.

.

Nov 18, 2023

රහස් කියන කඳු... මාතලන්ගේ චිත්‍රපට විකාරය

 



රහස් කියන කඳු...

මාතලන්ගේ චිත්‍රපට විකාරය

➖➖➖➖➖➖➖➖➖💀➖


ජගත් මණුවර්ණගේ රහස් කියන කන්ද බලන්නට ගියෙමි... ඊට හේතු කීපයක්ම තිබින.. එකක්... ජගත් මා ඉතා ප්‍රිය කරන අති දක්ෂ රංගධරයෙකු වීමය..  එමෙන්ම ඔහුගේ අධ්‍යක්ෂණයක් වූ "කොඩි ගහ යට" ටෙලියෙන් ඔහු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂකවරයකු බව මා මෙන්ම බොහෝ දෙනාද පිලිගන්නා කරුණක් වීමය.


චිත්‍රපටය කලබලේ බලන්නට යාමට තවත් හේතුවක් වූයේ... බුකියේ හිතවතුන් චිත්‍රපටය නරඹා බුකියේ තැබූ ප්‍රසස්ති ගායනාය. එහෙත් ඒ සියල්ලම... ස්වයං මෝහනයට පත්ව ගිනිකන වැටී ලැබූ ස්වයං වින්දනයන්ම පමණක් බව උන්ගේ සිත් උන්ටම කියනවා ඇත. 


නමුත්... චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට වසර හයක් තුල... ජගත් අධ්‍යක්ෂනයෙන් බොහෝ පරිනත වී ඇති බව නොකියන්නේ නම්... මාතලන් අමු කුහකයකු වන්නේය. ඒ කොඩි ගහ යටදීය.


මෙවන් ප්‍රසස්ති ගායනා තුලින් කෙලවෙන්නේ වෙන කාටවත් නොව.. ජගත් මනුවර්ණටමය. ජගත් වුවත් මේ නිර්මාණය යලිත් කරන්නේ නම්... මිට වඩා සිනමාත්මක නිර්මාණයක් කිරීමට හැකියාව තිබූ බව පිලිගන්නවා ඇතිය.


මා චිත්‍රපටය නරඹන අතරේත් කල්පනා කළේ.... මනුවර්ණ හිතවාදීන් හෙවත් මනුවර්ණ ෆෑන් ක්ලබ් එක මෙසේ ප්‍රසස්ති ගැයූවේ ඇයිදැයි කියාය. 


ඊට හේතුවක් තිබේ. චිත්‍රපටයේ ප්‍රස්තුතය වන 88/89 ජවිපේ ත්‍රස්තවාදයේ දෙවන කැරැල්ල පැවති සමයේ මණුවර්ණ හා මණුවර්ණගේ යාලුවෝ එක්කෝ කුඩා දරුවෝය. නැතිනම් අප්පාගේ වෘෂණ කෝෂයේ සිටිය විප්ලවවාදියෝය. කිහිප දෙනෙක් කැරැල්ලෙන් බේරුන ත්‍රස්තවාදියෝය. ඒ අපගේ හැදින්වීමයි.


එහෙත් ඔවුන් එය හඳුන්වනේ... තාරුණ්‍යට එරෙහිව රාජ්‍ය විසින් මුදාහල භීෂණය ලෙසයි. ඇත්ත කතාවා නම්... ජවිපේ ත්‍රස්තවාදයට එරෙහිව ගෙනගිය රාජ්‍ය ත්‍රස්තවාදය... චිත්‍රපටයේ පෙන්වන රාජ්‍ය ත්‍රස්තවාදයටත් වඩා බිහිසුණු හා මිලේච්ඡ වූ බවය. 


නමුත් එය පසුව සාමාන්‍යකරණයට පත් වූයේ ජවිපේ භීෂණයට ඊට දෙවනි නොවූ නිසාමය. 

චිත්‍රපටයේ ප්‍රස්තුතය ලෙස ගෙන එන්නේ මේ සමස්තය නොව, එසමයෙහි ජවිපේ හැර අනෙක් සියළුම පක්ෂවල දේශපාලුවන් හා ඔවුන්ගේ මැරයන් විසින් පවත්වාගෙන ගිය, පූර්ණ රාජ්‍ය අනුග්‍රගය ලද... ප්‍රා, කහ බලල්ලු, කළු බලල්ලු යන නම් වලින් හැඳින්වූ කණ්ඩායමක් ගැනය...මේවා මෙසේ බිහි වීමට හේතු අනන්තවත් තිබුනද... මේ ඒවා ගැන කතා කළ යුතු තැන නොවේ.


ඒ භීෂණය ගැන අනන්ත අත්දැකීම් ඇති අපේ පරපුරට... චිත්‍රපටයේ භීෂණ දර්ශණයන් රාශියක් තුල... හද ගැස්මක් ඇති කරනුයේ මේසයක් මතට අත් හරිනු ලබන.. තරුණියගේ ප්‍රාණය නිරුද්ධ සිරුරේ රූප රාමුව පමණි.


සංගිතයෙන් මේ තුල විශාල දෙයක් කිරීමට බොහෝ ඉඩ තිබුනද... එහි සංගීතයක් තිබුනාදවත් මතකයක් ඇත්තේ නැතිය. ඛේමදාසයන් නොමැති සිනමාව ගැන දුක සිතෙන්නේ මෙවිටය.


මෙහි හොඳ නළුවෝ සිටියද... ඒ නළුවන්ට කරන්නට දෙයක් ඇත්තේ නැතිය. සිල්වා මහත්තයා හෙවත් සරත් කොතලාවල විකට චරිතයකට පන පොවන අතර... ඔහු අපව සිනහ ගැන්වීමට සමත් වූ බව නොකියන්නේ නම්... එය ඔහුගේ රංඟන කෞෂල්‍යයට කරනා අසාධාරනයකි.


මෙහි රඟපෑමක් ඉදිරිපත් කරන්නේ සිල්වා මහත්තයාගේත් සර් ලෙස රඟන... ප්‍රියන්ත සිරිකුමාර පමණි.


අපේ හිතවත් Laka Darmarathna සඕදරයා රංඟනය ආධුනික නලුවකු ලෙස සෑහෙන තත්වයක ඇති අතර... නැගී එන නළුවාට හිමි සම්මාණය ඔහුට ලැබේවායි මම පතමි.


ජගාගේ තුවාලයට මැහුම් දාන්න මීට වඩා සෙක්සි කෑල්ලක් මීට වසර හයකට පෙර සිනමාවේ හෝ කරෝකේ බාර් එකකවත්  නොසිටින්නට ඇතැයි යන සිතිවිල්ලෙන් ඒ විචාරයෙන් ඉවත් වී සිටිනා අතර..


කලා අධ්‍යක්ෂකට මීට වඩා ඉරොටික් පෑන්ටියක් හා බෙසියරයක් සොයා ගැනීමට නොහැකි වීම ගැනත් ඉතා තදබල කනගාටුවක්ද අත්තේය.


ඒ දර්ශනය මෙන්ම සමස්ත චිත්‍රපටයේම කමරා ඈන්ගල්ස් මීට වඩා කලාත්මකව කිරීමට නොහැකි වීම... කැමරාවේ දුර්වලතාවයක්ද කැමරාකරුගේ අඩුපාඩුවක්ද යන්න හරියටම කියන්න දන්නේ නැති වීම මගේ අඩුපාඩුවකි.


කෙසේ හෝ යලිත් විප්ලවයක් තුලින් හෝ ප්‍රජාතන්ත්‍රවාදීව අනුර කුමාරයා බලයට එන තෙක් සිටිනා රසික කැල වෙත.. ඊට පෙර.. තම නිර්මාණය තුල ගෙන එන... රියැලටි ලෝකයේ සිඳු නොවූ... අභව්‍ය සිඳුවීම් කීපයක් ඔබ්බවා කිති කැවීමෙන්... ඔවුන්ගේ ශුක්‍රාණු හා ඩිම්බ ඉබේ පහවන පරමෝත්කර්ෂීය සුරතාන්තයකයට  ගෙන ඒමට සමත් වීම අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවයකි.


ඒ අභව්‍ය සිඳුවීම් මෙසේය....


▪️පැනයන ජගත් මනුවර්ණ නැවතත් හමුවූවද ඔහුට වෙඩි නොතැබීම...

▪️මැරයන් දෙදෙනා අතර ඇතිවන බොරු වලි....

▪️ඒ දෙදෙනාට එකිනෙකා ලවා පෝරියල් දීම..

▪️ඉන් එකෙකු අතින් ජෝකර් මැරයා මියයාම..

▪️ඒ මිනිය පාරේ අයිනක දමා යාම...


ඉතින් ලැම්බෝගිනියක් ඉල්ලලා අඬපු... සජියට පොල්ලකින් පත බාන්න ගිය... දැන් ජෙප්පන්ගේ වේදිකාවේ රංඟනයේ යෙදෙන ජගාගේ සෙප්පඩවිජ්ජා වලින්... අර 88/89 චූටී බබාලා ඕසෙට ෆෝම් වෙලා හුරේ දාන එක අහන්නත් දෙයක්ද ආයිබන්ඩ...


කෙසේ වෙතත් අවසානයේ කිව යුත්තේ... ජගාගේ සෝ එක ඔය කියන තරමේ මහා සිනමාත්මක නිර්මාණයක් නොවුනාට... අප්පිරියාවක් නැතිව  බලාගෙන ඉන්න පුලුවන් එකක් කියලාය..


.

26 comments:

  1. දෙසැම්බර් වල ලංකාවට ආවමා බලන්න වෙන තත්වයක් තියෙන්නෙ ;) මේකේ අධ්‍යක්ශක ජගත් මණුවර්ණ නිසත් ලක්මාල් ධර්ම්වර්ධන මේකට සම්බන්ධ වෙලා තියෙන නිසාත් මේ ෆිල්ම් එක හොද එකක් වෙන්න ඇති කියන සිතුවිල්ල මටත් තියෙනවා. මණුවර්ණගේ දේශපාලනය ටිකක් ගොබ්බ උනත් , එයාගේ කලාව නම් හොද මට්ටමක තියෙනවා. කොඩි ගහ යට ටෙලිය එයට සාක්ශි. නළුවන්ගෙන් උපරිමය ගන්න දන්න අධ්‍යක්ශක කෙනෙක්.

    ඒත් මාතලන් කියනවා වගේ මේ චිත්‍රපටිය හදලා තියෙන්නෙ කොඩි ගහ යට හැදෙන්න අවුරුදු 7-8 කට පෙර. ඒ හින්දා චිත්‍රපටිය බලලම මිසක් මේ ගැන වැරැද්දක් කියන්න හිතෙන්නෙ නෑ. - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මයියාගේ පයිය

      Delete
    2. කතාව ඇත්ත මයියෝ

      Delete
  2. පූජකවරයෙකු දිවි නසා ගනී
    කතෝලික සමාජය
    අතින් කට වසා ගනී!

    ඔක්තෝබර් 14 දා, මෙ රට කතෝලික සභා සාමාජිකයන් මුසපත් කරවන ආරංචියක්, පුංචි රෝමයෙන් රටට පැතිරුනේය.
    " මීගොමුවේ කතෝලික පූජකවරයෙක් දිවි නසා ගෙන" (සුසන්ත රුද්රීගු)
    " කෝච්චියට පැනල"
    මියගිය තරුණ පියනම ගේ හිස, කඳින් වෙන්වූ සිරුරේ ඡායාරූපයක්, මීගොමුවේ ඉහළ රැකියාවක යෙදෙන ගිහි පුරෝගාමියෙකු විසින් අප වෙත එවා ඇත. ඔහු අපෙන් ප්‍රශ්නයක් ද ඇසීය. ( ..........., මේව ගැනත් අපි සාකච්ඡා කළ යුතු නේද?)
    සුසන්ත රුද්රීගු පියනම, හරියටම බෙල්ල පීල්ලට තබා ඇත. හිස වෙන්ව ඇතිවා මිස, සිරුරට හීන් සීරීමක්වත් වී ඇති බවක් නො පෙනේ.
    බෙල්ලෙන් වෙන් වූ හිස, ඡායාරූපයේ ඇත්තේ, දෙපා උඩ විලුඹ මතය. උඩ රතු පැහැ ටී ෂර්ටයේ හෝ, යට සුදුම සුදු කලිසමේ ලේ බිඳක් නැත.
    හොඳ ආරම්භයක් නම් නො වේ!!!

    " දිවි නහ ගන්න හිතෙනව........." කියාගෙන රද්දොළුගම සිටියදී, අපේ නිවසට කඩා ගෙන බිඳගෙන ආ පූජකවරු සිටී. අප මණ්ඩාවල රජයේ ගුරු නිවසක සිටියදී ද පැමිණුන පූජකවරු සිටී. තරුණ අය පමණක් නො වේ.
    " අපෙන් වැඩක් ගන්නෙ නෑ....අපිට වගකීමක් දෙන්නෙ නෑ........! වැරැද්දක් වැටහුනාම පෙන්නන්න දෙන්නෙ නැහැ........! අපට මේව කියන්න කෙනෙක් නෑ ! අපට දැන් ගෙදර ගිහින් කසාදයක්වත් කර ගන්න පුළුවන්ද ..........?"
    කොළඹ පදවි මෙන් ම, නිකායික පියවරු ද ඔවුන'තර වූහ.

    ඔක්තෝබර් 13 දා සුසන්ත පියනම ගෙදර ගොස් ඇත. මව මුණගැසී නැත.
    14 උදේ ඔහු, පල්ලියෙන් පිටව වාහනයක නැගී කොහේදෝ ගොස් තිබේ.
    හලාවත මාදම්පේට කිට්ටු දී, දුම්රියට පැන ඇති කෙනෙකු ගේ කලිසම් සාක්කුවේ, කොළඹ කතෝලික සභාවේ පූජක හැඳුනුම්පතක් ඇති බව දැන ගත්, හලාවත කතෝලික සභාවේ පූජකවරයෙකු, ඒ බව කොළඹ අගරදගුරු මැදුරට දන්වා තිබේ.
    කොළඹ අගරදගුරු මැදුර නිවේදනයක් නිකුත් කළේය......" සුසන්ත රුද්රීගු පියනම, අනතුරකට ලක්ව 'ස්වර්ගස්ථ වී' ඇති බවටය "
    කතෝලිකයන්, ජීවිතයේ හැම මොහොතකම අතනෑර අනුගමනය කළයුතු, " දස පණතක් " තිබේ.
    ඔස්වල්ඩ් ගෝමිස් හිමි ගේ " මහෝපදේශය" ග්‍රන්ථයේ 188 පිටුවේ - දස පණත - හඳුන්වන්නේ, සිල්වත්ව ජීවත්වීම සඳහා දෙවිඳුන් විසින්ම කතෝලික ජනතාවට දෙන ලද, ගුණධර්ම ප්‍රඥ්ප්තියක් ලෙසය.
    බයිබලයේ පරණ ගිවිසුම සඳහන් කරන්නේ, දස පණත, දෙවිඳුන් විසින් ම ගල් පුවරු දෙකක ලියා, මෝසෙස් ට බාර දී ඇති බවය. ( නික්මයාම 20 : 1 - 7 / ද්වීතීය නීති සංග්‍රහය 5 : 1 - 10) සිය ජනතාව ඒ අනුවම ජීවත් වීමට පොළඹවන ලෙස විධාන කරමිනි.
    ස්වර්ග සම්පත්තිය හිමිවන" දේව දරුවන් " ලෙස ජීවත්වීමට නම්, කිතුනුවන් දස පණතට අනුවම
    ජීවත්විය යුතු බව, ගෝමිස් හිමි සිය කෘතියේ සඳහන් කරයි.
    දස පණතේ පස් වැන්න, 'ජීවිත විනාශ නො කරන්න' යන්නය. එහි කතෝලිකයන්ට "ත හ න ම් "
    ප්‍රධාන කාරණා දෙකකි.(229 පිටුව)
    1. මිනී මැරීම.
    2. සිය දිවි නසා ගැනීම.

    හැම කෙනෙකුටම මෙ ලොව උපදින්නට ජීවිතය දෙන්නේ, දෙවියන් වහන්සේ බවත්, කෙනෙකු ගේ ජීවිතය ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ බවත්, ඒ නිසා ලොව හැම කෙනෙකු ගේ ම ජීවිතය අයිති දෙ.වහන්සේට බවත්, ඔ.ගෝමිස් හිමි පවසයි.
    ඒ නිසා කිසි කෙනෙකුට සිය පණ නහ ගන්නා අවසරය නැත. බයිබලය ද වෙනත් වචන වලින් ඒ බවම සඳහන් කරයි.

    ReplyDelete
    Replies
    1. අප කුඩා අවදියේ, මෙ රට ප්‍රධාන ක්‍රිස්තු ධාර්මික ඉගැන්වීම් ග්‍රන්ථය " සුළුපදේශය " විය. 1986 පසු මෙ රට මූලික ක්‍රිස්තු ධාර්මික ග්‍රන්ථය වන්නේ, "මහෝපදේශය" ය. එහි අඩංගු වන්නේ, කිතු දහමේ මූලික සත්‍යතා බව, කර්තෲවරයා සිය පෙරවදනේ සඳහන් කරයි. එ සේ ම තමා, මහෝපදේශය සැකසුවේ, ආසියාවට විශේෂ වූ ක්‍රිස්තු ධර්ම ග්‍රන්ථ හා, දෙවන ජුවාම් පාවුළු පාප් තුමා 1979 නිකුත් කළ අනුශාසනා පත්‍රයක් අනුව බව ගෝමිස් හිමි දක්වයි.
      'සුළුපදේශයට' අනුව, සිය දිවි නසා ගැනීම, මරණීය පාපයකි. ඵහෙත්, ගෝමිස් හිමි සිය 'මහෝපදේශයේ' , ඒ බවක් සඳහන් කර නැත.
      අප කුඩාවියේ, සිය දිවි නසා ගත්තෙකුට පල්ලියේ භූමදාන මෙහෙය හෝ පල්ලියේ සුසාන භූමිය තහනම් විය. එවැන්නෙකු එදා හැඳින්වූයේ, 'ජින්තීරුවෙකු' ලෙසය. පෘතුගීසි නාම පදයක් විය යුතුය.
      සුසන්ත රුද්රීගු සිය දිවි නසා ගැනීම මතකයේ තබා ගෙන අප ඊයේ මුහුණු පොතේ තැබූ විමසීමකට පිළිතුරක් සැපයූ, මීගොමුවේ කාදිනල් කුරේ මධ්‍යස්ථානයේ, සිස්වාන් ද කෲස් පියනම පවසා තිබුනේ, "දැන් ඒ නීති අහෝසි" බවය.

      සුසන්ත රුද්රීගු පියනම සිය දිවි නසා ගත්තේ, කුමන හේතු හෝ, හේතුවක් නිසා විය හැකිද?
      ඉදිරියටත් මෙවැනි ම සිදුවීම්, සිදුවන ඉඩ නැද්ද?

      දිවි ඇති තෙක්, පූජකත්වය අත් නො හැර, මුළු ජීවිතයම දේව සේවයට යොදවන බවට, සිය පීතෲ රදගුරු ඉදිරිපත් මහ පොළව බදා වැළඳ පොරොන්දු වන නවක පූජකවරයෙක් ලෝගු අතහැර, ස්ත්‍රියක හා සරණ යෑම තේරුම් ගත හැක. එහෙත් දුම්රිය රෝදයකට බෙල්ල තබා දිවි තොර කර ගැනීම! අද වන විට කතෝලික පූජකවරු වීම සඳහා, දෙ මා පියන් ගෙන් වෙන්ව, දෙව් සත් හල් වලට ඇතුළත්වීමට ඉදිරිපත්වන පිරිමි දරුවන් අධිකය. පිරිසක් උසස් පෙළ විභාගය සමතුන්ය. පිරිසක් සාමාන්‍ය පාසල්වල 7, 8, ශ්‍රේණි සමතුන් ය.

      Delete
    2. අනාගතයේ රැකියා සෙවීමට නො සිදුවන බැවිනි. අනාගතයේ සැප පහසු, නිදහස්, තනි ජීවිත ගත කළ හැකි බැවිනි. හොඳින් ඉගෙන, පසුව ලෝගු අත් හැරියත්, අනාගතය අඳුරු නැති බැවිනි. ඉහළ රැකියා වලට සුදුසුකම් ද සමාජ සැළකිලි ද හිමිවන හෙයිනි. හොඳ විවාහයක් ද හිමි හෙයිනි.

      1960 පමණ පෙර මෙ රට කතෝලික දෙව්සත් වලට වැඩියෙන් පැමිණියේ, රටේ කතෝලික 'කොලීජි' වල උගත් සිසුන්ය. රටේ ඉහළ කතෝලික සමාජයේ උපන් දරුවන්ය. ( ජෝ ද මැල්, මයිකල් රුද්රීගු, කිංග්ස්ලි ජයමාන්න)
      මේ වන විට ඒ තත්ත්වය උඩුයටිකුරු වෙලාය.
      ග්‍රාමීය ගුරු, ලිපිකාර, ධීවර, රජයේ හා පෞද්ගලික අංශයේ රැකියා කරන දෙ මා පිය දරුවන්, අද අධිකව ඉදිරිපත් වෙති. ඉහළ සමාජ දරුවන් දැන් හිඟය. රජයේ මහා හා මධ්‍ය විද්‍යාලවල උගත් දරුවන් දැන් වැඩි වැඩියෙන් පැමිණේ. දෙ මා පියන් විඳින කටුක ජීවිත වලින් අනාගතයේ හෝ ගලවා ගන්නා දුර අරමුණින් පූජකකම් පතන දරුවන් ද ඔවුනතර සිටින බව පැවසේ.
      ඇත්තටම දරුවෙකු පූජකවීම, අද දෙ මා පියනට මහත් ගර්වයකි. නැතිබැරිකම් දුරු කර ගැනීමටත් මගකි. අළුත් රැකියා කරන්නන් හා විදේශ රැකියා වලට ගොස් ඇති අය නිසා අද නාගරික කතෝලික පල්ලිවල ආදායම් මාර්ග ද ඉහළය.
      අද, පාරේ බස් රථයක රියැදුරු අසුනට පිටුපස අසුනේ වාඩිවී, කොළඹ යන පූජකවරයෙකු, මීගොමු පාරේදීවත් දැක ගත නො හැක.
      කිතු හිමි තම මුල් ශ්‍රාවකයනට පැවසුවේ දැල් ආම්පන්න පමණක් නොව, දෙ මා පියන් පවා සම්පූර්ණයෙන් අත්හැර, තමා පසුපස එන ලෙසය. හෙට ගැනවත් කෑම ගැනවත් ඉඳුම් හිටුම් ගැනවත්, නො සිතා හිස් අතින් එන ලෙසය. ගෙන් ගෙට ගොස්, තම දුක්පීඩා නැති කර ගතහැකි මං, ගැන දුප්පත් මිනිසුන් දැනුවත් කරන ලෙසය. මිනිසුන් ලෙඩ දුකින් පමණක් නොව, මරණයෙන් පවා මුදා ගන්නා ලෙසය.

      සුසන්ත රුද්රීගු පියනම පූජකව වසරක් ගෙවී ඇත්තේ දෙ මසකට පෙරය. " අපි එයාව ස්වාමි කෙනෙක් කරන්න කොයිතරං මහන්සි වුනාදැයි" පවුලේ කෙනෙකු ගෙන් පැවසී ඇත.
      මේ වන විට ඔහු ගේ මළ සිරුර භූමදානය කර අවසන්ය.
      ඔහු දිවිනසා ගැනීමේ පාපය ගැන නොව, ඔහු දිවි නිසා ගත් හේතු හා ඉදිරියට තවදුරටත් එ සේ සිදුවන ඉඩ වැළැක්වීමට, දැන් ශ්‍රී ලංකා කතෝලික සමාජය බරපතළ ලෙස අවධානය යොමු කළ යුතුය. ඒක අපි බලාගන්නම් යැයි කිසිවෙකුට පැවසීමට බැරි තරම් කාරණය බරපතළය. අවමානිතය!
      උසස් පෙළ විභාගය සමත්ව පැමිණ හෝ, පැමිණ දෙව්සත්හලේ ඉගෙන උ.පෙ සමත්ව හෝ, ඉන් අනතුරුව තවත් වසර 15 පමණ, දේවධර්ම, විවිධ භාෂා හා ලෝකය ගැන හදාරා, විභාග හා පෞද්ගලික සොයාබැලීම් රැසකින් පසු, පූජකවරය ලබන තරුණයෙකු, ඉතා කෙටි කලකින්, ලෝගූ හැර නොයා ජීවිතයම හැර යන්නේ ඇයි. ඒ තරමට ඔහුට තිබූ පීඩා මොනවාද? ඔහු ගේ ඒ පීඩිත බව 'ලොකු ස්වාමිට' වැටහුනේ නැද්ද? මිත්‍ර සම වයසේ පූජකවරුනට?
      ඉදිරියේ දී වෙනත් අයට ඔහු අනුගමනය නො කරන්නට අද ගතයුතු පියවර මොනවාද?
      සුසන්ත රුද්රීගු පෙරළුවේ, ශ්‍රී ලංකා කතෝලික සභාවට නව යහපත් පිටුවක් නම් නො වේ!
      හීනියට ටික දිනක් ඝෝෂාකර අමතක කර දැමිය යුත්තක් ද නො වේ. ( මීගොමුවේ, අ.බා.කොස්තා හා ශ්‍රී ලාල් අමරතුංග පිය ඝාතන! වෙල්ලස්සේ, මයිකල් රුද්රීගු පිය ඝාතන!)
      තම පුතුන් බඳු පූජකවරුන් ගේ ගැටළු, දුක් කරදර, සොයා බලන තාත්තලා අම්මලා බඳු කතෝලික ගිහි මූලිකයන් ගේ ස්වෙච්ඡා සංවිධාන ක්‍රමයක් මෙ රට තිබුනි. රදගුරුවරු ඒවා විනාශ කළහ. දැන් එබඳු ස්වාධීන ගිහි කතෝලික නායකත්වයක්වත් මෙ රට නැත.
      පූජක වීමට පවුලකින් නිදහස් කර දේව සේවයට යැවූ පිරිමි දරුවෙකු, දිවි නසා ගැනීම
      මෙ රට එක් කතෝලික පවුලක් පත්වූ විපතක් පමණක් නො වේ.
      කාරණය සාමාන්‍ය නම්, කතෝලික සමාජයට පිළාත් මෙන් අත සෝදා ගන්නට ද හැක.

      -- සිරිල් එඬේරමුල්ල --

      2023.11.17.

      Delete
  3. මාතලන්

    ජගත් මනුවර්ණ කියන්නේ රංගන කෞෂල්‍යය තියෙන නමුත් විචාර බුද්ධිය අතින් දුර්වල චරිත වලින් එකක්, එහෙම රංගන කෞෂල්‍යය සහ විචාර බුද්ධිය මතක ශක්තිය සහ මනා පෞරුෂය තිබුණ චරිත තමයි ගාමිණී ෆොන්සේකා ජැක්සන් වගේ චරිත ඒත් ගාමිණී එජාපයට රෙදිනැතුව කඩේ ගිහින් ජැකා රාජපක්ෂ පවුලට කඩේ ගිහින් කුජීත වුණා.

    ගායන ක්ෂේත්‍රයේ නන්දා මාලිනියත් ඔය වගේ දුබල චරිතයක්, නමුත් අමරදේව වෙනස් විශේෂ විචාර බුද්ධියක් තිබුණ කෙනෙක්

    ජගත් මනුවර්ණ ගැන කියන්න තියෙන්නේ පක්ෂයේ වහල්ලුන් ඔහුව ඕනවට වඩා මුරුංගා අත්තේ තියන්න ගිහින් බොරු හයිප් එකක් හැදෙන්න නිසා පොර නිකම්ම බලු වෙලා පීචන් වෙන බවයි නැත්නම් හොඳ දක්ෂතාවයක් තියෙන නැචුරල් නලුවෙක් වගේම අධ්‍යක්‍ෂනය පැත්තෙනුත් තැනක් තියෙනවා දේශපාලනය නිසා නිකම්ම විනාශ වෙන එකයි දුක.

    ReplyDelete
  4. අයිසේ, මාතලං

    ලංකාවේ පොෂ් කියන උන් නෑ ඕයි, බහුතරය ඉන්නේ මේ ජාතියේ උන්;

    1. බයියෝ (පොහොට්ටු බයියන් නොවේ, මුන් ගමේ සිට නගරයට පැමිණි ගැමි ගොවි අදහස් ඇති සම්ප්‍රදායික මතවාද දරන අය, සමහර අදහස් වත්මන් ලෝකයට නොගැලපෙන පසුගාමී බවත් කිවයුතුයි)

    2. ටොයියෝ ( නගරයේ උපන් බටහිරකරණය වෙන්න උත්සාහ කරන නමුත් ඒක කරගන්නට බැරුව තටමනවා විතරයි බොරුවට හරියට නොදැන බටහිර වෙස්ටර්න් සිවිලිසේෂන් එකට ආවඩන අය, ඒත් මුන් කිසිම දෙයක් ගැන ගැඹුරට දන්නේ නෑ බටහිර හැමදේම හොඳමදේ කියලා ආවඩනවා විතරයි සීනමානය නිසා දේශීය හැමදේටම ගරහනවා හැදෑරීමක් නැතුව)

    3. කයියෝ ( ගමේ/නගරයේ දෙකේම මෙලෝ වැඩක් කරන්න බැරි දෙකයි පණහේ කයි කාරයෝ)

    මෙන්න මේ ප්‍රධාන කාණ්ඩ 3 තමයි ලංකාවේ ඉන්නේ. ඒනිසා මනුවර්ණ ගැන කියන්න ඕන ඔය කාණ්ඩ වලින් පොර අයිති වන කාණ්ඩය මූලික කරගෙනයි.

    ReplyDelete
  5. ලෝක කුසලාන අවසන් මහා තරගයට සියල්ල සුදානම්...

    ඉරේෂාන් සිරිවර්ධනගේ මේ ලිපිය කියවනකොට හිතෙනව ලෝකයේ අනිත් රටවල් මොකටද මේ ලෝක කුසලානයට එක් වුණේ කියලා...

    "ගුජරාතයේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අවසන් මහා තරගයට ඉන්දීය අගමැතිවරයා ප්‍රමුඛ දෙස් විදෙස් ප්‍රභූන්, බලවතුන් බොහෝ දෙනෙක් සහභාගී වීමට නියමිතයි.

    එමෙන්ම ඩුවා ලීපා (Dua Lipa) ප්‍රමුඛ ගෝලිය ජනප්‍රිය තරු සහභාගී වන උත්සවයක් ද අවසන් මහා තරගයට පෙර පැවැත්වෙන බව සංවිධායකයන් ප්‍රකාශ කරනවා.

    අවසන් මහා තරගයට සහභාගී වන විනිසුරුවරුන් අයි.සී.සී ය විසින් ඊයේ නම් කළා.

    මේ අනුව පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන්නේ රිචර්ඩ් ඉලිංවර්ත් සහ රිචර්ඩ් කෙට්ල්බෝරෝ (Richard Illingworth and Richard Kettleborough).

    ඉන්දීය - බංග්ලාදේශ තරගයේ විරාත් කෝලි ගේ ශතකය ආරක්ෂා කිරීමට වයිඩ් පන්දුවක් සලකුණු නොකළ විනිසුරුවරයා වූවේත් රිචර්ඩ් කෙට්ල්බෝරෝ.

    අවසන් මහා තරගයට විනිසුරුවරයෙකු ලෙස එක්වීමට ඔහුගේ එම තීරණයත් දායක වන්නට ඇති.

    2015 සහ 2019 ලෝක කුසලාන අවසන් මහා තරග දෙකෙහිම විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන ට මෙවර අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන් වී නැහැ.

    ඇන්ඩි ෆයික්‍රොෆ්‍ට් (Andy Pycroft) තරග තීරකවරයා ලෙස නම් කර තිබෙනවා.

    මෙවර ලෝක කුසලානයේ ඇන්ඩි ෆයික්‍රොප්‍ට් ගේ භූමිකාව ඉන්දියාවට අතිශය වැදගත් වුණා.

    මෙම ඉන්දීය තනතීරු වල දී කාසියේ වාසිය තරමක වැදගත් සාධකයක්.

    ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව කාසියේ වාසිය සඳහා අලුත්ම උපක්‍රමයක් අනුගමනය කළා.

    ඉන්දීය තරග වල දී කාසිය උඩ දැමීමට අවස්තාව හිමි වුණේ රෝහිත් ෂර්මාට.

    සෑම අවස්තාවකම ඔහු කාසිය අස්වාභාවික ලෙස මීටර කිහිපයක් ඉදිරියට විසි කරනවා.

    ප්‍රතිවාදී නායකයාට කාසියේ ප්‍රතිඵලය පෙනෙන්නේ නැහැ.

    එය පරීක්ෂා කර ප්‍රතිඵලය ප්‍රකාශ කළේ තරග තීරකවරයා.

    ReplyDelete
    Replies
    1. මෙවර ලෝක කුසලානයේ ඉන්දියාවට තීරණාත්මක සෑම තරගයකම, තරග තීරකවරයා ලෙස කටයුතු කළේ ඇන්ඩි ෆයික්‍රොෆ්ට්.

      ඒ සෑම අවස්තාවකම රෝහිත් ෂර්මා කාසියේ වාසිය ජය ගත් බව ඔහු නිවේදනය කළා.

      ඉන්දීය - නවසීලන්ත අවසන් පූර්ව තරගයේ, තරග තීරකවරයා ලෙස කටයුතු කළේත් ඔහුමයි.

      එවරත් ඉන්දියාව තීරණාත්මක කාසියේ වාසිය ජයග්‍රහණය කළා.

      මේ සෑම අවස්තාවකම කාසියට කැමරාව එල්ල නොකිරීමට ස්ටාර් ස්පෝර්ට්ස් තරග විකාශකයන් කටයුතු කළා.

      එබැවින් අවසන් මහා තරගයට ඇන්ඩි ෆයික්‍රොෆ්ට් තරග තීරකවරයා ලෙසින් එක් වීම පුදුමයක් නොවෙයි.

      ඇන්ඩි ෆයික්‍රොෆ්ට් ඉන්දියාවේ තෝරා ගැනීම.

      මෙවර ලෝක කුසලානයේ විනිසුරුවන්ගේ සිට තනතීරු දක්වා වන සියලූම දෑ ඉන්දියාවේ අභිමතය අනුව තෝරාගත් බව රහසක් නොවෙයි.

      ඉතිහාසයේ පළමු වරට 50%ක සම්භාවිතාවයක් ඇති කාසියේ වාසිය පවා සිය වාසියට හරවා ගැනීමට ඔවුන් සූක්ෂම වුණා.

      වසර හතරක් පුරා ඉන්දියාව දුටු ලෝක කුසලාන සිහිනයේ අවසන් පියවර හෙට දිනයේ යෙදී තිබෙනවා.

      එහිදී ඉන්දියාව තමන් සතු සියලූම තුරුම්පූ භාවිතා කරන බවට කිසිඳු සැකයක් නැහැ.

      කාසියේ වාසියේ සිට, තනතීරුව, විනිසුරු තීරණ සහ තෙවන විනිසුරු දක්වා වන සියලූම සාධක ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් භාවිතා කිරීමට ඉන්දියාව දෙවරක් හිතන්නේ නැහැ.

      ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ, ඔහුගේ නමින් තැනූ ක්‍රීඩා පිටියේ දී ලබනා ලෝක කුසලාන ජය වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කළ හැකි සියල්ල කරනවා.

      මේ බව ඕස්ට්‍රේලියාවත් දන්නවා.

      අද දින තනතීරුව පරීක්ෂා කළ ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්, තනතීරුවේ ඡායාරූප පවා ලබා ගත්තේ ඒ නිසයි.

      හෙට දිනය වනවිට කමින්ස් ට පෙන්වූ තනතීරුව වෙනුවට වෙනත් තනතීරුවක් ආදේශ වීමට පවා ඉඩක් ඇති බව ඔවුන් දන්නවා.

      මෙවර ලෝක කුසලානයේ තනතීරු අධීක්ෂණය කිරීමට අයි.සී.සී ය පත් කළ නිළධාරියා ඇන්ඩි ඇට්කිංසන් (Andy Atkinson).

      ඔහු ක්‍රිකට් තනතීරු සම්බන්ධ විෂයේ ප්‍රවීනයෙක්.

      ලෝක කුසලානයේ දී ඉන්දියාව විසින් තමන්ට නොදන්වා තනතීරු වෙනස් කරන බව ඔහු පසුගිය දිනෙක අයි.සී.සී යට පැමිණිලි කළා.

      අයි.සී.සී යේම වගකිව යුතු නිළධාරියෙකු විසින් සිදු කරනා පැමිණිල්ලක් සරල දෙයක් නොවෙයි.

      මේ බව ජාත්‍යන්තර මාධ්‍යයේ පවා පළ වුණා.

      නමුත් අයි.සී.සී ය විසින් ඔහුගේ පැමිණිල්ල තුට්ටුවකට මායිම් කළේ නැහැ.

      ඔවුන් ඉන්දියාව සාධාරනීකරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

      මේ වෙද්දී අයි.සී.සී ය තුල ඉන්දියාව එතරම් බලවත්.

      කෙසේ වෙතත් ඉන්දියාව විසින් හෙට දිනයේ සිදු කළ හැකි සියලූම උපක්‍රම පිළිබඳ අදහසක් ඇති වෙනත් රටක් ඇත්නම් ඒ ඕස්ට්‍රේලියාව.

      ලොව වෙනත් කිසිදු රටකට වඩා ඕස්ට්‍රේලියාව, ක්‍රිකට් ක්‍රීඩාවේ උපක්‍රම සහ කපටිකම් පිලිබඳ දැනුවත්.

      ඒවාට එරෙහිව තරමක් දුරට හෝ සටන් කිරීමට හැකි රටක් ඇත්නම් ඒ ඕස්ට්‍රේලියාව පමණයි.

      ඒ අර්ථයෙන් හෙට පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ඉන්දියාවේ ප්‍රතිවාදීන් වීමට සුදුසුම රට වන්නේත් ඕස්ට්‍රේලියාවයි.

      සියලූම සාධක අනුව හෙට තරගය ඉන්දියාවට අතිශය වාසි සහගතයි. ඉන්දියාව ජය ගැනීමට ඇති ඉඩ ඉතා වැඩියි.

      එනමුත් ඔවුන්ටම ආවේණික සටන්කාමී ආකල්පයත්, නොපසුබස්නා වීර්යයත් ඕස්ට්‍රේලියානුවන් සතුයි.

      දැනට පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගය ඒක පාර්ශවික ගැටුමක් නොවීමට බොහෝවිට එය ප්‍රමාණවත් වේවි...."

      Delete
  6. කරපු හොර වැඩ දහක් අතරේ භාරතීය ක්‍රිකට් පිලට සෙත් පතා - වස් කවි -

    කරපු හොර වැඩට දිනුම වෙනුවට
    ඔසියො පැල් බැඳන් ගහපං..
    ජය හින්ද් කියන මොහොතෙ
    විකට් ඔක්කොම කඩං වැටියං
    කොයි තරම් පොරවල් වුණත් උං
    පිත්ත පරයා බෝල පලයං..

    පරපුරේ පම්පෝරි දොඩවන
    රවියගේ කට වචන ගිලියං..
    කැස්ස හැදිලා ගවස්කාරට
    මයික් එක තරඟයට නොදියං..
    මෝදී පණ්ඩිතයා වෙලාවට
    නොඑන්නට වාහනේ කැඩියං..
    නොකළ හින්ඳා වැරැද්දක්
    දෝනියට වෙන වැඩක් වැටියං..

    ලෙදර් බෝලේ ශර්මා දෑසට
    හූණු බිජු වාගේම පෙනියං..
    නොහොඹිනා පහරක් තෝරලා
    කෝලියගෙ මැද පොල්ල වැටියං..
    ඉන්දියා එහෙනං දිනනවා දැං
    ඉස්සුවොත් ඇඟිලි අම්පයර් එසැණින්
    අලුත් මෝදී ග්‍රවුන්ඩ් මැද්දේ
    අනේ ඕකට බෝලේ වැදියං..

    රවියගේ කට වචන ගිලියං
    දෝනියට වෙන වැඩක් වැටියං
    කෝලියගෙ මැද පොල්ල වැටියං
    අනේ ඕකට බෝලේ වැදියං..

    මොකක් හරි හේතුවක් හින්ඳා
    බෝලේ උගේ බෝලෙටම වැදියං..

    චරියාගේ පන්හිඳ

    අමුඩ ගීයේ තාලයට ගායනා කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල සහතිකයි.

    උපුටාගැනීම Pas Daily

    ReplyDelete
  7. ලිපිය දෙයි, උත්තේජනය නරඹන්නටම පොළඹා හදේ සිතුවිලි
    එකිනෙකාගේ විවේචනයන් කියෙව්වෙමි නොනගාම මැසිවිලි
    පදමටත් වැඩියෙන් කරන්නට සුදුසු නෑ ගැරහිලිත්- පිම්බිලි
    මැදුම් පිළිවෙත මෙතැනදිත් සුදුසුයි - හැඟේ මට, කියමි යළි යළි

    ReplyDelete
  8. මාතලන් උඹ විතරක් නෙවෙයි අපිත් රහස් කියන කඳු බැලුව හරිද... මගේ Personal rating එක විදියට 6/10 දෙන්න පුලුවන්. මේක breakdown කරොත් මෙහෙමයි.

    * මේක මට අනුව තරමක Visually Pleasing film එකක් වුණත් Cinematography එහෙම හොඳ මට්ටමක තිබ්බ නිසා ඒ criteria එකට 7/10 වගේ දෙන්න පුලුවන්. ලංකාවේ film එකක දැක්ක සාමාන්‍ය හොඳ මට්ටමේ cinematography එකක් තියෙනවා

    * මේකෙ Acting ගත්තොත් චරිතය කෙරේ ප්‍රේක්ෂකයා ඇද බැඳ තබාගන්න සමත් විදියේ රඟපෑම් හැම character එකකම වගේ තිබ්බා. සමහර characters වල character build-up එක එහෙම සාර්ථක විදියට පෙන්නලා තිබ්බා. මේ aspect එකට 7/10 වගේ දෙන්න පුලුවන්.

    * Production Quality එක ගැන කතා කරොත් සිංහල Film එකකින් බලාපොරොත්තු වෙන්න පුලුවන් higher end එකේ production quality එකක් තිබ්බා. ඒකටත් 7/10 දෙන්න පුලුවන්.

    * මේකේ මට සෙට් උනේම නැති කෑල්ල තමයි plot එක. Plot එකට අදාළව හෙන interesting ප්‍රස්තුතයක් තියෙන කතාවක් තෝරගෙන තිබුණත් ඒකෙන් කිසිම වැඩක් අරගෙන නෑ කියලයි මට නම් හිතුනේ. හරිහමන් අවසානයක් තියෙනවා කියලා මට හිතෙන්නෙත් නෑ. මේන් ස්ටෝරිලෛන් එකත් එක්ක පැරලලී තවත් සෛඩ් ස්ටෝරීස් 3ක් 4ක් යනවා. ඒත් එව්වා නොතිබ්බාය කියල එහෙම ලොකු විශේෂයකුත් නෑ හැබැයි. සමහර කැරැක්ටර්ස් වලින් මේන් ස්ටෝරිලෛන් එකට කිසිම කන්ට්‍රිබියුෂන් එකක් ඇත්තෙම නැති තරම්. ඒක නම් කමක් නෑ කියමුකො. ඒ කැරැක්ටර්ස්වලින් තමන්ගේ කැරැක්ටර් ආක් එකටවත් කිසිම කන්ට්‍රිබියිෂන් එකක් නෑ. හිතේ හැටියට ස්ක්‍රීන් ටෛම් නං දීලා. බලෙන් ඔබලා වගේ ගතියක් දැනුනා.

    ජගත්ට කතාව සහ පොලිටික්ස් සිනමා නිර්මාණයකට සූක්ෂ්මව තියා සරලව වත් සාර්ථකව බ්ලෙන්ඩ් කරන්න කොහොමවත්ම තේරෙන්නෙ නෑ කියලා නම් පැහැදිලිවම දැනුනා. ජගත් අනවශ්‍ය ලෙස පොලිටික්ස් කතා නොකර කමර්ෂල් සිනෙමාවට වැඩි බරක් යෙදුවා නම් මීට වඩා සෑහෙන්න සාර්ථක සහ හුදී මහජනයාගේ පහන් සංවේගයට කාරණා වෙන විදියේ හොඳම චිත්‍රපටයක් අවුට්පුට් එක විදියට ලැබෙන්න තිබ්බ කියලා හිතෙනවා. හරිම Half Cooked vibe එකක් ආවෙ අර plot එකේ ප්‍රශ්නෙ නිසා.

    ප.ලි. මේකෙ cinematography set කෙනෙක් ඉන්නව නම් විමුක්තිගේ අහසින් වැටෙයි එක බලන්න කියලා මම යෝජනා කරනවා. 2023 රහස් කියන කඳු වලින් කුළුඳුල්ව ජගත් අතපතගාපු ඒ පොලිටිකල් කෑලි ටික වඩා සෑහෙන ගැඹුරින් වඩාත්ම සිනෙමැටික් විදියට විමුක්‍ති 2009 අහසින් වැටෙයි එකේ ලස්සනට කතා කරනවා.

    චමින්ද සම්පත්ගේ කැරැක්ටර් එකද කොහෙද කැච් ෆ්‍රේස් එකක් කියනව. "ආයෙ තේරුමක් නෑ" වගේ එකක් මට මතක විදියට.

    රහස් කියන කඳු ගොඩක්ම මහන්සිවෙලා හැදුවත් රඟපාන අයත් සෑහෙන වෙහෙස මහන්සියකින් රඟපෑවත් සිනමැටික් ප්‍රසන්ටේෂන් එකත් බලද්දී බැලූබැල්මට ලස්සන වුණත් බලන එකෙන් අපට දාර්ශනික තේරුමක් හෝ කොමර්ෂල් එන්ටටේන්මන්ට් එකක් හෝ පොඩි delight ගතියක්වත් අන්තිමට එන්නේ නෑ. ඒකයි මට හිතට අවුල්.

    ReplyDelete
    Replies
    1. ඉතා හොද විග්‍රහයක්...මණුවර්ණගේ කොඩි ගහ යට ටෙලිනාට්‍යය ගිය සතියෙන් ඉවර උනා. මේ විග්‍රහයෙදි මතු කරපු කාරණා ඒ ආකාරයෙන්ම් ටෙලි නාට්‍යය තුලත් තිබ්බා. කිව්ව විදිහටම ප්ලොට් එක අවුල්....ටෙලි නාට්‍යයට නම් වෙන්න ඇත්තේ අතරමගදි මණුවර්ණ කථාව වෙනස් කරලා තියෙනවා. මොනා උනත් සුපිරිම ප්ලොට් එක තිබ්බේ කූඹියෝ ටෙලිනාට්‍යයේ.. - Mayya - https://maiyyagelokaya.blogspot.com/

      Delete
  9. ලංකාවේ ලොකුම ප්‍රශ්නය ගැන එක බල්ලෙක්වත් සිනමාවෙන්වත් කතා කරන්නේ නෑනේ ඇත්තටම අනිත් සේරටම වැඩිය ලංකාවේ ජනතාවට බලපා ඇති වඩා ප්‍රධානම ප්‍රශ්නයට හේතුව තම තමන්ගේ ආදයමට සරිලන විදියට ජීවත් නොවීම. ශ්‍රී ලංකාව රටක් විදියට බංකොලොත් වෙන්නත් ප්‍රධානම හේතුවක් ඕක.

    ඇත්තටම Lifestyle Obsession හින්දා ගොඩක් අයට හොඳටම කෙළ වෙනවා. මාසෙකට ලක්ෂයක් හොයන එකා ජීවත් වෙන්න යන්නෙ මාසෙකට ලක්ෂ පහක් හම්බ වෙන විදියට.

    ජගත් මනුවර්ණලා මාලිමාව කියලා අලුත් බෝතලයකට දාල තියෙන ජවිපෙ නමැති පරණ කසිප්පු වලට වටිනාකමක් හදන්න සහ එහි ගඳගහන අතීතය හංගන්න ඉතිහාසය විකෘති කර ඔය වගේ නිර්මාණ හදන බව පේනවා තමයි. ඒත් මම හිතන්නේ ඔය සිනමා පටය තුල කියන තරමට ලොකු සීන් එකක් නැති බවයි, ඕකත් හරියටම ගින්නෙන් උපන් සීතල වගේ. ගජමෑන් එකත් ඒ තරමට සාර්ථක වුණේ පළවෙනි සිංහල ඇනිමේෂන් එක නිසාම තමයි. කතුරු මිතුරු සහ සුහද කොකා වගේම සිකුරු හතේ ජෝක් නිසා ගොඩ ගියා. බුකියේ කට්ටිය ඕක උඩ දාන තරමට නම් සාර්ථක වෙයි කියල හිතන්න අමාරුයි.

    ReplyDelete
  10. අඩෝ තලමා ඕකේ ට්‍රේලරේ දැක්කාමනම් මට පෙනුනේ එක පැත්තක් හෝදලා අනික් පැත්තට කුණු ඔක්කොම තල්ලු කරන ලයින් එකක් වගේ. ඒත් සේරම බලන්නේ නැතුව එහෙම කියන එක වැරදියි. ඒනිසා බලලම කියන්නම්.

    ReplyDelete
  11. ටිකක් මනුවර්ණගේ සීවී එක යටට ගිහින් බැලුවොත් පොර තැරිදාර පුන්නක්කු මීහරක් ජෙප්පෙක් කියා පෙනේවි. මමනම් ගියෙ නෑ ඔයාලා ගිහින් බලන්න. මේක පොදු ලක්ශණයක් උන්ගෙ. දන්න මගුලකුත් නෑ නොදන්න ලබ්බකුත් නෑ. 😂😂😂

    ReplyDelete
  12. ජගාත් මේකේ මාකටින් සඳහා බුකියේ සහ පිටත ඉන්න ජේවීපී මීහරක් මාලිමාවට රෙදි නැතුව කඩේ යන වහල්ලුන්ව අන්දලා නොමිලේම කඩේ යවාගෙන ෆිල්ම් එක හිට් කරගෙන ඌට කෝටි ගණනක ආදායමක් උපයගන්න ගහන ගේමක් බව ලේසියෙන්ම කියන්න පුලුවන්.

    මතකද ඉස්සර බලු පාහර නාකි මයිනගේ පලවෙනි පාලන කාලේ යුද්ධය අස්සේ ජැකා අබා ෆිල්ම් එක මාකට් කළේ අන්න ඒ වගේම තමයි

    ඔය මොන මොන රංගන පෙන්නුවත් මාලිමාවේ බලය හොබවන ඉහලම ලේයරය කඩේ යන්නේ රනිල් යටතේ පවතින ලංකාවේ ඇමරිකන් යුරෝපියන් ඉන්දියන් බලවේග විසින් මෙහෙයවන වික්‍රමසිංහ (+රාජපක්ෂ) රෙජීමයට

    දැන් කට්ටියගේ ක්‍රිකට් ගොන් ආතල් එක අවසන්, ඒක ඉවරවෙච්ච ඉක්මනට තව මොකක් හරි දෙයක් ගේනවා... ආර්ථික ප්‍රශ්න සහ රටේ බරපතල අමතක කරන්න අවධානය වෙනතකට යොමු කිරීමට

    ඒ කාලේ තිබුන ඉන්දියාව නෙමේ දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ මෝදිගේ ඉන්දියාව. ඒ කාලේ ඉන්දියාව ආසියාව යටත් කර ගන්න කැස කැව්වේ නැහැ. අද ඉන්දියාව කියන්නේ ලංකාව, නේපාලය, පකිස්ථානය, බංගලදේශය ආර්ථික වසයෙන් ඝාතනය කරලා එම රටවල් ඉන්දියාවට යටත් කරගැනීමේ චින්තයක් ඇති රටක්. ඒ උණ තමයි ඉන්දියන් ටීම් එකෙත් තියෙන්නේ.. ඒක තමයි එදා 1970 සිට 1987 දක්වාම විජේවීරලා ඉස්මතු කළේ. ඔය ජගාලා කතා නොකලට 87 තරුණ තරුණියන් කැරලි ගැසූවේ 1987 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව ඒකයි මූලික හේතුව නැතුව පාලකයන්ගේ මගුලක් නිසාමත් නෙවෙයි. නමුත් රහස් කියන කඳු එකේ මර්දනකාරී හමුදා පොලීසි පීඩකයන් මිනිමරුවන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන අපරාධ කරපු අමනයන් අහිංසකයන් බවත් ඔවුන්ට අණ දුන් අය පමණක්ම වැරදි බවත් කියන්න හදන එකත් දාර්ශනික පදනමින් වැරදියි නේද? ඒකත් ජවිපය සහ මාලිමාවේ අය හැමදාම හැමදේටම එකම විධියට දේශපාලන ඇමති වරුන්ට ජනපතිට බැන්නාට ඔවුන් පසුපස සිටින රජයේ නිලධාරීන්ට සහ වෙනත් වෘත්තීය මාෆියාවලට එරෙහිව කට හොල්ලන්නේ නැතුව ඉන්න එක වගේමයි.

    ReplyDelete
  13. අඩේ මාතා,

    ජගතගේ කොඩි ගහ යට ටෙලියට මොකද බන් වූණේ? පොර කියනවා හදිසියේම නතර කරා ලු, බුකීගත මාලිමාවේ සපෝටර්ලා මහා ගෝසාවක් ඒකට දේශපාලන බලපෑම් ඇවිත්ලු ඇත්තටම දේශපාලන බලපෑම මත අතර මැද අවසන් කිරිමට සිදුවුනා ද?

    ReplyDelete
    Replies
    1. ඔය ජෙපි වහලුන්ගේ බොරු ප්‍රචාර නේ බන් එහෙම මගුලක් නෑ මේ බලපන් කොඩිගහ යට කතාවේ තිරරචක අරුණ ප්‍රේමරත්න කියන කතාව

      ///කොඩි ගහ යට අවසන් වුණා. ජීවිතයේ ලද අමතක නොවන, සුන්දර අත්දැකීමක් සිතේ ඉතිරි වුණා. ජගත් සහ ලසා මාව මුණ ගැහිලා පිටපතක් ලියමු කියල කිව්ව දවසේ ඉ‍ඳන් මේ ඡායාරෑපයෙන් පේන අවසන් සාකච්ඡාව දක්වා අපේ හමුවීම්, කතා බහ සියල්ල හරිම රසවත්. ඇතැම් සාකච්ඡාවක් අවසන් වුණේ පාන්දර. ඒ සද්ද බද්ද, කරදර ඉවසා සිටීම ගැන සාගරිකාටත් පූර්ණිමාටත් ස්තුතියි.
      කොඩි ගහ යට අපි ලිව්වෙ පෙන්නන්න නෙමෙයි. එහෙම කියන්නෙ අපි නිදහස උපරිම ලෙස බුක්ති වින්ද හින්දා. චැනල් ගැන, ඒවයේ උපමාන, නීති රීති, නිර්නායක ගැන අපි තඹේකට මායිම් කළේ නැහැ. අපට උවමනා වුණේ අපි බලන, අපට වැදුණ, අපි කතා බහ කරන විදිහෙ ටෙලි සීරීස් එකක් කරල බලන්න. ඒවායේ තියෙන තාක්ෂණයත් එක්ක අපට හැප්පෙන්න බෑ කියල අපි දැනගෙන හිටියා. තියෙන සම්පත්වලින් එහෙම තැනකට ළං වෙන්න අපිට උවමනාවක් තිබ්බා. අපි නොයෙක් ශිල්ප ක්‍රම අත්හදා බැලුවා. ඇතැම් දෙයක් සාර්ථක වුණා. තවත් සමහර දේ අසා ර්ථක වුණා.
      මේ විදිහට පිටපතක් ලියවෙන්න නම් අනිවාර්යෙන් ජගත් වගේ අධ්‍යක්ෂවරයෙක් ඉන්න ඕනැ. ජගත් හිතුවක්කාරයෙක්. හැබැයි හික්මීමක්, සංයමයක්, කැපවීමක් සහ හැදෑරීමක් සහිත හිතුවක්කාරයෙක්.
      මං ලියල දෙන දෙයක් අරන් ගිහින් නළු නිළියන් ලවා දෙබස් කියවලා රෑප ගත කරන අධ්‍යක්ෂවරයෙක් නොවී ජගත් වගේ, මං ලියන දේ ප්‍රශ්න කරන, මෙහෙමත් වෙන්න පුළුවන් නේද කියලා යෝජනා කරන අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන එක මට හරිම ආස්වාදජනකයි.
      අපේ හමුවීම්වලින් ඡායාරෑපයක් ගන්න ලැබුනෙ අන්තිම හමුවීමෙදි විතරයි. මේක ගත්තෙ සහාය අධ්‍යක්ෂක එතන හිටිය හින්දා. මේ තමයි අපි කොඩි ගහ යට අවසානය කොහොම එකක් වෙන්න ඕනැද කියලා තීරණය කරපු දවස. අපේ අන්තිම හමුවීම. ඇතැම් කෙනෙක් සැක කරල තියෙන විදිහට ඒ සම්බන්ධයෙන් කාගෙවත් අතපෙවීමක්, බලපෑමක් හෝ පෙළඹවීමක් තිබ්බෙ නෑ. ඇත්තටම අපි කල්පනා කළේ කොටස් හැටකින් වගේ මේක ඉවර කරන්න. ඒත් රෑප ගත කළාට පස්සෙ තවත් කොටස් කීපයක් වැඩිවෙලා තිබ්බා. ඒ වැඩි වෙලා තිබ්බ කොටස් අහක දාන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. මේක කාටත් අමාරැ කාලයක් කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.
      කොඩි ගහ යට අවසන් නොකළා නම් මාත් ඉවර වෙන්න තිබ්බා කියල ජගත් කිව්වෙ ඔහු මේ වෙනුවෙන් දරපු මහන්සිය නිසා. නැතුව කාගෙන් වත් එල්ල වෙච්ච තර්ජනයක්, බලපෑමක් හින්ද නෙමෙයි. ටෙලි නාට්‍යයක් මේ මට්ටමෙන් රෑප ගත කරන එක මේ අවධියේ සෙල්ලම් වැඩක් නෙමෙයි.
      කොඩි ගහ යට විකාශනය කිරීම ගැන සුදර්ශන ගුණවර්ධනට ස්තුති වන්ත විය යුතුයි. කිසිදු ආකාරයකින් නාට‍යේ සංදර්භයට, අපගේ නිදහස් ප්‍රකාශනයට බාදාවක් නොකළා පමණක් නොවෙයි නාට්‍යයට එල්ල විය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නට ඔහු සැදී පැහැදී සිටියා.
      නාට්‍යය විකාශනය වුණ කාලය පුරා ප්‍රේක්ෂක අදහස් නිරීක්ෂණයෙන් බොහෝ දේ ඉගෙන ගත් බව කිව යුතුයි. මේ අදහස් අතර මා සම්බන්ධයෙන් පළ වී තිබූ රසිකයෙකුගේ අදහසක් මේ.
      'මේක ලියන එකා හොලිවුඩ්වල ඉපදෙන්න ගිහින් අම්මගෙ කීමට ලංකාවෙ ඉපදිච්ච එකෙක්.'

      අරුණ ප්‍රේමරත්න - කොඩි ගහ යට තිරරචක///

      Delete
  14. අඩේ ඕකේ ඩිරෙක්ටර ගොන්මෝලා නේද අර ලැම්බෝගිනියක් ඉල්ලලා ඇඬුවේ?

    මේකේ ඉන්නේ ඌ නේද?

    https://www.facebook.com/100080256790919/posts/354441560574401/?mibextid=eimWu5Utm3dJgHwj

    ReplyDelete
  15. ළමාතන්,

    රහස් කියන කඳු චිත්‍රපටියට මුල් වූණේ ඉන්දියාව ලංකාවට බලෙන්ම පරිප්පු දාලා බලෙන්ම එල්ටීටීඊ සංවිධානයට එරෙහිව එල්ල වූ යුධ මෙහෙයුම නවත්තලා බලෙන් ගිවිසුමක් අත්සන් කරලා ලංකාවට ආක්‍රමණික සාම සාධක හමුදාවක් එවපු එකට විරුද්ධව දකුණේ සිංහල සමාජය තුල තරුණ පරපුර ඇරඹූ සන්නද්ධ අරගලය නිසා එය මැඩලීමට රජයේ හමුදාව සහ සන්නද්ධ කණ්ඩායම් කරපු මර්දනයයි. සැබැවින්ම එය තවමත් වෙනස් ආකාරයකට ක්‍රියාත්මක වන බව කිව යුතුයි.

    හැමෝම දන්න විදියට ඉන්දියාව ආසියාවෙි බලවතා වීමත් ලංකාව සියළුම අතින් දුබලයා වීමත් ලංකාවෙි ක්‍රිකට් වල නායකත්වය කණ්ඩායමේ පරිපාලනය ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා ඇමතිගේ සිට ඉහල සිට පහලම දක්වා අන්ත දූෂිත එවුන් වීම නිසා ලංකාවේ ක්‍රිකට් වලට පමණක් නොව ලංකා⁣ රාජ්‍යයටත් ඉන්දියාවට අවැසි දේ කල හැකිව තිබුණා

    එය තවත් වසර ගණනක් යනතෙක් සමහර විට දශක ගණනාවක් ඉදිරියටත් මේ දුෂ්ඨ අසමජ්ජාති දේශපාලකයන් සහ දේශපාලන ක්‍රමය සහ පාලකයන් සමාජ ජාලවල මුදලට කහින අපතයන් වගේම ගොබ්බ පක්‍ෂ විපක්ෂ දේශපාලන ව්‍යාපාර වල තකතීරු බලලෝභී මුදලට කෑදර අමන සංස්කෘතිය සහ සමාජ ක්‍රමය නිසා සිද්ද වනු ඇති

    එහෙත් එය වර්තමාන ක්‍රිකට් ලෝකශූර ඔස්ට්‍රේලියාව සඳහා ආදේශ කරන්නටත් විවිධ කූප්ප කූඨ අරමුණු ක්‍රියාත්මක කරන්නටත් නොහැකි වන්නේ ඔස්ට්‍රේලියාව තම මව්බිමට මිස මුදල් හෝ වෙනයම් ප්‍රසිද්ධ වීමට කැපී පෙනීමට නොයන හෙයිනි

    මුදල් ලැබෙන IPL තරග පවා අවශ්‍ය විටෙක වර්ජනය කල ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් මෙවර ලෝක කුසලානය ඉලක්ක කොට පුහුණු වීම් සහ කණ්ඩායම ශක්තිමත් කර ගත්තා

    එහි ප්‍රතිපලය වුයේ ඔවුන් 2023 වසරේ ලෝක කුසලානයේ හිම්කරුවන් බවට පත්වීමයි

    එසේ පත්වූයේ ඉන්දියාව කල සියළු බලපෑම් නසරානි වැඩ මධ්‍යයේ ඒ සියල්ල පරාජයට පත් කරමිනි

    ඔවුන් තම කණ්ඩායමට තුන් ඉරියව්වේම කැපී පෙනෙන ක්‍රීඩකයන් රැසක් ස්ථාවරත්වය ඇතිව පුහුණු කොට තබා ගනී

    ඔවුන්ව ලෝකයට නිරාවරණය කරන්නේ මෙවැනි තරගාවලියකදී පමණි

    එවිට කිසිවෙකුට ඒ ක්‍රීඩකයාව හදාරන්නට හෝ ඊට එරෙහිව ක්‍රීඩාවේ සැලසුම් සහ උපායන් ක්‍රියාවේ යොදවන්නට කාලය මදිවනු ඇත

    ඒ නිසා ඔවුන් ඊලඟ ලෝක කුසලානයටත් හෙට සිටම නව සැලසුම් ක්‍රියාත්මක කරනු ඇත

    ලංකාවේ මෙන් දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයක් හෝ තරග පාවාදෙන තරගයකට ගියවිට සිය වගකීම බල්ලාට දමා ගැහැණුන් සමග ගුබ්බෑයම් වල ලගින කාලකණ්නි නරුම ක්‍රීඩකයන්ට වඩා විනයක් ඇති ක්‍රීඩකයන් ඔස්ට්‍රේලියාව සන්තකයේ සිටිති

    එහෙයින් ඉන්දියාව ආසියාවේ රටවල් සියළු අතින් බලය පෙන්වා යටපත් කලද ඔස්ට්‍රේලියාව සහ සෙසු රටවල් එකී උගුලට හසුකර ගනු ලෙහෙසි නැත

    මීලඟ මැතිවරණයේදී මෝදි අග්‍රාමාත්‍ය වරයා ගේ ජයග්‍රහණය ද ලෙහෙසි නොවනු ඇත

    ඊට උත්තේජනයක් ලබන්නට සූදානම් කල ලෝක කුසලානයද අහිමි වුයේ නොසිතූ ලෙසිනි

    අපේ රටේ සිංහල බෞද්ධයන් එකට එකතු වුවහොත් නැවතත් මේ රට වෙනස් මගකට ගත හැකි වනු ඇත

    එසේ නොවුන හොත් ඉන්දීය හබකට හසුවුනු එවුන් පරිදි ඉන්දීය ප්‍රාන්ත රාජ්‍යයක අවශේෂ පුරවැසියන් ලෙස දෑත් දෙපරැන්දේ ගසාගෙන සුනඛ සෙය්යාවෙන් සිටිනු හැකිවනු ඇත

    පාලකයාගේ සිට දේශපාලකයා දක්වාද වගකිවයුතු ඉහල නිළධාරීන් ගේ සිට පහල සේවකයා දක්වාද පොදුවේ සබුද්ධික ලෙස සිතන බහුතරයකින් සැදි ජනතාවක්ද පොදුවේ පවතින කුජීත වැඩපිළිවෙල වෙනස් කරන වෙනස් ලෙස හිතන වෙනස් ලෙස වැඩ කරන ජාතික ප්‍රතිපත්තියක් මත නව ප්‍රතිසංස්කරණයන් ද සැකසිය යුතුය

    එවිට ක්‍රිකට් පමණකින් නොව සියලු අංශයන්ගෙන් ජයගත හැකිවනු ඇත

    ජාතිකවාදීන් සියල්ලම මේ 🇱🇰 යටතට
    කොන්දේසි විරහිතව එකට එක මිටට එකතු විය යුතුය

    එය බැරිම නැත

    ගජයා෴ ✍️

    ReplyDelete
  16. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී අයකරගත් බදු මුදලින් සියයට හැත්තෑවක් එහි නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝපා ) දැඩි අවධානය යොමුවිය.

    නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට ගල්අඟුරු ගෙන ඒමේදී නිවැරදි තොරතුරු අනාවරණය නොකිරීම මත අඩුවෙන් අයකර තිබූ රුපියල් කෝටි 18 කට ආසන්න වැට් බද්ද අතිරේක බද්දක් ලෙස අයකර නොගෙන රුපියල් කෝටි 20කට වැඩි දණ්ඩනයක් පනවා එම ලැබුණු මුදලින් සියයට හැත්තෑවක් නිලධාරීන්ගේ ත්‍යාග සහ සුබසාධනය වෙනුවෙන් වෙන් කර ඇතැයි මෙහිදී සඳහන් විය.

    මේ සම්බන්ධයෙන් කමිටුව කරුණු විමසූ අවස්ථාවේදී රේගු නිලධාරීන් පවසා ඇත්තේ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර මෙවැනි දේවල් නැවත ඇති නොවීමට වැඩපිළිවෙළක් සකස් කරන බවයි.

    රේගු නිලධාරීන් සේවයට වාර්තා කිරීමේදී ඇඟිලි සළකුණු නොයෙදීම පිළිබඳවද කෝපා කමිටුවේදී සාකච්ඡා කෙරිණ.

    ඇතැම් රහසිගත මෙහෙයුම් කිරීමේදී සහ ප්‍රායෝගික තත්වයන්හිදී ඇඟිලි සටහන් යෙදීමේ අපහසු තත්වයක් පවතින බව රේගු නිලධාරීහු පැවසූහ.

    ශ්‍රී ලංකා රේගුව සන්තකයේ ඇති නිදහස් නොකළ වාහන සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කෙරිණ.

    රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 17 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

    මේ අතර නැගෙනහිර පළාතේ ජල සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් ගුදම් නිදහස් කිරීමේදී ව්‍යාජව සැකසු දේශීය තොරතුරු ඉදිරිපත් කිරීමෙන් එම ආයතනයට සැලසුණු මූල්‍ය වාසිය පිළිබඳව කෝපා කමිටුව කමිටුවේ අවධානය යොමුවිය.

    එම පෞද්ගලික ආයතනය ඇමරිකානු ඩොලර් 5139621 ක් ලෙස මුදල් ගත කර තිබූ භාණ්ඩ නිදහස් කිරීමේදී දේශීයව සැකසූ ව්‍යාජ ලේඛන මගින් ඇමරිකානු ඩොලර් 6350364 ක් ලෙස වටිනාකම දක්වා ඇමරිකානු ඩොලර් 1210743 ක් අදාල ආයතනයට වැඩිපුර ලබා ගැනීමට අවස්ථාව ලබාදී තිබු බව කෝපා කමිටුව පවසයි.

    – Lankadeepa

    ReplyDelete
  17. ගොඩක් කලාකාරයෝ දේශපාලුවෝ කතා කරන, පෙනී හිටින දේවල් භාවිතාවෙ නෑ ...

    ReplyDelete
  18. අඩෝ මාතා ලාමක මාලිමා ජෙපි වහල්ලු අර ගින්නෙන් උපන් හීතල එකේ විජේවීරට රඟපාපු කමල් අද්දරාරච්චි, රනිල්ගෙන් සම්මාන ගත්ත එකටත් හද්ද ගොන් පල්හෑල්ලක් ලියල තිබ්බා ඒක දැක්කම අපිට දෙකොනින්ම හිනා ගිහින් හිනාව හිරවෙලා මැරෙනවා තව ටිකෙන් 😁 පුදුමාකාර මීහරක් ටිකක් ඕයි 😅😂😁

    ReplyDelete
  19. ලංකාවේ ඉන්න ගොබ්බයෝ සමහරක් හිතා ඉන්නෙ ලෝකෙ තියෙන්නෙ ලංකාව ඇතුලෙ කියලා

    ඔස්ට්‍රේලියාවට ගිය ලංකාවෙ උන් බහුතරයක් හිතා ඉන්නෙ ලෝකෙ තියෙන්නෙ රටවල් දෙකයි කියලා
    .










    ඒ ලංකාවයි ඔස්ට්‍රේලියාවයි !

    😂😅😁

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න