.

.

Nov 10, 2023

හොරුන් හා දූෂිත ආයතන නඩත්තු කිරීම නවතන්නේ කවදාද?

 


හොරුන් හා දූෂිත ආයතන 
නඩත්තු කිරීම නවතන්නේ කවදාද?
➖➖➖➖➖➖➖➖➖➖➖🔴➖

⭕ වසර පහකට ක්‍රිකට් තහනම් කර ඇති කතාව පට්ටපල් බොරුවකි.

⭕ තාවකාලික  ක්‍රිකට් තහනම ගැන අඬන සියල්ලෝ, මේ රටේ හොරකම දූෂණ හා වංචා දිගටම පවත්වාගෙන යා යුතු යැයි සහතික කරන්නෝය.

⭕ ඔවුන්ගේ මතය වන්නේ රාජපක්ෂලා හැර අනෙක් ඕනෑම එකෙක් හිතේ හැටියට මහ දවාලේ වුවත් හොරකම් කිරීමට අවසර ලබා දිය යුතු බවය.

⭕ තාවකාලික තහනමක් පනවා සස්පැන්ඩරයක් අන්දවා ඇත්තේ, හොර ෂම්මි කළ ඉල්ලීමකටය.

⭕ එහි හේතු ලෙස දක්වා ඇත්තේ ආන්ඩුව ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගසනා බවකි.

⭕ එහෙත් ඇත්ත එය නොව,සිඳුවූයේ ක්‍රිකට් හොර ගුහාවක් බව පාර්ලිමේන්තුවේ ඒකඡන්දයෙන් සම්මත කරන ලද යෝජනාවක් ගෙන  ඒම පමණි.

⭕ හොරුන් හිරේ දමනවා යැයි යැයි කියනා ජෙප්පෝ මෙහිදී පෙනී සිටියේ, හොරුන් වෙනුවෙනි.

⭕ රටේ සිස්ටම් චේන්ජ් එකක් කිරීමට ආ එජාප නායකත්වය හා පාක්ෂිකයන්ද පෙනී සිටින්නේ, මේ අන්ත දූෂිත හොර මජර සිස්ටම් එක පවත්වාගෙන යාමටය. එය ඉතා කනගාටුදායක තත්වයකි.

⭕ IMF වාර්ථාවකින් පවා පෙන්වා දුන්නේ, රාජ්‍ය ආයතන සියල්ලම හොර ගුහා බවය.

⭕ ඒවා ප්‍රතිව්‍යූහගත කිරීමට හෝ විකුණා දැමීමට ආන්ඩුව මේ වන තෙක් ක්‍රියා කළේ නැත.

⭕ ඒවා කෙතරම් දූෂිත ආයතනද යත්, කිසිඳු ආයෝජකයෙක් ඒවා මිළඳි ගැන්මට තබා කළමනාකරණය බාර ගැන්මට හෝ ඉදිරිපත් වන්නේ නැත.

⭕ ඒ වෙනුවට කිරීමට යන්නේ රටේ ධනය හා ජනතාවගේ බදු මුදල් ගසාකන ඒ හිඟන්නන්ගේ පඩිය තවත් වැඩි කොට ඒවා නඩත්තු කරමින් දිගටම පවත්වාගෙන යාමටය.

⭕ ක්‍රීඩා පනතක් (චිත්‍රසිරි) ගේනකන් ඉන්න තිබුනා යැයි යන කතාව, රනිල්ද අන්දවා කරනා තවත් සෙප්පඩ විජ්ජාවකි.

⭕ ෂම්මි ඇතුලු හොර නඩය ඊට විරුද්ධව නඩු පවරා ඇත්තේ, මීට මාස දෙකකටත් පෙරය. ඒ බව විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී සනාත කළේය.

⭕ එම නිසා ඒ පනත් යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපති කිරීමටද නොහැකිය.

⭕ විධායකය හා ව්‍යවස්ථාදායකය ගැටෙද්දී, අධිකරණයේ පිහිටෙන් ෂම්මි සිල්වා ඉන්දියාවට පැනගොස් දැන් සිටින්නේ ඉන්දියාවේය. ඊට පෙර එම කණ්ඩායම විශාල මුදලක් ක්‍රිකට් ආයතනයෙන් පන්නා ඇත.

⭕ ඉන්දියාව යනු ක්‍රිකට් මාෆියාවේ මහ ගෙදරය. ෂම්මි දැන් සිටින්නේ එහේය.

⭕ දැන් රනිල් කළ යුත්තේ නීත්‍යානුකූලව ශ්‍රී ලංකා ක්‍රිකට් විසුරුවා හැර.. සුමතිපාල, ධර්මදාස, රණතුංග පවුල්වලින් හා බෝනගේන් පල්ලියෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගලවාගෙන..

⭕ ක්‍රිකට් ක්‍රීඩා කළ මහත්වරුන් වන වෙත්තමුනි, මඩුගල්ල, මහානාම, මුරලි හා වාස් වැනි අයට බාරදී.. දේශපාලුවන් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුය.

⭕ එසේ කිරීමට නොහැකි නම්.. ඔය ක්‍රිඩාව එල්ලේ ක්‍රීඩාව මෙන් දේශීය ක්‍රීඩවක් ලෙස පමණක් පවතිනු ඇත්තේය.

⭕ මොකා මොන බයිලා ගැහුවත් ලංකාවේ සිටිනා ජාත්‍යන්තර මාෆියාවක රෙදි ගැලෙව්වේ  අමාත්‍ය රොෂාන් රණසිංහ පමණි. 

⭕ අනෙක් ඇමතිවරු සියල්ලොම කම්බා හොරුන් සමඟ ඩීල් දමමින් ජනතාවට කොකා පෙන්වමින් සිටිති.

⭕ සිස්ටම් චේන්ජ් කරමුයි කියා අරගලයක් සිඳු කොට වැලලෙන්න හැදුවත්, සියල්ලන්ටම අවශ්‍යව ඇත්තේ රාජපක්ෂලා චේන්ජ් කිරීම පමණක්ම බව දැන් ඉතා පැහැදිලිය.

.

9 comments:

  1. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස අජිත් ධර්මකීර්ති මහතා පත් කිරීමට නියමිතය

    ReplyDelete
  2. හරියටම සතියකට කලින්, ඒ කියන්නේ ගිය සිකුරාදා කොල්ලෙක් එක්ක උසාවියට බඩ ගාන්න සිද්ද වුනා. හේතුව වුනේ ඌ බීලා බයික්කේ එද්දී පොලිසියට මාට්ටු වුන. පොලිසියට මාට්ටු වුනේ උසාවි දවසට සතියකට කලින් සිකුරාදාවක. පාන්දර 12.30ට විතර, ඌ මට පාන්දර 1 වෙද්දී කෝල් කරලා එන්න කිව්වා ඇපේට අත්සන් කරන්න, ගිහිලල ඇපේට අත්සන් කරලා එක්කන් ආවේ ගෙදර. ගෙදර මිනිස්සුන්ට නොන්ඩි වෙන්න බැරි නිසා හෙනම පරිස්සමින් ගේම ගැහුවේ.

    3 වෙනිදා උසාවි දැම්ම. උසාවි ආවේ නැත්තන් වරෙන්තු කිව්වා.

    අන්තිමේ 3 වෙනිදා උසාවියට ගියා. උදේ 9.30ට උසාවිය පටන් ගන්නවා කියල නෝටිස් එකක් අලවලා තිබ්බා බිත්තියක. ඒ වුනාට පටන් ගද්දි 9.45යි. බංකු 4ක තියලා තියෙනවා මිනිසුන්ට වාඩි වෙන්න. ඒ වුනාට ප්‍රයිවට් බස් එක වගේ මිනිස්සු හිටගෙන ඉන්නේ බාගෙට බාගයක්. තෝල්කයද කොහද කෑ ගහනවා නඩු අන්කෙයි නමයි කියල. ඉතින් මිනිස්සු යනවා නඩු අංකෙ කියද්දී.

    උසාවිය පිටිපස්සෙම තියෙනවා සෙල් එකක් බන්ධනාගාරේන් ගෙන්නලා නඩුව කතා කරනකන් ඉන්න හිට කාරයෝ සෙට් එක. උන්ව ගේන්නේ අලි ගේනවා වගේ එක දිගට දම්වැල් දාලා මාංචු දාලා.ගොඩක් උන්ගේ නම කියල කතා කරනවා ඌ සෙල් එකේන් එලියට එන්නත් කලින් නඩු කාරය කියනවා ඊළඟ නඩු වාරය මෙන්න මෙදාට කල් යනවා කියල. සමහරුන්ට නොවැම්බර් 17 සමහරුන්ට මාර්තු මාසේ දවසක්.

    ඔය වගේම තමා සමහර බඩවැල වගේ ඇදෙන නඩු වලටත් වෙන්නේ. නඩුව කතා නොකරම කල් යවනවා. ඉතින් මිනිස්සු දවසම නිකං බොරුවට රස්තියාදු වෙනවා. ඇති ලබ්බක් නෑ. ලොයර්ලා හොඳට හම්බ කරනවා.

    අපේ සීන් එකට අපි ලෝයර් කෙනෙක් කතා කලේ නෑ.

    අපේ නදුඋව කතා කරනකන් හිටියා 9.45 ඉඳන් 10.55 වෙනකන්. 10.55 වෙද්දී කිව්වා උසාවිය විනාඩි 5කට කල් තබනවා කියල. ආයේ උසාවිය පටන් ගනිද්දී 11.35යි. මරු විනාඩි 5 😏

    අන්තිමේ අපේ නඩුව කතා කලේ 12.15ට අරුගේ නම කිව්වම ගිහිල්ල විත්ති කුඩුවට නැග්ගා. බීමතින් රිය පැදවීමට තමා වරදිකරුද නිවරදිකරුද කියල අහනව. වැරදිකරු කිව්වම 25,000ක් දඩ ගෙවල මුදවාගන්න පුළුවන් කියනවා. ලයිසන් එක මාස 4කට කැන්සල් කියනවා. එතකොට උව දානවා බන්දනාගාරේ ගෙනල්ලා දාලා ඉන්න සෙල් එක ඇතුලට.

    ඒ අතරේ මම යන්න ඕන දඩේ ගෙවන්න. දඩ ගෙවන්න එළියේ කවුන්ටරයක් තියෙනවා. 50,000ට වැඩි දඩයක් නම් අපි යන්න ඕන මහජන බැංකුවක් හොයාගෙන. මොකද එව්වා ඩිපොසිට් කරන්න පුළුවන් මහජන බැංකු අකවුන්ට් එකකට විතරයි. අපේ දඩේ 25,000 නිසා අවුලක් වුනේ නෑ. හැබැයි තාමත් දඩේ ගෙවන්න නඩු කොලේ ඇවිල්ල තිබ්බේ නෑ එතනට. බලන් හිටියා හිටියා අන්තිමේ නඩු කොලේ ආවේ 1.15ට. පැයක් ගියා ඒකට. ඊට පස්සේ දඩ ගෙවද්දී අපි දෙන සල්ලි කොලවල අංක ටික කොලේක ලියල දෙන්නත් ඕන. ටහිකෙන නීති උන්ගේ. ඒක නිසා 25,000 වගේ ගෙවද්දී මතක ඇතුව 5,000 කොළවලින් ගෙවපන්. 1,000 කොළවලින් ගෙව්වොත් උඹට අංක 25ක් ලියන්න වෙනවා. 🥴

    අන්න ඒක ගෙවලා එතනින් රිසිට් එක අරගෙන අතන සෙල් එකේ ඉන්න WPC ට දෙන්න ඕන. ඊට පස්සේ එයා කියනව ජේලර් ට මෙයාව එලියට දාන්න කියල. එතනින් පස්සේ එලියට එන්න පුළුවන්.

    පස්සේ අපි ගියා පොලිසියට. එතනින් කලින් සෙට් කරගත්ත ට්‍රැෆික් පොලිස් ඩයල් එක හම්බෙලා රුපියල් 7,000ක් දීලා ලයිසන් එක එලියට ගත්ත.

    උසාවියෙන් කැන්සල් කරන ලයිසන් එක ඒ වෙලාවෙම එලියට ගන්නේ ඒ විදිහට. සියලු වියදම් රුපියල් 32,000යි.

    ඊට පස්සේ තියෙන්නේ අරූ සෙල් එක ඇතුලේ ඉඳිද්දී අත් විඳපු දේවල්.

    ඒක ඇතුල හරක් මඩුවක් වගේලු. පට්ට ගඳයිලු. ඔක්කාරෙට එනවලු. ඒක ඇතුලේ මාර සිද්දි වෙනවලු. එකෙක් මුට වුනා වගේම බීලා අහුවෙලා දඩයක් කාලා එනවලු සෙල් එකට. ඒ ආවම සෙල් එක තියෙනවා දිගට. ඒකේ බාගයක් එලියට පේන්නේ නෑ. කවර් කරලා තියෙන්නේ. ඇතුලට ගියාම මෙලෝ දෙයක් එලියට පේන්නේ නෑ. ඇතුලට ආපු එකා සෙල් එක ඇතුලේ බන්ධනාගාරෙන් ගෙනාපු එකෙක් එක්ක යනවලු ඇතුලට අර එලියට පේන්නේ නැති ඒරියා එකට. ගිහිල්ලා එළියෙන් ආපු එකා ගලවනවලු කලිසම. දෙනවලුම් ෆෝන්, අයිස් අනන් මනං. අරුත් කලිසම ගලොගන්නවලු හන්ගනවලු ජොකා අස්සේ. ඉතින් ආයේ අරූ මුකුත් නොවුන ගානට එලියට යනවලු.

    ඔන්න ඔහොමයි උසාවී වැඩ වෙන්නේ. දඩ ගෙවන එක නෙමෙයි අමාරු උසාවි ගානේ මේ වගේ කුණු කන එකයි අමාරු. හිතපන්කෝ ඉඩම් නඩු වලට උසාවි බඩගාන මිනිස්සුන්ට කොහොමට එපා වෙනවා ඇද්ද. බීලා නම් බයික්කේ එලවන්නේ නෑ කියල මම එදාම හිතාගත්තා.. 🥴

    ReplyDelete
    Replies
    1. අසංක මල්ලිNovember 10, 2023 at 11:06 PM

      හේෂාන් දමින්ද කියන්නේ තාත්තාට බෙහෙත් වරද්දලා දීලා තාත්තව මරාගත්තු එකෙක්. හේෂාන්ගේ අම්මත් අබිරහස් ලෙස මිය ගියා අවුරුදු ගානකට කලින්.

      මූ මේ හදන්නේ ගෙදර මුගේ නමට ලියා ගන්න.තාත්තා බැලුවේ හේෂාන්ගේ අක්කට ගෙදර බාගයක් දෙන්න. ඒ පාර මු තාත්තව මරාගෙන ගෙදර ලියා ගත්තා.

      මුගේ අක්කා බඩුව තමයි. ඒ උනාට ඒකිට අසාදාරනයක් උනේ.

      Delete
  3. සිරිපා අඩවියේ අභිරහස් ඇත් සොහොන
    ⊂◉‿◉つ - ⊂◉‿◉つ

    ශ්‍රී පාද අඩවිය ගෞතම ශ්‍රී සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිටා ඇතිවා සේම ගුප්ත අබිරහස්වලින් සැඟවී ගිය ස්ථානයකි. එහි නිතිපතා අලුත් යමක් සිදුවෙයි. අප විසින් දක්වා සිටින්නේ එවැනි අභිරහසක් පිළිබදවයි.

    1940 ට ආසන්න කාලයේ ශ්‍රී පාද අඩවියට ඉහළින් පියාසර කරමින් තිබූ ගුවන්යානයක් කාර්මික දෝෂයක් නිසා කඩා වැටිණි. යානයේ ගමන් කළ තිදෙනෙක් අනතුරේදී මිය ගියහ. අනතුරින් කම්පනයට පත්ව සිටි නියමුවා පැය කිහිපයකට පසු යානයෙන් බිමට බැස ගන වනාන්තරය මැදින් මිනිස් පුළුටක් සොයා ගමන් කරන්නට විය. කම්පනය හා තද පිපාසය ඔහු දුරු කර ගත්තේ ඉදුණු පලතුරු කෑමෙන් හා නිතර ගලාගිය සීතල පවිත්‍ර ඇළ ‍දොළවලින් ජලය පානය කිරීමෙනි. අරමුණක් නැතිව අසීරුවෙන් ඇවිද යන ඔහුට එක් තැනිතලා බිමක අක්කර ගණනාවක් විහිද ගිය අලි ඇටකටු, ඇත්දත් විසිර ගිය භූමියක් දක්නට ලැබිණි. ඒ වටා තිබුණේ සරුවට ගහකොළ වැඩී ගිය ගන වනාන්තරයයි. වනාන්තරය කෙළවර තැනිතලා සම භූමිය පැතිර තිබිණි. ඒ අසල ගලායන ජල පහරක් ද විය.
    තැනිතලාව පුරා විසිර තිබූ ඇටසැකිලි, දිරාගිය ඇටසැකිලි හා ඇත්දළ අනුව එය ඇතුන්ගේ සුසානයක් බව ඔහුගේ සිතට අවබෝධ විය. ඔහු බොහෝ වේලා එය නිරීක්‍ෂණය කළේය.
    දින ගණනාවක් ඉබාගාතේ කැලෑවේ ඇවිද ගිය ඔහුට ජනාවාසයට යා හැකි වූයේ තවත් දින ගණනාවකට පසු ඉතා වෙහෙසකර දිගු දුරක් පයින් ඇවිදීමෙනි. ගම්මුන්ගෙන් කෑමබීම, ප්‍රතිකාර, අත්උදව් ලැබී සුවපත් වූ ඔහු පසුව තම අත්දැකීම් ගැමියන්ට හා පුවත්පතකට කියා සිටියත් ආපසු එම ඇත් සොහොන සොයා යෑමට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ භූමිය පිහිටි ස්ථානයට යන ගමන් මාර්ගයද සිතේ අවුල් තත්ත්වය නිසා මඟහැරී ගොස් තිබිණි. කාලය සමඟ ඔහු දුටු අත්දැකීම යටපත් වී ගියේය. ශ්‍රී පාද අඩවියේ අලි ඇතුන්ට සීමා වූ ගුප්ත සුසාන භූමියක් ඇති බවත් වියපත්ව මරණ ඉව දැනෙන අලි ඇතුන් ඒ සුසාන භූමිය කරා පැමිණ ඇද වැටී මිය යන බවත් ශ්‍රී පාද අඩවිය අවට පැරැණි ගැමි කතා හා ජනකතාවල කියැවෙයි. ඒ අනුව එය ඇතුන්ට සීමා වූ රහසක්ම විය.
    ශ්‍රී පාද අඩවිය අති පූජනීය පවිත්‍ර ගුප්ත භූමියකි. සමන් දෙවිඳුන්ගේ වාහනයද ඇළි ඇතෙකි. වනාන්තර සරුවට වැඩී වන විනාශයක් නොතිබුණු එකල ලංකාව පුරා විසිර සිටි හෝ මැදරට හා ඒ අවට පැතිර සිටි දහස් ගණන් ඇතුන්ට ජීවත්වීම, අලිමංකඩ පිළිබඳ ගැටලු මතුවූයේ නැත. ගන වනාන්තරය මැද අවශ්‍ය තරම් ආහාර ඇතිව නිරෝගී ඇත්තු දීර්ඝායුෂ වින්දාහ. වනයට හානි, ගහකොළ කැපීම්, අලිමංකඩ ඇහිරීම් සිදුවූයේ නැත. ඒ නිසා සුවසේ ජීවත්ව ආයුෂ නිමාවී ගෙන එන බවට ඉව වැටෙන විට තමන්ගේ පරපුරේ සොහොන් බිම වෙත තනිව පැමිණීම හෝ රැළේ අත් උදවුකරුවන් සමඟ පැමිණීම සිදුවිය. ඒ සොහොන් බිම අවටද ආරක්‍ෂාව, ආහාර, ජලය ප්‍රමාණවත්ව තිබූ බැවින් ඉතිරි කාලය ජීවත්වීම පිළිබඳ ගැටලු මතුවූයේ නැත.

    ReplyDelete
    Replies
    1. අවුරුදු දහස් ගණනක් ශ්‍රී පාද අඩවියේ තිබූ එම ගුප්ත ඇත් සොහොන උන්ගේ පරපුරටම සීමා වූ රහසක් විය. ඒ කාලවල ශ්‍රී පාද කඳුවැටිය ද ඒ අවට සියලු පරිවාර වනාන්තරද අලි ඇතුන්ගෙන් ගහන විය. එමෙන්ම ශ්‍රී පාද අඩවියට යාව පිහිටි සිංහරාජ තෙත් වනාන්තරය අවට සියලු පරිවාර වනාන්තර අවට අලි ඇතුන්ගෙන් පිරී පැවතිණි. අෑත සිට පැමිණි සංක්‍රමණික අලින් හා රංචුවලින් ඉවත් වූ හා ඉවත් කළ තනි අලිද මේ සීමාවේ නිදහසේ ජීවත් වූහ. ඒ නිසා ඇත් සොහොන ජීවමාන සත්‍ය යථාර්ථයක් විය.
      අතීතයේ වෙසක් පසළොස්වකට පසු අවාරයේ ශ්‍රී පා නොයෑමට වන්දනාකරුවන් පෙලඹුණේද මිනිස් පුළුටක් නැති අවාරය, හරස් අතට වහින තද වැහි, එක දිගට දින ගණනක් අල්ලා සිටින වර්ෂාව, ඇඟකිලිපොළන දැඩි සීතල, තද මීදුම, හෙණ පිපිරීම්, අකුණු සමඟ රෑ දවල් දින ගණන් වර්ෂාව පැවතීම, වර්ෂාවට ශ්‍රී පාදයට යන පඩිපේළි, මංමාවත් යට කරගෙන අඩි ගණනක් උසට බොර වතුර කඳක් අවාරයට එකතු වීම සිදුවූ බැවිනි. අවාරය සමඟ ශ්‍රී පාද අඩවිය අෑත සිටින අලි ඇතුන්ගේද නිදැල්ලේ යන එන ගැවසෙන භූමියක් විය. එහෙත් මේ තත්ත්වය වෙනස් වූයේ කෙසේද? ඇත් සොහොන විනාශව ගියේ කෙසේදැයි අපි දැනගත යුතුය.
      ඉංග්‍රීසීන් උඩරට අල්ලා ගත් පසු 1835 පමණ උඩරට පුරා කෝපි වගාව පැතිරෙන්නට විය. බ්‍රිතාන්‍යයේ සිට කෝපි වැවීමට වගාකරුවෝ ලංකාවට පැමිණ අක්කරයක් සිලිම් දෙක වැනි ඉතා සුළු මුදලකට මිලදී ගත්හ. 1848 මුඩුබිම් පනත යටතේ තමාට නීත්‍යනුකූල ඔප්පුවකින් පෙන්විය නොහැකි සියලු ඉඩම් මුඩුබිම් පනතින් රාජසන්තක විය. උඩරැටියෝ උඩරට කැරලිවලින් පසු සරුසාර ගම් අත්හැර වඩාත් ආරක්‍ෂාකාරී කඳු ප්‍රපාත කරා ගොස් ජීවත්වීමට වූහ. මේ සමඟ යුරෝපයෙන් පැමිණි වගාකරුවෝ රජයෙන් කුණු කොල්ලෙට ගත් ඉඩම්වල දකුණු ඉන්දීය කම්කරුවන් ගෙන්වා කැලෑ එළිකොට කෝපි වතු ආරම්භ කළහ. සමකාලීන සමාජය වටා ලියැවුණු "තිත්ත කෝපි" වැනි ඉංග්‍රීසි නවකතාවලින් මේ ශෝකජනක කතාන්දරය මෙන්ම වතුකරුවන් මුහුණ පෑ ගැටලු විවරණය වෙයි.
      සිංහලයන් අත්හැර ගිය පැරැණි උඩරට ගම්මාන - මුඩුබිම් පනත යටතේ පවරාගත් ගැමියන්ගේ ඉඩම් හා රජයේ කැලෑ එළිකොට කෝපි වගාව ආරම්භ විය. ඒ සමඟ කැලෑ විනාශය, දේශගුණික වෙනස්වීම්, ඇළ‍දොළ, දිය ඇලි සිඳීයෑම, අලි ඇතුන් වඳ වී යෑම සිදුවිය. සිංහරාජය, ශ්‍රී පාදය වටා පැතිර තිබූ පරිවාර කැලෑ මෙන්ම මේ පූජනීය ආරක්‍ෂිත කැලෑබිම් විශාල කොටසක්ද කෝපි වගාව සඳහා එළිපෙහෙළි විය. නිදැල්ලේ කැලෑවල හැසිරුණු අලි ඇතුන් දඩයම වතුකරුවන්ගේ එක් විනෝදාංශයක් විය. විනෝදය සඳහා අලින් සිය ගණන් - දහස් ගණන් මරා දැමීම සිදුවිය. මේ සමඟ නිදැල්ලේ ගැවසුණු අලි පරපුර වඳ වී යෑම ආරම්භ විය. හැටන්, ශ්‍රී පාද අඩවිය, සිංහරාජය, සාමිමලේ වැනි ඒ කඳු පාමුල ජීවත් වූ අලි ඇත්තු මෙන්ම ගවයන්ද වතුකරුවන්ගේ තුවක්කුවලට බිලි වූහ. මේ නිසා ඇත් සොහොන ක්‍රමයෙන් පාළුවීම ආරම්භ විය.
      සුද්දන් ආදර්ශයට ගත් දේශීය ධනපතියෝද කෝපි වගාව ආරම්භ කළහ. 1875 පමණ කෝපි වගාව බිඳවැටුණු පසු සින්කෝනා, තේ, රබර්, පොල්, කෝකෝවා, ගම්මිරිස්, උඩරට දේශීය වගාව පැතිර ගියේය. සුදු ජාතිකයන් අතර වඩාත් පැතිර ගියේ තේ වගාවයි. ඉතිරිව තිබූ කැලෑ නගර සීමාවන් කඳුමුදුන් දක්වාම කැලෑ එළිකොට තේ වගාව පැතිර ගියේය. ඒ සමඟ ඉතිරිව සිටි අලි ගහනයද ක්‍රමයෙන් අඩුවන්නට විය.
      ඇත්ගාල් කරවීම, විකිණීම සඳහා මදු ගසා හෝ ඇත්ගාල් මඟින් කැලෑ අලින් අල්ලා ගැනීම සිදුවිය. මඩකළපුව අවට විසූ "මට්ට" යනුවෙන් හඳුන්වන මුස්ලිම් ජන කොටස මදු ගසා අලින් ඇල්ලීමට ප්‍රකට විය. අලින් අල්ලා රට යැවීම ඉංග්‍රීසීන්ගේ එක් ආදායම් මාර්ගයක් විය. අල්ලා ගත් අලින් හීලෑ කිරීමේදී සිදුවන තුවාලවලින් බොහෝ දෙනා මිය ගියහ. පනාමුරේ ඇත්ගාලට පසු ඇත්ගාල් කරවීම අත්හිටුවිණි. මේ නිසා 1850 පසු ශ්‍රී පාදය අවට තිබූ ගුප්ත ඇත් සුසාන භූමියට ඇදී එන අලි ප්‍රමාණය බෙහෙවින් අඩුවීමට විය.

      Delete
    2. 1850 පසු ක්‍රමයෙන් වනාන්තර ප්‍රමාණය අඩු වූ අතර ජනගහනය වැඩිවීම සිදුවිය. පරිවාර වනාන්තරවලින් අලි ඇතුන් වඳවීම ආරම්භ විය. ගම් යාව තිබූ වනාන්තර ගම්මුන් විසින් බලෙන් අල්ලා ගනු ලැබීමෙන් හා ගම් පුළුල් කිරීම් යටතේ ජනපද ඉඩම් ලෙස ගැමියන් අතර බෙදාදීමෙන් කැලෑ ඉඩම් තවත් අඩුවිය. දඩයම්කරුවෝ අතින් තව තවත් අලි ඇත්තු මරණයට පත්වූහ. ශ්‍රී පාදයට ඇදී එන පිරිස් හැටන් දුම්රිය පාර ආරම්භ වීමෙන් දෙගුණ තෙගුණ වූහ. 1940 වන විටත් ශ්‍රී පාදය අවට ගුප්ත ස්ථානයක පිහිටි ශ්‍රී පාදයේ ඇත් සොහොන අභාවයට ගිය බව කීම සාධාරණය.
      අද වන විට ශ්‍රී පාද අඩවියේ ඉතිරිව ඇත්තේ දහතුන් දෙනකුගෙන් පමණ යුත් අලි රංචුවකි. ශ්‍රී පාද වන්දනා කාලයට එම සත්තු මිනිස් පුළුටක් නොදැනෙන ශ්‍රී පාද සීමාවේ අෑත කෙළවරවල සැරි සරති. ඉන්දුනීසියානු ගුවන් අනතුර සිදුවූ සප්ත කන්‍යා හෙවත් හෙබර්ටන් කඳු අඩවියේ ලක්‍ෂපාන දියඇල්ල ආශ්‍රිතව මේ අලි රංචුව අවාරයට ගැවසෙන බව දුටුවන් ප්‍රකාශ කරයි.
      සිංහරාජයේ ඉතිරිව ඇත්තේ එකම රැළක ඇතුන් තිදෙනෙකි. එකම රැළ තුළ උන්ගේ පැටවුන් ඇති නොවෙයි. මේ අනුව අතීතයේ සිට 1900 පමණ වනතුරු ශ්‍රී පාද අඩවියේ රහසිගත බිමක ගුප්ත ඇත් සොහොනක් තිබූ බව පිළිගැනීම නිවැරැදිය.

      (Wild Hiking adventure පේජයෙන් උපුටා ගැනීමකී )



      Delete
  4. ශ්‍රී ලංකා ගුවන් සංක්‍රමික බලගණය පිහිටුවන ලද්දේ අජිත් ධර්මකීර්ති මහතා විසිනි.

    ReplyDelete
  5. අනාදිමත් කාලෙක හිට හිටිය හොරු
    හැබැයි හිටියෙ කීප දෙනයි එහෙම හොරු
    එන්න එන්න බෝවීලා කම්බ හොරු
    උන් එලවන්නට එනවා තවත් හොරු

    ReplyDelete
    Replies
    1. තට්ට මංජු - කඩවතNovember 12, 2023 at 8:06 AM

      සුවඳක් දැනේවි හදෙහි නිමල්ගේ චුයියේ හා හා..

      නිමල් අයියාගේ චුයියේ සුවඳ බලන්න ආසයි..

      නිමල් අයියේ දෙන්නකෝ උරන්න

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න