.

.

Nov 22, 2014

රටම කෑ... කම්බ හොරු




රුහුණින් රජරටින්,
රටම කෑ... කම්බ හොරු,
 රට පුරා ගෙවල් බිඳ...
සොයා යයි...
පුරවැසි මනාපය...


පා සලකුණු,
ඇඟිලි සළකුණු,
අතර..........
අපහැදිලි වදන් වැල්....

බටහිර කුමන්ත්‍රණ,
ඇන් ජී ඕ, ඩොලර්,
යුරෝ, ස්ටර්ලින් පවුම්...
ඩයස්පෝරා සමඟ,
කොටි නැටුම් කරලියට,.
උතුර යලි කොටියාට...
රටම අස්තාවරයි,
අපි එනවා.... ඉස්තිරයි.........
 
ඉකි ගැසුම්,වැලපීම්,
දුක් සුසුම්, හැඟුම්බර......
කඳුළු කැටි, හොටු දියර,
ගලයි මහ මෙර විතර.....
කන්නේම තනියමයි,
අපිට නෑ මුකුත් බොල,
ඒ නිසා පුදමි ගෙල.
අපිලා බාරයි තොපිට,
දිනවපිය
කන්ට රට ......

කොයිකා ආවත් එකයි.........
කන්න ඇත්තේ ටිකයි........
ඇඟේ ඇට කටු ටිකයි........
පහල ඇති ඇට දෙකයි........

-x-

72 comments:

  1. /කොයිකා ආවත් එකයි.........
    කන්න ඇත්තේ ටිකයි........
    ඇඟේ ඇට කටු ටිකයි........
    පහල ඇති ඇට දෙකයි........//

    ඔය දීලා තියෙන්නේ මදි නොකියන්න..... අන්තිම පදය කොහොමද බං ගැලපෙන්නේ???

    ReplyDelete
    Replies
    1. //Maathalan - Priyantha HewageNovember 21, 2014 at 7:56 PM

      හැබයි උඹ නොදන්න එකම දේ තමා මහින්ද මහත්තයා නැෂනල් එකට උඩින් දාගෙන ඉන්න සාටකේ පට්ට ලිබරල් කියන දේ. ඒක රනිල් එකටත් එහා ලිබරල්. ඒකයි මමත් මහින්දට කැමති.//මෙන්න මාතලන් මෙතන මහින්දට බැන බැන ඉඳලා මාරයාගෙ බ්ලොග් එකේ ලියන ඒව. මාතලන් මහින්දට කඩේ යන්න කැමතියි. ඒ වුනාට බ්ලොග් කාරයො බහුතරය ආන්ඩු විරෝධී වගෙ නිසා මාතලනුත් ඒ වගෙ හිටිය, මොකද හිට්ස් වලට පෙරේත කමට.දැන් පොර හිමීට මෛත්‍රීට බැනල හරි පනින්න හදන්නෙ ආපහු.කිසිම ප්‍රතිපත්තියක් නැහැ.මාරයා හැමදාම තමාට හිතෙන දෙය අවංකව කියමින් ඒ වෙනුවෙන් පෙනී හිටියා.

      Delete
    2. ඒක නෙමේ මචං මාතලන් කියන්නෙ ....
      මාතා පෝස්ට් වල නිතරම කියන්නෙ ...රනිල්ගෙ වැඩ පිලිවල ඔහුටත් වඩා හොදින් මාමි කොරනව කියල.......
      කථාව හැබෑනේ බං .........................

      Delete
    3. ගලපන්නේ කොහොමද නෙමෙයි බං. බේරගන්නේ කොහොමද කියලා බලහන්..

      කෙන්ජි ඕවා ගනන් ගන්න එපා. වේලෙන බොගක් දාන් ගොන් වස්සෙක්, වැට පැනලා. ඌ මේක කියවන එකෙක් වෙන්න බෑ.

      Delete
    4. හරි මචං අපි ඒන්නම් සී කෑම කන්න.... අර දෙකේ කතාව නම් කොහොම හරි සම්බන්ධයි කියමුකෝ... කොහොමද මාතා මේ පොස්ට් ඒකට මේක ගැලපෙන්නේ.... මූට අවුල් ද අපිට අවුල්ද?????

      Delete
    5. ෆ්‍රෙෂ් මාළු විකුනනවා නම් ඇඩ් දාන්න ඕනද බං. මේ යකා කුණු මාළු විකුණනවද කොහෙද...

      Delete
  2. අරින්ඩෙපා …

    මේ පර අපේ ආතා ෆ්ලෑෂ්බෑක් එකෙන් අයිං වෙලා ඡන්දෙ ඉල්ලනවා .. ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. මම දෙන්නේ ටැට්ටර් සාධුට..

      Delete
  3. පහළ ඇති ඇට දෙක ඉතුරුකර
    ඇඟම කෑවත් කමක් නෑ බොල.

    ReplyDelete
    Replies
    1. මේක බොහෝම තීරණාත්මකයි.. ඇට දෙක බේරාගැනීමේ සටනක් තියෙන්නේ..

      Delete
  4. මොක කෑවත් කමක් නැහැ ....අන්තිම පදේ කන්නේ නැතුව. එතන තමයි බං අලුත් පරම්පරාව එලියට එන්න බලන් ඉන්න තැන.

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා පරම්පරාව ගෙනියන්න නානසාරලා ඉන්නවා. නෝනා පන්සල පැත්තේ ගිහින් ආවම, පරම්පරාව පවතීවී, තව අවුරුදු 2500 කටත් වඩා..

      Delete
  5. එතනත් බවලත් උදවිය බේරිලා :-)

    ReplyDelete
    Replies
    1. බවලත් උදවියට කවුරුත් මනාපය්නේ..

      Delete
  6. ජිවින්ගේ අඛණ්ඩ පැවැත්ම බිද වැටෙයිද......මන්ද..... අර අන්තිම පදේ හන්ද......

    ReplyDelete
    Replies
    1. ඒක ගෙනියන්න ජාතිමාමක බල වේග ඉන්නවනේ.. ඒ නිසා බය වෙන්න එපා.. එයාලා ඉන්න පැත්තකට ගොඩ වෙලා ආවම හරි..

      Delete
  7. පිලුණුවූ බතකට උණු කරවල හොද්දක් දැමීමෙන් එහි ඇති පිළුණු බව නැතිවන්නේ නැත.
    ශ්‍රීලාංකික ජනතාවට පටවා ඇති අවාසනාවන්ත ඉරණම වන්නේ මෙම පිළුණු බත කනවද?
    නැතිනම් දිගටම බජිරි කනවාද යන්නයි.
    මේ දෙකම ජනතාවට ප්‍රිය නැත.
    නැවුම් උණු බත් ලැබෙනු කවදාද ශ්‍රීලාංකික ජනතාවට?

    ReplyDelete
    Replies
    1. මෑතකදි නම් ලැබෙන එකක් නෑ..

      Delete
  8. මෛත්‍රීට රට
    මෛත්‍රී රනිල්ට
    මහින්ද දඟගෙට.. (හුටා කෝ එතකොට මට?)
    රනිල්ගේ මෛත්‍රී මට :P

    ReplyDelete
    Replies
    1. ඒ නාකි අම්මණ්ඩි තොට මොටද?

      Delete
    2. මෛත්‍රීපාල නයක්... එතකොට කවුරුත් දඟ ගෙයි දාන එකක් නෑ...

      Delete
    3. This massage for make aware of my new blog I Suppose it may be help full for your business some time. specially i maintain this blog with updating prices of seafoofs that changing daily so invite to you come and discover freshness

      URL - http://negomboseafood.blogspot.com/

      thank you
      B.M FERNANDO
      (FRESH SEAFOOD SELLER IN LELLAMA ,PITIPANA ,NEGOMBO.)

      Delete
  9. පිරිමි කියයි ඔහොමවත්

    ReplyDelete
    Replies
    1. හෙහ්...හෙහ්.......ස්ත්‍රීන් කියන එකක් මම ලිව්ව.......
      උයාට එවන්න ද අනී .......

      Delete
    2. ස්ත්‍රීන්ට එයාලා බොහොම මනාපයි නේ.

      Delete
  10. එතකොට කවුද බොල රට කරන්නේ. කවුරු හරි දාන්න එපැ

    ReplyDelete
    Replies
    1. කවුරු හරි එයි.. දැන් කන්න දෙයක් නෑ නේ. කොහෙන් හරි ඉල්ලගෙන කයි..

      Delete
  11. අනික් මොක කන්න ආවත් කමක් නෑ ඒ දෙක කන්න ආවොත්නම් වෙඩි තියනවා.

    මෛත්‍රී හොඳා.................................යි.

    හැබැයි චන්ද්‍රිකා මෛත්‍රීගේ පිටේ යන්න පටන් ගත්තොත් නම් ගඳා.........................යි.

    ReplyDelete
    Replies
    1. මේ ටික දෙනා නම් කොහොමත්ම මදි. අපි බලමු ඉස්සරහට..

      Delete
  12. මාතලන්ට මේ දවස් වල සෑහෙන රිදිල වගේ.ගණන් ගන්න එපා මචෝ ! සිතු දේ නොම වෙයි නොසිතූ දෙයම වෙයි ලෝ දම් කැරකෙනවා !

    ReplyDelete
  13. this was commented on w3lanka
    //මහින්ද රාජපක්ෂ යනු සටකපට අති ශුර දේශපාලන නායකයෙකු බවත් සියල්ල දත් සියල්ල කල හැකි සුපර් මෑන් කෙනෙකු බවත් බ්ලොග් ලියන ඇතැම් අයියලා පවා මන්තරයක් සේ ජප කල දෙයකි.එහෙත් ඇත්ත නම් ජේ ආර් සහ ප්‍රේමදාසටත් එහා ගොස් විධායක බලතල නමැති සුපිරි බලය පලිහක් කොට මැජික් පෙන්නුවා මිසක බැරි වෙලාවත් අද රනිල් සිටින විපක්ෂයේ මහින්ද සිටියා නම් සජිත් ප්‍රේමදාසටත් අන්ත බයියෙකු බවට මහින්ද පත්ව සිටිනු ඇත යන්නයි.සැටලයිට් නෝනා හා රනිල් ලොක්කා කල් වෙලා බලා ගැසූ දේශපාලන ගැටය තක්කු මුක්කු වී ලිහා ගන්නට ගොස් අද ලොක්කාගේ මැජික් කලර් සේදී නියම බයියා කලර්ස් පෙනෙන්නට පටන් ගෙන තිබේ.//

    ReplyDelete
    Replies
    1. /////ලොක්කාගේ මැජික් කලර් සේදී නියම බයියා කලර්ස් පෙනෙන්නට පටන් ගෙන තිබේ.//


      අපොයි ඔව් අදනම් නියම බයියා වැඩක් කරා අර සටන වාද බයිලා පොරය බ්ලොක් කරලා. මේ දේශපාලන වැඩ සටහන්වල කොලිටිය මොක වුනත්, ඒවා බලන්න මිනිස්සුන්ට අයිතියක් තියනවා. අද ආණ්ඩුව කරේ මාධ්‍ය නිදහසට පහර ගැහීම නොව, ජනතා අයිතියකට මිටි පහරක් ගැසීමය. ගෝත්‍රික ලක්ශන. අජූතයි. තව ඉස්සරහට තව බොහෝ දේවල් වෙයි.

      Delete
    2. බලමු. මොකෝ මහින්දත් පරදින්න ඡන්ද තියන්න නෑ නේ.. අපි බලමු..

      Delete
  14. "Thamusege thiyenne Eatai,Hamai withari" kiyala Hamudurunamak minihekuta kiwwalu,"Ehei Hamuduruwane hama nethnan ekath Bima" kiyala miniha kiwwalu.(Ranjan)

    ReplyDelete
  15. //පා සලකුණු, ඇඟිලි සළකුණු,// ? තේරුණේ නෑ. පැනිල්ලද?
    අන්තිම කවියනම් කියලා වැඩක් නෑ.
    බ්ලේඩ් චිත්‍රපට මාලාවෙ වගේ අපි දැන් ඉන්න ඕනි නරක ඩබලගෙන් අඩුවෙන් නරක එකාගෙ පැත්තෙ නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. ගෙදරකට හොරු පැන්නම ඇඟිලි සළකුණු ගන්නවා කියලා දෙයක් කරනවා. ඒකට වෙනම පොලොස් සෙට් එකක් ඉන්නවා.

      අපි දෙන්න ඕන හොඳ හොරාට..

      Delete
  16. කොයි දේ කොහොම කොයි විදියට උනත්, ඔය හැමදේම වෙන්නෙ අපේම දයාබර ජහමනතාවගේ බහුතර මනාපෙට අනුව නොවෑ. කුම්බලා කටු කනව විඳවනවා. එදා වේල ටුවර්ස් උනාම එහෙම වෙනවා. අනිත් රටවල නෙවෙයි, මෙහේ මිනිස්සුන්ගෙ ඔලු ගෙඩි හදල තියෙන්නෙම එහෙම. සේරටම හේතුව හීනමානය. දේශපාලකයොම මවල පෙන්නපු ලෝකෙන් එපිට බලන්බ මිනිස්සු දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. sinhala.lankanewsweb.netfeatures/14565-ds බලන්න. මෙන්න මේ කියමන කොහොමද?
      //බොළඳ පෙම්වතුන් ලෙස හැසිරෙන මේ ජනතාව සහ නායකයින් වැඩි විය පත් වනතුරු රටට සෙතක් නැත//

      Delete
    2. හප්පට බොල... මේ ඒ මනෝෂ්මද... වෙන කෙනෙක්ද.... :)

      Delete
    3. දැන් චුට්ටක් වෙනස් වෙලා වගේ.....එයාට ඉහල කෙනෙක් කිව්වද මන්ද..... :) :)

      Delete
    4. ඔය කිව්වෙ. පාට කණ්නාඩි දාගෙන මිනිස්සු දිහා බලපුවාම ඔහොම හිතෙනවා.

      Delete
    5. ඔය කෑගහන අයගෙ දේශපාලකයොම තමයි මේ රටේ මිනිස්සු ඒ තත්වෙට පත්කලේ.

      Delete
  17. නුවන් අයියගෙ අළුත් කවි පොතේ හරි අපූරු කවියක් තිබුනා

    කතුරු ඇති උන් සොයා සිහසුනේ තියනවා
    ලොම් නැතුව හරි හැඩයි උන් ඇවිත් කියනවා
    කපාගෙන යනු ඉඩැර මුලාවී සිටිනවා
    ලොම් ඇතුව ඉපදිලත් සීතලේ නිදනවා

    ReplyDelete
    Replies
    1. අපූරු කවියක්. ඒත් මේ වගේ කවි තේරුම් ගන්න තරම් කළා රුචිකත්වයක් හා දැණුමක් නව පරපුරට නෑ. කොහොමත් සම්භාව්‍ය කළාවක් බිහිවෙන්න. සම්භාව්‍ය කළාකරුවන් ඕන. අද ඉන්නේ සට්ටැඹි නළාකාරයෝ පිරිසක් නේ.

      Delete
  18. just for clarification from the knowledgeable bloggers, do you think there's a possibility that MR didn't know about My3s decision?
    What about all those satellite phone stuff?
    seems so improbable.

    ReplyDelete
    Replies
    1. //seems so improbable//

      Our people swallow anything, especially foreign conspiracy theories. A hangover from being a colony. Still think that some countries have nothing else to do but plan to conquer this resplendent isle! Times and the world have moved on. SLankans still think the world revolves around us. After all, Ravana gave everything to the world from here according to the Ravana type patriots. So this must be the centre of the universe ! :-D

      Delete
    2. නතින්ග් ඉස් ඉම්පොසිබොල් කියලා කතාවක් තියෙනවා නේ. මේ වගේ වැඩ ෆෝන් වලින් කරන්නේ නෑ. මේවට ඉන්නවා වෙනම පොලිටිකල් බ්‍රොකර්ලා කියලා සෙට් එකක් ඕනම පක්ෂයක. ඔවුන් එක එක ක්ෂේශ්ත්‍ර වල ඉන්න උදවිය. ගොඩක් වෙලාවට සැමෝගෙම හිතවතුන්. ඒත් ට්‍රස්ට් කරන්න පුළුවන් මිනිස්සු.

      Delete
    3. Just think about it. My3 convinces a set of guys to 'defect' and MR with all his resources have no idea? Is Hans Cristian Anderson present?
      "some one always tells" and I wont be surprised if my3 is defeated, all of the factions around him say "oh we knew he would loose. That's why we sent him in." . You know like they did with sf.
      And PJ අඩෝව් අපේ මහා රාවන්නා මහරජුට මොකුත් කියන්ට එපා. බොගෙ ඇඟේ තාර ගාලා පිහාටු අලවනවා කවුද බෝයි එකේ වගේ

      Delete
  19. නොකන දේශපාලුවෙක් මේරටෙන්නම් හොයාගත නොහැක. එනිසා utopia නොසොයා අපේක්ශා අවම තත්වයේ තබා ගෙන, කැබිනට් එක පොඩ්ඩක් අඩුකිරීම, පොලිස් කොමිසම වගේ දේවල් කීපයක් ඇතිකිරීම, විදේශ සේවයේ ඉන්නා පිටස්තරයන් ටිකක් අඩුවීම, චන්ද ක්‍රමය ටිකක් වෙනස් වීම වගේ ප්‍රැක්ටිකල් දේ බලාපොරොත්තුවීම හොඳටම ඇති මේ සිරි ලන්කාවට

    ReplyDelete
    Replies
    1. ඒක හරි.. දැන් අපිට තෝරගන්න වෙලා තියෙනා හොඳ හොරා කව්ද කියලා... හොඳම හොරා නෙමෙයි.. හොඳ හොරා..

      Delete
    2. @Pra Jay.... +++++++++++++++++++++++++++++++

      Delete
    3. Pj my man where can we find an honest politician ? :P

      Delete
    4. අපෝ ඔය ඕන තරම් ඉන්නේ.. පාර්ලිමේන්තුවේ.. පලාත් සභාවේ.. නගර සභාවේ.. තව අපායෙත් ඉන්නවලු හෙන සෙට් එකක්.. නැද්ද ප්‍රා ජේ...

      Delete
  20. අයියෝ අපේ ඇට දෙක....

    ReplyDelete
    Replies
    1. අරං දැම්මද......... කුමාරගෙ මල්..... ?????

      Delete
    2. කොහොමද ඔය පැත්තේ තොරතුරු...

      Delete
  21. ගෑණුටික බේරෙයි වගේ! :D

    ReplyDelete
    Replies
    1. එයලා වනරබල්ද මොකක්ද නේ..

      Delete
  22. අනේ *කේ.. එතකොට මේ කම්බ හොරුන්ට චන්දෙ දීල පාර්ලිමේන්තු යැව්වෙ අගහරුලෝකෙන් ආපු මිනිස්සු වෙන්නැති...

    ලංකාවේ චන්ද දායකයාත් අමුතු කාලකන්නියෙක්...
    ආගම, ජාතිය, ඉන්න ලමයි ගාන, පුකේ සයිස් එක ගැන විතරක් බලල හරක් වගේ කතිරෙ ගහල දැන් නහයෙන් අඩනව "මුන් හොරූ" කියාගෙන..

    මීහරකුනේ, තොපි මොන පක්ෂෙ උනත් හෑම පක්ෂයෙන්ම හෑම දිස්ත්‍රික්කෙකින්ම හොරු, මිනීමරුවෝ, කුඩ්ඩෝ නොවන 3 දෙනෙක්වත් නාමයෝජනා දෙනවනේ...
    ගිහින් උන්ට තමුන්ගෙ මනාපෙ ගහපන්..

    ReplyDelete
  23. කොහොමත් දැන් සුද්ධවන්තයො වගේ ඉන්න මාතලන්ලාත් 2005 සුනාමි සල්ලි හොරකන් කරපු (ඒකම ඇති මේකාව එලවන්න ), රටට 2005 ඉදන් අබමල් රේනුවක වැදගැම්මකට ඇති දෙයක් නොකරපු මරාව කාලයක් කරේ තියාගෙන ගියා කියල අපිට මතකයි...

    ReplyDelete
    Replies
    1. ඔහේ 2005 ඉඳන් උන්නේ වෙන ග්‍රහ ළෝකෙකද...??????

      Delete
    2. ඇයි ඔහේගෙ ජීවන මට්ටම 2005 ට වඩා දැං හොදයිද?
      2005 ට වඩා හාල්, පරිප්පු, පාන්, පැට්‍රල් ලාභයිද?
      එදාට වඩා ජීවන වියදම අඩුයිද?
      එදා රාජපක්ෂව විවේචනය කරල යහතින් හිටියට දැන් දැනෙන වැඩක් කලොත් සුදුවෑන් එයි කියල බය නැත්ද?

      'දියුනුව' කියන්නේ කොන්ක්‍රීට් කනු හෝ වතුර වලවල් පමනක් නෙමේ..

      Delete
    3. ඔය ඕන තරම් විවේචනය කරන්නේ..
      බුකිය පැත්තෙ එහෙම යන්නේ නැද්ද..
      මේ රටේ යුද්ධයක් තිබුනා කියලා මතකද..
      කළුවරේ උන්නා කියලා මතකද..
      මාතරට යන්න පැය පහක් ගියා කියලා මතකද..
      කටුනායකට යන්න පැය 2 ක් විතර ගියා කියලා මතකද..
      කොළඹ කියන්නේ අපාය කියලා මතකද..
      මේ රටම කුණු ගොඩක් කියලා මතකද..
      ගෑණියි මිනිහයි වැඩට ගියේ වෙන වෙනම කියලා මතකද..
      ළමයි ඉස්කෝලේ යැව්වේ පණ බයේ කියලා මතකද..
      ඉස්කෝල ගාඩ් කලා මතකද..
      කොළඹට කුරුම්බැට්ටි ඇටෑක් තිමුනා කියලා මතකද..
      හැම තැනම චෙක් පොයින්ට් තිබුනා කියලා මතකද..
      හැමදාම මිනිස්සු මැරුණා කියලා මතකද..
      හමුදාවේ කෑම්ප් පිටින් මැරුණා කියලා මතකද..
      තව ඕනේද...?????????

      නරක දේ ගැන මෙන්ම හොඳ දේ ගැනත් කතා කරන්න. ඒත් අවුල් නම් බ්ලොග් එක මුල ඉඳලා කියවන්න..

      Delete
    4. අනේ ගොනෝ... යුද්ධෙ දිනුවෙ රාජපක්ෂ තුවක්කුවක් අරන් යුද්දෙට ගිහිල්ල වෙන්නැති...
      එහෙමම වෙන්න ඔනෙ, හමුදාපති කෙනෙකුත් ඉදල නෑලුනෙ...

      අනිත් ඒවනම් නිකන් හිස් කතා... ඔහේගෙ ලංකට් එකත් චීන ගලවන්ගිය දවසට චීනට රට උකස්කරල හදපු සුකුරුත්තම් වල අගේ තේරෙයි...

      ඇයි දැන් කොලඹ ලන්ඩන් වගේද?
      ඉතින් ඔච්චර මහින්දය හොදනම් ගිහිල්ල ඌටම චන්දෙ දීපන්කො... ඇයි මේ බ්ලොග් වල උගුරට හොරා කඩේ යන්නෙ?

      Delete
  24. අනේ ගොනෝ... යුද්ධෙ දිනුවෙ රාජපක්ෂ තුවක්කුවක් අරන් යුද්දෙට ගිහිල්ල වෙන්නැති...
    එහෙමම වෙන්න ඔනෙ, හමුදාපති කෙනෙකුත් ඉදල නෑලුනෙ...

    අනිත් ඒවනම් නිකන් හිස් කතා... ඔහේගෙ ලංකට් එකත් චීන ගලවන්ගිය දවසට චීනට රට උකස්කරල හදපු සුකුරුත්තම් වල අගේ තේරෙයි...

    ඇයි දැන් කොලඹ ලන්ඩන් වගේද?
    ඉතින් ඔච්චර මහින්දය හොදනම් ගිහිල්ල ඌටම චන්දෙ දීපන්කො... ඇයි මේ බ්ලොග් වල උගුරට හොරා කඩේ යන්නෙ?

    ReplyDelete
    Replies
    1. මට ඕන එක යකෝ මම මෙතන ලියන්නේ. තොට ඕන එකක් තෝ තොගේ බොගේ දමාපිය. මට්ට ගොනා. තව උම්බෑ ගාන්නේ නැතිව. මම ඡන්දේ දෙන්නේ තෝ කියන එකාට නෙමෙයි. මම කැමති එකාට. ෆොන්සේකා තනියෙන් නෙමෙයි ගොනෝ යුද්ධ කලේ. හමුදා තුනකුයි, පොලීසියයි, ගම් බට්ටොයි, ඔක්කෝම එක්ක. ඒත් අනික් ගොබ්බ නායකයන්ට කරන්න බැරි දේ මහින්ද කලා. තොපිට ඒක පිලිගන්න බැරි උනාට. හැම දේශපාළකයම ඒක පිලිගන්නවා. මෛත්‍රීපාල උන්නැහෙත් පිලිගන්නවා.

      Delete
  25. ගොඨාභය ගෙන් කොළඹ මුස්ලිම් වරුන්ට බරපතල අසාධාරණයක් වෙලා තියෙනවා
    බලන්න ඉස්සර පිටකොටුව ගුනසිංහපුර පොදු වැසිකිලියේ ඉස්සර චූ කරලා හෝදන්න වතුර කෝප්ප තිබුනා දැන් ඒව නෑ
    මට බය තව ටිකක් කල් ගියාම ටොයිලට් පේපර් පාවිච්චි කරන්න වෙයිද කියලා

    ReplyDelete
    Replies
    1. උළු කෑල්ලක් සාක්කුවේ දාගෙන එන්න කියන්න..

      Delete
  26. පහල ඇති ඇට දෙකයි........//
    මේක ඩෙසට් එකට... :)

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න