.

.

Nov 15, 2023

අපේ ක්‍රිකට් මළගම අතරේ පිස්සු හැදෙන ඕවර් 50 තරඟ

 


අපේ ක්‍රිකට් මළගම අතරේ

පිස්සු හැදෙන ඕවර් 50 තරඟ

➖➖➖➖➖➖➖➖➖❤️➖


ඉස්සරම වර්ල්ඩ් කප් වල ඕවර්ස් 60 ක් තිබුනා...

පස්සෙ තමා ඕවර් 50 ට ආවේ...

ඒත් ඉස්සර ටාගට් එක තිබ්බේ... ඕවර්ස් 25 දී විතර ටීම් එකම ලකුණු 100 ක් ගගන එක...

ඊට පස්සෙ ඕවර් 50 ටම ගැහුවේ... ඇවරේජ් 250 ක් වගේ... ඒවා මහා ඕලාරික ගේම් ..  ඒත් බලනවා... ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලම බලනවා...


ඊට පස්සේ එනවා ෆීල්‍ඩ් රිස්ට්‍රික්ෂන් රූල්ස්... ඒ කියන්නේ මුල් ඕවර් හා අවසාන ඕවර් ප්‍රමාණයකදි..  මීටර් 30 ඇතුලේ හා ඉන් පිට පන්දු රකින ක්‍රීඩක ප්‍රමාණයේ සීමාවන්... ඒක ගේන්නෙම... ටෙස්‍ට් මැච් වගේම මෙලෝ රහක් නැතිව ගියපු ඔවර්ස් මැච් වලට  ත්‍රිල් එකක් ගේන්න..


ඒත් ටීම් ඔක්කොම ගැහුවේ අර විදියටම අර ස්කෝර් එකම තමා...


ඔය අස්සේ තමා... අපේ අරාගේ අයිඩියා එකකට.... සනයි කළුයි ඕපනින්ග් එවන්නේ... උන් දෙන්නා ෆිෆ්ටි ඕවර් ගේම්ස් ඉතිහාසය වෙනස් කලත්... ආයෙත් ස්කෝර් එක වුනේ අර ගානම තමා... මොකෝ ෆීල්ඩ් රිස්ට්‍රික්ෂන්ස් නැති අතරේ ස්පිනර්ස්ලා නැත්නම් දඟ පන්දු යවන්නන්ගේ ඕවර්ස් වලට ආයෙත් තට්ටු දදා පරණ ක්‍රමයටම ගහපු නිසා...


ඒත් දැන් ඕවර 50 තරඟ ඊට වඩා සෑහෙන වෙනස්... ඒක පට්ට ත්‍රිලින්ග් එන්ටර්ටේන්මන්ට් එකක්... දැන් ටාගට් එක ළකුණු 300... දැන් ඒකත් කඩාගෙන කුඩු කරගෙන ලකුණු 400 ට ඇවිල්ලා තියෙනවා... ඒක පට්ට... එකම ටීම් එකේ උන් සෙන්චරි දෙකකුත් දානවා...


මේ සියල්ල සිඳු වුනේ 20 - 20 හෙවත් .. ටුවෙන්ටි ටුවෙන්ට් මැච් පිස්සුවක් හදපු ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් සහ ඉන්දියාවේ IPL...


හරියට ක්‍රිකට් ගහන රටවල මේ ශානර තුනට... ඒ කියන්නේ... ටෙස්‍ට්... ඕවර 50 සහ 20-20 ට වෙන වෙනම ස්පෙෂලයිස් ක්‍රීඩකයෝ ඉන්නවා... ටීම් තුනක් ඉන්නවා... සුපිරි වැඩ්ඩෝ... ඔක්කොම මැනේජ් කරගෙන හැම මැච් එකම ගගනවා...


අනිත් ටීම් වල ලෙජන්ඩ්ස්ලා බංකුවේ ඉඳගෙන වතුර අදිද්දී... ප්ලේස් එකක්වත් නැතුව ප්‍රේක්ෂකයෝ අස්සේ ඉඳගෙන මැච් නරඹද්දී... අපේ උන්ට ලකුණු 50 ක් ගහගන්න බෑ... උන් දන්නේ බඩු ගහන්නයි... කයිවාරු ගගන්නයි... හොරා කන්නයි විතරයි...


ඉතින් අඩු ගානේ හොඳ ටෙස්ට් ඉනිමක් ප්ලේ කරන්න බැරි... ඕවර් 50 තරඟයකදි 200 ක් ගහන්න බැරි අපේ උන්... ඕවයෙන් ඉබේම හැලිලා යයි.... 20-20 ඒවා ගැන විතරයි පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්...


ඒත් ඉතින් ඒකට හොරු ටික එලවලා තහනම අයින් කරගන්න එපෑය.. 


අනිච්චා වත සංඛාරා

උප්පාද වය ධම්මිනෝ

උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති

තෙසං වුපසමො සුඛො....

.

3 comments:

  1. අපේ කට්ටිය ටීම එක ඇතුලට ආවට පස්සෙ තමන්ගෙ දක්ශතා ඊලඟ ලෙවෙල් එකට ගෙනියන්න වැඩ කරන්නෙ නෑ.ඒකයි මුලදි ටිකක් බැබලුනාට පහු වෙන කොට දක්ශතා අතරට එන්න බැරි. තාක්ශණයත් එක්ක අලුත් දේවල් ඉගෙන ගන්න වෙනවා. ටීම් එක ඇතුලට ඇවිල්ලා, තමන්ගේ දක්ශතා ඊලඟ ලෙවෙල් එකට ගත්ත හොදම උදාහරණය සංගා - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
  2. පොඩිකාලේ ඉඳන්ම අනිත් එකාව කපල ටීම් එකට පැන ගන්න උදව් කරන දෙමව්පියෝ වග කියන්න ඕනේ නැත්ද මේකට , හොන්දට සෙල්ලම් කරන්න පුළුවන් එකා බෙන්ච් එකේ ඒ නිසාම

    ReplyDelete
  3. මහ ගෙදර අස්පස් කරන්න අම්මට උදව් වෙන්න ගියා. ඒකෙ මගෙ පරණ පොත් මේසෙ කබඩ් එකක් ඇතුලෙ තිබිල මීට අවුරැදු 15ට කලින් පැක් කරපු ඊටත් සෑහෙන කාලෙකට කලින් ගත්තු පොත් පත්, ඒ විදියටම තිබුණ කියන්නකො. කාවොයි , කූඹි ටිකකුයි විතරක් පදිංචි වෙලා හිටිය. මගෙ පරණ රසරිසි ගී ලියුම් මිටි ගාණක්, මුල්ම රාවය පත්තර, විශ්ව විද්‍යාලයෙ සටහන් ටිකක් තිබුණ. ඒ අස්සෙ තිබ්බ මගෙ පරණ සෝවියට් දේශය සඟරා එකතුවත් හම්බ වුනා. සෝවියට් දේශය ඉස්සර අපේ සිහින දේශයයි. ඒ සිහින දේශයට යන්නට සිහින මැව්ව මැවිල්ල කියනවනං රැසියානු භාෂාවත් ඉගෙන ගෙන තමයි නැවතුනේ. ඒ විතරක් නං මදෑ. මොස්කව් ගුවන් විදුලිය අහල ඒකට ලියුම් යවපු කාලයකුත් තිබුණ. ඒ මදිවට ලෙනින්ගෙ තෝරාගත් කෘති වෙළුම් ඔක්කොමත් අර ගත්තා. ලෝකය පුරා සමාජවාදී රාජ්‍ය බිහි කරන්න අවශ්‍ය මතවාදය ප්‍රචාරය කරන්න, මේ සෝවියට් දේශය සාහිත්‍ය , කලාව, ජනමාධ්‍යය තරමක් දුරට භාවිතා කලා. මුද්‍රිත ප්‍රකාශන ඉතා අඩු මිළට ලබා දුන්නා. ඉස්කෝලෙ යන ළමයි විදියට කන්න දෙන්න සල්ලි එකතු කරල මේ මුද්‍රිත සාහිත්‍ය කෘති, වාර සඟරා මිළදී ගන්නට හැකි තරම් මුදලකට තමා මේවා විකුණුවෙ. ඒ රටට යන්නට තරං හීනයක් මැවෙන්න එක හේතුවක් මේ සාහිත්‍ය නිර්මාණ වල රසය. ඒ ප්‍රචාරණයත්, දේශපාලන ව්‍යාප්තවාදයත් සහ තවත් කාරණා රාශියක් නිසා සෝවිට් හිතවාදී කඳවුරක් නිර්මාණය කර ගන්න ඔවුන්ට පුලුවන් වුනා. නමුත් පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නෝට් නිසා සෝවියට් දේශය බිඳ වැටුනෙ සමාජවාදී කඳවුරේ සහ මගේ නොමිළේ රැසියානු උසස් අධ්‍යාපන සිහිනයද විනාශ කරමින්. අද පොත් කබඩ් එක ඇරපු එකෙන් මතු වුන නොස්ටැල්ජියාව තමයි ඔය. රැසියානු සාහිත්‍ය කොච්චර ප්‍රබලව මට බලපාලා තියෙනවද කියනවනං, තාම මම හීන දැක දැක ඉන්නෙ එහෙ යන්න. ☺️

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න