ටනොව් ගුවන් නැවේ ලංකාවට ඇවිත් ඒ ගමන්ම තුන්දෙනෙක් එක්ක මාතර ගිහින් කැරලිකරුවන් පිරිසක් පස්සෙන් පන්නල බාවපු සුපිරි චරිතයක්.

      ඒ කාලේ ජේආර් ජනාධිපති. රනිල් වික්‍රමසිංහ කැබිනට් ඇමති. ජේආර්ගේ පුතා රවී තමයි ජනපති ඇතුළු ප්‍රභූ ආරක්ෂාව භාරව හිටියේ. එයා ඒකටනේ විශේෂ කාර්ය බලකාය හැදුවෙත්. ඉතින් ඔය කාලේ ජේවීපී ත්‍රස්තවාදය තදටම තියෙනවා. රජයේ දේපල මංකොල්ල කනවා, ගිනි තියනවා, මිනිස්සු මරනවා. එකම අවුලයි.

      ඔය කාලේ මාතර පැත්තේ ගමට ජේවීපී ටෙරාලා සංවිධානය වෙමින් ඉදලා ලොකු ප්‍රහාරයකට. ප්‍රාණ ඇපකරුවන් විදියට ඇමතිවරු දෙදෙනෙකුත් අල්ලා ගෙන. ඕක විසදා ගන්න එක ජේආර් භාර දීලා රවී ජයවර්ධනට සහ රනිල්ට. රනිල් ඒ වෙලේ හිටියේ බියගම බටලන්දේ.

      රනිල්ට එක පාරටම ඔලුවට ඇවිත් තියෙන්නේ මේකට සුදුස්සා නං අජිත් ධර්මකීර්ති කියලා. රනිල් ඒ වෙලේම මොස්කව් වල ශ්‍රී ලංකා තානාතිපති කාර්යාලට රහසිගත කේබල් පණිවිඩ දෙකක් යවලා. එකක් තානාතිපති කාර්යාලය හරහා අජිත් ධර්මකීර්තිට යවලා තියෙන්නේ. අනික එවකට රුසියාවේ ජනාධිපති ගොර්බවෙච්ට.

      රුසියන් ජනාධිපතිට ඉල්ලලා තියෙන්නේ රනිල්ට මේ වෙලේ ලංකාවට ගෙන්න ගන්න අවශ්‍යම කෙනෙක් ඉන්නවා, ඒ අජිත් ධර්මකීර්ති. ඔහුව ගෙන්වා දෙන්න කියලා. අජිත්ගේ පණිවිඩය ලබා දෙන්න අජිත් කොහෙද කියලා කෙජිබි එක දාලා හොයලත් හොයාගන්න බැරි වෙලා.

      පස්සේ බලද්දී අජිත් ඒ වෙලේ කේජිබි ලොක්කා ගැන ඔත්තු බල බලා ඉදලා තියෙන්නේ.

      ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි අජිත්ට පණිවිඩේ දීලා. අජිතුත් කම්මැලි කමේ ඉදලා තියෙන්නේ. ඒ නිසා එක පාරම කැමති වෙලා මාතර ඇවිත් ජේවීපී ටෙරාලා එක්ක සටන් කරන්න.

      රුසියන් ජනාධිපති විසින් රනිල්ගේ ඉල්ලීමට ඇති පදම් ඉන්ධන පුරවපු ඇන්ටනෝව් ගුවන්යානයක් ලබා දීලා අජිත්ට අමතර ඉන්ධන බැරලුත් එක්කම. ඒ පාර අජිත් සහයට තව ගුවන් නියමුව්ක් ඉල්ලාගෙන අජිත්ම යානය අරගෙන ඇවිත් කොග්ගලට.

      එතනින් යානය නවත්තවපු ගමන් පළාත් සභා පැජරෝවක් අරගෙන අජිත් කෙලින්ම ගියේ මාතරට. අජිත්ට තව සෙබළු තුන්දෙනෙක් රනිල් දීලා තිබ්බා.
      අජිත් ධර්මා මාතර ගිහින් ත්‍රස්තයන් බාවලා ඇමතිවරු බේරාගත්තා. අජිත්ට හිරීමක් වත් නැහැ. එක සෙබලෙක් නං එනගමන් ගහක මුලක කකුල පැටලවිල වැටිලා කකුල දෙරි ගහගෙන තිබ්බා. එච්චරයි.

      එකපාරක් තිහගොඩ අපේ කට්ටියක් ජේවීපී ත්‍රස්තයන්ට කොටුවෙලා පන පිටින් අල්ලගන්න කිට්ටුම වෙනකොට තුන්දෙනෙක් එක්ක ගේමට බැහැල ජේවීපී ටෙරාව නන්නත්තාර කරල පොකුරු පිටින් එලොව යවල ටැට්ටරේකුත් අල්ලල අපේ කොටුවුන ටීම් එකත් සීරීමක්වත් නැතුව බේරාගත්තු ජාත්‍යන්තර පොරක්.

      එයාට යුධ පුහුණුව ලබා දීමට රුසියාවෙ කෙජිබි බුද්ධි අංශයට යැව්වේ ඒ කාලේ රනිල් වික්‍රමසිංහ ඇමතිතුමාගේ උවමනාවට.

      ඊට පස්සේ ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශය, ඉන්දියාවේ රෝ ඔත්තු සේවය, බ්‍රිතානයේ බුද්ධි අංශ මගින් පුහුණුව ලබා දුන්නා.

      අජිත් ධර්මකීර්ති මහතා කොතරම් දක්ෂයෙක් දැයි කිවහොත් කොටි සංවිදානයේ ටොසි බුද්ධි අංශයෙනුත් පුහුණුව ලබා ගැනීමට ඔහු සමත් උන.
      බුද්ධි අංශ නායක කර්නල් සුසෙයිගේ අභ්‍යන්තර කවයේත් හිටියා. ඒ ආණ්ඩුවේ උවමනාවට.

      Delete
    2. 1) අජිත් ධර්මකීර්ති මහත්තයා රාජකීය විද්‍යාලයේ පන්ති නායක කම ගත්තේ හම්බුනේ නැති නිසා නෙමේ. උදේම ඇවිත් පන්තිය අතුගාන්න වෙන නිසා.

      2) අජිත්ගේ ඔලුවේ එක කොන්ඩේ ගහක් වත් නැහැ. මොකද අජිත්ගේ ඔලුවට උඩින් කොන්ඩේ වත් ඉන්නේ නෑ, බයට.

      3) එක පාරක් ඇෆ්ගන් යුධ බිමේදී අජිත් ධර්මාගේ මාරයාගේ ගෙදර දොරකඩට ගිහින් ආවා. ඊට පස්සේ අජිත් මාරයාගේ ගෙදර අල්ලා ගත්තා. දැන් මාරයාට ඉන්න තැනක් නැ.

      4) අජිත් කොච්චර අරක්කු බිව්වත් අජිත්ට වෙරි වෙන්නේ නැහැ. ඒ වෙනුවට බෝතලේ වෙරි වෙනවා.

      5) ටයිටනික් චිත්‍රපටියේ ජැක් ගේ චරිතෙට අජිත් ධර්මාකීර්ති තමයි කැමරන් තෝරා ගත්තේ. ඒත් රෝස් ලස්සන මදි කියලා අජිත් බෑ කිව්වා.

      6) කේජිබි එකේ ලොක්කා ගැන ඔත්තු බලන්න දාලා හිටියේ අජිත්ලු.

      7) ජේආර් ව්‍යවස්ථාව හැදුවෙත් අජිත් ධර්මාගේ උපදෙස් අරං

      8) අජිත් ඉපදෙනකොට අජිත් ලෑ තාත්තා ආච්චිගේ බඩේ. අජිත් තමයි තාත්තට නම දාලාත් තියෙන්නේ.

      9) මහින්ද මහත්තයා උඩු රවුල වවන්නේ අජිත් කිව්ව නිසාලු.

      10) අජිත් කොට නිසා ඉස්සර ඉස්කෝලේ බුලි වෙලා, ඒ නිසා අජිත් එයාගේ ළමයි අජිත්ට වඩා උසට හැදුවලු.

      11) අජිත් කවදාවත් අව්ව තපින්නේ නෑ. ඒ වෙනුවට අව්ව අජිත්ව තපිනවාලු.

      12) කොටි එක්ක යුද්දෙදි ඕමන්තෙයි ඉදිරි ආරක්ෂක වළල්ල කඩා ගන්න බැරුව හමුදාව මාස තුනක් විතර බලං ඉද්දි අජිත් ඇවිත් ඒක විනාඩියෙන් කඩලා දුන්නලු.

      13) අජිත් කෝච්චි පාරේ ඇවිදන් යනකොට කෝච්චි අයින් වෙලා යනවලු.

      14) අජිත් ධර්මා හුස්ම අරං එලියට දාන්නේ නැල්ලු. මොකද කාබන්ඩයොක්සයිඩ් හොද නැති නිසා. වෙනුවට අජිත් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගෙන ඔක්සිජන් එලියට දානවලු.

      15) අජිත්ගේ ඔළුවට උඩින් ඉර උනත් පායන්නේ නැල්ලු, බයට.

      Delete
  2. නිර්මාල් අංකල් "කන්සල්ට් අ සයිකැට්‍රිස්ට්" කියල අම්මගෙන් අහගෙන ආපහු හරියට ලියාගෙන එන්න බබා.

    මාතෘකාවට එමු.

    මෙතැන ප්‍රස්තූතය වෙලා තියෙන්නෙ චං ගාව දෙකට නැවෙන පීචං කෙබර පප්පෙක් ගැන. ඒ කෙබර ලියා හෙලුවෙන් කඩේ යන මීහරක් වහල්ලුන්ට රිදුනට උගේ හීනමාන ගතිය නිසා ඇතිවෙලා තියෙන දීන බයාදු නෝන්ජල් කම ගැන.
    අමෙරිකාවත් එක්ක වගේම ලෝකේ බලවත් රාජ්‍යනායකයො සමග වැඩකරනකොට රටේ අභිමානය කෙලෙසන, චංචුංල ගාව දෙකට නැවෙන කපුටු කාක්කාව මයිනාව නැත්නම් පොඩි මයිනාව පොඩ්ඩක් කොහෙන් හරි අරන් එවන්න බැරිවෙයිද දන්නෙ නෑ. හැබැයි photoshop edit නොකර, මොකද පීචං ජෙප්පො හොඳට photo editing වලට දක්ශයිකියල හිතං හිටියට ඒව එවල නාගන්න ජාතියක් නිසා.
    මීට පස්සෙ වත් අදහස් දක්වද්දි මාතෘකාවට අදාලව ලියන්න මොලේ පෑදේවා..😜

    ReplyDelete
  3. මර්තේලිස්ගේ කතාව කොහොම වුණත් ගැහැණුන් සහ පිරිමින් කෝපයට පත් වූ විට සිය ආවේගයන් පිට කරනා ආකාර වෙනස්. සාමාන්‍ය ලෝකයේ පිරිමි බොහෝ විට ශාරීරිකව කෝපය පිට කරගැනීමට උත්සාහ කරනවා. ඒ නිසා කෝපවූ විට පිරිමින් ගැටුම් ඇති කරගන්නවා.

    එමෙන්ම බොහෝ විට පිරිමින්ට ක්ෂනිකව සිය ආවේග පිට කරගැනීමට අවශ්‍යයි. ඒනිසාම
    ඔවුන් උත්තර හොයන්න උත්සාහ කරන්නේ අතින්, පයින්.සිරගෙවල් පිරිමින්ගෙන් පිරී යෑමේ, මනෝ විද්‍යාත්මක පසුබිම එයයි.

    කාන්තාවන් ඊට වෙනස්.

    ඔවුන් බොහෝ විට සිය ආවේගයන් පිට කරන්නේ වචන වලින්.වචන වලින් මිනිසුන් බිඳ දැමීමේ කලාව ඔවුන් හොඳින් ම දන්නවා.එමෙන්ම සිය ආවේග, කෝපය පසුවට භාවිතා කිරීම සඳහා තැන්පත් කර ආරක්ෂා කර තබා ගැනීමටත් ඔවුන්ට හැකියි.

    ඔවුන් ගේ බලවත්ම ආයුධය වචන.

    සිය සතුරාගේ ප්‍රතිරූපයට වචන වලින් පහර දී, එයට හානි කිරීමට ඔවුන් දක්ෂයි.

    මේක ස්ත්‍රිය සහ පුරුෂයා අතර පරිණාමිකව වර්ධනය වූ වෙනසක්.

    සමාජ සම්මතයට අනුව පිරිමියා ගේ ශාරීරික ප්‍රතික්‍රියා සමාජයට හානිකර වැඩියි.එම නිසා ඒවා පාලනයට බොහෝ නීති තියෙනවා.එමෙන්ම දිනපතා අලුත් නීති පවා සම්මත වෙනවා.

    එය කාන්තාවාදය සමග බැඳුනු ගෝලීය දේශපාලනික රැල්ලක් වෙලා.

    නමුත් වචන වලින් සිදු කෙරෙන හානි පිලිබඳව නීතිය ඉදිරියේ එතරම් තැකීමක් කෙරෙන්නේ නැහැ.ඒ සඳහා ඇති ක්ලැසික්ම උදාහරණය ගෘහස්ත හිංසනයට අදාලව පවතින නීතිය.

    විවාහයක, පවුලක ගෘහස්ත හිංසනය ඉහත දෙආකාරයටම සිදුවිය හැකියි.

    ශාරිරික හිංසා නිසා පීඩා විඳින කාන්තාවන් මෙන්ම, වචන, නෝක්කාඩු, චෝදනා නිසා ජීවිතය එපා වූ පිරිමි ත් ඉන්නවා.

    මානසික හිංසනය, ශාරිරීක හිංසනය තරම්ම, ඇතැම්විටෙක ඊටත් වඩා හානිකර විය හැකියි.

    නමුත් බොහෝ විට නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍යයෙන් වින්දිතයා යැයි සමාජ සම්මතය පවතින කාන්තාවන් උදෙසා පමණයි.

    ඒ නිසාම අසාධාරණයට ලක් වූ පිරිමිත් ඕනෑ තරම්.

    මෙහි අදහස කාන්තාවන් ආරක්ෂා කිරීමට නීතිය ක්‍රියාත්මක නොවිය යුතුය යන්න නොවෙයි.

    වින්දිත පිරිමින් ද සිටිය හැකි බව පමණයි.

    ජොනි ඩෙප් වැනි ඇමෙරිකාවේ බලවත්ම සහ ජනප්‍රියම රංගන ශිල්පියෙක් ඒ ඉරණමට මුහුණ දුන් බව ලොවම දන්නවා.

    ශිකර් ධාවන් වැනි ඉන්දියාවේ ජනප්‍රියම සහ ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයෙකු එලෙස ගෘහස්ත මානසික හිංසනයට ගොඳුරු වූනා.

    ප්‍රවෘත්ති පළ නොවුනත් එවැනි තවත් පිරිමි ඕනෑ තරම් ඇති.

    මේ දිනවල කතාබහට ලක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ මන්ත්‍රීවරයෙකු අතර ගැටුමේ දී ක්‍රියාත්මක වුනෙත් මේ මනෝභාවයමයි.

    වීඩියෝ දර්ශන අනුව ගැටුම ඇති කරගන්නේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය විසින්.

    ප්‍රථමයෙන් බැන වදින්නේත්, පහර දීමට උත්සාහ කරන්නේත් ඇයමයි.

    නමුත් මුලින්ම අත ඉස්සෙන්නේ මන්ත්‍රීවරයාගෙන්.

    මන්ත්‍රීවරිය රෝහල් ගත වෙනවා.

    ඉන්පසු සුපුරුදු පරිදි කාන්තා හිංසනය පිළිබඳ කතාව එළියට එනවා.

    එහිදී, අදාල මන්ත්‍රීවරයාගේ අත එසවීමට පෙර මන්ත්‍රීවරියගේ හැසිරීම සමාජය විසින් නොසලකා හරිනවා.

    එය හරියට කාන්තාවකගේ එවැනි වාචික ප්‍රහාර, උසිගැන්වීම් නොසලකා හැරිය යුතු වගේ ආකල්පයක්.

    මන්ත්‍රීවරිය විසින් හිතාමතාම ඔහු කෝප ගැන්වීමත්, ගැටුමක් නිර්මාණය කිරීමත් අහෝසි වී, මන්ත්‍රීවරයාගේ හැසිරීම පමණක් ඉස්මතු වෙනවා.

    එහිදී මන්ත්‍රීවරයාගේ ප්‍රතිචාරය අශිෂ්ඨයි. එහි කිසිදු තර්කයක් නැහැ.

    ඔහු ගේ හැසිරීම උත්තරීතර යැයි කියනා පාර්ලිමේන්තුවට තබා, වෙනත් කුමන ස්ථානයකට හෝ ගැලපෙන්නෙ නැහැ.

    රටක ජනතාවගේ අනාගතයට වගකිව යුතු උත්තරීතර සභාවක් නියෝජනය කිරීමට මේ දෙදෙනාම නුසුදුස්සන් බව අමුතුවෙන් කීමට අවශ්‍යත් නැහැ.

    නිසැකවම ඔහුට එරෙහිව සෑම අයුරකින්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

    නමුත් එහිදී අදාල මන්ත්‍රීවරියත් නිදොස් කොට නිදහස් කළ නොහැකියි.

    ඇය වින්දිතයෙක් පමණක් නොවෙයි. ඇයත් පීඩකයෙක්.

    ගැටුම නිර්මාණය කළේ ඇය.

    නීතිය ක්‍රියාත්මක වීමේදි මේ දෙපාර්ශවයටම සම සේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

    අප නිරතුරුවම ප්‍රාර්ථනා කරනා සර්ව සාධාරණ, යුක්ති සහගත සමාජය නිර්මාණය කළ හැක්කේ එවිටයි.

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 11.08

      ඔය කියන යස්සනියො තමයි ලෝකෙ යථාර්ථවාදීව පවත්ව ගන්නෙ 🤪 ආ කෙල්ලො ඔක්කොම කාගෙ හරි කතාවක අරුණිලා වගෙ අහිම්සකවෙලා ඉන්නකොට උන්ම තමයි අරුණිලව යස්සනියෝ කරවන්නෙ. ඊටපස්සෙ ඉතින් යස්සනියොම තමා 😏😂
      පොඩ්ඩක් හොයලා බලනෝකො සාහිත්‍ය විචාරකයෙක් හැටියට මාතලන්ලගෙ වගකීම ඒ ගැන සොයා බලා අපව දැනුවත් කිරීම

      Delete
  4. නිර්මාල්ගේ හංස ගීතය ගැන කියන කොට නිර්මාල්ගේ හාම්පුතා ගැනත් ලියන්න ඕන පහුගිය කාලෙ යුද්ධ ඔක්කොගෙන්ම නිර්මාල්ලගේ හාම්පුතු ඇමරීකාව හත්පොලේ ගාගත්ත ..ඇමරීකාවෙ ආධිපත්‍ය යට ගිහින් චීනය ,ඉන්දියාව ,රුසියාව ඉස්සරහට එන්න ඒ ඇමරිකානු ගොන් තීරණ තමයි බලපෑවෙ..ඊශ්‍රායල් යුද්ධය නිසා ඇමරකාවෙ මිලිටරි හැකියාව එතනත් දියවුනාම ඉබේම චීනය ආයුධ අතින් ඉස්සරහට ඒවි

    ReplyDelete
  5. මම මේ කමෙන්ට් එක දාන්නේ නිදී සහ දුමී වෙනුවෙන්මයි

    එයාලගේ කවි දැකලා මාත් නිසඳැස් කවියක් ලියන්න ඕන කියල හිතුන මෙන්න බඩු

    💥🗣

    බාහිර
    අසමතුලිත
    බලයක්
    නොයෙදෙන
    තාක්
    කල්
    එම
    වස්තුව
    නිශ්චලතාවයේ
    හෝ
    ඒකාකාර
    ප්‍රවේගයෙන්
    චලනය
    වෙමින්
    පවතී

    #පහලටලියනකවිනම්ඊසිබබා
    #පොතක්ගහන්නඕනෙ

    ReplyDelete
  6. මාතේ නිර්මාල්ලා වගේ උන් රටට සත්‍ය වශයෙන්ම සත පහකට වැඩකට නැති බහුබූත වෙනුවෙන් කාලය නාස්ති කරන උන්, ඒ වගේ උන් ගැන කියන කාලයත් අපරාදේ, ඕකුන් කරපු එක ලබ්බක් තියෙන වද? නිකම් සටන්පාඨ හදාගෙන තමන්ට විදේශ විනිමය එකතු කර ගන්නවා විතරයි රටට හානියක් වෙනවා විතරනේ

    දැන් බලපන් 2014/15 කාලේ අධ්‍යාපනයට 6% කියලා අන්තිමට ඒකත් නෑ බොරුවට විගඩම් නටලා රටේ රජයේ වියදම් තවවැඩි කලා විතරයි කිසිම ආකාරයක ප්‍රතිලාභයක් නෑනේ ඒවගේ යහපාලන ආණ්ඩුව කාලේ දේවසිරි කරපු බහුබූත වලින් වෙච්ච එක හොඳ දෙයක් කියපන්? මුකුත් නෑනේ

    මම නම් කාලය වැයකරන්නේ හරවත් මට සහ රටට වැඩක් ඇති දේවල් වලට විතරයි මගේ දැනට කරමින් පවතින ව්‍යාපෘතිය දැනට අක්කරයක විතර නිෂ්පාදනයක හිමිකරුවෙක් කවදා කොහොමහරි ලංකාවට ආ විට වර්ග අඩි 4000ක පොලි ටනල් දෙකන් පටන් ගන්න ප්‍රාග්ධනය ඉතුරු කරමින් යනවා මට ඩුබායි වල හම්බ කරාට රටේ,ඔෆීස්,වල පුටු රත්කරනවාට ලැබෙන රජයෙන් විශ්‍රාම වැටුපක් ගෙවන්නේ නැති නිසා මගේ ජීවිතයෙි සැදෑ සමය කෘෂිකාර්මික අංශයෙන් වෙහෙස නැතුව මොඩර්න්,ෆාම් ක්‍රමයට උපයන්න සැලසුම හසාගෙන ඉවරයි.

    මෙහෙමයි කාබනික පෝර කතාවෙන් ගෝඨට නම්,කෙලවුනේ නෑ හැබැයි ලංකාවට පෝර කෘෂිරසායන ගෙන්වන මහාරාජා ගෲප් එක ඇතුලු බහුජාතික සමාගම්වල ලණු ගිලලා මීඩියාවලින් ගොතපු කෙබර වලට රැවටිලා කොහෙන් හරි ලාභෙට කන්න ගෙනැත් කුසට පුවරවනකල් බලාගෙන ඉන්න නන්නත්තාර වෙච්ච කොටසක් නම් කෙලවුනා කියලා හිතනවා හැබැයි කෙලවුනේදිගුකාලීනව බැලුවොත් රටට. ඒ,කියන්නේ තමන්ගේ දරුවන්ගේ පරම්පරාවට

    ReplyDelete
  7. @ ඇනෝ

    තායිලන්තයට පසු වැඩි වටිනාකමකින් යුතු කාබනික වගාවකට ඉඩක් සහ පරිසරයක් ජෛව පද්ධතියක් සහ ජලවහනයක් තිබෙන සහ ප්‍රායෝගික පොහොර සංඝටක සහිත රටක්,ලෙස අප ඉන්න තැන වර්ථමානයේ අපි හදුනාගෙන නෑ.

    රටෙන් 75 %කට වඩා ආවරණය ස්භාවික පරිසරය නිර්මාණය කරන ලද ආරීය ජලවහන පදිධතියක්.

    මිනිස් ශ්‍රමයෙන් නිර්මාණය කරන ලද මහාපරිමාන වාර් කර්මාන්ත සහ ලොකු කුඩා වැව් 30000 කින් සමන්විත පොළවක් අපට තිබෙනවා.

    වගාවට අවශ්‍ය නයිට්‍රජන් පොස්පරස් පොටෑසියම් මේ,පොලව උඩ සපයා ගන්න ඇති තරම් ස්භාවිකව තිබෙනවා..

    නයිට්‍රජන්,ලබා ගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස ජපන්ජබර වැටමාර වැනි ශාඛ සිය ගනන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශිත සෑම අමුදව්‍යයක්ම ඉබේ වැවෙනවා ලැබෙනවා.🙏

    ලෝකයේ හොදම පොස්පේට් නිධිය ලෙස එප්පාවල රොක්,පොස්පේට් අපට තියනවා.🙏

    දවසකට එලියට විසිකරන කෙසෙල් ලෙලි කිලෝ,දහස්,ගානක අවශ්‍ය පොස්පරස් තිබෙනවා.🙏

    කාබනික වගාවට අවශ්‍ය පොහොර ලෙස ගොම එළු කුකුල් අපද්‍රව්‍ය රටේ තිබෙනවා.🙏

    අවශ්‍ය නම් ලෝකයේ දැනට කාබනික වගාවේ කළු රත්තරං ලෙස සලකන ගැඩවිල් පොහොර සදහා අවශ්‍ය පණුවන් බිලියන ගානක් සහ එකී තාක්ෂණය මහපොළවේ තිබෙනවා.🙏

    ඊලග දශක 03 ඇතුලේ ලොව ආහාර ඉල්ලුමෙන් 30%කට වඩා කොටසක් දියුණු කියන රටවල් වලින් ඉහළ ඉල්ලුමකට ජනිත වෙන්න නියමිතයි.

    මාසයකට සමස්ථ අපනයනයෙන් ඩොලර්,බිලියනයක් උපයන්න ලංකාව පොරකන විට තායිලන්තය ලෝකයට මාසයකට ඩොලර්,බිලියන 03ක කාබනික නිෂ්පාදන අපනයනයට සැලසුම් හදනවා ‼️

    ඒ ආශ්‍රිත සංචාරක කර්මාන්තයෙන් තවත්,ඩොලර් බිලියන 03ක් උපයන්න සැළසුම හදනවා.‼️

    තායිලන්තය දැන් කාබනික සහල් (Organic Rice ) මගින් සාමාන්‍ය සහල්,කිලෝ පහක් රට යවලා උපයන මුදල එක කාබනික සහල් කිලෝවක්,අපනයනයෙන් උපයනවා.‼️

    අපි වී වගාවට අවශ්‍ය රසායනික පොහොර ගන්නත් එක්ක

    IMF එකෙන් ඩොලර් මිලියන 330 ක ණය වාරිකයක් ගන්න සැලසුම් හැදුවා 😀😀

    ලංකාවේ පෞද්ගලික අංශය ප්‍රවර්ධනය කරලා රජය නියාමනය කරලා විදේශීය වෙලදපළ හොයලා දෙන්න පුළුවන් වුනා නම් අපට අවම වසරකට මේ තත්වයෙන් ඉදලත් වසරකට දැනටමත් ඩොලර්,බිලියනයකට ආසන්න වෙලදපලක් නිර්මාණය කරගන්න පුළුවන්,වෙනවා.‼️

    අපි තවමත් නිධානයක් උඩ ඉදගෙන හිගා කන්න පුරුදු වෙලා ඉන්නවා.😪

    එහෙම නැත්නම් වස ගහලා හරි වවලා වැඩි මිළට විකුණාගෙන ගේමක් ගහන්න පුළුවන්ද හිතනවා.

    නැත්නම් මහපොළව එක්ක සටන් කරන ගෙවියා හැමදාම හිගන්නා කියමින් අළුත් සංකල්ප මහ පොළවේම වලලලා රටෙන් ගෙනැත් තුන්වේල පුරවනකල් බලා ඉන්නවා.

    අපේ,රටේ බහුතරයක් කෘෂිකාර්මිකයි.

    රටේ ජනතාවගෙන් බහුතරයක්,ගොවියන්ගේ දරු පරම්පරාවල්.

    ඒ පරම්පරාවලින් බහුතරයක් නිදහස් අධ්‍යාපනය ලබා තිබෙනවා.

    නමුත් තමන්ගේ,ජාන උරුමය වන කෘෂිකර්මයට අළුත් සංකල්ප එකතු,කරන්නම ගොවියන්ගේම දරුවන් ඉගන ගත්තා කියන අළුත්,පරම්පරා කොටත් වලට බැරිවෙලා තිබෙනවා.

    ReplyDelete
  8. මාතලන් ඇත්තටම ලංකාවේ මේ ආර්ථික අර්බුදය එන්න ප්‍රධාන හේතුව වුණේ ඔය දේවසිරි ලොක්කලාත් උඩ පැනලා දඟලලා 2015 සිදුකල යහපාලන ආණ්ඩු වෙනසින් ශ්‍රී ලංකාව රටක් විදියට අද ඉන්න තැනට වැටුණේ 2015 ජනාධිපතිවරණයෙන්! නමුත් ඒකෙදී ඊට පෙර බලයේ හිටපු රාජපක්ෂ පවුලටත් වරද පැටවෙන්න ඕනේ උන් ඒ කාලේ රට හරියට ආදර්ශමත්ව පාලනය කලානම් සහ නිසි බුද්ධිය ඇති දක්ෂ මිනිස්සුන් අදාල තනතුරුවලට පත්කරගෙන හරිහමන් විදේශ ප්‍රතිපත්තියක් ඇතුව එක්සත් ජනපදය ඉන්දියාව සහ චීනය ගානට බැලන්ස් එකේ තියාගෙන රට හරියට පාලනය කලානම් සහ රාජපක්ෂ පවුලේ මෝඩපුතුන් පිස්සු නොකෙළ පැත්තකට වෙලා හිටියනම් සහ මහින්ද රාජපක්ෂගෙන් පස්සේ පවුලේ අය වෙනුවට වෙනත් නායකත්වයක් ඇතිකළානම් නැත්නම් රනිල්ට අගමැතිකම ලබාදී ජාතික ආණ්ඩුවක් හදාගෙන බැලන්ස් එකේ රට හරියට පාලනය කර ගෙන ගියානම් මේ ප්‍රශ්න මෙහෙම වෙන්න තියෙන ඉඩකඩ සෑහෙන අඩුයි එහෙම නම් රට මේවෙන කොට වෙනනමම ලෙවෙල් එකකට සංවර්ධනය කරගන්න තිබුණා.

    ReplyDelete
  9. මගේ FB එකේ කෙනෙක් හිටියා. එක්කෝ පොරට උණ. එක්කෝ වෙන ලෙඩක්. එක්කෝ අතක් කැඩිලා. එක්කෝ පඩි පරක්කු වෙලා. එක්කෝ බස් එකක් මිස් වෙලා. අඩුම ගානේ සතියකට සැරයක් මොකක් හරි ලෙඩක්. මොන එකක්ද මන්දා හැමදාම FB ආවොත් පොරව පේනවා මට. ඒවා කියැවුනාම මටත් හරි අවුල් ගතියක්. මට මේක දැනෙන්න ගත්තාට පස්සේ මං එයාව Unfollow කලා.

    දවසක් දෙකක් යද්දි මට කියන්න බැරි විදියේ අමුත්තක් දැනුනා. මං ඊට පස්සේ ගිහින් Psychology Group එක, නීති උපදෙස්, ප්‍රේම සම්බන්ධතා මොකක්ද එක වගේ ප්‍රශ්න තියෙන ගෲප් ඔක්කොම Unfollow කරලා දැම්මා. දවස් කීපයක් යද්දි මට අමුතු සැහැල්ලු ගතියක් ආවා. ඊට පස්සේ මට පේන, මං අකමැති හැම දේම මං Unfollow කලා. ඊට පස්සේ දැන් අමුතු සැහැල්ලුවක් හැම වෙලාවේම තියෙනවා.

    මේක ගැන ටිකක් හොයලා බැලුවාම තේරුම් ගත්තේ, Unconsciously අපි දකින නෙගටිව් දේවල් අපි ඔළුවේ තියාගන්නවා. ඒ Negative දේවල් අපේ හිතන විදියට Affect වෙනවා. සරළව, හිතට බරක් වෙනවා. අපි දන්නේම නැතිව. සමහර ඒවා දැක්කාම බැනලා බැනලා කොමන්ට් කරන්න හිතෙනවා. සරළව අදාලම නැතිව තරහා ගන්නවා අපි.
    හරියට අපිට ඕන නැති දේවල් ගොඩක් අපිට ඕන දේවල් අස්සේ දැම්මා වගේ. සමහර ව්‍යංජන තියෙනවා ඒවා ගෑවුනත් ඇති, කෑම එකම එන්නේ ඒකේ රස. (කරවල හොදි, මුරුංගා, බොම්බෙලි, කළු සම්බෝල) ඒ නිසා අපි එහෙම ඒවාට ආසා නැති නම් බෙදාගන්නේ නෑ.
    අන්න ඒ වගේ අපි අපේ ඔළුවට යන දේවල් ෆිල්ටර් කරන්න ඕන. Avoid කරන්න ඕන. Funny Video වෙන්න පුළුවන්, දේශපාලනය වෙන්න පුළුවන්, Science වෙන්න පුළුවන් ඒවා විතරක් Follow කරන්න. හිත හැම වෙලාවේම සැහැල්ලු වෙයි.
    Real Life Experience

    ඒ නිසා ඔය වගේම හැමදාම නෙගටීව් දේවල්ම කියන අමන චින්තනය වැළඳගෙන ඉන්න මාලිමා ජවිපෙ සජබ පොහොට්ටු ඔය හැම දේශපාලන පක්ෂ වලටම කඩේ යන ඔය දේවසිරි නාකි හොල්මන වගේ මෙලෝරහක් නැති අපත ගෝතකරුම අන්ෆොලෝ කරල දැම්ම නම් ඉවරයි නේද? මම නම් ඔය දේවසිරී ගැන දැනගන්නෙත් මොකෙක් හරි මේවගේ ඌව බයිට් එකට ගන්නවා දැක්කොත් තමයි

    ReplyDelete
  10. ඔය නිර්මාල් රංජිත් දේවසිරිලා වගේ මහපොළවේ සැබෑ තත්ත්වය නොදන්න මනෝරාජික ගොබ්බ පොතේගුරාලා කිසිම ආකාරයක සමාජ ආර්ථික දේශපාලන කාරණා ගැන ගෝලීය භූ දේශපාලනික බලපෑම් ගැනවත් හරිහමන් අවබෝධයක් නැතුව ඔහොම වාචාල කතා කියවනවා සරලවම කිසි අවබෝධයක් නැතුව ඔහේ කියවනවා.

    ඔතන තියෙන්නෙ උපාධියේ ප්‍රශ්නයක් නෙවෙයි. Private sector එක තුල ප්‍රායෝගික තාක්ෂණික දැනුමක් අවශ්‍ය වන ක්ෂේත්‍ර වල අයට ඒ අයගේ උපාධියට හොද වැටුපක් ලැබෙන රැකියා තියනවා. මෙතන තිබුනෙ තාවකාලික පදනම මත බදවා ගැනීමක්. හැම රජයෙන්ම කරන්නෙ ලංකාව ඇතුලෙ විශ්වවිද්‍යාල වලට තාවකාලික පදනම යටතේ බදවාගෙන ලබාදෙන වැටුපට වඩා දහස් ගුනයක වැඩ කරව ගන්න එක. ඒක ශ්‍රමය සූරා කෑමක්. උපාධියෙවත් උපධිධාරියගෙවත් ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නෙ. රජයේ ප්‍රමුඛතාවයන්ගේ හා ප්‍රතිපත්ති වල ගැටලුවක්. මේ විදියට ගියාම ඉස්සරහට ඒ වගෙ තාවකාලික රැකියාවලට උපධීධාරීන් එන්නෙ නැති උනාම කඩා වැටෙන්නෙ රාජ්‍ය විශ්වවිද්‍යාල.කෙටියෙන්ම නිර්මාල් රංජිත් දන්න මගුල කියලයි කියවෙන්නේ

    උදාහරණවිදිහට, ලංකාවේ වඩු බාස් කෙනෙක්,මෙසන් බාස් කෙනෙක් ඩොක්ටර් කෙනෙකුට වඩා මාසික ආදායමක් ගන්නවා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් මුදල් කළමනාකරණය අතින් දුර්වලයි, ඒ නිසා කොච්චර සල්ලි හෙවුවත් ලොකු දියුණුවක් නෑ... මේ ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය motor mechanic/ Auto electronics expert කෙනෙකුට ගෙවන පඩිය වැඩියි ගොඩක්ම physicians doctor කෙනෙකුට ගෙවන පඩියට වඩා, වෙළඳපල මිල තීරණය වන්නේ ඉල්ලුම සහ සැපයුම මත, උපාධියක් ගත්ත රාජ්‍ය සේවකයෙකුට 40,000 වැටුපක් ලැබෙද්දී, ඊට වඩා වැඩි ආදායම් ලබන රැකියා ඕන තරම් තියෙනවා, කොත්තු බාස්ලා ලක්ෂ දෙකහමාර තුන හොයනවා කොළඹ සාමාන්‍ය නයිට් කඩවල ඒකට හේතුව එම රැකියා කරන්න අවශ්‍ය කරන skill එක තියෙන පුද්ගලයන් අඩුයි එනිසා ඉල්ලුම වැඩියි පඩිත් වැඩියි ඒකේ ඇරියස් එකයි ඔතන තියෙන්නේ

    ReplyDelete
  11. BOI අනුමැතිය ලත් ඔස්ට්‍රේලියානු Autogroup International සමාගම, අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකාවේ තවත් කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට සැරසෙයි

    වැඩි විස්තර - https://tinyurl.com/pnxebuee

    ReplyDelete
  12. මේවන විට එක්සත් ජනපදය සහ බටහිර යුරෝපීය රටවලට මුහුණදීමට සිදුව ඇති බරපතල 2023 ආර්ථික අර්බුදය නිසාම Google, Amazon, Apple ඇතුළු ලෝකයේ ගොඩක් තාක්ෂණික සමාගම් තම නව බඳවාගැනීම් සම්පුර්ණයෙන්ම නවත්තලා සිටින සේවකයන්වත් දැවැන්ත සේවකයන් පිරිසක් සේවයෙන් කප්පාදුවක් සිදු කරමින් ඉන්නවා. Startups වල තත්වයත් එහෙමමයි. ගෝලීය උද්ධමනය ඉහල යාම සහ දැනට පවතින භූ දේශපාලනික තත්වයන් නිසා ආදායම් අහිමි වීම ඊට හේතුවයි. ඒ නිසා අලුතෙන් Startups වලට එකතු වීමට මේ එතරම් හොඳ කාලයක් නොවෙන නමුත් අලුත්ම අදහස් සහිත තාක්ෂණය හා බැඳුනු Startups සහ විශේෂයෙන්ම චීනය භාරතය ආසියාකරය දකුණු ඇමෙරිකාව සහ අප්‍රිකා කලාපයේ රටවල්වල වෙළඳපොල ඉලක්ක කරගෙන ආරම්භ කිරීමට මේ ඉතාම හොඳ කාලයක් බවයි ගෝලීය ආර්ථික විශේෂඥයෝ පවසන්නේ.

    ReplyDelete
  13. යකෝ රංජි දේවසිරි පිනාචාරියා වගේ ජෝකර් කෙනෙකුට වඩා පිටකොටුවේ නාටාමිලාට ලෝකය ගැන දැනුමක් සහ කතා කරන කොට හැදියාවක් දකින්න ලැබෙනව මතකද පිටකොටුවේ කෝට් ගහපු නාටාමි ලොක්කා ලංකාවෙ MGR❤️ මමත් දැකලා තියෙනවා කොටුවෙදි.. මුලින් දැක්කම මටත් අමුතු හිතුනා.. ඒ මනුස්සයා සතුටින් හිනාවෙලා හැමොටම කතා කරනවා වැදගත් වදන් ටිකක් කටින් පිටවුනා. මහත්තයා හොදට හිතල බලන්න අපි බෝනික්කො වගේ,, නුලකින් නටවනව, කොහෙදි ඒක කඩල දායිද දන්නැ,, නිල බල, යාන වාහන, ඉඩකඩම් මුදල් මේ හැම දෙයක්ම දාල යන්න ඕන එ් නුල කඩල දාපු දවසට....""""🙏🙏🙏🙏💖💖💖💖පොර එක්ක කතා කරල බැලුවම පුස්තකාලක් වගේ දැනුමක්. මම කතා කරල තියෙනවා.

    අනික කරන ජොබ් එක ආදරෙන් ගවුරවයෙන් කරන කාටත් වරදින්නෑ ❤ ඔහු කොළඹ දහඩිය මහන්සියෙන්.. රටට බරක් නොවි බර අදින නාටාමි මහත්මයෙක්.. ❤️අද්දැකීම් මතින් බුද්ධිය සංවර්ධනය වුනාම වචන එන්නේ සහජයෙන්.. 🫡

    කරන රක්ශාවෙන් ජීවිතය උපරිමයෙන් විදින මිනිස්සු ❤ ඒ වචන ටික උගත් පොසත් බුද්දිමත් කියාගන්නා ඔය රංජිත් දේවසිරියා වගේ ජෝකර්ලගෙන් කවදාවත් අහන්න බැරී වටිනා වචන ටිකක් 💝 (ගහගෙන ජීවත් වෙන කාල නෙවෙයි බදාගෙන ජීවත් වෙන කාලේ) ඒ වචන ටික 😊

    ReplyDelete
    Replies
    1. 😀😃😅🤣😂

      අඩෝ මේක පට්ට.. 🤣

      යකෝ මාතේ මෙන්න මේක නිර්මාල් ගොයියට පෙන්නපන් බුකියේ උගේ වෝල් එකේ දැම්මොත් ඕකා පුප හපාගෙන මැරෙයි යකෝ 🤣

      වහ කනව නේ 🤣

      Delete
  14. මාතා,

    මාතා මොකෝ මේ නිව්ස් එක ගැන හිතන්නේ?

    /// ශ්‍රී ලංකාවේ කලක් කුප්‍රකට ගෝල්ඩන් කී මූල්‍ය වංචාව සිදුකර බවට චෝදනා එල්ලවූ සහ පසුගිය දූෂිත රාජපක්ෂ රෙජීමය සමග එක්ව ජනතාව මිලියන ගණනක් රවටා මහජන මුදල් රුපියල් ට්‍රිලියන බිලියන ගණනක අතිවිශාල වංචා ගණනාවක් සිදුකල බවට චෝදනා එල්ල වී සිටි කලක් සෙලින්කෝ සමූහ ව්‍යාපාරය ද මෙහෙයවූ කෝටිපති ව්‍යාපාරික ලලිත් කොතලාවල නමැත්තාගේ ⁣(85) මරණයට හේතුව කිසිවකු නොමැතිව තනිව වාසය කරද්දී සිරුර දුර්වලවී කලක් තිස්සේ අවශ්‍ය මූලික ආහාර ද්‍රව්‍ය නොලැබීමෙන් දැඩිලෙස දුබල වූ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසා සෙම නරක් වී නිව්මෝනියා තත්ත්වය දැඩිලෙස උත්සන්න වීමෙන් සිදු වූවක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.

    විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී වෛද්‍ය ඩබ්.ආර්.ඒ.එස්.රාජපක්ෂ මහතා ඇතුළු අධිකරණ වෛද්‍ය නිළධාරීවරුන් තිදෙනකු ඇතුළු කණ්ඩායමක් විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයේ දී (23) දා පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇති බව පොලිසිය කියයි .

    මෙම කුප්‍රකට ව්‍යාපාරික ලලිත් කොතලාවල නමැත්තාගේ මරණය සැක සහිත බවට පවුලේ ළඟම ඥාතියකු බම්බලපිටිය පොලීසියට කර තිබූ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමග පොලීසියට කළ නියෝගයකට අනුව මෙම පශ්චාත් මරණ පරීක්ෂණය ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් හරහා මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරිණි.

    ඒ අනුව කොතලාවල නමැත්තාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පැය 3 කට ආසන්න කාලයක් පැවැති අතර එහිදී නිකුත් කළ වෛද්‍ය වාර්තාවට අනුව ලලිත් කොතලාවල නමැත්තාගේ මරණය සෙම නරක් වීමෙන් ඇතිවූ නිව්මෝනියා තත්ත්වය මරණයට හේතුව බවට නිගමනය වීය.

    පසුව දේහය කොතලාවල නමැත්තාගේ ළඟම ඥාතීන්ට භාරදීමට පොලිසිය පියවර ගෙන තිබේ. බම්බලපිටිය පොලීසියේ පොලිස් සැරයන් විමලරත්න මහතා (8764) මෙහිදී පරීක්ෂණ මෙහෙයවීය.

    මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

    – ADA////

    ReplyDelete
  15. ටෙස්ලා විදුලි මොටෝ රියක් හමාස් ප්‍රහාරයකින් ඊශ්‍රායල ජාතිකයෙකු බේරාගන්නට සමත් වෙලා, ඒ
    පිටුපසින් ලුහුබැඳ එන හමාස් වෙඩික්කරුවන්ගේ ප්‍රහාරවලට මුහුණ දෙමින් වුවත් සිය ටෙස්ලා රථය ආරක්ෂාකාරී ව ධාවනය කරමින් රෝහල් ගත වීමට සමත් වූ ඊශ්‍රායල ජාතිකයෙකු පිළිබඳ සිද්ධියක් මේ වන විට X වැනි සමාජ මාධ්‍ය ජාලයන්ගේ ජනප්‍රියත්වයට පත් ව තිබෙනවා. සිද්ධිය මුලින් ම පළ කර තිබුණේ Freedom Partyහි ප්‍රධානී Gilad Alper විසින්. “මේ හමාස් වෙත මුහුණ දීමට සිදු වූ මුල් ම ඊශ්‍රායල ජාතිකයන්ගෙන් අයෙකු බේරා ගත් ටෙස්ලා රථයේ අසිරිමත් කතාන්තරයයි.” ඔහු සිය X පණිවුඩයේ සඳහන් කර තිබුණා. ටෙස්ලා නිර්මාතෘ මෙන් ම X සමාගමේ ද හිමිකරු වන ඊලොන් මස්ක් එයට ප්‍රතිචාර දක්වමින් “ඔහුට එය සිදු කිරීමට හැකි වීම ගැන ස්තුතිවන්ත වනවා” යනුවෙන් සඳහන් කර තිබුණා.

    මෙම සිදු වීමට මුහුණ දුන් පුද්ගලයා වාසය කර ඇත්තේ ඊශ්‍රායලයේ දකුණට වන්නට පිහිටි Kibbutz Mefalsim නම් ප්‍රදේශයේ යි. එම ප්‍රදේශයේ හදිසි භට කණ්ඩායමට ඇතුළත් ව සිටි ඔහු ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සංවිධානයේ අනපේක්ෂිත ප්‍රහාරයත් සමගින් හැකි ඉක්මනින් සේවයට වාර්තා කර තිබුණා. ඒ වන විටත් ඔහු දැක තිබූ හමාස් ත්‍රස්ථයන් සිය මෝටර් රථය විදුලියෙන් ධාවනය වන්නක් බව වටහාගැනීමට අපොහොසත් ව සාමාන්‍ය වාහනයක එන්ජිම පිහිටන ඉදිරිපස කොටස ඉලක්ක කරමින් වෙඩි තැබූ බව ඔහු සඳහන් කර සිටියා. එසේ ම ඉන්ධන ටැංකිය පුපුරුවා හැරීමේ අපේක්ෂාවෙන් ඔවුන් රථයේ පිටුපසටත් ප්‍රහාර එල්ල කර තිබුණා.

    “ඔවුන් රෝදවලට වෙඩි තැබුවත්,. ඒ මොහොතේ දී පවා ටෙස්ලා රථය පවත්වාගත් ත්වරණය පුදුම සහගතයි. මම ඉක්මනට ම ඔවුන්ගෙන් ඈතට ඇවිත් තිබුණා. ඒත් මට තේරුම් ගියා පුළුවන් තරම් ඉක්මනට රෝහලකට යා යුතු බව. පැයට සැතපුම් 112ක වේගයකින් හුළං බැහැපු රෝදත් සහිතව වාහනය ධාවනය කරන්න මට සිද්ධ වුණා.” රෝහල්ගත ව ප්‍රතිකාර ලබන ඔහු සඳහන් කර තිබුණා.

    ඔහුගේ පාදවලට සහ අතට වෙඩි වැදී තිබූ අතර හිස් කබලට ද උණ්ඩ කැබැල්ලක් වැදී තිබුණා. “නමුත් මගේ ඔළුව වැඩ කළා. ලොකු ධෛර්යකින් මාර්ගය මත ම රෝහල දක්වා යන්නට හැකියාව මට ලැබුණා. මෝටර් රථය දිගට ම ධාවනයේ යෙදුණා. එහි බැටරිය රත් වුණේ නැහැ. නමුත් ඒක ලොකු හානියක් අත්වින්දා. උණ්ඩයක් නොවැදිච්ච තැනක් හොයාගන්න නැති තරම්. ඒ නිසයි මම ආයෙත් ටෙස්ලා රථයක් ම අරගන්න කල්පනා කළ යුත්තේ” ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

    ටෙස්ලා වාහනවලට ප්‍රිය කරන බොහෝ දෙනා මේ සුවි‌ශේෂ සිදු වීමෙන් ප්‍රීතියට පත් ව සිටිනු දක්නට ලැබුණා. “ටෙස්ලා කියන්නෙ විස්මිත මෝටර් රථයක්. ඒක කොච්චර සුරක්ෂිත ද කියලා බොහෝ දෙනෙක් තවමත් තේරුම් අරගෙන නැහැ. ඔහුට ආරක්ෂාකාරී තැනකට යාමට හැකි වීම ගැන සතුටුයි.” ඇතැමෙක් අදහස් දක්වා තිබුණා.

    The Economic Times එකේ මේ ගැන හොඳ ආටිකල් එකක් තියෙනවා

    ReplyDelete
  16. ලියාපදිංචිය සහිත වෙළඳ පොළක්, කඩයක් නැති බුකියෙ විතරක් විකුණන කිසිම බෙහෙතක් තියා සාමාන්‍ය බඩුවක්වත් ගන්නෙපා. ඔය ඔක්කොම බොරු. ඒ ඇඩ් වල පොදු වචන ඖෂධීය, Herbal, කාබනික, සුව, ශාකසාර බයිලා කියාගෙන online පිළිගත් platform එකක විකුණන එකයි බුකියේ විකුණන එකයි දෙකක්. reputed platform එකක විකුණන කොට ඒකෙ intermediate responsible බඩු ගැන යම්තාක් දුරකට හරි.

    හැම කඩේම නැති වුණාට කමක් නෑ නමුත් ඕනෑම බෙහෙතකට නිෂ්පාදනයකට එකම කඩයක් හෝ එනම් display එකක් පරික්ෂා කළ හැකි තැනක් responsible කෙනෙක් සිටිය යුතුයි.

    මේ හුඟක් බඩු වලට එහෙම තැන් නෑ ඩිලිවර් කරන්නෙත් ඒගොල්ලන්ගෙ ම අය.

    ඒ වගේම කිසිම වගකීමක් වගවීමක් නැහැ. වැරැද්දක් ඔප්පු කරන්නත් බැහැ. මොකද මේවා විසඳුම් දෙන්නේ බොහෝවිට දීර්ඝකාලීන ්‍රතිඵල පමණක් තියෙන දියවැඩියාව කොණ්ඩය යාම ආතරයිටීස් ආදී ප්‍රශ්න වලට නිසා.

    ReplyDelete
  17. සෞම්යාට දිව දාලා චු බොන්න ආසයි.

    ReplyDelete
  18. මාතලන් මම වරක් ඉන්දියාවේ ඉඳලා ජර්මනියේ හැම්බර්ග් නගරයේ ව්‍යාපාරික කටයුත්තක් සඳහා පැමිණි මුල් දවසේ, හැම්බර්ග් නගරයෙ ජීවත්වෙන මගේ මිතුරන් කීපදෙනෙක් එක්තරා ආපන ශාලාවකදී මට පිළිගැනීමේ සාදයක් සංවිධානය කරලා තිබුණා. අපි ආපන ශාලාවට ඇවිත් වටපිට බලද්දි එහි වැඩි සෙනඟක් පේන්න හිටියේ නෑ. එහි තිබූ මේස සෑහෙන ප්‍රමාණයක් හිස් බව අපි දැක්කා. ඒ වෙලාවේ තරුණ යුවළක් එක තැනක ආහාර ගනිමින් සිටියා. ඔවුන්ගේ මේසයේ ජාති දෙකකින් කෑම වර්ග දෙකක් හා බීමට ගත් බීර බඳුන් දෙකක් පමණයි තිබුණේ. ජර්මන් රටේ හැටියට ඒ වගේ ආදරණීය, රොමැන්ටික් අවස්ථාවකට ඒ වගේ සරල රාත්‍රී ආහාර වේලක් ගැලපෙනවාදැයි මම පුදුමයට පත්වෙලා කල්පනා කලා.

    ඊට ටිකක් එහායින් තවත් මේසයක මැදිවියේ කාන්තාවන් කිහිප දෙනෙකු කෑම ගෙන අවසන් වී සතුටු සාමිච්චියේ යෙදෙමින් සිටියා. වේටර් ඔවුන් සඳහා ලබා දුන් සියළුම ආහාර ඔවුන් විසින් අනුභව කර තිබූණු අතර ඔවුන්ගේ පිගන් මත කිසිවක් ඉතුරුවී නොතිබුණා. අපි ඔවුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකර ඒ වෙලාවේ අපේ බඩගින්න තරමක් වැඩිවී තිබුණ නිසා මගේ මිත්‍රයා විසින් අපහට තරමක් විශාල ආහාර ප්‍රමාණයක් ඇනවුම් කරණු ලැබුවා.

    ඒ වෙලාවේ අවන්හලේ වැඩි පිරිසක් නොසිටි නිසා අපි ඇනවුම් කල ආහාර ඉක්මනින් ඔවුන් අපට ලබාදුන්නා. අපි ඉක්මනින් ආහාර ගෙන හොඳට බඩ කට පුරවගෙන අවන්හලෙන් පිටවීයාමට සූදානම් වන විට අප ඇණවුම් කර ලබගත් මුළු ආහාර වලින් තුනෙන් එකක් පමණ ඉතිරි වී තිබුණා.

    මිතුරා විසින් සියළු මුදල් ගෙවීමෙන් පසුව අප අවන්හලෙන් පිටව යාමට සූදානම් වූ විට යම් කෙනෙකු අපව අමතන හඩක් ඇසුනා. අවන්හලේ අයිතිකරුවන් සමග මම කළින් සඳහන් කළ මේසයේ සිටි කාන්තාවන් අපි පිලිබඳව ඔවුනට යමක් පවසන බව අපට තේරුම් ගියා. ඔවුන් ඉංග්‍රීසියෙන් අපව අමතා, අපි විසින් ඇණවුම් කළ බොහෝ ආහාර, ආහාරයට නොගෙන මෙලෙස නාස්ති කිරීම ගැන ඔවුන් නොසතුටට පත්වෙන බව අපි සමඟ කියා සිටියා.

    "අපි ඇණවුම් කළ ආහාර සඳහා අපි සම්පූර්ණ මුදල් ගෙවනු ලැබුවා... ඒ නිසා අපි ඉතිරි කළ ආහාර ගැන හොයන එකවත්, ඒ ගැන දුක්වෙන එකවත්, ඒක ගැන අපෙන් ප්‍රශ්ණ කරන එකවත් ඔයාලට අදාල වැඩක් නෙවෙයිනේ..." කියලා මගේ මිත්‍රයා ඔවුනට පැවසුවා. මිතුරා එහෙම කිව්වාට පස්සේ ඒ කාන්තාවන් අපිත් එක්ක කෝපයට පත්වුනා. එක කාන්තාවක් වහාම ඇයගේ දුරකථනය ගෙන යම් කෙනෙකුට ඇමතීමක් කළා.

    මේ කළබල අතරේ මිනිත්තු කිහිපයක් යනකොට නිළ ඇඳුමින් සැරසුණු සමාජ ආරක්ෂක අංශයක නිලධාරින් දෙදෙනෙක් එතනට පැමිණියා. අපි දෙගොල්ලන් අතර ඇතිවී තිබෙන ආරවුල කුමක්දැයි ඔවුන් දැන ගැනීමෙන් අනතුරුව නිළධාරීන් අපට යුරෝ 50 ක දඩ කොලයක් නිකුත් කළා. අපි නිෂ්ශබ්දව සිටි අතර මාගේ මිතුරා විසින් යුරෝ 50 ක නෝට්ටුවක් ලබාදී නිලධාරින්ගෙන් සමාව ඉල්ලා සිටියා.

    පසුව එක් නිලධාරියෙක් මගේ මිත්‍රයාට ඉතා තදින් මෙසේ පැවසුවා.

    "ඔබ ඔබට පරිභෝජනය කළ හැකි දේ පමනක් ඇනවුම් කරන්න. මේවට ගෙවන සියළු මුදල් ඔබගේ බව ඇත්ත. නමුත් මේ සියළු සම්පත් මුළු සමාජයටම අයිතියි. ලෝකයේ බොහෝ රටවල බොහෝ දෙනෙක් සම්පත් හිඟයකට මුහුනදී සිටිනවා. මේ රටේ සම්පත් නාස්ති කිරීමට ඔබට කිසිම අයිතියක් නෑ."

    මේ නිසා අපි බෙහෙවින් ලැජ්ජාවට පත්වුනා. අපේ මුහුණු රතු උණා. අපි සියලු දෙනා අපේ හදවත් වලින්ම ඔහු කියූ දේ සමග එකඟ වූණා. මෙම පොහොසත් රටෙහි ජනතාවගේ මානසිකත්වය අප සියලුදෙනාවම ලැජ්ජාවට පත් කළා. ඇත්තෙන්ම අපි මේ ගැන දෙවරක් සිතා බැලිය යුතුයි. මගේ මිතුරා විසින් දඩපතේ පිටපත් රැගෙන මතක සටහනක් වශයෙන් අපි සියළු දෙනාටම පිටපතක් බැගින් ලබා දුන්නා. එම දඩපතේ පිටපත හැම වෙලාවකම, මොනම රටකවත් සම්පත් නාස්ති නොකලයුතු බව අපිට නිතරම මතක් කර දෙනවා.

    ReplyDelete
  19. යකෝ ළමාතං ඔය ගොන් ඉතිහාස ආචාරියා වගේ හද්ද ගොන්කතා දොඩවන මැරෙන්න පන අදින නාකි විගඩම් ෆෝම් කරන වෙලාවේ ලංකාවට Digital currency only policy එකක් ගෙනල්ලා tax system එකක් ගෙන්න කියලා ලෙඩක් ඇදපන් යකෝ එතකොට transction එක වෙනකොටම ආන්ඩුවට ටැක්ස් වෙන්න ..කතාව ඉවරයි අවුරුද්දකින් ආන්ඩුව ගොඩයයි ඕයි මොකද චීනේ එහෙම කඩල කරත්ත විතරක් නෙමේ චීනේ පාරේ කොමඩු විකුණන්නෙත් QR එකෙන්. ඉන්දියාවෙත් එහෙම Payme QR Google pay QR Paytm වගේ කොච්චරතියෙනවද. ලංකාවේ බිස්නස් අති බහුතරය වෙන්නේ තාමත් cash based. ඉතින් මූල්‍ය විනිවිදභාවය නෑ. ලංකාවේ තාම ATM එකෙන් සල්ලි ගන්න දන්නේ නැති උන්දලා ඕනේ තරම් ඉන්නවා. ATM තටමලා තටමලා සල්ලි අරගෙන පිටිපස්සේ පෝලිම ගැන කිෂිම ගාණක් නැතුව ගණන් කරන මිනිස්සු ඉන්න රටක් ඩිජිටල් කරන්න නම් සෑහෙන කාලයක් යයි

    Digital money, QR ප්‍රචලිත නොවෙන්න හේතු විදියට පහත කරුණු පිටරටවල ඉන්න අපේ බැච්එකේ යාලුවෝ ගෲප් එකක සාකච්ඡා වුණා.

    * මුලදී central bank එකෙනි අඩු කොමිෂන් එකක් එක්ක grace period දුන්නත් බැංකු ඒ කාලේ තුළ මේක actively promote කරේ නෑ.

    * බැංකුවල merchant agreements කිසිසේත්ම සරල හෝ සුළු ව්‍යාපාරිකයා මේකට ආකර්ෂණය කෙරෙන එකක් වුණේත් නෑ

    * SME sector එකත් කොච්චර කෑගැහුවත් digital banking වලට වඩා කෑෂ් වලට තමයි කැමති.

    * CBSL මේක push කරා හොඳටම මදි!

    සාක්ෂරතාවය ඉතා ඉහළ කියලා පම්පෝරි ගැහුවත් ඇයි අපිට ඒ තත්වෙට යන්න බැරි උනේ 🤔
    හරි නම් සෑම ගනුදෙනුවක්ම digital විය යුතුයි.ගොඩක් ලංකාවේ කඩවල්වල කාඩ් පේමන්ට් කිව්වම මූණ ඇඹුල් වෙනව, සමහර ඒවගෙ 3.5% වෙනම බිලට ඇඩ් කරල කාඩ් එකෙන් ගහන්නෙ. ලංකාවේදී කොටි දිස්ත්‍රික්කයේ අපි බඩු ගන්න තොග කඩේ 50-100 විතර ස්ටාෆ් එකක් වැඩ කරනව කැෂියර්ම 20 විතර තියෙනව කොයි වෙලේ බැලුවත් 200-300 සෙනග ලගපාත පොඩි කඩවලට ඔක්කොම බඩු ගෙනියන්නෙත් ඒකෙන් QR තියා කාඩ් පේමන්ටිවත් නැහැ කෑෂ් විතරයි මන් හිතන්නෙ බදු මගහරිනව ඇති ලේසියෙන්ම

    ReplyDelete
    Replies
    1. මේ කියන තෝග කඩේ තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුල ඉතින් හිතාගනිං මචං පිටපලාත් ගැන

      Delete
  20. මාතා, ස්ටීවන් කිංගෙ IT පොතේ ළමා සමූහ රමණයක් ගැන තියෙනවා කියෙව්වද? ඇත්තටම ඒවගේ ඒවා ලියන එක එතකොට කාටුන් ඇනිම්ස් මීම්ස් එහෙම හදන එක නීතිමය වශයෙන් අවුලක් නැද්ද? කරන එක විතරද ක්‍රිමිනල් කේස් එකක් වෙන්නේ?

    ReplyDelete
  21. මාතෝ 6% දේවයා ගැන කියන කොට මට අහම්බෙන් දවසක චරන tv එකේ විකාශනය වූ මධුරන් කියන මලයාලම් චිත්‍රපටය බලන්න ලැබුන සිද්ධිය පිළිබඳව මතක් උනා.

    මධුරන් කතාවේ ප්ලොට්එක රජයේ රෝහලකද දිගුකාලීන ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ලග ඉන්න සමීපතයන් රැදී ඉන්න රෝහලට යාබද අවකාශයක් වටා තමයි ගලායන්නේ . එවන් අවකාශ ලංකාවෙ ඉස්පිරිතාල වල මම දැකලා නෑ ඒත් ඉන්දියාවේ වගේ විශාල රටක එහෙම තැන් තියෙනවා වෙන්න ඇති.

    ඒකේදී පැරණි පන්නයේ විශාල ශාලාවක් වගේ තියන ඒ අවකාශයේ ගැහැනු පිරිමි බාල මහලු සියල්ල එකට ජීවත් වෙනවා. ඔවුන්ගේ ජීවිත ඒ පොදු හෝල් එකත් යාබද රෙදි හෝදලා වනන විවෘත ටෙරස් එකත් අතරට සීමා වෙනවා. ලෙඩ්ඩු ගැන රෝහලක් ගැන කතාවක් උනාට ලෙඩ්ඩු ගැන නොපෙන්වා ඉන්න එක තමා මේකෙ විශේෂත්වය ඒත් ලෙඩ වෙලා ඉන්න කෙනාගෙ ප්‍රතිබිම්බයක් අපිට ආදාල කෙනාගෙ සමීපතයන්ගෙන් අපිට පෙනෙන්න ගන්නවා.

    ඒ අනුව අසනීප කෙනා හොදින් ඉන්න කාලේ සිය සමීපතයන් ට කොච්චර බලපෑම් සහගත උනාද ආදරය උනාද කියන දේවල් දැනෙන්න ගන්නවා. පෙර කිසි දාක හමුනොවුනු මේ අවකාශය තුලම ගොඩනැගෙන මිනිස් සබදතා අතීත ස්මරනයන් එදිනෙදා ලෝකයෙන් ගලවලා ජීවිතේ ගැන අලුත් දෘෂ්ටියකින් බලන්න පොලඹවනවා.

    අවසානයේ ප්‍රධාන චරිතය වන බාබුගේ අසනීප බිරිද චිත්‍රා විතරක් අපි දකිමින් නිවුනු ලෝකයකට අපිව ගෙනියන්න සිනමකරු සමත්වෙනවා. ජීවිතයත් අත් ඇරීමත් අතර තැනක ස්ථානගත උනු ඒ පරන ශාලාව ජීවිතය ගැන ๬ දේවල් කියා දෙන තක්ෂලාවක් වෙනවා. මම හිතන්නේ ඒ වගේ මූවි එකක්වත් 6% දේවේ වගේ නොම්මර එකේ බූරුවන්ට පෙන්නන්න ඕනේ ටිකක් හරි ලෝකය ගැන තේරුම්ගන්න උන්ට උපකාර කරන්න නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රට්ටු හිනස්සන ලෙඩ්ඩු ටිකක් ඔය යක්කු සේරම

    ReplyDelete
  22. මාතලන් අයියේ මං ගිය අවුරුද්දෙ AL ලියල රිසාට් අවුට් වෙලා ඉන්න කොල්ලෙක් ලොකුවට AL පාස් උනේ නම් නෑ. මගේ එකම හීනය film indresty එකට යන මේක ගෙදර කෙනෙක්වත් දන්නැති අවුරුදු ගානක් හිතේ තියන් හිටපු හීනයක්. film making ඉගෙන ගන්න ලංකාවෙ තියෙන හොඳම තැන university of vocation technology එක තමයි ගොඩක් තැන්වලින් දැනගන්න ලැබුනෙ. ඒකට ටිකක් විදයම් කරන්න වෙනව weekend degree එකක් නිසා ඒක නිසා මං කල්පනා කරේ ජොබ් එකක් කරන ගමන් සල්ලි හොයන ගමන් ඒ degree එක කරන්න.

    හැබැයි ගෙදරින් කියන්නෙ ජොබ් මාකට් එකක් තියෙන රටකට උනත් යන්න පුළුවන් ජර්මන් ටෙක් එකකට වගේ ගිහින් කෝස් එකක් කරන්න කියල හැබැයි ඒක මං ආසම නැති ක්ෂෙත්‍රයක්.

    මම මගේ තනි මතයට රිස්ක් එකක් අරන් film making degree කරන්න ගිහින් මට අනාගතේ දුක් විදින්න වෙයිද?.

    ලංකාවෙ film indresty එක ඇතුලෙ කැපවීම මත ලොකු සාර්ථකත්වයක් අත්කරගන්න පුළුවන්ද.?

    මම ආස නැති උනත් අර වගේ මැකෑනික් කෝස් එකක් කරල පිටරටකට වගේ යන එකද හොඳ?

    එතකොට මේ⁣ දෙකෙන් එක පාත් එකක් මේ මාසෙ ඇතුලත තෝරගන්න වෙනව මට😕. මේ බ්ලොග් එක ඵලන කට්ටිය අතරේ ඒ ඒ වගේ side වල ඉන්න අය ඉන්නවද මං කරන්න ඕන දේ ගැන කාරුණික උපදෙස් අවශ්‍යයි 🙂

    ReplyDelete
  23. ලංකාවේ කලක් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්ව සිටි, නමුත් පසුව මූල්‍ය වංචා දූෂණ මහජනයා මුලාවට පත් කළ හොරෙක් ලෙස සමාජයේ දැඩි ගර්හාවට පත්වු අභාවප්‍රාප්ත ලලිත් කොතලාවලගේ දේහය භාර ගැනීමට ඔහුගේ බිරිය සිසිලියා ප්‍රනාන්දු කොතලාවල ප්‍රතික්ෂේප කර ඇති බව බම්බලපිටිය පොලිසිය පවසයි.

    ‍අනතුරුව දේහය සිසිලියා කොතලාවලගේ වැඩිමල් සොයුරිය වූ ෂෙරීන් ප්‍රනාන්දු විජේරත්න විසින් භාරගැනීමට කැමැත්ත පල කළ බව බම්බලපිටිය පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.

    ඒ අනුව ලලිත් කොතලාවලගේ දේහය ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන ෂෙරීන් ප්‍රනාන්දු විජයරත්න වෙත භාරදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේය. එමෙන්ම මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ දේහය බොරැල්ල කනත්තේ මිහිදන් කරන ලෙසය.

    අවසාන කාලයේ දී සිසිලියා එෆ් කොතලාවල සහ ලලිත් කොතලාවල වෙන්ව ජීවත් වූ බවත් ලලිත් කොතලාවල ඉඳහිට දවසක පැමිණ අස්පස් කර පිටව යන සේවකයින් දෙතුන් දෙනෙක් සමග බම්බලපිටිය පාලු නිවසක තනිව හුදකලාවේ ජීවත් වූ බවත් මරණ පරීක්ෂණයේ දී හෙළි විය.

    මරණයෙන් පසු සිය සොයුරියගේ සැමියාගේ මරණය සැක සහිත බව බම්බලපිටිය පොලිසියට පැමිණිලක් කරමින් සිසිලියා කොතලාවලගේ වැඩිමල් සොයුරිය වූ ෂෙරීන් විජේරත්න ප්‍රනාන්දු (84) දන්වා සිටියාය.

    ඒ පැමිණිල්ල අනුව බම්බලපිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝගය පරිදි ලලිත් කොතලාවල ගේ (84) මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (23 දා) කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී පැවැත්විනි.

    ඔහුගේ මරණයට හේතුව ස්වභාවික හේතූන් සහිත තත්ත්වයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු විය.

    ඔහු කලක් තිස්සේ හුදෙකලාව සිටි නිසාම නිසි ලෙස ආහාරපාන පවා නොගෙන දුර්වල වී රෝගියකු බවට පත්ව ඇත. මෙසේ සිටියදී වැළඳුන සෙම්ප්‍රතිශ්‍යාව එම අතිශය දුබල සිරුරට දරාගත නොහැකිව නිව්මෝනියා තත්ත්වය දක්වා උත්සන්න වීමෙන් හුස්ම හිරවී දින කිහිපයක් පණ අදිමින් සිට අවසානයේ අවශ්‍ය ඔක්සිජන් මොළයට නොලැබීම නිසා මෙම මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළිදරව් වූ අතර ඔහු කලක් පුරාවටම නියමිත ආකාරයට ඖෂධ ලබාගෙන නොමැති බවක් ද තහවුරු වී තිබිණි. මීට හේතුව බෙහෙත් සහ වතුර ඊට ගෙනැවිත් දීමට කිසිවකු නොමැති වීම නිසයි.

    පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්. ආර්. ඒ. එස්. රාජපක්ෂ ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් තිදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබු බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය.

    ReplyDelete
  24. රෑට සංගීත සංදර්ශන, කෑමට බුරියානි, කොත්තු, බීමට අරක්කු, ගංජා, සූස්ති, කූඩාරම් වලට වීදි ගණිකාවෝ, අරගල නායකයන්ට දමිතා , දුලීකා වගේ ගොන්බඩු, ධර්මය කියලා දෙන්න මැල්කම් රංජිත්, ෆාදර් සිරිල්, ඒ අයගේ සැපට ක්රිස්තියානි වේසාවියෝ. නඩු වැටුනොත් සාලිය පීරාගෙ නොමිලේ උපදෙස් .මතක් වෙනකොටත් ආසාවේ බෑ.

    ReplyDelete
    Replies
    1. අඩේ අරගල ව්‍යාපාරික කණ්ඩායමට බිර්යානි පැකට් එකට රැවටිලා උඹත් ගියාද බන්? කෑමට බලු මස් සමග බුරියානි, රහ කරකර කෑවනේද?

      කෝමද මේක?

      //මෑතකදී කොළඹ මහනගර සභාවෙන් කරනලද සමීක්ෂණයකදී හෙලි වී ඇත්තේ
      2022 අප්‍රියෙල් සහ අගෝස්තු අතර කාලය තුල කොළඹ නගරයේ අයාලයේ ගිය සුනඛයන් විශාල ලෙස අතුරුදහන් වීමට හේතුව එම අසරණ සතුන් ඝාතනය කර අරගල ක්‍රියාකාරීන්ට බුරියාණි සැකසීම සඳහා ඔවුන්ගේ මස් යොදාගන ඇති බවයි..!//

      Delete
  25. Saumyage Rosa pata huththata diwa dala juice urala bonna thibba nam. mm . katata chu karagena chuth bonawa mama.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න