.

.

Nov 20, 2014

රජතුමාගේ බෝල දෙක - King's Balls


ගොඩක් වෙලාවට පොදු අපේක්ෂකයා වෙන්නේ, අපේ මෛත්‍රිපාල සිරිසේන ඇමතිතුමාලු. හැබයි ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයට වගේම, මෙයාටත් සහෝදර පරම්පරාවක් ඉන්නවා. කොන්ෆර්ම් කරයින් පස්සෙ දාමුකෝ කොම්පැරිසොන් එකක්. ඔය හැම එකාම හිතාගෙන උන්නට, මහින්ද මහත්තයා තමයි රට පාළණේ කොරන්නේ කියලා, ඒවා පට්ට පල් බොරු. රට පාළණය කොරන දෙන්නෙක් ඉන්නවා.

එක්කෙනෙක් තමයි, රාජකීය දෛවඥ තැන්පත්, සිල්වත්, උගත්, නැනවත්, සුමනදාස උන්නෑහේ. අනික් කෙනා තමයි නින්දෙන් නැගිටලා ආපු රාවණා රජ්ජුරුවෝ. කවුරුත් දන්නේ නැති උනාට ඔය මහින්ද මහත්තය්ගෙ අතේ තියෙන රත්තරන් බෝලේ ඇතුලේ තමයි එයා ඉන්නේ.

විභීෂණ ඉන්නේ, නාමල් බේබිගේ පොඩි බෝලේ. සමාවෙන්න පොඩි රත්තරන් බෝලේ ඇතුලේ. ඉතින් සිරිසේන තියා, රනිල් තියා, සෝභිත තියා, ඔබාමා ආවත් වැඩක් නෑ, බෝල දෙක උස්සන්නේ නැතිව. බෝල දෙකක් තියෙන පොර තමයි, රට පාළණේ කොරන්නේ. හරි හරි සිරිසේන මහත්තයටත් බෝල දෙකක්ම තියෙනවා. ඒක මම දන්නවා  මම කියන්නේ ඔය රත්තරන් බෝල දෙක..

මේ ගීය නන්දා මාලිනියගේ "යනවා නම් අනේ මං අරන්..." ගීයේ තාලයට ගයා සැනසෙන්න...



එනවා නම් මෙහෙට රත්තරන්... 
බෝලේ අරන් වරෙන් රත්තරන්.. 
එහෙම නැතුව රොත්ත එක්කරන්.... 
ආවට නෝ චෑන්ස් රත්තරන්...

අවුරුදු විස්සක්ම ඉඳලා.
බඩ පැලෙන්න කාලා බීලා.
නුවර එලියේ හෝටලයක් හදපු රත්තරන්....
මහවැලියේ වැලි ටික ගොඩ දාපු රත්තරන්...


එනවානම් මෙහෙට රත්තරන්... 
20 ක්වත් ගෙනෙන් රත්තරන්.. 
බයියෝ නැතිව ටොයියෝ රෙඩි කරන්
පනිනවා නම් පනිමු රත්තරන්


බෝලේ නැතිව බලේ ගන්න.
ලේසි වෙන්නේ නෑනෙ ඔන්න.
ඒ හින්දා බෝලේ අරන් වරෙන් රත්තරන්.....
ඊට පස්සේ සුමනෙ එක්ක නටමු රත්තරන්....

97 comments:

  1. Replies
    1. කෙන්ජිය නම් උඩින්ම MY3 ට සහයෝගය දෙන්න දැනටමත් බොක්කෙන්ම හිත හදාගෙන ඉන්නේ. මට නම් තාම හිතෙන්නේ රනිල් ඊට වඩා ප්‍රබලයි ජෙප්පෝ කැමතිනම් වැඩේ රනිල් කැමතියි ජෙප්පෝ කැමති නෑ

      Delete
    2. කෙන්ජි,
      තාම නෑ නේද නිවැරදිම ආරංචියක් ආවෙ? 'පිලිගත හැකි' ආරංචියක් තියනවද?

      Delete
    3. ඕන් ජනක බන්ඩාර තෙන්නකෝනුත් අද පාර්ලිමේන්තුවේ ඇඬුවා. මෛත්‍රීත් සමුගැනීමේ කතාව වගේ කතාවක් පැවත්තුවා.. තාම හරියට නෑ..

      Delete
    4. සිරස නිව්ස් දැන් බලල ආවේ . ඉහත රාජ් ගේ අදහස නිහතමානිව පිළිගන්නා අතර මේ මොහොතේ සිට පොද්දා දිනවීම සඳහා කෙන්ජි සමග එක පෙළට සිටගනිමි. ....මාතෝ get over it ...lets do this.

      Delete
    5. NEGOMBO SEAFOOD

      මේ තියෙන්නෙ මගේ බ්ලොග් එක
      http://negomboseafood.blogspot.com/

      අනිවාර්යෙන්ම මේක අවශ්‍ය වේවි.

      Delete
  2. මගේ පුද්ගලික මතය මෛත්‍රී නොව රනිල් වික්‍රමසිංහ පොදුඅපේක්ෂකයා වියයුතුබවය. නමුත් මෙයට විපක්ෂයේ ජෙප්පන් , සහ ජාතිවාදීන් අකමැති නිසා ඔහුදැමුවිට විපක්ෂය කැඩී මහින්දට යලි රජකමහිමිවනුඇත . එබැවින් එජාපයට කල හැකි කිසිවක් නැත. වරද යල්පැනගිය සමාජවාදය අතහැරගන්නට බැරි ජෙප්පන්ගේ සහවර්ගවාදය අත හැර නොගන්නනා කල්ලි දෙකේ බැවින් රනිල්ට හෝ යූ ඇන් පියට මෙහිදී කලහැකි දෙයක් නැත.

    ReplyDelete
    Replies
    1. [ඔය ඔය... ඉතිං පොල්පැලේටම හැරෙන්න එපා බං!]

      රනිල් වික්‍රමසිංහ ගැන ම‍ගේ මතය වෙනස් උනත් උදිතගෙ මතය හරි කියල මොහොතකට හිතමු! මම කියන්නෙ, ඒත් හොඳම වැඩේ තමයි මෛත්‍රී වගේ කෙනෙක් ගෙනල්ල පිළිකාව අයින් කරන එක. රනිල් ඒ වැඩේට ආවොත් ඔහුගේ දේශපාලන ජීවිතය අවසන් වීමේ ඉඩකඩ ඉතාම ඉහලයි. නමුත් දැන් යන විදියේ සන්ධානයකින් සිදුවන්නේ රනිල්ගේ උඹ කියන ආකාරයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වැඩි අවස්ථාවක් ලැබීම.

      Delete
    2. මොකා ආවත් රාජ් බලාපොරොත්තු වෙන දේ නම් වෙන්නෙ නෑ. මිනිස්සු ඡන්දේ දෙන්න ජනාධිපතිකම් නැතිකරන්න නෙමෙයි. එක්කෝ රෙජිමයට විරුද්ධව. එහෙම නැත්නම් ජීවන වියදම උහුලන්න බැරි නිසා. එහෙම නැත්නම් බඩගින්න නිසා.

      Delete
    3. ඒකෙන් හරි මේ ඒකාධිපති පාලනය අවසන් වෙනවා නම් හොඳයි නේ.

      Delete
    4. තැනේ හැටියට ඇණේ ගහල ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ උනොත්??

      Delete
    5. ඒ කාලේ ඉඳලා කියන කතාවක් මේ...
      අපිට කොරනවා කියලයි කියන්නේ
      දින්න දාට ඒ කට්ටිය උඩින් යයි
      දුන්නු ඈයෝ පොර ඇන ඇන බිමින් යයි.

      ඊට පස්සේ මොකද වෙන්නේ දන්නවද ? ඔයා...

      තාප්ප වල එල්ලීගෙන සිටින්නේ
      ආප්ප වගේ මූණු සුදට තියෙන්නේ
      කේප්ප හරකුන් කතිරය ගහන්නේ
      රීප්පෙකින් දෙන්ඩ තමයි හිතෙන්නේ

      ඊට පස්සේ මොකද වෙන්නේ දන්නවද ? ඔයා...

      කතිරේ ගහලා අපි වරදක් කලා ද?
      කොටා ගන්නේ මේ වගේ අපි නිසා ද?
      මේ විදියට කොච්චර කල් ගියා ද?
      ඒ උනාට කිසිම දෙයක් උනා ද?

      ලබන පාර කරන වැඩේ දන්නවද ? ඔයා ...


      (Kauda Boy - https://www.youtube.com/watch?v=EyqZc54Ot3k )

      Delete
    6. ඉහත රාජ් කියා ඇති දෙය නිවරිදියි. once that decision is taken, stand by it as one man කියනවා නේ ..... lets do this.

      Delete
    7. උඹේ මොළේට කොහෙනද මේවා එන්නේ සින්දූර්

      Delete
  3. නම කිව්වම අපි කතා කරමු.. හැක්.. එතකං රත්තරනේ ලංකාවම පොදු අපේක්ෂකයෝ..

    ReplyDelete
    Replies
    1. ඒක හරි.. ඒත් ඉතින් අත් දෙක ගැට ගහලා තියන්නය.

      Delete
    2. දැං හරි.. බොලා කලින් කිව්වේ මෙහෙමයි හරිය...

      දේශක යාNovember 6, 2014 at 9:30 PM
      මංගල එච්චර ඩීල් කාරයෙක්ද මං හිතන්නෑ.. ඒවා පුස් වෙඩි...

      Delete
    3. මංගල ඩීල් කාරයා නිසා තමයි නොගියේ.. මෛත්‍රී එන එක කිව්වාම තමයි මංගල නැවතිලා තියෙන්නේ..

      Delete
  4. ඒ කියන්නේ වැඩේ වෙන්න ද යන්නේ මචං......................

    //එනවානම් මෙහෙට රත්තරන්...
    20 ක්වත් ගෙනෙන් රත්තරන්.. //

    අායෙම අර සෙට් ඒකම ද??????? පුරුදු ගෙම්බෝ ටිකමද????

    ReplyDelete
    Replies
    1. තාම නම් එකයි ආවේ. ඌ කව්ද කියලා දැන ගත්තේ අද උදේ. එහෙම උන් නම් 100ක් ආවත් වැඩක් නෑ..

      Delete
  5. my3 මරු නම. ඒ කියන්නේ මගේ 3? My3ට උඩු රැවුල නැති නිසා වැඩේ හරියයිද?

    පොර දින්නොත් අරක අහෝසි කරන එක පැත්තකින් තියලා පොලොන්නරුවේ වරායක් හදන්න ගනියිද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ධම්මික පෙරේරා පරද්දලා ඩඩ්ලි සිරිසේන ලංකාවේ සල්ලිකාරයා වෙයි.. ඒ වගේ පොඩි පොඩි වෙනස් කම් නම් ෂුවර් එකටම වෙයි.

      Delete
    2. NEGOMBO SEAFOOD

      මේ තියෙන්නෙ මගේ බ්ලොග් එක
      http://negomboseafood.blogspot.com/

      අනිවාර්යෙන්ම මේක අවශ්‍ය වේවි.

      Delete
  6. මට නම් කවුරැ ආවත්..පාන්ද?
    වටින්නේ ඔයාගේ ලියවිල්ලේ හැකියාව විතරයි.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඒක නම් හරි බං. අපි හම්බ කරලා අපි කෑවා.. ණයත් නෑ.. බයත් නෑ..

      Delete
    2. ඒ වුනාට රටම ණයයි නේ

      Delete
  7. මහින්ද මහත්තයත් පැන්නනම් පොදු අපේක්ෂකයෙක් අමුතුවෙන් ඕනිම නෑ.
    විභීෂණ කිව්වෙ පළවෙනි එක්කෙනානෙ?

    ReplyDelete
    Replies
    1. එයා කියන්නේ එයාය පොද්දා කියලා.. හ්ම්.. ලොක්කා තමයි..

      Delete
  8. මහින්ද මාමට කලින් ඔය බෝල දෙක තිබ්බේ කාගාවද?

    ReplyDelete
    Replies
    1. දියසේන කුමාරයා ගාව. එයා නේ මහින්ද මහත්තයට දීලා තියෙන්නේ..

      Delete
    2. NEGOMBO SEAFOOD

      මේ තියෙන්නෙ මගේ බ්ලොග් එක
      http://negomboseafood.blogspot.com/

      අනිවාර්යෙන්ම මේක අවශ්‍ය වේවි.

      Delete
  9. ලොකු "හොරා" (හොරකම් කලත් වැඩක් කරපු ) පන්නන්න පොඩි "හොරෙක්" ලොකු හොරාගෙ පැත්තෙන් ඉම්පොට් කරමු! අනෙ හුකෙ, විපක්ශෙ නායකයො තරම් බූරු උන්නැහලා ටිකක්නම් පුත්තලමෙවත් නැතුව ඇති. මුන් චන්ද පැරදුනාම ඊට පස්සෙ එනවා අපෙ මොලෙ දිග පළල මනින්න.

    ReplyDelete
    Replies
    1. මම ඔය කතාව බොහෝම කාලෙකට කලින් කිව්වා. එකම හොරු සෙට් එක දෙපැත්තට පැන පැන ඉන්නවා. මුන් දැන් නෑ කමුත් හදාගෙන. උන් ආවත් එකයි. මුන් ආවත් එකයි. සිස්ටම් එක වෙනස් කරන්න එකෙක්ට උවමනාවක් නෑ. මුන්ගේ මේ ජනපති ක්‍රමේ නැති කරනවා කියන ගුලිය කන උනුයි මෝඩයෝ.

      Delete
    2. මාත
      සිස්ටම් එක කියන්නෙ ග්‍රීස් ගහක උඩ තියන කොඩියක් වගේ ඕන කෙනෙකුට නඟින්න පුළුවන් නං කොඩිය ගන්නව වගේ සරළ කේස් එකක් නෙවේ. පරිවර්ථනය වෙමින් ආයෙත් ආපස්සට යමින් තවත් කාලෙක එකතැන පල්වෙමින් ඉස්සරහට සහ පස්සට යන දෙයක්. මාතලන්ගෙ තර්කය මාතලන්ගෙ තර්කයකින්ම කඩන්න පුළුවන් මෙහෙම. උඹ කියන විදියට එන එන එවුන් අවංක නොවීම නිසා මේ විදියට මේක කරන්න බැරිනම්, ඔය සිස්ටම් එක වෙනස් කිරීමත් නිකංම නිකං හීනයක් විතරයි. මොකෝ ඒක වෙනස් කරන්න බලය තියෙන්නෙත් ඔය සිස්ටම් එකේ එල්ලිලා සාරය උරාබොන එවුන්ටම නිසා.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මාතේ ඊයේ හවස සිරස දවස බැලුවද ?
      ලංකාවේ ඉන්න හැමදේම දන්නා මාධ්‍ය වේදියෝ ඉන්නේ එකේද බන් ...මට පිස්සු වගේ
      https://www.youtube.com/watch?v=-sPfH8e7ePk

      Delete
    5. උඹ පිස්සු හදාගන්න එපා. උන්ට පිස්සු..

      Delete
  10. පැණි වරකෙට හෙණ ගසනා ස්වරුපයක් ගොරවනා සැටියෙන් පෙනේ.එහෙත් පසුගිය දශකය තුල ගොරවනා තරමට පොදක් වත් නොවැටුණි.එහෙම වැටුනා නම් මෙහෙම බේබදු කාබාසිනි පාලනයක් අද නැත.රටක යහ පැවැත්මට බල තුලනයක් උවමනාය. එහෙත් වැ(ව)ස්සාට අවශ්‍ය යහ පාලනයක් නොව මහා බලගතු තේජාන්විත රජෙකි. ඉදිරි දින කීපය අය්යා මලෝ ගැන්සියට මෙන්ම පොදුවේ රටටද තීරණාත්මකය.අයිවන් ලොක්කා කීවාක් මෙන් රතන සාදු කැඩූ බිත්තරේ නරක් වන්ට කලියෙන් ඔම්ලට් එකක් දා ගැනීම විපස්සේ කාරියයි .එහෙත් මෙච්චර කල් නම් උනේ ඔම්ලට් කෙසේ වෙතත් කෙකර ගාමින් විපස්සේ බාන හැම බිත්තරයක්ම මහින්ද ලොක්කාගේ ආප්පයේ මැදට පාප්පයක් මෙන් වැටී පොඩි පට්ටම් වීමයි.මිනිහා එහෙවු චෙෆෙකි.එහෙත් චෙෆුන්ටත් රෙසපි වරදී! කවුරු දනීද ?

    ReplyDelete
    Replies
    1. බඹරේ කැරකිලා කැරකිලා නවතින වෙලාවකුත් එනවනේ. දිගටම කැරකෙන්නේ නෑ නේ.

      Delete
  11. මාතලන් අද ඉන්නේ අවුලෙන්,මාතලන් හිතුවට වඩා පොද්දා අමාරුකාරයෙක් වෙන්නයි යන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කෝටම කලින් මාතලන් ඒක දන්නවා. පෝස්ට් එකේ මුලින්ම තියෙන්නේ ඒ කතාව.

      Delete
  12. සිරිසේන ඇමතුමා එදා පෙවුත්ති සාකච්ඡාවෙදි මගේ පොදු අපේක්ෂකය මහින්ද මහත්තයා කියල කිව්වෙ නම් හිතකින් නෙවෙයි කියල හොඳටම පෙනුනා. රජරට මෙයාගෙ කෙරුවාවල් බැලුවම මොනාකරයිද මංද මේ දුම්මල වරම ගත්තත් නම්.

    ඇත්තටම ඔය මිරිකනව කියන රත්තරන් බෝලෙ මං දැකල නෑනේ.

    ReplyDelete
    Replies
    1. බ්‍රේකින් නිව්ස්!!

      දැන් ටිකකට කලින් මෛත්‍රීපාල විපක්ශෙට ආව, මල් මාලා දාල පිලිගන්නවා සිරසෙ පෙන්නුවා කියල දූසමාන ආරංචියක් ආවා. මට මේ වෙලාවෙ නිව්ස් බලන්න විදියක් නෑ. කතාව ඇත්තද මාතලන් අයියණ්ඩී??

      Delete
    2. \\කොළඹ නව නගර ශාලාවේදී පොදුවිපක්ෂයේ මාධ්‍ය හමුවක් සඳහා අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වන විටසහභාගි වී සිටිනවා. මෙම මාධ්‍ය හමුවවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, ධීවර ඇමති රාජිතසෙනාරත්න,අධ්‍යාපන සේවාඇමති දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රජීව් විජේසිංහ , නියෝජ්‍ය අමාත්‍ය එම්. කේ.ඩී. එස් . ගුණවර්ධන යන මහත්ම මහත්මීන් සහභාගීව සිටිනවා.//

      http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=41444&catid=42&Itemid=90

      Delete
    3. මෛත්‍රිපාල ආවා.. තව එන්නේ කව්ද කියලා තමයි දැන් තියෙන ගැටළුව. මේ ටික නම් මදි. ඒත් හෙට අනිද්දා එනවය කියනවනේ. සඳුදත් විශේෂ දිනයක් වේවී.

      Delete
  13. මගේ හීනේ බිඳුනා රනිල් මහත්මයා කවදාවත් ජනාධිපති වෙන්නේ නැද්ද එතකොට

    ReplyDelete
    Replies
    1. මාත් ඕමා ඉන්න තැන පුද්ගලිකව සිටියේ ඒත් ඉහත රාජ් කියා ඇති දෙය නිවරිදියි. once that decision is taken, stand by it as one man කියනවා නේ ..... lets do this.

      Delete
    2. හ්ම්ම් අයි සී... යා...

      Delete
    3. කොහොම ජනාධිපති වෙන්නද. ජනාධිපති ක්‍රමේ නැති කලයින් පස්සේ..

      Delete
  14. '''''ගොඩක් වෙලාවට පොදු අපේක්ෂකයා වෙන්නේ, අපේ මෛත්‍රිපාල සිරිසේන ඇමතිතුමාලු'''' ඔන්න මේ දැන් එකත් උනා....... ඔයාගේ සැකය හරි........ එයා තමයි..... මගේ සැගවුණු අමුත්තා.....

    ReplyDelete
    Replies
    1. කලින්ම මෛත්‍රී නම එලියට ආවා.. ඒක මෛත්‍රී වික්‍රමසිංහ පිටින් දාලා කස්ටිය ආන්ඩුව ඇන්දුවා..

      Delete
    2. හිත ගන්න බැ, මේක මේ තරම් සුක්ෂමව දෙපිට ගැහුවේ කොහොමද කියල.....

      Delete
  15. මං කැමති නැති එකෙක් උනත් මේ වෙලාවේ හැටියට කට පියාගෙන ඉන්නවා. M‍y3 වැඩක් නැති උනත් ඒ එක්ක ආපු මේ ගැම්මට පුළුවන් මෙදා පාර ගඟ හරවන්න..

    පසුවට ලියන්න බැරි වෙයි කියා සැක නිසා දැනම ලියමි.
    මේ යකාගේ දුවක් යාලු වෙලා හිටියලු කැම්පස් එකක දුප්පත් කොල්ලෙක් එක්ක.. කෙල්ල ඒක නවත්තන්න අකමැති වුන දවසේ ඉඳල කොල්ල තාමත් අතුරුදන් ලු.. දැන් කෙල්ලට පිස්සුලු... මූත් මරා ජාතියේම මැරයෙක්ලු ඔහොම හිටියට.. අනේ අපිට අබ සරණයි ද දන්නේ නැතිලු.

    ReplyDelete
    Replies
    1. මෙයත් හොඳ පවුල් වාදියෙක්. ත්‍රස්තයෙක්. පොළොන්නරුවෙ වී මෝල්, වැලි තොටවල්, හෝටල්, ගල් වලවල් සේරම මෙයාගෙ පවුලෙ අයගෙ තමයි. මෙයා තමයි අණසක.

      Delete
    2. අද නම් එච්චර මඩක් ආවේ නෑ. ඒත් ඉතින් මීටත් වඩා ඒවා එයි. ඒ තමයි ලාංකීය දේශපාළණය.

      Delete
    3. මාතා , කල්‍යනමිත්‍ර , දෙන්නම හරි. මම මගේ බ්ලොග් එකේ මාෆියා පවුල් ගැන ලීවේ ඒකයි. හොරුම තමා පනින්නේත්. අර ජෝනියත් පනිද දන්නේ නැහැ පවිත්‍ර එක්ක.

      Delete
    4. ඒවා කියන්න බෑ.. අනික එකෙක්වත් හොඳයි කියන්නත් බෑ. මුන් ඔක්කෝම හොරු.. මම දන්න විදියට පඩිය වත් ගන්නෙ නැත්තේ, කරූ විතරයි. ඒත් ඉතින් මෙළෝ රහක් නෑ.

      Delete
  16. @Raaj, Maathalan & others,

    CBK සහ MR දිනුවේ තමන්ගේ ආකර්ශනය, පෞරුෂත්වය හා ජනප්‍රියත්වය යොදාගෙන. ඒනිසා තමයි ජනාධිපතික්‍රමය අහෝසි නොවුනේ ඔවුන් අතින්.
    මයිත්‍රීපාල දිනුවොත් දිනන්නෙ UNP, SLFP, JVP & JHU නිසා මිසක් පුද්ගලිකව ඇති කිසිම අලබෝලයක් නිසා නෙමෙයි. එනිසා මයිත්‍රීපාලවගේ කෙනෙක්ගෙන් ක්‍රමය වෙනස් කර ගැනීමට හැකියි. ඔහුට ධුරයේ එල්ලීගෙන් සිටීමට හැකියාවක් නෑ.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ජවිපෙ සහය මෛත්‍රීට ලැබෙයි කියල මං හිතන්නෙ නෑ.

      Delete
    3. ජවිපෙ සහය ලැබේව කියල ප්‍රාර්තනා කරනව. ඇත්තටම ජවිපෙට තියෙන්නෙ ලැජ්ජව පිලිබද ප්‍රශ්නයක්. යමෙකුට සහයොගය දීල එයා පුකට පයින් ගැහුවොත් ආයෙත් 1%ට වගේ වැටෙනව. වෙන විරොදයක් නං නෑ.

      Delete
    4. කියන විදියට අනික් පක්ෂ සපෝට් කරනවා නම්, ජවිපෙ අදාල නෑ කොහොමත්. එයාලා මේ ටිකේ කාපු පරිප්පු නිසා එයාලට ළොකු ලැජ්ජාවක් තියෙන්නේ. අනුරට දුන්නා කියලා මහ ළොකු වෙන්සක් උනේ නෑ. කොහොමත් එයාලටත් සංධානගත වීමෙන් තොර අනාගතයක් නෑ. මහ පක්ෂ දෙකටත් නැති එකේ.

      මම හිතන්නේ නෑ මෛත්‍රී ජනාධිපති කම නැති කරයි කියලා. ඒත් ඒකේ තටු කපයි.

      Delete
    5. \\කියන විදියට අනික් පක්ෂ සපෝට් කරනවා නම්, ජවිපෙ අදාල නෑ කොහොමත්//

      එහෙම කියන්න බෑ. 2005දි මහින්දත් එක්ක හිටියෙ නැත්නම් මහින්දට ඇපත් නෑ. ඒ වගේම තීරණාත්මක අවස්ථාවක් මේකත්. ජවිපෙ සහය නැතිවනම් මෛත්‍රී දිනන්නෙ නෑ. ඔය ඔක්කොගෙම සහය තිබිලත් ෆොන්සේකටත් බැරිවුන කොට.

      Delete
    6. එයාලා චාටර් වෙලා ඉන්නේ.. ඒ නිසා දෙන්නගෙන් එකෙක්ගේ සරම අස්සෙ රිංගනවා ඇර, නැත අන් සරණා...

      Delete
    7. ජවිපෙට ඔය කියපු විදියෙ පවර් එකක් තිබුනා once upon a time. දැන් නම් චාටර්. මිනිස්සුත් එයාලගෙ කතා අහල ආතල් එකක් අරන් වෙන කාටහරි vote කරල එනව.

      Delete
    8. ජවිපෙ වල කපාගන්නේ මේ පාර මෛත්‍රීට සපෝට් නොකලොත්. අනුර කුමාරලා ඒ වගේ මෝඩ වැඩක් කරයි කියලා හිතන්න බැහැ. අමතක කරන්න එපා ජවිපෙ සමහර තීරන නිසා දැන් රතන හාමුදුරුවන් ඊට ඉහලින් විරුද්ධ පාක්ෂිකයන් අතර ඉන්නවා. ජවිපෙ හැමදාම හරි තැනට ඇවිත් වැරදි පැත්තට හරවනවා. මේ පාර එහෙම නොවේවා.

      Delete
  17. mathalan i think this is for you

    //ප්‍රේමදාස ඇරුනම මේ රටේ වැඩිපුරම නැකත් ගුරුකම් පස්සේ ගියපු නායකය තමා මහින්ද .සමහර විට ප්‍රේමදාසට එහා ගිහින් නැකත් ගුරුකම් නිසා කෝටි ගණන් නාස්ති කලත් මේ රටේ උන්ට වගක් වත් නැත්තේ මේ පොදු ජන වින්ඥනය නිසා.රෙන කකුස්සි කට තියන්නත් නැකත් බලන උන්ට නායකයා මන්තර මත්තේ දුවනා එකෙක් විම ආඩම්බරයක් .සුද්දා අපිට ගවුම් කලිසම් ඇන්දුවට ඒවා ඇඳන් ඉන්න විදි ඉගැන්නුවේ නැහැ.ඒ හින්දා අපි තාමත් කලිසං උඩින් සරොං අඳින කොමිටල්.කොටින්ම මේ බ්ලොග් අවකාශේ ලිබරල් භෞතිකවාදී ටෝක් වපුරන අයියලා කේන්දර බලන ඇඩ් ඒ අස්සෙම දාන්නේ එහෙවු කොමිටල් රටක් රසික මේ.ඒ ඒ බනිසට ඒ ඒ කෙහෙල් ගෙඩි!මෙහවු ජනයාට එහෙවු නායකයින්!//

    ReplyDelete
  18. Dan podu kattiyage Jackson.Mahinda Abesundara,Haduson samrege Charitha karanne kawda?unmada?

    ReplyDelete
    Replies
    1. මට රස්සාවක් තියෙනවා. උඹට ඕන නම් සෙට් කරන්නම්. අනුන් ගැන උනන්දු වෙන එකෙක්නේ.

      Delete
  19. දැන් ඉතින් බලන්න තියෙන්නේ පනින සෙනග කොයි වගේ වේවිද කියන එක තමයි..

    ReplyDelete
    Replies
    1. නාය යන ප්‍රමාණය අනුව තමයි ආධාර ලැබෙන්නේ.

      Delete
  20. hikz......මරු ටොපික් එක..කියලා වැඩක් නෑ......

    ReplyDelete
  21. මෛත්‍රී ගේ පුද්ගලික පැටිකිරිය අපට අදාලා නෑ.. එයා එන්නේ දින 100න් විදායක ජනාධිපතික්‍රමය අහෝසි කරලා, ඒකාධිපති පාලනය අවසන් කරලා යන්න...
    හරි, අපි මොහොතකට හිතමු මෙයා එහෙම කරයිද නැත්ද කියලා සැකයක් තියෙනවා කියලා.. (මිනිස්සුන්ට සැක ඇතිවීම සාධාරනයිනෙ )

    ඒත් ඒකාධිපති ක්‍රමය අවසන්කරන්නට ඔබ සහයෝගය දෙන්නේ ඊලග මැතිවරනයේදී බලයට පත්වුවහොත් එසේ කරන බවට දිවුරන මෛත්‍රීටද නැතිනම් අනිවාර්‍යෙන්ම තමන්ගේ පුතා ජනාධිපති කරන්නට මේ තනතුර මෙසේ තබාගෙන ඉන්නා බව දන්නා මහින්දටද?

    ReplyDelete
    Replies
    1. මාතලන් හා මාරයා නම් දෙන්නෙ මහින්දට...
      ආ පොඩි අවුලක්..
      මෛත්‍රී දිනන සයිස් එකට ආවොත් මාතලන් මෛත්‍රීට, ඇයි ඡන්දෙට වටිනාකමක් දෙන්න එපායැ.. කොහොමද ටිකිරි මොලේ?
      මාරයා නම් ඉතින් කවදත් එකම මතයේ හිටපු එකානෙ. කාලෙන් කාලෙට වාසියට හෝයියා නොකියා..

      Delete
    2. ඔය දිවුරිල්ල දැන් කී දෙනෙක් දිව් රලා තියෙනවද. දින 100 න් විධායකේ අහෝසී කරනවා කියනවා. ඒ අස්සේ කියනවා එයා අගමැති හැටියට රනිල් පත් කරනවය කියලා. ඒවා ඔක්කෝම බයිලා. චන්ද්‍රිකා ළඟ තියාගෙන මත්ද්‍රව්‍ය සිකැරට් නැති කරනවය කියනවා. රාජිත් චන්ද්‍රිකා ගාව ඉඳගෙන ඉන්නවා. මේවා හොඳා මතකය කියන දේ නැති උන්ට. ඒත් එක නෙමෙයි ප්‍රධානම දේ. දැන් ඇතිවෙන්න හෝ නැතිවෙන්න වෙන්න වෙනසක් අත්‍යාවශ්‍යමයි. මහින්ද මහත්තයා බලයෙන් අන්ධ වෙලා ඉන්නේ. හොරු ටිකකුයි. පාදඩයෝ ටිකකුයි ලං කරගෙන. මේන් මේකට නම් තිත තියන්න ඕනා මොකා ආවත්. පාදඩයන්, මිනීමරුවන්, කම්බ හොරු දේශපාළණයෙන් ඉවත් කළ යුතුමයි. ඒත් ඒක කරන්න මේ පිරිසෙන් නම් බෑ. සඳුදා වෙනකන් බලන්න වෙනවා. කොටින්ම ඡන්දය දෙන දවස වෙනකන් බලන්න වෙනවා.

      Delete
    3. දෙවනි ඇනෝ කියලා තියෙන කතාව හරි.

      Delete
  22. පට්ට සින්දුව මාතලන්. හයියෝ සල්ලි! මම ලැපටත් තට්ටුවක් දදා තාලෙට කියෙව්වෙ. :D

    ReplyDelete
    Replies
    1. ආතල් එකක් ගත්තා නම් ඒ මදෑ..

      Delete
  23. මෛත්‍රී කියන්නේ පොදු අපේක්ෂකයද, එහෙම නැත්නම් UNP එකේ අපේක්ෂකයද...
    රනිල්ව අගමැති කර ගන්නවා කියල කියපු වචනේ ලොකු බලපෑමක් තියෙනවා.
    මිනිහට මොළේ තිබ්බනම් එහෙම අදහසක් හරි තියෙනවනම් දැන්ම කියන්නේ නැතුව ඉන්න තිබ්බා.
    ඒ වචනේ හොඳටම ඇති...

    ReplyDelete
    Replies
    1. ඒ වචනේ හොඳටම ඇති වෙන්නේ මොකටද.. පරදින්නද..?

      Delete
    2. ඔව් ඔව්...
      නැතුව වෙන මක්කටද...

      Delete
  24. //මෛත්‍රී කියන්නේ පොදු අපේක්ෂකයද, එහෙම නැත්නම් UNP එකේ අපේක්ෂකයද...
    රනිල්ව අගමැති කර ගන්නවා කියල කියපු වචනේ ලොකු බලපෑමක් තියෙනවා.//

    ඒ යූ ඇන් පී පොරවල අන්දන්න පුලුවන්වෙන්න කියපු කතාවක්.
    රනිල්ට අගමැතිකම දීලා මම යනව තපසට.
    අනේ හුකේ

    ReplyDelete
    Replies
    1. රනිල්ට අගමැති කම සදා සොත්ති බවන්තුතේ...

      Delete
  25. මේක පටන් ගත්තේ හෙල උරුමය ඉවත්වීමෙන්
    මේකට තමයි සමනල ආචරනය කියන්න්‍ෙ
    ඇත්තටම මට දැන් මොකාට ඡන්දෙ දෙන්නද හිතන්න බෑ
    මෛත්‍රී පාලට ඡන්දෙ දීම ඉඟුරු දීලා මිරිස් ගැනීමක් වෙයිද
    මහින්ද දිනුවොත් 100%ක්ම ඒකාධිපතියෙක් වෙයිද (එකා යකා වෙයිද)
    හෙල උරුමෙට චන්දෙ දෙන කෙනෙක් හැටියට මට ගැටලුවක් තියෙනවා එයාලට වඩාත් වැදගත් පලාත් සභා බලය අඩුකරන එකද නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමද කියලා

    ReplyDelete
    Replies
    1. ඒක දැන්ම තීරණය කරන්න පුළුවන් නම් තමයි වටින්නේ. පැනීම වැඩි උනොත් ඡන්දෙ අකුල ගන්නත් පුළුවන්. කොහොමත් ඔතනින් බොරු කියන්න දක්ෂ එකා දිනනවා. අනික මොකා දින්නත් එකමයි. නමුත් අර චන්ද්‍රිකා ගියා වගේ මහින්දත් යන්න ඕන. මොකෝ එයා යුද්දේ දින්නට අනිත් ඒවා ෆේල්, හෙළු උරුමය වෙනම ඉල්ලන එකක් නෑ.

      Delete
    2. /////මහින්ද දිනුවොත් 100%ක්ම ඒකාධිපතියෙක් වෙයිද///////

      මහින්ද දැනටත් ඒකාධිපතියෙක්.

      Delete
  26. මේ රට ආගාධයට යන ස්පීඩ් එක අඩු කරන්න නම් මහින්දව නවත්තන්න ඕන. ඒකට දැනට විසඳුම පොදු අපේක්ෂක මෛත්‍රී. රාජ්, උදිත කියන දේ හරි. අව්ංකවම මේ ගමන නවත්වන්න ඕන අය මේ වෙලාවේ මෛත්‍රීගේ දත් ගණන් කරලා වැඩක් නැහැ. මහින්දගේ ඒකාධිපතිත්වයේ දත් ගලවන්න ඕන. ඒ වෙනුවෙන් වචනයකින් හරි දායකවෙන්න ඕන. නැත්නම් රටටත්, අනිකුත් දේශපාලන න්‍යායචාර්යවරුන්ටත් බඩු බනිස් තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ මචෝ උඹේ මතය නේ. මගේ මතය මීට වඩා වෙනස්. කොහොමත් තීරණයකට එන්න තවම කල් වැඩියි. අපිට තව සති දෙක තුනක් බලන්න වෙනවා.

      Delete
  27. තවම පටන් ගත්තා විතරයි. මොකක්ද දන්නවද මාතලන් මහින්ද ලොක්කට කඩේ යාම. මහින්ද ඥාති පරමි්පරාව පෝෂණය කරනවා කියලා මෛත්‍රිටත් පරම්පරාවක් ඉන්නවා කියන්නේ ඒක සන්සන්දනයක්ද. මාතලන්ගේ කඩේ යාමේ හොද සෙල්ලම් ඉදිරියට බලා ගන්න

    ReplyDelete
    Replies
    1. ඕක ඉතින් හැමදාම ගහන බයිලෙ නේ. මේ පට්ට ෆේල් නායිකාවක් එක්ක එකෙක් ආවා කියලා චූන් වෙන්න තරම් අමාරුවක් මට නෑ. ඒකයි අළුත් පෝස්ට් එකක්වත් නොදැම්මේ. තාම සංධානේ හදාගෙනත් නෑ. ඔහේලා අමුඩ ගහගෙනත් ඉවරයි. ඒකට මට කරන්න දෙයක් නෑ.

      Delete
  28. //විභීෂණ ඉන්නේ, නාමල් බේබිගේ පොඩි බෝලේ. සමාවෙන්න පොඩි රත්තරන් බෝලේ ඇතුලේ.//

    රත්රන් වුනත් බේබි ගේ බෝල නේ බොස් . අන්න එක තමයි ඉවසන්න බැරි සීන් කොන් එක..

    ඔන්න ඔය වෙලාවට තමයි ඉතින් කාගේ කාගේත් මාපිය වන්දනාව සිහිපත් වෙන්නේ...

    -මීට පළමු විභීෂණ -
    -------------------------------------------------------

    මහින්ද ගැන කිලෝ ගානට කියන්න ඒවා තිබ්බත් මෛත්‍රී ගැන අදහසක් පලකරන්න තාම කල් මදි වගේ බොස්...

    එතනත් පවුල් පැලයක් තියෙනවා නේ..ගහක් වෙයිද නැද්ද කියල තාම හිතාගන්න බැහැ..
    කිව්වත් වගේ ඔහේ දාල තියෙන සින්දුව කියාගෙන අහගෙන ටික දවසක් බලන් ඉන්න වෙයි වගේ...

    --දෙවන විභීෂණ --

    ReplyDelete
    Replies
    1. කළබල උනාම කොරොස් කටෙත් අත දාගන්න නෑ කියනවනේ.. මේවාට විස්ලේසොන ලියන්න බෑ කළබලේ.. පෝඩ්ඩක් ඉවසපන්..

      Delete
  29. රනිල්ටත් නියම තල්ලුව ජනාදිපති නැති කොට අගමැතිකමවත් හොද කියල හිතෙනවා ඇති :v

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න