.

.

Nov 4, 2014

මාලක සිල්වා කථා වස්තුව.. - Breaking News (Nose)


ලියන්න මෙළෝ දෙයක් නැතිව, වේලී වේලී ඉන්න වෙලාවේ, ටැලිවිසොන් වලයි, පත්තර වලයි, මෝනින් ටෝක් සෝ වලයි, කාටුන් වලයි, එකසිය ගානේ බ්‍රේකින් නිව්ස් එකක් යනවා, බ්‍රේකින් නෝස් එකක් ගැන. මුලින්ම අපේ සඟිස්කුරුතියේ හැටියට, මම මාලක සිල්වා මැතිතුමාට, මගේ හද පිරි ඉස්තූතිය පිරි නමා සිටියා මෙහෙම නිව්ස් එකක් ලබා දීම පිළිබඳව. මේ සැරේ නම් බඩු බනිස් වගේ පේන්නේ. නහයත් කුඩුලු. ඒ මදිවට බඩු ඇතුලෙ. ඇතුලේ කිව්වට ඇතුලෙමත් නෙමෙයි. ඒ උනාට, නමට හරි අත් අඩංගුවේ.

පිටරටින් එන, එක එක කුමන්ත්‍රණකාරයන්ට පුළුවන්ද, අපේ ඇමතිවරුන්ගේ රටක් වටින් දරුවන්ට, සම්පත් චන්ද්‍රපුස්ප වගේ, අපේ ශ්‍රේෂ්ඨ මහජන නියෝජිතයන්ට කෙලින්න. උගෙ අම්මට හැමිනෙන්න. ඕන් බටහිර ගැති රනිල්ගේ ආන්ඩුවක් යටතේ ඒවා උනා නම් අවුලක් නෑ. ඒත් මේ දේශප්‍රේමී රජෙක් සහ ගූ හුලිජ්ජා වලටත් දේශප්‍රේමය ශ්‍රාවය කරන ආන්ඩුවක් එක්ක කොහෙද ඒවා.

මීට කලිනුත් අම්ම්ට සිරි ලංකා හමුදාවේ මේජර් කෙනෙක්ද රණවිරුවෙක්ද මොකෙක්ද කාළකන්ණියෙක් ඌ ඌටම ගහගෙන මාලක සිල්වා මැති තුමාගේ චරිතයේ කක්කා ගාන්න ට්‍රයි කරලා අන්තීමෙදි හත් පොලේ ගාගෙන නෝන්ඩි වෙලා ගියා.. ආන් ඒ වෙලාවේ ත්මයි අපි දැන ගත්තේ මේ අපේ අනාගත අජ්ජාපන ඇමතිතුමාය මේ මාලක සිල්වානෝ කියන්නේ කියලා. ඒක කිව්වේ එතුමාගේ තාත්තා. දුටුගැමුණු මහ රජතුමා..

ආන් ඒ වෙලාවේ, කවුරුත් දන්නේ නැති උනාට, මාතලන් ටික කාළයක්, තවත් බ්ලොග් එකක් ලිව්වා. මේක කීප දෙනෙක් දන්න රහසක්.. බොගේ නම, "ඉතිහාසය නැවත කියවීම.". ලිව්වේ, "ඉනාමළුවේ බුද්ධදාස" නමින්.. මේ ඒ වෙලාවේ ලියපු ළිපිය..

අභිනවයෙන් පත්වූ, ශිල්පාමාත්‍ය...



බටහිර හා පෙරදිග බොහෝ රාජ්‍යයයන් දරුණු ආර්ථික අවපාතයකටද, ආහාර භව භෝග හීනතාවයකින්ද, අධිරාජ්‍යවාධී බලපෑම් හමුවේ පරාදින සමෙයෙකැ, අප රත්නද්වීපය ළොව දිදුලන කළෙකි, ගොවියෝ අස්වනු නෙලා, ආර්ථික සශ්‍රීකත්වයෙන් උපරිම තලයෙකැය. ඔවුහූ, රජුන්ගේ රථ හා සමාන රථයන්හි සැරිසරන්නෝය, මාගම් තොටින් නැව් නැග, දේශ දේශාන්තරයන්හි සංචාරය කරන්නෝය. අග හිඟ කම් ඇති ජනයෙක් සොයා ගැන්ම, අන්දරේ කැස්බෑවේදි විය සිඳුරෙන් අහස බැලුවා වැනි අපහසු කාරියක්ම වන, භව භෝගයෙන් පිරි, රාජ්‍ය සැනකෙලි වලින් ගහන වූ, ජනයා කෙලි දෙලෙන් කල් යවන කාළයෙහි....

ජම්බුද්වීපයන්හී පමණක්මැ නොවැ දේශ දේශාන්තරයන්හි සිප් සතර හදාරා සියළු ශිල්පයන්හි කෙල පැමිනැ, බුද්ධියෙහි අග තැන්පත්, ප්‍රඥාවන්ත, ධාර්මිෂ්ඨ මලක කුමරුවානෝ මෙසිරි ලක සිප් සතර වැඩිමෙහිලා අමාත්‍ය දූරයකින් පිදුම් ලද කල්හී, රජුන් හා පවසනුයේ, "මෙරට ශිල්ප ශාස්තෘන් වහන්සේලාද, දිසාපාමොක් වරුනද තම සුඛවිහරණය පිණිසමැ සිත් ඇත්තෝය. ඔවුනගේ ශිල්පයන් හැදෑරීමෙන් පලක් නැත්තෙමැයි, එය එසේ හෙයින් දේවයන් වහන්ස, මා ලද ශිල්ප ඥානය අසරණ දරු කැළ වෙත පහන් සිතින් පූජා කිරීමට අවසර පතනෙමි. මාගෙ යෝජනා ඇතුලත් ධවල භීෂණ පත්‍රිකාව ඔඹ වහන්සෙ වෙත මා මේ අවස්ථාවේ පිරිනම සිටින්නෙය දේවයන් වහන්ස.".

එපින්වත් මහ රජානෝ, පත්‍රිකා කියවා, අන් මත විමසා, බොහෝ චිත්තඃප්‍රීතීයට පත්වැ, අමාත්‍ය මණ්ඩලයේ ආශීර්වාදයෙන්, මහා සංඝ රත්නයේ පිරිත් සජ්ජායනා මැද, නිල උත්සව පවත්වා, මගුල් බෙර හඬ මැද, මලක ඇමතියනට පිලි ගන්වා, රට වැසියාගේ දැණුවත්වීම පිණිසැ, අණ බෙර කරුවන් ලවා, සතර අතට ගෙන යන ලෙස, ධවළ භීෂණ සංදේශය මුද්‍රා තබා අනුමත කළැ වගයි.....

  • ශිල්ප ශාලවට ඇතුලත් කිරීමට පෙරැ, පච්ච කොටා හෝ හංවඩු ගසා සිටියැ යුතුමැයි.
  • මංකොල්ලය, අපචාරය, කප්පම, මිනිමැරීම, මහ මග නිකරුනේ සැරිසැරීම, වසන්ත මාලිග නැමැදීම, ජනයා බිය වැද්දීම, රහ මෙර පානය, දූෂණය, අනිවාර්ය විෂයයන් කළැ යුතුමයි.
  • අංගම්පොර සටන් කාළාව, ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව සමත් විය යුතුමැයි. සවස් කාළයේ සුනඛ පොර පුහුණුවීම සඳහාද සිසුන් දිරි ගැන්විය යුතුමැයි.
  • විවේක කාළයෙදී "හරයින්" නම් ආයූර්වේදි ගුණ ඇති කුඩ, රහ මෙර සමඟ අඹරා, සෑම සිසුවුකුටම දිය යුතුමැයි.
  • සෑම  ශිෂ්‍යාවක්මැ, මල්වර වීමෙන් පසු, ශිල්පායතනයන්හි මුල් ගුරු හා ප්‍රාදේශීය නිළමේවරුන් පිනැවීම සඳහා, කාමසූත්‍රය කඩ පාඩමෙන් මෙන්මැ ක්‍රියාවෙන්ද සමත් වියැ යුතුමැයි.
  • සෑම දිසාපාමොක් වරයෙක්මැ රහමෙර පානය, කාමසූත්‍රය, දෙතිස් වද, අල්ලස, දූෂණය (ස්ත්‍රී දූෂණය හා කාන්තාවන්නම් බාල අපරාධ.) රජුන්ට නැමැදීම හ හමුදා පුහුණුව ලබා තිබියැ යුතුමැයි.
  • ජේශ්ඨ සිසුනට "නීල රංගනයන්" නැරඹීමට හා එවන් රංගනයන් පුහුණුවීමට ශාලා සැපයිය යුතුමැයි.
  • සෑම පාසලකම, නාරි වෛද්‍ය විශේෂඥයින් සේවයේ පිහිටුවීම හා ප්‍රසූතීකාගාර ඉඳි කල යුතුමැයි.
  • පන්සිල් පද සංශෝධනය කොටැ, වේරමණී යන කොටැස ඉවත් කළ යුතුමැයි
  • පිරිවෙන් අධ්‍යාපනයේ මූලීක වෙනසක් ලෙසැ, මහණුන්, රජුන්ට, අමාත්‍යවරුනට, නිළමේවරුනට හා සිටුවරුනට පසඟ පිහිටුවා වැදීමට පුහුණු කලැ යුතුමැයි. .

උපුටා ගැන්ම - සද්ධර්ම මලකවලිය
කාළය - මෙසපොටේනියානූ යුගය



ප: ලි:
ඉහත සඳහන් කර සිටියේ, රටවැසියා වෙතැ, අණබෙර කරුවන් යොදා, ප්‍රසිද්ධියට පත් කලැ, සමහර කරුණුය. ඉතිහාස ග්‍රන්ථ වලද පවතිනුයේ කට වහරින් පැමිනි දෑ බව  කරුණාවෙන් සලකන්න. එසේ, කිසිසේත්ම මුද්‍රණයට පත් නොවු, රජ පවුලේ කුමර කුමරියන් සඳහා වෙනම ඉදිරිපත් කල පත්‍රිකාවේ පහත සඳහන් කරුණු, ජනයා අතර කටකතා ලෙසෙන් පැවති බව සඳහන්ය.

  • භාන්ඩාගාර මුදල් මංකොල්ලය හා එහින් දේශ දේශාන්තරයන්හි දේපල මිලදී ගැන්ම.
  • දේශ දේශාන්තරයන්හී චාරිකා හා සියළු පස් පවු සඳහා කරන්නාවූ ගෙවීම් භාන්ඩාගාරයෙන් ලබාගැන්ම.
  • තමනට එරෙහි වන්නේ නම්, රාජපුරුෂයන්ගේ පමණක් නොව, හමුදා සේනාධිපතිවරුන්ගේ පවා ශීර්ෂයන් පොඩි කිරීම හා රජු ඉදිරියට පමුණුවා දඟ ගෙයි ලෑම.
  • කට කතා පතුරුවන්නන්ගේ පාදයන් බිදීම හා රටින් පිටුවහල් කිරීම.....
  • සහ තවත් බොහෝ කරුණු අඩංගු වන්නේය.....
 -x-
මේ තියෙන්නේ, ඒ සිඳුවීමට අදාලවම, "මාතලන්" බ්ලොග් එකේ ගිය ළිපිය... කියවන්න මනාප නම්.. >>>> අකුරු උඩ ක්ලික් කරන්න. <<<<<<

53 comments:

  1. පට්ට ලිපිය! කවුද හිතන්නේ 2012 ලියපු ලිපියක් අදටත් ගැලපෙයි කියලා. ඒ බ්ලොග් එකත් මරු ඈ... අපරාදෙ ඒක නැවැත්තුවෙ.

    ReplyDelete
    Replies
    1. හිස්ට්‍රි රිපීට්ස්ද මක්කද එකක් තියෙනවලු නේ බස්සියෝ..

      Delete
  2. //ගූ හුලිජ්ජා වලටත් දේශප්‍රේමය ශ්‍රාවය කරන ආන්ඩුවක්//
    එච්චරද බං එච්චරද වෙන ශ්‍රාවයන්ගෙත් දේශප්‍රේමය පිරිලා යකෝ.දේශප්‍රේමය පිරිලා.බොරුනං කෙන්ජිය ගෙන් අහල බලපංකො.

    ReplyDelete
    Replies
    1. කෙන්ජිට මොකක්ද වෙලා වගේ...

      Delete
  3. පැරණි අඩවියේ ලිපි කීපය අදයි දැක්කේ.

    නිබ්බුතා නූන සො පිතා
    යස්සායං ඊදිසො පුතා

    ReplyDelete
    Replies
    1. ඒ කියලා තියෙන්නේ මේ පුතා ගැන වෙන්ට ඕනෑ එහෙනම්...

      Delete
  4. ෂාහ් අර ඉනාමළුවේ බුද්ධදාස ශෛලිය මන් හරි ආස එකක්. නියමෙට ලියල තියෙනව. උම්මග්ග ජාතකේ වගේ.

    ReplyDelete
    Replies
    1. ඒ ඉතින් ඒ වගේ කාළේ ලියපුවා තමයි..

      Delete
  5. ඔය හැමෝම අය (රජාට ගෑවිව්චි අය) හිතාගෙන ඉන්නේ අපි (ජනතාව) ඉන්නේ උන්ට පුකේ අරින්නය කියල නේ.. ඒකයි බං මේ අවුල.. කෝම උනත් ඌට ඇතුලට ගිහිල්ලම නං අපි මිනිහට අනුකම්පා කරමු..

    ReplyDelete
    Replies
    1. රජෙක් උනත් මොකටද බං නහය කඩාගෙන..

      Delete
  6. මේ බාසා පොජ්ජ පංකාදුයිනොවැ හූරා. තව දෙක තුනක් මංදො කොරහංකො.

    ReplyDelete
    Replies
    1. මගෙත් ඉල්ලීම ඒකයි. ඒ ලියන ඉට්ටැයිල් එක මාතලන්ගෙ බාසාවෙන්ම කිවුවොත් "වල්ලාපට්ට"!

      Delete
    2. ඉදිරියට බලමු නේ.. මන්දො කරන්න..

      Delete
  7. අපිට වැරදුන තැන දැන්වත් නිවැරදි කල යුතුව ඇත...

    යූඇන්පීය ඇතුළු සියළුම ලොකු කුඩා පක්ෂ සෑම එකක් තුලටම සිංහල ජාතියට හා බුදු දහමට ලැදි ගිහි පැවිදි දෙපාර්ශවයෙන්ම නියෝජිතයන් රිංගවිය යුතුය. නිදහස ලැබීමෙන් පසුව බහුතර සිංහල ජාතියට හා බුදු දහමට ලැදි ගිහි නායකයින් හා පූජ්‍යපක්ෂ ක්‍රියාකාරී හිමිවරුන් රැදී සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒ වටා එතුන පක්ෂ සමඟ වීම නිසා අද වන විට යූඇන්පීය හෝ ජේවීපිය වැනි පක්ෂයකට යම් බලයක් හිමි වූවහොත් ඒ හරහා සිංහලයින්ටත් බෞද්ධයින්ටත් කුඩම්මාගේ සැලකිල්ල හිමි වීම අනිවාර්ය කාරණයක් වී ඇත. මෙය අපට අඩ සියවසකටත් වැඩි කාලයක් ඇතුලත සිදු වූ බරපතලම වරදකි... එය හරි ගැස්සවීමට දැන්වත් කටයුතු කිරීම වැදගත් කාරණයකි. හෙළ උරුමය හෝ එවැනි සිංහල හා බෞද්ධ ජනතාව නියෝජනය කරන්නට උත්සහ කරන පක්ෂ විසින් මෙය සැලසුම් සහගතව ඉටු කල යුතු කර්තව්‍යයක් වන අතර කෙටි කාලීන මෙන්ම දීර්ඝකාලීන වැඩ පිළිවෙලක අවශ්‍යතාවය එකී වැඩ පිලිවෙල තුල තිබිය යුතුය.

    ReplyDelete
    Replies
    1. අනේ හුකේ... දේශපාලනයට ආගම්කාරයො රිංගවල 1956 ඉදල ඇරගත්ත හරිය මදිද කොහෙද ආයිත් ඒකම කරන්නලු...
      අනේ යකෝ, දේශපාලනය/ රාජ්‍ය/ නීතිය හා ආගම වෙනම තියෙන්න ඔනෙ.. මේ රටේ හිංගලයින්ට, හම්බයින්ට, ක්‍රිස්තියානිකාරයින්ට කියල අමුතු ප්‍රශ්න නෑ..
      ඒ ඒ සමාජතලවල උන්ට, ඒ ඒ ප්‍රදේශවල උන්ට තියෙන්නෙ සමාන ප්‍රශ්න..
      ඒනිසා අමුතුවෙන් බෞද්ධ මෙව්වෙකක් පක්ෂවලට රිංගවන්න ඔනෙ නෑ..
      ලංකාව කියන්නෙ ප්‍රජාතාන්ත්‍රික ජනරජයක්... බෞද්ධ හෝ වෙනත් ආගමික රාජ්‍යක් නෙමේ...
      ඒනිසා ගනයො හෝ ලෙබ්බෙල හෝ කිසිම පූජකයො දේශපාලන පක්ෂවලට ඔනෙ නෑ..
      දේසපාලන පක්ෂවලට ජාති-ආගම් නියෝජන අවශ්‍ය නෑ..

      Delete
  8. එකෙක් මලා නම් තමයි නාට්‍ය තව හොඳ වෙන්නේ.කොහොමත් දැන් මර්වියා තටු කැපිලානේ තියෙන්නෙත්. මාලකයට තියෙන්නෙත් තාත්තා එක්කම අර සින්දුව කියන්න.

    ලෝකය පෙරළෙයි - කාලේ ගෙවී යයි මරුවා ලගා වෙනවා
    සිතු දේ නොම වෙයි - නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා...:D

    ReplyDelete
    Replies
    1. තව කාළයක් බඹරේ කැරකෙයි වගේ..

      Delete
  9. මාතලන්ගේ් මේ ඉට්ටයිල් එකෙන් කියෙව්වමයි.....

    අර මාලක ඉල්වා මාතරින් ඉල්ලන්න හදනව කියන්නේ..
    එහේ ඈයෝ එයැයිට මනාපෙ දෙයිය??/

    ජ ය වේ වා!!! නාස් පොලු කැඩේවා !!!

    ReplyDelete
    Replies
    1. අනර්කලියි නදීශයි කෑවා වගේ ඉල්ලගෙන කාලා එයි.. මාතර මිනිස්සු ගාල්ලේ මිනිස්සු වගේ මෝඩ නෑ..

      Delete
  10. ලිපි දෙකම කියෙව්වා..
    එල ද බ්‍රා.

    ReplyDelete

  11. දෑසේ කඳුළු සිඳුණා දුක නිවන්නට 
    සිතුවිලි වැළපුණා එරෙහිව නැඟෙන්නට 
    නිදහස ගිළිහිලා දෙපයින් සිටින්නට 
    අසනා කෙනෙක් නෑ මේ ගැන කියන්නට

    තැන තැන දකින දුසිරිත මැද විළි වැදිලා 
    තිසරණ සරණ අසරණ වී වන වැදිලා 
    තඹ කාසියට විළිබිය උගසට බැඳිලා 
    ගැතිකම රජවෙලා නැතිකම එරෙහි වෙලා

    ගවකුළ මෙහෙය සඳහා රණ කෙසරු සිඳ 
    සිහ රැළ රැගෙන යති පිටිතල හයා බැඳ 
    සිවලුන් කෙළිති පඬුවන් උර මඬල වැද 
    නුවරුන් සැතපිලා නැසූ කණින් අද

    ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී 
    ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ 
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. ගැලපෙන ගීතය.. හරියටම..

      Delete
  12. මේකෙන් නොකිය කියන්නේ 2012 හිටපු අපිමයි 2014ත් ඉන්නෙ කියලද?අවුලක් නෑ අයිය,ජනවාරි ඡන්දෙන් පස්සෙත් බලාගන්නකො අපි වෙනස්වෙයිද කියල.අපි තනි වචනෙ මිනිස්සු.බඩ ගියත් බෙට්ට කෙලින්.

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙන්න චෑන්ස් එකක් වත් පේන තෙක් මානෙක් නෑ.. මේ මගම යනු මිසෑ...

      Delete
  13. \\දන්නෙ නැද්ද මෙම්බස්... VIP..... සමාගමේ\\ :P

    මොකටද පස්සට යන්නේ කියමි විරිඳුවක්..
    ආයි.. මොකටද පස්සට යන්නේ කියමි විරිඳුවක්..
    සිද්දිය මොක උනත් මේක පට්ට මට්ටුවක්..
    ඔය... සිද්දිය මොක උනත් මේක පට්ට මට්ටුවක්..

    කියවලා බලා... යනවා රස නහර පිනා..
    මේක... කියවලා බලා... යනවා රස නහර පිනා..
    ලියෙව්වේ බොලා... අපෙ මාතලන් සනා..
    අහපන්.. ලියෙව්වේ බොලා... අපෙ මාතලන් සනා.. :D

    ReplyDelete
    Replies
    1. අටකොන පැනලා මම කියනවා බයිලා
      මල්ලි අටකොන පැනලා මම කියනවා බයිලා
      සුද්දෙක් නෙලලා නහය දෙකටම කැඩිලා
      මාලකට සුද්දෙක් නෙලලා නහය දෙකටම කැඩිලා
      අටකොන පැනලා කියමි වෙඩි වගෙ බ්යිලා

      Delete
  14. ම්ම්ම්ම්ම්ම්.........
    ++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  15. චැහ්! මොකෑ ඒ අගනා බ්ලොග් එක නැවැත්තුවේ? කොච්චරනම් අපූරු දේවල් ලියන්න තිබ්බද. ඒක න්වැත්වීමත්, මෙලෙස රහස එලිකිරීමත් ලෝක අපරාදයක්.

    ReplyDelete
    Replies
    1. සියල්ල අනිත්‍යයි පුතා...

      Delete
  16. Pinketha Hela Randerane,Yali upadinnata wewa Hethuasana// Ane huke.

    ReplyDelete
  17. එහෙම බ්ලොගක් ලිව්වා කියලවත් කියපු නිසා තමයි දන්නේ. ඒකත් ඉඳලා හිටලා ලියපන්කෝ. හැබැයි අපි දන්නවා දැන් ඒ උඹ කියලා.

    හැදිච්ච තාත්තලාගේ නැහැදිච්ච පුත්තුත් ඉන්නවා. නැහැදිච්ච තාත්තලාගේ හැදිච්ච පුත්තුත් ඉන්නවා. මූ නම් නැහැදිච්ච එකෙක්ගේ නැහැදිච්ච පුතෙක් නිසා ඕවා බලාපොරොත්තු වෙන්න වෙනවා. මුන්ව අතපය බැඳලා පුක මහලා තියන්න ඕන ජාතියේ එවුන්. හොඳ වෙලාවට අපි රස්සාවල් කරන කාලේ මේ වගේ එවුන් හිටියේ නැහැ. එකෙක් හිටියා. ඌ මේ තරම් ලෙඩෙක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. අපරාදේ කියන්නේ මහ රජ්ජුරුවන්ගේ දරුවෝ ඒ අතින් මල් මසුරන්..

      Delete
  18. මූ මහ මෝඩයෙක්... මූ ගොන් වැඩ නිසා මුගේ මහඑකා සද්ද නැතුව ගොන් වැඩ නොකර හිටියත් වැඩක් නැති වෙනවා
    එහෙම බැලුවම මහ රජාගේ කොල්ලෝ ටික හොඳයි. මොලේ ඇතුව තමන්ගේ පාර හදාගෙන යනවා ෂේප් එකේ.

    අපරාදේ උඹ අර බ්ලොග් එක ගැන අපිට කිව්වේ සහ ඒක නතර කලේ.

    ReplyDelete
    Replies
    1. සහතික කරණ ලද සත්‍යයය...

      Delete
  19. මාතලං මල්ලියෙ මේක යි අර වටිනා බ්ලොගයි මහාවංස කතෲ මණ්ඩලේ එහෙම කියෙව්වොත් මහාවංශෙ අළුතින් ලියන වැඩේට පත්කරගන්නවා සිකුරුයි..

    ReplyDelete
    Replies
    1. අපි මේ ලියන්නේ ඒක තමා.. ආයිබෝවන්ඩ...

      Delete
  20. කියන්න වචන නෑ ++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  21. චීනෙකුට ගැහුවොත්.......?

    ReplyDelete
    Replies
    1. අම්මට හැමිනිලා තියෙයි.. හැබයි ඩුප්ලිකේසොන් එකේ රෑට ඉන්න චීන්නියන්ට නම් ගහනවා ඔක්කෝම කිසි අවුලක් නෑ..

      Delete

  22. මුඛයෙන් හා අධෝමුඛයේ වෙනසක් නොදකින
    අවිචාර සමයං
    වරෙල්ලා වරෙල්ලා
    අහවලා දිනවන්නට වරෙල්ලා

    මට දුක හැන්ඩි කොල්ලා
    නිකං පීචං වෙනවා
    පියාගෙ පව්ද මේ ගෙවන්නේ
    සැපෙන්?

    ReplyDelete
    Replies
    1. ඩී එන් ඒ ටෙස්ට් නම් කිසිදාක ඕන වෙන්නේ නෑ..

      Delete
  23. මේන් මගෙනුත් සත පහක්, උඹෙ දොදොල් පට්ටෙට,

    පිරිවෙන් සිසුවියන්ට හා සඟ ගනට පමණක් ඇතුළුවිය හැකි ලෙසද, සඟ ගණට දන් දීමට තරුණ උපාසිකාවන්ට ඇති සියලු බාධා දුරු කොට, සංඝාවාස තුළ සංවාසයටද ඉඩ හළ යුතුය.

    ReplyDelete
    Replies
    1. බොහෝම පින් අත් වෙන වැඩ..

      Delete
  24. මේවා දැකල අපේ වෙන්න දුටු ගැමුණු මහා රජතුමාට වෙන සංසිද්දිය කුමන ආකාරයේ එකක් වෙයිද කියල තමා හිතා ගන්න බැරි. :v

    ReplyDelete
    Replies
    1. වෙන්නෙ මොකක්ද එයා තමයි දුටුගැමුණු.. ඔය කාවන්තිස්සගේ නමත්, කාවන් තිස්ස සිල්වා ලු නේ. විහාර මහා දේවී සිල්වා, ගාමිණි සිල්වා.. එහෙමයි නම් ගම්..

      Delete
  25. අපේ රටේ උන්ට වැඩ පෙන්නුවට පිට රට උන් ඉවසන්නෑ. යසයි ඕකට. පොඩි කාලේ ගහල බැනල හැදුවෙ නැති වුනාම ඔහොම වෙනවා. අවුල කියන්නෙ මූ මේකෙන් වත් පාඩමක් ඉගෙන ගනියිද කියන එකයි....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න