.

.

Nov 11, 2014

පොදු අපේක්ෂකයා චන්ද්‍රිකාද...? - Chandrika, Common Candidate...?


 මේ ළඟදි මගේ ඇඟ පත හීතල වෙලා ගියා... මොකෑ අපේ චන්ද්‍රිකා නෝනා ආන්ඩුවේ ඉන්න සිරි ලංකා කාරයෝ 40 ක් එක්ක, ආයේ එන්න යනවය කියන කතාව අහලා. හැබයි ඉතින් මක්කා නැතත්, අළුතෙන් ආපු හන්දි වලටත්, බාර් එකක් නම් ලැබෙනවා බුදු ෂුවර්. අපරාදේ කියන්නේ කන බොන නෝනා නේ.

එයා එනවලු, වීරයෙක් එනවලු, කරූ එනවලු, රනිල් එනවලු, සජිත් එනවලු, ශිරාණි එනවලු, සෝභිත එනවලු... සොරි සොරි ඈ.. සෝභිත වඩිනවලු... එයා වැඩියොත් අපේ නානෙත් වඩිනවලු.. අනේ මන්දා.. කොහොම හරි එන එකා එනකන්.. ඔහේලා මේන් මේ නන්දා මාලනිගේ මියුරු ගීය ගායනා කරලා සැනසෙන්නකෝ..


රත්තරං දුවේ... අපේ චන්ද්‍රිකා දුවේ...
උඹයි මෙලක බාර් එකක් කලේ....
ආ.. දා... පටන් ඉගිල,
ප්‍රංශයේ ඉඳන්...
රටම කෑවා නේද මයෙ දුවේ....

රටම කෑවා නේද මයෙ දුවේ....
රටම කෑවා නේද මයේ දුවේ...
සුදු නෙළුම් අරන්,
ගිහින් පෙරහැරේ මුලින්....
හොඳට කෑවා නේද සුදු දුවේ.....


ඉගිලිලා ගියේ සමුගෙන,
අරලිය මැදුරෙන්....
නැවත එන්න නම්, නොවෙයි දුවේ....
ඉගිලිලා ගිහින් වහපු,
කූඩුවේ ඉඳන්....
විස්කි බිලා නටමු සුදු දුවේ...

නැවත එන්න නම් එපා දුවේ...
මෙන්න වැන්දා මගේ බුදු දුවේ...

133 comments:

  1. Replies
    1. හිනා ගියාද... ආවද....?

      Delete
    2. තුන් පාරක් ආවා ෆොටෝ 3 ක් දාලා,,, ඔයා චන්දි ගේ ෂෝයි ෆොටෝ එකක් හොයනවද

      Delete
    3. මොනවා කරත් මාර සෙක්සි නේ මැඩම්.. මම කතා කරලත් තියෙනවා.. රත්තරන් මනුස්සයා.. ඒත් පොලිටිකලි පට්ට ෆේල්.. එයා නෙමෙයි මුළු පවුලම..

      Delete
  2. මේ මජර ක්‍රමය අහෝසි කරනවා නම් පොදු අපේක්ෂකයා කවුරු උනත් කමක් නැහැ.අනිත් අතට අපේක්ෂකයන්ගේ පෙර වැරදි බලන්න ගියොත් කවදාවත් ලංකාවට යහපාලනය,ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙන එකක් නැහැ.මේ දැන් තියෙන ප්‍රජාචන්ත්‍රවාදය යටතේ තමයි පරම්පරා ගණනක් ඉන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙයා පව්... එක සැරයක් අහෝසි කළ කෙනා නේ.. මහන්සිත් ඇතිනේ..

      Delete
    2. ඇයි මාතයෝ බොට මතක නැද්ද චන්ද්‍රිකා නෝනා 2000 අවුරුද්දේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න කෙටුම් පතක් ගෙනා විත්තිය? එතුමියට 2/3 ක් නොතිබුණු නිසා ඒක සම්මත කර ගන්න බැරි වුණා. රනිල්ගේ මන්තිරියෝ කවුන්සලේ ඇතුළෙම කෙටුම් පත්වලට ගිනි තිබ්බා මතක නැද්ද? ඇයි උඹ මේ තරම් කුහක?

      චන්ද්‍රිකාට විරුද්ධ ඈයින්ගේ තියෙන්නේ male chauvinism මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි. බලා ගෙන ගියාම මුන්ගෙයි තම්බින්ගෙයි වෙනසක් නෑ. පුරුෂාධිපත්‍යය ඉස්මුරුත්තාවටම ගහලා. මෙවාට සිරික්කිය දාන "අපූර්වී" ගෑනියෙක් ද නැත්නම් transvestite කෙනෙක්ද?

      Delete
    3. එහෙව් රනිල් එක්ක හැමිනෙන්න යන එයාටද ලැජ්ජා නැත්තේ.. එහෙම නැත්නම් අපිටද...?

      ඔය ගැන උත්තරයක් මම මගේ කලින් පෝස්ට් එකේ ලිව්වා මේන ඒකම..

      රනිල් උල තියලා මරන්න එපාය. මූ මාර බඩුවක්නේ ඕයි. මේ ළඟදිත් යුරෝපෙට ගිහින් කොටි තහනම ඉවත් කරලත් ආවා.. ඔහේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ පරම්පරාවේ කෙනෙක්ද.. නැත්නම් විමල් වීරවංශගේ හරි උදය ගම්මන්පිලගේ නෑ කෙනෙක්ද...? නෑ මේ නිකමට ඇහුවේ.. මොකෝ දුටුගැමුණු පරම්පරාවේ උනුත් තාම ඉන්න නිසා.. අනික විමල්ලා උදයලත් ඔය වගේම කතා කියන නිසා..

      Delete
    4. AnonymousNovember 11, 2014 at 12:29 PM
      ඕක ටිකක් සාධාරණ තර්කයක්. ඕක සාධාරණ වෙන්නෙ අද තියන තත්වය බැලුවම. වැඩේ තියෙන්නෙ චන්ද්‍රිකාගෙ ව්‍යවස්ථාව ඉරපු සෑහෙන්න පිරිසක් 18ට අත් උස්සන්න සිදුවීම.
      කොහොම නමුත් එදා චන්ද්‍රිකා කලේ තක්කඩි වැඩක්. සකච්චා කල කරුණු වලට පිටින් තමයි වැඩකලේ

      Delete
    5. කාට කියන්නද රාජ්... ඒක ගිනි තියන්න නෙමෙයි තිබුනේ.. පුච්චලා චන්ද්‍රිකාගෙ නලලේ අළු ගාන්න..

      Delete
    6. මේ තරම් දිග මාගල් ලියවිලි ඕන නැහැනේ,මේ වාරෙත් මහින්ද දිනවල අනාගමු,මාතලන්ගේ ආසාවත් ඒකමනේ.

      Delete
    7. මෙ මාගලක් නෙමෙයි සරළ ගීයක්..

      Delete
    8. AnonymousNovember 11, 2014 at 12:29 PM

      අඩේ චූ ඇනෝ. තොගේ තියෙන්නෙ ෆීමේල් චූ නිස්ම් නෙ බන්. දැන් එතකොට රටටම කුජීත වෙලා වණ වෙලා ආර්ථිකේ මයිනස් කරපු චන්ද්‍රිකා අක්කි ගෙ පජාත පාලනය ආපහු ගේන්න කඩේ යන තොපි වගෙ මොට්ට ගොබිල්ලු ශෝයි. ඊට විරුද්ධව හිතට එකඟව කතා කරන එවුන් ගෙ චුවිනිස්ම් ද? තෝ හොඳ අර වනිතා කියන පිස්සු බොගේ කොමෙන්ට් කොටන්න. ඒකෙ වේකන්සි තියෙනව හනික පල. මතක ඇතුව චූ කොරල යන්ට ඕන හොඳේ.

      මචන් මාතෙ, මේකත් අර ලොරි ඇඩ් එකේම දිගුවක්. ලොරි ඇඩ් අංක දෙක; චූ ඇඩ්.

      Delete
    9. @ ෆීමේල් චූ නිස්ම් November 12, 2014 at 6:16 AM

      අඩෝ තෝ වගේ පොන්නයෙක්... තවම ගෑණියෙකුගේ ඉඟටියෙන් පල්ලෙහා තියෙන දේ දැකලා නැති එක ගැන තොට අප්සෙට් නේද? ඒකට ගෑණුන්ට ඊර්ෂ්‍යා කළා කියලා තොගේ අසහනය දුරු වෙන්නේ නෑ යකෝ.

      Delete
  3. ඉඟුරු දීල මිරිස් ගන්න ඕන නෑ දුවේ...
    නැවත එන්න එපා සුදු දුවේ.. :D

    ReplyDelete
    Replies
    1. ඉඟුරු දීලා මිරිස් නෙමෙයි.. ආයේ ටී ඇන් ටී ගත්තා වගේ තමයි..

      Delete
  4. sudu duwa innakan eyage kattiya hammba karagaththa,Anthimata eya gena liyala.victor karayath ganak hoyagaththa.(Ranjan)

    ReplyDelete
    Replies
    1. ආර්ථිකේ මයිනස් වලටත් ගෙනිච්චේ....

      Delete
  5. ඉගිලිලා ගිහිං ගහපු බ්ලැක් කොටෙත් අරං
    නැවත හනික එන්න සුදු දුවේ

    ReplyDelete
    Replies
    1. එන්න නම් එපා සුදු දුවේ...
      මෙන්න වැන්දා මගේ බුදු දුවේ....

      Delete
  6. ඇවිත් පාඩුවේ හිටියට නම් කමක් නැහැ දුවේ.

    අර පුටුව පැත්ත පළාත වත් බලන්නේ එහෙම නැහැ.

    හොඳේ..

    ReplyDelete
    Replies
    1. එන්නේ නෑ කිව්වම තමා ඇඟේ ලේ ගමනාගමනය යථා තත්වයට පත් උනේ....

      Delete
  7. ස්‍රේස්ට අදිකරණය කියනවලු මාමට එන්ට පුලුවන්ලු, සැටලයිට්ට එන්ට බැරිලු. ඇත්තද ඈ?

    ReplyDelete
    Replies
    1. ඒකමතික තීරණයක්.. ආයේ නෝ කතා... නෝ සිනා...

      Delete
  8. අනේ මන්දා ඉතින්.. නාම යෝජනා දුන්නමම බලමුකෝ කවුද එන්නේ කවුද නොඑන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. එතකන් එලියට දාන්න නරකයි.. පුළුවන් තරම් මඩවන්න ඕන, මඩකරි ටික..

      Delete
  9. බලාගෙන ගියාම චන්ද්‍රිකා එන එක ගැන මහින්දටත් වඩා චූ යන තරමට බය වෙලා ඉන්නේ සිංහල බ්ලොග් පකීර්ලා නේ....

    ReplyDelete
    Replies
    1. බය නැද්ද අප්පා.... කූඹී පුකක් තරම් මොළයක් හරි තියෙන එකෙක් නම්..

      Delete
  10. තවම තීරණයක් නෑ.
    ඉක්මනට එනවා
    මීට මංගල

    ReplyDelete
    Replies
    1. මැංගි අද එනවය කියන්නේ... යන්නෙ නෑ ලූ....

      Delete
  11. රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
    ඔබනොවැ බේබද්දො බිහිකලේ
    හොරු රැලත් අරං නැවත රජ වුණත් ඉතිං
    අමනාපයක් නෑ හිතේ.......

    ReplyDelete
    Replies
    1. ගිහිල්ලා දැන් අවුරුදු 10 ක් ඉතර වෙනවනේ.. අපේ උන්ට ඉතින් සති දෙකෙන් ඔක්කෝම අමතකයිනේ...

      Delete
  12. CHANDRIKA, POL TOMBA WITHARA RATA KEWE NEHE

    ReplyDelete
    Replies
    1. Ow... kanna nam.. hapanna epaaya.. hepuwema ne.. hebai whisky nam biwwa ethiwenna..

      Delete
    2. Umbadha veeduruvata wakkare

      Delete
    3. Mama nam nemei.. Victor Ivan gen ahuwaa nam kiyai..

      Delete
  13. මරු සිංදුව සෑර්....

    ReplyDelete
  14. බලපං කලකදී රසලු.. කලකදී වස ලු..

    අපිට ඒ කාලෙ පේන්න බැරි ගෑනී අද අවුලක් නැහැ වගේ.. (රහසින්.. ඒත් අවුල්..)
    ඒ කාලෙ කස්ටියට සැප දුන්න ගෑණී අද අවුල් ලු.. (රහසින්.. පාක්ෂිකයෝ පව්නේ..)

    ReplyDelete
    Replies
    1. ලාංකාවේ ගොබ්බයන්ගෙ හැටි එහෙම තමයි.. එපා නම් එපා... ආයේත් විහාර මහා දේවී වෙලා.. කුණුහබ්බෙන් බැනලා එලවපු නෝනා...

      Delete
  15. හුකැස්...
    කලකදි රහලු කලකදි වහලු
    මට හිතාගන්න බැරි මෙයාට මොන කාලෙද වහ මොන කාලෙද රහ කියල ඕ යේස්

    ReplyDelete
  16. මාතලන් ඔය කරන දේට තමයි කුහකකම කියන්නේ. චන්ද්‍රිකාගේ ලොකුම වරද ලෙස "හන්දියක් හන්දියක් ගානේ බාර් විවෘත කිරීම" දකින්නේ ඒ බාර් වල හොඳම කස්ටමර් කෙනෙක් විය හැකි මාතලන් වීම පුදුමයක් නොවේද? දත්ත අනුව බැලුවොත් ජේ. ආර්. ගේ කාලයේත්, ප්‍රේමදාසගේ කාලයේත්, චන්ද්‍රිකාගේ කාලයේත්, මහින්දගේ කාලයේත් එක වගේ මත් පැන් භාවිතය වැඩි වී තියෙනවා. චන්ද්‍රිකා කියලා කළ විශේෂ හානියක් නැහැ. අනෙක බාර් නැත්නම් මිනිස්සුන්ට ඕනැ තරම් විකල්ප තියෙනවා. චන්ද්‍රිකාට විරුද්ධ වෙන එක වෙනම දෙයක්. හැබැයි බාර් දාන නිසා විරුද්ධ වෙනවා කීම නම් අන්තිම ගොන් කතාවක්.

    ReplyDelete
    Replies
    1. කව් ද අනේ ඒකට විරුද්ධ වෙන්නේ.. පට්ටම ආතල්නේ.. ඉස්සර බෝතලයක් ගන්න හැතැප්ම ගමන් යන්න එපාය.. ඒ හේතුව නිසාම නොබී ඉඳලා තියෙනවද දවස් කීයක් නම්.. කෙලින්ම දිවිය ළෝකේ යන්නේ.. මේ කරපු පිනට නම්..

      Delete
  17. අනේ මන්ද මොකා ආවත් මේ රට කාබාසිනිය කරනව.. මේ පාර ඡන්දෙට කාට කඩේ යන්නද කියල හිතාගන්න බැහැ.. ඒ කියන්නෙ ඡන්දෙ අලවංගු ගොඩට දාන්නයි වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මම නම් දිනන එකාට දෙනවා... එතකොට ඡන්දයට වටිනාකමක් තියෙනවා...

      Delete
    2. Maathaa want to be a winner know? it's your self -demarche ?? very good ... , be a one of few, vote to the lowest voter gainer !!

      Delete
    3. Sorry Sir,

      It will never happen.... :)

      Delete
    4. //මම නම් දිනන එකාට දෙනවා... එතකොට ඡන්දයට වටිනාකමක් තියෙනවා...//

      ඇයි මාතලන් එහෙම කියන්නේ.
      රටේ වගකිවයුතු පුරවැසියෙක් ලෙස ඔබට,
      ඔබේ සහ අන් අයගේ ජීවිතවල වටිනාකමක් තේරෙන්නේ නැතිද?

      නිවස ගිනි ගනීනම්, එය දැවී යයි නම්, අවම වශයෙන් එක වතුර බාල්දියක් හෝ ගසන්නේ නැතිද. ගිනි ගන්න එක ගිනි ගන්නම හරිනවාද?

      Delete
    5. මම කිව්වේ දිනන එකාට දෙනවා කියලා විතරයි.. නිර්මලා ඒ ටිකට කළබල වෙලා නේ.. පොඩ්ඩක් ඉන්නකො පොද්දා එනකන්.. ඒ කියන්නේ නිර්මලාටත් ෂුවර්....

      Delete
  18. Maathalan is nothing but a male chauvinist.

    ReplyDelete
    Replies
    1. දන්නෝ දනිති.. එතකොට චන්ද්‍රිකාගේ තාත්තත් ෆීමේල්ද.. මම අදයි දන්නේ...

      Delete
    2. උඹ ඒ තරං චුයිංගම් කනවද මාතේ... හැක්

      Delete
    3. චුයිං ගං නම් කන්නේ නෑ.. ඒත් කෙල්ලෙක් අහු උනොත් නම් කනවා...

      Delete
    4. මාතයට අර උඩ ඇනෝ ඉංග්‍රීසියෙන් ලියලා තියෙන එක තේරිලා නෑ.

      Delete
    5. ඔව් මට ඉන්ගිරිසි බෑ නේ..

      Delete
    6. මටත් තේරුනේ නෑ. ඒකයි ඇහුවේ චුයිංගම් කනවද කියලා.. හැක්..

      Delete
  19. පො: අ නොවී ...සප් එක දෙනවනම් ඇති.....අප්ප ...

    ReplyDelete
    Replies
    1. හොඳටම ඇති... මොකෝ ගේමට ආවොත් එයාම හදපු හොරුන්ගෙන් වාචාලයන්ගෙන් කන්න වෙනවා පොරි හැලෙන්න.. තියෙන් කාඩ් එකත් කුඩු කර ගන්න වැඩක්..

      Delete
  20. හන්දියක් හන්දියක් ගානේ බාර් දමා කසිප්පු කරුවන් වැනසීම දේශීය නිෂ්පාදන විනාශකර දැමීමේ අදුරදර්ශී ක්‍රියාමාර්ගයකි. බහුජාතික කුමන්ත්‍රණයකි. එයට එරෙහිව නැගී සිටින මාතලන් දේශ ද්‍රෝහීයෙකි
    කැඳවුම්කරු - ජාතික ඇනෝ සම්මේලනය

    ප.ලි. - xxxxxxxxxxxxxxxxxxx xxxxxxxxxxxxxxxxxxxx xx

    ReplyDelete
    Replies
    1. කුණුහබ්බෙන් බනින්නේ එහෙම නෙමෙයි.. මේන් මෙහම..

      අඩෝ තොගෙ #$%^&)&&&^%$ @!@#$%^*()_( *^%%$#@$%^&&

      Delete
    2. අඩේ මාතයියා....
      කවුද කුණුහරපෙන් බැන්නේ

      ආ..... සොරි
      කුණුහරුපෙන් බනින විදිය ඉගෙන්නුවා විතරයි නේ.

      කැඳවුම්කරු - ජාතික ඇනෝ සම්මේලනය

      Delete
    3. ඇනෝ දාන්න ගිහින් වැරදිලා :D

      Delete
    4. අනේ බුදු ඇනෝ,
      ඇනෝ දාන විදිය මට උගන්නන්න කෝ
      කැඳවුම්කරු - ජාතික ඇනෝ සම්මේලනය

      Delete
  21. චන්ද්‍රිකා ආවොත් ඡන්දෙ කටුගාන්න වෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. එයා එන්නේ නෑ කියන්නේ.. වීරයෙක්ලු එන්නේ.. එක වීරයෙක් නම් බල්ලා මාක් කලා.. මේ කව්ද දන්නෙ නෑ...

      Delete
  22. මාතලන් දේශපාලනේට ආවොත් නරකද? ස්වාදීන අපේක්ෂකයෙක් ලෙස ඉල්ලමු. අපි දෙන්නම් සපෝර්ට් එක.

    ReplyDelete
    Replies
    1. අර කොබ්බෑකඩුව මහත්තයට උන දේ තමයි මාතලන්ටත් වෙන්නේ.. මගේ එකත් මට ෂුවර් නෑ...

      Delete
    2. හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්... ඒ වගේම දේශප්‍රේමියෙක්........
      යටින්
      2015 ජනාදිපති අපේක්ෂක කියල දාගන්න පුළුවන්
      කොයි තරම් ආඩම්බරයක්ද

      #$%^&)&&&^%$ @!@#$%^*()_( *^%%$#@$%^&&

      Delete
  23. එජාපෙට වෙලා තියෙන වින්නැහියක්. එක සැරයක් හමුදා ඇදුමක් ඉස්සරහට දාලා බෙරුනා. මෙ සැරෙ ශ්‍රීලනිපෙ එකෙක් දාලා බෙරෙන්න හදනවා. අර්ජුන පොදු අපෙක්ශකයා ලෙස දාන්නත් කතා උනාලු. ගමෙ ගොඩෙ එජාප පාක්ශිකයාගෙ නම්බුව ගැන කිසිම තැකීමක් නැද්ද මෙ කොලඹ 7 නායකයො ටිකට?

    ReplyDelete
    Replies
    1. එජාපෙ, ජවිපෙ ශ්‍රී ලංකා කියකියා දගලන්නැතිව කවුරුදාල හරි මරාව එලවන්න විදිහක් හොයපන්....
      උබේ වචනවලින්ම තේරෙනව එජාපෙ ගැන මහා කැක්කුමක් තියෙනව කියල පෙන්නන්න හැදුවට යටිහිතින් මරා ඉන්නවට කැමති වසලයෙක් කියල...

      Delete
    2. එජාපෙට කරන්න තියෙන ළොකුම කොඩිවිනේ රනිල් කරලා ඉවරයි... දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ... ඒ තරම් කළකිරිලා ඉන්නේ..

      Delete
    3. පැරායි මායි නම් දෙන්නෙ රනිල් වික්‍රමසිංහට. (ඔය මොකා පොදු අපේක්ෂයකා කිව්වත් අන්තිමට එන්නේ ඒකා තමයි.)

      Delete
    4. @anonymous
      ගොන් නාම්බො මොකෙක් හරි දාලා මහින්ද එලවන්න උබ හිතුවද අපි සින්හල කොටි කියලා? මහින්ද එලෙව්වා කියලා අපෙ කිසි ප්‍රශ්නයක් විසදෙන්නෙ නෑ. ප්‍රශ්න විසදෙන්නෙ ඊලගට එන එකා මහින්දට වඩා වැඩ්ඩෙක් උනොත්. චන්ද්‍රිකා වගෙ පතොල කරලක් ආවොත් වෙන්නෙ රට අවුරුදු 6ක් නිකන් නාස්ති වෙන එක විතරයි. රනිල් චන්ද්‍රිකාට වඩා 10 ගුනයක් හොදයි.

      Delete
  24. ඇයි චන්ද්‍රිකා හිතපු කාලෙ ප්‍රේමදාසට හා රාජපක්ෂට සාපේක්ෂව ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස (100% නැතැත් සාපේක්ෂව ) ඉහලින් තිබ්බෙ නැද්ද?

    පේමදාසගෙ වගේ ටයර් සෑ තිබ්බද?
    රාජපක්ෂ වගේ සුදුවෑන් තිබ්බද?
    බලුසේනා තිබ්බද?
    අද ගෝටට විරුද්ධව කෙල පොදක් හලන්න බයවෙන මාධ්‍යවේදියො එදා චන්ද්‍රිකාව විවේචනය කරන්න බය උනාද?
    දැන් වගේ සිංහල ජාතිවාදය උත්කර්ෂයට නැංවුවද? ඔය සුදුනෙලුම වගේ කැම්පේන් වලින් ටිකක් හෝ උතුර දකුන ලංකරන්න උත්සහා කලේ නැද්ද?
    දැන් රජය හදනව වගේ වගේ යුධ අපරාධ මාර සිරාය, මානව හිමිකම් බටහිර කුමංත්‍රනය කියල මතයක් එදා චන්ද්‍රිකා හැදුවද?

    ReplyDelete
    Replies
    1. +++++++++++++++

      Delete
    2. කැලේ ඉන්න හාවෝ මුවෝ ගෝන්නු එහෙම මාර අහිංසකයි නේ... උන් සත්තු මරාගෙන කන්නේ නෑ.. ඔය තනකොළ ටිකක් කාලා ඔහේ ඉන්නවා.. එත් වැඩ කාරයෝ ඒ ගොල්ලා නෙමෙයිනේ.. කව්ද කියලා මම කියන්න ඕන නෑ නේ..

      අනේ ඉතින් ඩිංගිරි බන්ඩා ඔයි ඔක්කෝටම වඩා ෂෝක් නේ..

      කොයි ඔහේලා සැටලයිට් බාන්න ඒ රන්කඳ එලව ගත්තනේ.. උන්නා නම් ඔක්කෝම නිවන් යනවා..

      Delete
    3. බලු සෙනා තිබුනෙ නෑ. කොටි සෙනාවක්නම් තිබුනා. තොගෙ මහ ප්‍රජාත්‍රන්තවාදී චන්ද්‍රිකා උන්ට වෙනම ෆෙඩරල් රාජ්යක් දෙන්නත් ගියා. සුනාමි ආධාර ටික පුදන්නත් ගියා. ලන්කා ඉතිහාසයෙ දූශිතම මැතිවරණය කියලා යූන්පී කාරයොම කියපු වයඹ පලාත් සභා චන්දය මෙහෙවූවෙත් මන්ගල. මන්ගල කියන්නෙ චන්ද්‍රිකාගෙ ප්‍රියතම ගොලයා.

      Delete
  25. අනේ මාතලනේ.........................අර පින්තූරේ දිහා බැලුවම මටනම් හිතෙන්නෙම....................ඩ

    ReplyDelete
    Replies
    1. ඉතින් ...............න්. අපි එපා කිව්වයැ.

      Delete
    2. නාකි ඩයල් වලට නම් නෝනා මනාප නෑ.. ඕන් අපි වගේ නම් අවුලක් නෑ..

      Delete
    3. අපි ගැන සලකල බලයිද දන්නේ නෑ

      Delete
  26. මාතලන්, මම චන්ද්‍රිකා හොඳය කියන්නේ නෑ.
    නමුත්,
    අදට සාපේක්ෂව එදා මෙසේ දකිමි.

    දූෂණය වංචාව අඩුය,
    දරුවන් සහ පවුලේ උදවියත් ආණ්ඩුව/රජය බෙදා ගත්තේ නැත.
    උද්ගෝෂණවලට හෝ එවැනි දේට මාරාන්තික චරිතයක් වූයේ නැත.
    මාධ්‍ය නිදහස සිරවූයේ නැත.
    කොටියට පිළිතුරු දුන්නේ නෑත.
    කොටියව සනසවන්න උප සභාපතිකම් දුන්නේ නැත.
    නැවු ගිල්ලේ නැත.
    සුනාමි සහණ මණ්ඩලය (මහින්දත් එයට අත ඉස්සුවා) නොදී සිටියේ නැත.
    නිදන් ගොඩ දැම්මේ නැත
    ජතිවාදය වැපිරුවේ නැත.
    චීනට රට පැවරුවේ නැත.
    මේ තරම් ණයකට හිර කළේ නැත.
    බදු බර මේ තරම් දුරට ගෙනාවේ නැත.
    ධූර කාලය 3 වතාවකට දික් කර ගැනීමට උත්සාහ කලේ නැත. (3/2 ක බලය තිබුණත් එදා එසේ ව්‍යවස්ථාව සංශෝධනය කරයි කියා සිතන්නේ ද නැත) නමුත්, විධායක බලතල අහෝසියට චන්ද්‍රිකා සැරසුනා.‍

    මම මේ කියුවේ අදට සාපේක්ෂව මිසක ඇය හොඳමය කියන දේ නොවේ.

    ReplyDelete
    Replies
    1. චන්දිකාට වඩා හොඳයි අපේ ආච්චි.. එයා ඔයිටත් හොඳයි..

      අනේ නිර්මලා ඔහේලා මේ දෙන්නම එක්ක දීග කාලත්.. හදා ගන්න බැරි උනා නේ.. ඔහේලට ඕන විදියට..

      3 පාරක් එන්න එයත් ට්‍රයි කරලා තියෙනවා.. ඒත් ඉතින් මෙලෝ දෙයක් බැරි එකෙක් කොහෙද එහෙම දෙයක් කරන්නේ... අනික එයා විතරක් නෙමෙයි ජේ ආර් උන්නැහෙත් ට්‍රයි කරලා තියෙනවා....

      Delete
    2. /දූෂණය වංචාව අඩුය,
      දරුවන් සහ පවුලේ උදවියත් ආණ්ඩුව/රජය බෙදා ගත්තේ නැත.
      උද්ගෝෂණවලට හෝ එවැනි දේට මාරාන්තික චරිතයක් වූයේ නැත.
      මාධ්‍ය නිදහස සිරවූයේ නැත.
      කොටියට පිළිතුරු දුන්නේ නෑත.
      කොටියව සනසවන්න උප සභාපතිකම් දුන්නේ නැත.
      නැවු ගිල්ලේ නැත.
      සුනාමි සහණ මණ්ඩලය (මහින්දත් එයට අත ඉස්සුවා) නොදී සිටියේ නැත.
      නිදන් ගොඩ දැම්මේ නැත
      ජතිවාදය වැපිරුවේ නැත.
      චීනට රට පැවරුවේ නැත.
      මේ තරම් ණයකට හිර කළේ නැත.
      බදු බර මේ තරම් දුරට ගෙනාවේ නැත.//

      ඒ වාගේම කළ දේකුත් නැත! :D

      Delete
    3. අනෙ නිර්මලා, ප්‍රජාත්‍රන්තවාදයෙන් ඔයාගෙ බඩ පිරුනද? රට එක්සෙසත් උනාද? කොටි පැරදුනාද? බස් ඇතුලෙ බොම්බ පිපිරෙන එක නතර උනාද? පාරවල් හැදුනද? වරායවල් හැදුනද? රටෙ අපනයන වැඩි උනාද?

      චන්ද්‍රිකා රටෙ ආර්ථිකය රිණ කලා කියලා උබලම නෙද එකිට විරුද්දව රෙදි උස්සන් පාරට බැස්සෙ? දැන් ආයෙත් එයා හොද උනෙ ලැජ්ජා නහර නැති නිසාද?

      Delete
    4. @Nirmala MadushaniNovember 11, 2014 at 9:42 PM.
      ඔය ගොන් ලිස්ට් එකේ තියෙන ඔක්කොම උනා කියල දාන්න තිබ්බ ගෑනිට 2/3 බලයක් තිබ්බ නං. අපි නොදන්නා මොනර තැන්න ! . චන්ද්‍රිකා කියන වහතු කුණු කෙල පඩික්කම නං ඕනම නැහැ. අපි මැරිලා ඉපදුනේ නැහැ.

      Delete
  27. මටනම් පබයෙක් හරි කමක් නෑ මරා ගේ පවුල් පිටින්ම කරපු වැරදි වලට දඩුවම් කරන එකෙක් එනවනම් තමා කැමති. එකට ගැලපෙන කෙනා SF තමා ඉතින්. එත් ඒ මනුස්සයාගේ චන්ද අයිතිය මුන් නැති කලානේ කලින්ම. මොකද එයා තමා මම නම් දකින එකම කෙනා මරා ට ගේමක් දෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඡන්දේ ගන්න හොඳම ගේම ඕක... ඒත් එකෙක් කියන්නේ නෑ.. මොකෝ කන්න වෙන්නේ නෑ.. කෙලින්ම වාෂ්ප වෙනවා පැරදුනොත්.. ඡන්ද ප්‍රථිපල අහන්න වෙන්නේ අඩු ගානේ ඉන්දියාව කිට්ටුව තියෙන දූපතක ඉඳලා...

      Delete
  28. කවියනම් නියමය...
    මෙයා එනවනම් තුක්ය...

    ReplyDelete
    Replies
    1. එන්නෙ නෑ.. බය වෙන්න එපා... නිකං ආතල් එකට ලිව්වේ..

      Delete
  29. මොන මල යකෙක් දාලා හරි මේ අසික්කිත සිස්ටම් එක නවත්තලා දියන් බං. චන්ද්‍රිකාගෙන් බැකප් සපෝට් එකක් මිසක් ඉල්ලුවොත් චන්ද ගන්න අමාරු වෙයි.

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකාට කරන්න පුළුවන් දෙයක් තියෙනවා.. ඒත් ස්ටේජ් එකට වත් නගින්න නරකයි.. චන්ද්‍රිකාට ලොක්කා තාමත් බයයි.. ගෝලයෝ ගැන කියන්න ඕන නෑ නේ..

      Delete
    2. උඹ හරි සුද්ද....Mam පෙරේද එයාගෙ පැතුම කොලයකින් එව්වෙත් ඒකයි Solis එකට....
      රනිල් අවසන් ගේම දෙන්නෙ මේ එන මැතිවරණයෙන්.....අපි බලමු....

      Delete
  30. එයා කරපු දේවලින් ( දැන් මතකයට එන) මං කැමති එකමදේ ගැන නේ මාතලන් බනින්නෙ
    //විස්කි බිලා.......// :-D

    ඒක නෙමෙයි එතුමිය අති විශේෂ ජනාදිපති කෙනෙක්. ජේ ආර්, ප්‍රේමදාස දෙන්නා කරපුදේවල් ගැන තාමත් මිනිස්සු කතාකරනව. මං හිතන්නෙ චන්දිකා ඒ දෙන්නටම වඩා කල් බලයෙ හිටිය. ඒත් කරපුදෙයක් ගැන එතරම් මතකයක් නෑ. මිනිස්සු කතාකරන්නෙත් නෑ. හිටියෙ නෑ වගේ.
    සමහරු කියනව ඒක හොඳ දෙයක් කියලත්, මොකද ඇය අන් අය තරම් විධායක බලය භාවිතා නොකල නිසා අපිට මතක නෑ කියල. පොඩි ඇත්තකුත් තියනව වගේ ඒකෙ?

    ReplyDelete
    Replies
    1. අපේ මාර පරවුඩද මක්කද කියන ඉතිහාසේ අපි රජවරු කී දෙනා ගැනද කතා කරන්නේ.. ඒක රටේ කරුමයක්.. හැබයි ප්‍රසිද්ධ රැජිණියන් නම් කීප දෙනෙක් නම් ඉඳලා තියෙනවා..

      Delete
  31. මේ විපක්ෂයේ එවුන්ට කියන්නෙ. උඹලා උඹලා අතර මොනවා කර ගත්තත් කමක් නැහැ අර රතනයයි චම්පියයි කියන තක්කඩි දෙන්නා දෙන ලනු නම් ගිලින්න එපා. කට්ටියක් දැනටම ගිලලා වගේ පේන නිසයි කියන්නේ. ඔය දෙන්නා අම්බ කපටියෝ. ඔය කෑගහලා කෑගහලා ආයේ මහින්ද මාමාගේ කකුලේ ඇතිල්ලෙන්න යයිද තාම ෂුවර් නැහැ. ඔය නරි දෙන්නාව අයින් කරලා ඕනැ දෙයක් කර ගනිල්ලා.

    ReplyDelete
  32. මම නම් හිතන්නේ චන්ද්‍රිකාගේ කාලේ මීට වඩා හොදයි.

    1. හිතවතුන් කීප දෙනෙක් ලං කරගෙන ටිකක් බෙදා ගත්තට කවදාවත් පවුලේ සිය ගාණකට රටේ ධනය බෙදලා දුන්නේ නැහැ.
    2. හිතවතුන් ලං කරගත්තත් ඒ එයගෙන් බහුතරය උගතුන් හා බුද්ධිමතුන්. අඩු තරමින් වැඩක් කරනකොට ඒක නෝන්ඩි වෙයිද නැද්ද කියලා හිතන්න තරම් වත් මොලයක් තිබුන අය.
    3. විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් පත්කරනකොට බත් බැලයන් පත් නොකිරීම සහ පිස්සු පොරවල් එලවා දැමීම (උදා. නලින් ද සිල්වා)
    4. ජාතිවාදයට උඩගෙඩි නොදීම (මට මතකයි යුද්දේ තදින් තියෙන කාලෙන අපේ මෝල්ලු ටිකක් නටන්න හදනකොට කෙලින්ම ෆ්‍රෙස් කොන්ෆරන්ස් එකකදී කිව්වා ඒ වගේ අය ඉන්නවනම් තුවක්කු දෙන්නම කෙලින්ම උතුරට ගිහිල්ලා රට බේරගන්න කියලා)
    5. කිසිම ආගමකට ඕනෑවට වඩා ගැති නොවීම.
    6. හීනමානය නැති වීම. - තමන් යන හැම තැනම මිනිස්සු ලවා දන ගස්සවා වන්දවා ගත්තේ නැත.
    7. බොරුවට මතට තිත නොතැබීම සහ අවශ්‍යතාව අනුව ඒවා සදහා අවසර දීම.
    8. යුද්ධයෙන් පමනක් දිනිය නොහැකි බව දැනගෙන සාම ක්‍රියාවලියක් සදහා මීට වඩා උත්සාහ දැරීම සහ දෙමල ජනතාවගේ ප්‍රශ්න හොදින් දැන සිටීම
    9. මාධ්‍ය නිදහස මීට වඩා තිබිම (උදාහරණ ලසන්ත වික්‍රමතුංග ඒ කාලේ ලියපු ඒවා) - දැක්කනේ චන්ද්‍රිකා නෝන එකක දාපු සෙල්ලම් මෙයාට දාන්න ගිහිල්ලා වුන දේ
    10. පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය (ඒ කාලේ ඇමතිලාට කරන්න යම් වැඩක් තිබ්බා සහ අවශ්‍ය බලය දීලා තිබුනා. දැන් වගේ හැම දෙයක්ම ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් වෙන්න අවශ්‍ය වුනේ නැහැ.) අනිත් එක තීරණ ගන්නකොට පක්ෂයේ කීප දෙනෙකුගෙන් හරි අහලා තිරණ ගත්තා (නැති අවස්ථා තිබුනා ඒත් අඩුයි)
    11. මහා පරිමාන සැලසුම් වලට යනකොට ටිකක් ඒ ගැන දෙපාරක් හිතුවා. ණය ගන්න දෙපාරක් හිතුවා.
    12. චීනා සහ ඉන්දියන් කාරයින් ට වඩා යුරෝපීයයන් යම් තරමක් හෝ අපට වැදගත් බව දැනගෙන සීටීම
    13. රට හැම තැනම චීන කොලනි නොකිරීම

    මොකද හිතන්නේ

    ReplyDelete
    Replies
    1. චන්ද්‍රිකා නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවා කියලා ආරංචි පැතිරෙන කොට, ඒ බයට ජංගියේ චූ කර ගත්තු male chauvinistic සිංහල බ්ලොග් කාරයෝ චන්ද්‍රිකාට විරුද්ධව කවි සිංදු ලියන්නත් පටන් ගත්තා (මහින්දට විරුද්ධව කවි සිංදු ලියන්න ඔය අත් ඉස්සෙන්නේ නෑ, මොකද මහින්ද පිරිමියෙක් නේ...). තමුන්ගේ බ්ලොග්වල චන්ද්‍රිකා විරෝධී පෝස්ට් දාන කොට බ්ලොග් කාරයෝ හිතුවේ තමුන්ගේ පාඨකයෝ දෙපය උස්සලා ඒවා අනුමත කරයි කියලා. ඒත් ඒ අයගෙන් සෑහෙන දෙනෙක් චන්ද්‍රිකා එනවට කැමති බව කොමෙන්ට්ස්වලින් පේනවා. ඒ නිසා චන්ද්‍රිකා විරෝධී බ්ලොග් කාරයෝ නිකං සලන්ඩර් වෙලා.

      Delete
    2. මෙහෙමයි කෑස්.. ඔහේ කරලා තියෙන්නේ අදත් එක්ක සැසඳීමක්.. ඒත් කිසිම දෙයක් නොකර සිටීම කියන් දේ ඔය ඔක්කෝටම වඩා විශාලයි... මේන් මේවත් සලකලා බලන්න..

      ප්‍රසිද්ධ කළාකරුවන් දෙදෙනෙකුට කළ අමානුෂික හිරිහැර..
      විහාර මහා දේවිය යයි ඔසවා තැබූ පත්තරකාරයා මරා දැමීම..
      හමුදාවේ දහස් ගනනින් මිය යාම..
      ප්‍රධාන පෙලේ කඳවුරු රාශියක් අහිමි වීම..
      කොළඹ ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාරයන් එල්ල වන විට රටින් පලා යාම..
      ආර්ථිකය රින අගයන් කරා කිරීම..
      අධ්‍යාපනය හරකෙකුට භාර දී අධ්‍යාපනය විනාශ කිරීම..
      විශ්ව විද්‍යාලවලට කිසිවක් නොකිරීම..
      ඥාතීන් හා හිතවතුන් එබිය හැකි සෑම තැනටම රිංගවීම..
      රට අරාජික රටක් කිරීම..
      විදුලි බලය නොමැතිව අවුරුදු ගනන් විඳවීම..
      කිසිවක් වේලාවට නොකිරීම..

      මේ හේතුන් නිසා තමයි, එයාගේ ප්‍රභලයින් පිරිසක් ආන්ඩුව කඩාගෙන විපක්ෂෙට එන්නේ.. ඒත් චන්ද්‍රිකාට ශාපේක්ෂව මහින්ද රටට කළ සේවය බොහෝ විශාලයි.. ඒ හේතුවෙන්ම දූෂණය හා හොරකමද ඉහල අගයක් ගැනීම පුදුමයක් නොවෙයි..

      මට නම් මේ දෙන්නගෙන් මහින්ද සෑහෙන ඉස්සරහින් ඉන්නවා..

      Delete
    3. ඇනිත් ඇනෝට කියන්න තියෙන්නේ...

      ඔහේ මේ බ්ලොග් එකට ගොඩ වෙලා තියෙන්නේ අදද කොහෙද කියලා පමණයි...

      Delete
    4. මාතලන්ගේ සමහර ඒවට එකග වෙන්න පුළුවන් ඒත් සමහර ඒවා වැරදියි නේද

      ප්‍රසිද්ධ කළාකරුවන් දෙදෙනෙකුට කළ අමානුෂික හිරිහැර. - මීට වඩා ඒවා දැන් වෙනවා නේද (ලසන්ත, එක්නැලිගොඩ, Mel Gunasekara)

      විහාර මහා දේවිය යයි ඔසවා තැබූ පත්තරකාරයා මරා දැමීම.. - (Lasantha, Eknaligoda)

      හමුදාවේ දහස් ගනනින් මිය යාම. - අන්තිම යුද්ධයේදි මැරුනේ නැද්ද. හමුදා නායකයගේ උද්දච්ච කම නිසා නිකරුනේ කී දෙනෙක් මැරුනද?

      ප්‍රධාන පෙලේ කඳවුරු රාශියක් අහිමි වීම.. - එකගයි

      කොළඹ ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාරයන් එල්ල වන විට රටින් පලා යාම - ප්‍රහාරයන් එල්ල වන විට ඒකට ප්‍රතිරෝදයක් තිබුනේ නැහැ. ඒත් රටින් පලා යාම කියන එක වැරදියි

      ආර්ථිකය රින අගයන් කරා කිරීම.. - විස්තර අවශ්‍යයයි

      අධ්‍යාපනය හරකෙකුට භාර දී අධ්‍යාපනය විනාශ කිරීම. - දැන් අධයාපනයයි උසස් අධ්‍යාපනයයි දෙකම කාටද දීල තියෙන්නේ

      විශ්ව විද්‍යාලවලට කිසිවක් නොකිරීම.- දැන් මොනවද කරලා තියෙන්නේ. කොමිස් ගන්න ප්‍රමිතියකට නැති ෆයිව් ස්ටාර් හොස්ටල් හදලා තියෙනවා, ශිෂ්‍යාවන්ගේ කන්‍යා භාවය පරික්ෂා කරන උපකුලපති ලා පත්කරලා ඉන්නවා, නලින් ද සිල්වා වගේ පිස්සු හුටන් ඉන්නවා

      ඥාතීන් හා හිතවතුන් එබිය හැකි සෑම තැනටම රිංගවීම. - එකග නැත. මේක වුනා ඒත් සීමිත විදිහට (දැන් ඥාතින් විතරක් 130 ද කොහෙදෝ ඉන්නවා කියලා අනුර කුමාර කියනවා)

      රට අරාජික රටක් කිරීම. - එකගයි ටිකක්

      විදුලි බලය නොමැතිව අවුරුදු ගනන් විඳවීම. - රටට හැකියාවක් නැත්නම් මේ අවශ්‍ය ප්‍රමාණය සපයන්න වැඩි මිලට ඩීසල් වලින් විදුලිය අරන් විදුලි බල මන්ඩලය බිලියන ගණනින් පාඩු කිරීම හොදද. දවසට දෙසරයක් කැඩෙන නොරොච්චෝලේ හොදද?

      කිසිවක් වේලාවට නොකිරීම.. - මේකනම් පොඩි දෙයක්. ආසියානුවන් වෙන අපි හැමෝගෙම තියෙන දෙයක්

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. //කිසිවක් වේලාවට නොකිරීම.. - මේකනම් පොඩි දෙයක්. ආසියානුවන් වෙන අපි හැමෝගෙම තියෙන දෙයක්
      //
      තරහවෙන්න එපා කැස්..මේකට නම් මට හිනා යනවා! :D
      වෙලාවට වැඩ කිරීම නැත්නම් punctual වීම කියන්නේ හොඳ නායකත්වයක මූලික ලක්ෂණයක් කියලයි මම හිතන්නේ..ඔහොම සාධාරණීයකරණය කරන්න හදන නිසා තමයි ලංකාවේ අපි විශේෂයෙන්ම තාම ලිං මැඬියෝ වගේ වෙලා ඉන්නේ...ඇයි ඉතින් අපි හැමදාම කරන්නේ කිතුලට නැගලා තණකොළ කපන්න හදන එකනේ..ඔහොම බැලුවොත් ඉතිං ලංකාවේ දේශපාලනඥයෝ සහ දේශපාලුවෝ සේරටම කියන්න හොඳ හොඳ හේතු තියේවි..:D

      Delete
    7. කැස් ගේ මේ සංසන්දනය කිරීම් ගැන අතිශයින් කනගාටු වෙමි..

      හමුදා නායකගේ උද්දච්චකම කියලා ප්‍රභාකරන්ට රට දෙන්නද කියන්නේ. සොල්දාදුවෝ මිය ගියා ඒත් ඒ කැපකිරීම වල වටිනාකමක් තියෙනවා යුද්ධය ජයග්‍රහණයෙන් නිමා වීම. අලිමංකඩ වූ දේ ආයේ කියන්න ඕන නෑ නේ..

      ආර්ථිකය රින අගයට යාම ගැන පරණ මහ බැංකු වාර්ථා කියවන්න..

      අධ්‍යාපනය දැන් කන්නේ, කන්න පටන් ගත්ත එක, ඒ යකා දීපූ හැම අමාත්‍යශයකම ෆේල්.. මේ ආන්ඩුවෙත් එහෙමමයි..

      ඥාතීන් එබීම - දන්නෝ දනිති..

      ඒත් අද විදුලිය විසන්දිවීම් නෑ.. පටන් ගත්ත කාළේ ගොඩක් විදුලි බලාගාර කැඩුනා.. ජලාශ ලීක් උනා.. ගොඩක් ප්‍රශ්ණ තිබුනා.. ඒත් අද ලයිට් කැපීම් නෑ.. හිටියනම් රටම අඳුරේ..

      වෙලාවට වැඩ නොකිරීම - ඔබට ඇති.. මම නම් එහෙම නෑ.. ඒ ගැන තනි තරුව උත්තර දී ඇත..

      Delete
  33. එකගයි පතුලෙන් ම.........................

    බැරි වෙලා හරි ඔය මැඩම් ආවොත් මේ තියෙන අවස්ථාවත් කට්ටිය අහිමි කරගන්නවා ෂුවර්....... අපි නොදන්න චෙස් නේද බං..................

    ReplyDelete
    Replies
    1. මේ වගේ දේවල් කතා කරන කොට අපි ඉන්න ඕන පැත්තක නෙමෙයි.. එහෙම බලන කොට තේරෙනවා ඇත්ත...

      Delete
  34. /3. විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් පත්කරනකොට බත් බැලයන් පත් නොකිරීම සහ පිස්සු පොරවල් එලවා දැමීම (උදා. නලින් ද සිල්වා)/

    අනෙක් ඒවා මොනවා වුණත් මේක නම් පරම ඇත්ත.

    උපකුලපතිවරුන් පත් කිරීමේදී දේශපාලන පක්ෂපාතීකම් බැලීම හැමදාම වුණා. ඒත් අද මේක කොයිතරම් දුර ගිහින්ද කියතොත් ජ'පුර හිටපු උපකුලපතියා කරුණාරත්න පදවිය ගත්තේ මහින්දට දණ ගහලා වැඳලා.

    මහින්දට තුන්වන වර පුළුවන්ද බැරිද කියලා උසාවියෙන් කරුණු දක්වන්න කියන කොට පුළුවන් කියලා කරුණු දක්වපු දෙන්නෙක් උපකුලපතියන්. තව එක්කෙනෙක් ක්ෂණිකා නෝනා. මුන්ට වෙන වැඩ නැතිවද කඩේ යනවා ඇරෙන්න?

    ජ'පුරේ නව උපකුලපතියා සම්පත් අමරතුංග ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ දේශනය පවත්වමින් කියනවා ලංකාවේ ගුවන් ඉතිහාසය පටන් ගන්නේ රාවණාගෙන්ලු. ඩී. ඒ. රාජපක්ෂ යුග පුරුෂයෙක් ලු. නිකම්ම නිකම් උප ඇමැතිලා යුග පුරුෂයින් වෙන්නේ මේ රටේ විතරයි. මේ අමරතුංගයත් මහාචාරියෙක්ලුනෙ. සුමනදාස අබේගුණවර්ධනලා මුන්ට වැඩිය හොඳයි.

    නලින් ද සිල්වා නම් කඩේ යන්නෙ බොහෝම සුළු ගාණකට දැන්. එයාට ගංජා සුරුට්ටු ගන්න වත් මදි ඇති ඒ ගාණ.

    ReplyDelete
    Replies
    1. එකඟයි කියනවා හැර වෙන කුමක් කියන්නද...?

      Delete
  35. කොයිකත් එකයි.. ඔය තිතට මත තියපු ආඩම්බරකාර තාත්තලත් එහෙමයි. කොහොමත් ආයෙත් චන්ද්‍රිකා ගේනවා කියන්නෙ රෑ වැටුණු වලේ ආයෙත් දවල් වැටීමක් තමයි. උන්දැත් අවුරුදු දොලහක් හිටියනේ. කොරනවනම් කොරන්න තිබ්බනේ.

    ReplyDelete
    Replies
    1. එයා කරපු හොඳම දේ තමයි මොකුත් නොකර සිටීම..

      Delete
    2. එක අතකට එආකත් මදෑ..

      Delete
  36. Maatha doing nothing only polishing balls of MARA.

    ReplyDelete
    Replies
    1. ඒවට අපි ඕන නෑ ලොක්කා ගාව ඒවටත් වෙනම බඩු ඉන්නවා..

      Delete
  37. මාතලන්ට කලිසමේ චූ කර ගන්න දෙයක් නෑ. චන්ද්‍රිකා එන්නෙ නෑ. මොකාගෙ නම ඉස්සරහට දැම්මත් අන්තිමට රනියා එනවා එනවාමයි. ඔට්ටුවක් අල්ලමුද?

    ReplyDelete
    Replies
    1. එයා එන්නේ නෑ කියලා මම ඔයාට කලින් දන්නවා.. ඒ වගේම රනිල් එන්නෙත් නෑ.. පොදු අපේක්ෂකයා විදියට.. සමහර විට තනියෙන් ඉල්ලයි..

      Delete
    2. රනිල්ගෙ 'පොදු' කම = UNP + Sarath F + Sobhitha + Chandrika + Mano G + Threewheels

      Delete
  38. චන්ද්‍රිකා දේශපාලනිකව ක්‍රිස්තියානි ගෑනියෙක්

    ReplyDelete
  39. මාතේ සිංදුව නියමයි! :D

    කතාවක් තියෙනවා වැරැද්දක් පළවෙනි වතාවට කළාම ඒකට එක වැරදීමක් කියන්න පුළුවන්, ඒත් ඒකම ආයෙ අයෙත් වෙනවා නම් ඒකට පුරුද්ද කියනවා කියලා..ඒක තමයි ඉතින් නෝනා ගැනත් කියන්න තියෙන්නේ..
    ලංකාවේ මිනිස්සු බහුතරයක් ඡන්දේ දෙන්නේ පෙනුමට සහ කතාවටනේ..නෝනාටත් මිනිස්සු වහ වැටිල හිටියේ ඒකයි..(පේනවනේ දැන් පිස්සු විකාර නටන හිරුණිකාලා අනර්කලීල ඇවිත් ඉන්න හැටි )..අද මාමාටත් එහෙමයි..මතකද 2005 ජනාධිපතිවරණය වෙලාවේ එහෙම මාමා ක්‍රියාශීලි ජවසම්පන්න කොල්ලෙක් වගේ වේදිකාවලට පැනගෙන ආව හැටි..අද ටිකක් හැරෙන්න පෙරලෙන්න වෙලා ගියාට..හික් හික්..!

    ReplyDelete
    Replies
    1. රටක් කාපු එකෙක් ආයෙත් ඉල්ලන හැටි බලහන්කෝ කිසි ලැජ්ජාවක් නැතිව.. මහින්ද මහත්තයටත් තියෙන්නේ කාට හරි දීලා ගෙදර යන්න.. ඇයි යකෝ මුන්ම ආයෙත් ගෙනත් තියයිනේ මෙහෙම බැලුවාම..

      Delete
    2. හහා...ඒක නේන්නම්..පොඩ්ඩක් දමලා ගහලා ගොහිං මැදමුලනට වෙලා විටක් හපං ටික කලක් හිටියා නම් දැන් පලු අරින උන්ම ගිහිං දණ්ඩ නමස්කාරය කරලා වඩම්මවන් එයි රජගෙදරට..මේ යන ලීලාවේ හැටියට නම් ඒක තමයි වගේ ගැලපෙනම ස්ට්‍රැටජිය...:D

      Delete
  40. චන්ද්‍රිකා රට අරජික කොලා කිව්වට දැන් මහින්දල ණය උගුලක රට හිර කරල නැද්ද? රටේ කෑලි කෑලි චීනට ලියල දෙන්නෙ නැද්ද?
    ඔය නැව් එන්නැති වරායවල්, ප්ලේන් නො එන එයාපෝට්, ලේන් 6 හදන්න එස්ටිමේට් කරල ලේන් 4 හදාපු හීනි අධිවේගී මාර්ග වලින් මාතලන් හිතන්නෙ හතරමහ නිධානෙ පහලවෙයි කියලද?

    ReplyDelete
    Replies
    1. අනෙ බන් ණය ගත්තෙ මහින්ද විතරද? 2005 වෙද්දී ලන්කාවෙ ණය අනුපාතිකය 103% දක්වා වැඩි වෙලා තිබුනෙ. මහින්ද ණය ගත්තා ඒවගෙන් කරපු වැඩ ටිකක් ඇස් පනාපිට තියෙනවා. ඊට කලින් හිටපු උන් ණය අනුපාතිකය 103%ක් වෙනකම් ණය ගත්තට කරපු දෙයක් තියෙනවද?

      ලන්කාවෙ ගුවන් යානා එන්නෙ නැති ගුවන් තොටුපොලක් තියෙනවා නැව් එන්නෙ නැති වරායක්නම් නෑ. හම්බන්තොට වරායෙ වැදගත්කම දැනගන්න ඔනෙනම් ආරියසීලී විcක්‍රමරත්න මහත්තයාගෙ විඩියො එකක් තියෙනවා බලපන්. රට පාවලා දුන්නු සිරිකොතෙ උන්ගෙන් අහලා ඒවා මෙතන ලියන්න එපා.

      Delete
    2. මත්තල පොඩි ෆේල් එකක් තියෙනවා..... වරායවල් හදපු ගමන් නැව් එන්නේ නෑ.. ඔඩෙල් එකත් පටන් අරගෙන තියෙන්නේ ස්ටේසොන් වැගන් එකක. කොළඹට නැව් හෝ ගාලා එන්න ගත්තෙත් මෑතකදි.. විවෘත ආර්ථිකේ නිසා..

      චන්ද්‍රිකා ණය අරගෙන අරගෙන අන්තීමට මහින්දට යන්න උනේ කොමර්ෂල් ණය වලට. ඒත් දැන් අපිට බලෙන් ණය දෙන්නේ.. හරියට බැංකු වල ලීසිං කොලු පැටව් වගේ..

      Delete
    3. මාතලන් ලොක්කටයි, රනිල්ටයි දෙපැත්තට ටිකක් බැලන්ස් වගේ කලින් කතා කලාට මේ කතාවෙන් රෙදි නැතුව කඩේ යන බව හොදට පේනවා.....

      මත්තල පොඩි ෆේල් එකක්ද තියෙන්නේ. අනිත් එක වරායක් හැදුව ගමන් නැව් එන්නේ නැති බව ඇත්ත. ඒත් ව්‍යාපෘතියක් කරනකොට කොහොමද ඒක ලාභ ලබන ව්‍යාපෘතියක් කරන්නේ කියලා සැලැස්මක් තියෙන්න ඕනේ. ශක්‍යතා අධ්‍යයනයක් වෙන්න ඕනේ. ඒත් මෙතනදි වරාය හදලා ඉවර වුනාම තමයි මතක් වුනේ යකෝ මේකට නැව් ගෙන්න ගන්න විදිහ හිතුවේ නැහැනේ කියලා....

      Delete
    4. දැන් නැව් එනවනේ...... මත්තල අගය දිනක කාටත් වැටහේවී... මොකද දියුණු වෙන රටකට විකල්ප එයාර්පෝට් එකක් අවශ්‍යමයි... ඒත් ඒක මත්තල හදපු එක නම් ජාතික අපරාදයක්.. අඩු ගානේ අනුරාධපුරේ හදන්න තිබුනා..

      Delete
    5. @kas
      කොලඹ වරාය සුද්දගෙ කාලෙ ඉදලා තිබුනා නමුත් ඒක ජාත්යන්තර වරායක් බවට පත් උනෙ අතුලත්මුදලිගෙ කාලයෙ ( කොලඹ නැග ඒම නවත්තන්න සින්ගප්පූරුව විවිධ වැඩ වර්ජන පවා දියත් කරා කියලා තමයි කියන්නෙ ).

      හම්බන්තොට වරායෙ තවම පලවෙනි අදියරවත් තවම ඉවර නෑ. පලවෙනි අදියර ඉවර වෙන්නෙ container terminal එක හැදුවට පස්සෙයි. වරායෙ පලවෙනි අදියර අවසන් වෙලා අවුරුද්දක් දෙකක්වත් ඉන්නවද ඔය කට කැඩිච්ච කතා ටික කියන්න? දැනටත් ලොකු වාහන ප්‍රති-අපනයනයක් වෙනවා හම්බන්තොට හරහා. මත්තල කියන්නෙනම් මහින්දගෙ උවමනාවට හදපු තෙරුමක් නැති නාස්තියක්. හම්බන්තොට වරාය කියන්නෙ අවුරුදු ගානක් තිස්සෙ යොජනා වී තිබුන ව්යාපෘතියක්.

      ලන්කාව කියන්නෙ සමුද්‍ර කෙන්ද්‍රයක් කල යුතු රටක්. එහෙම රටක එක වරායක් තියාගෙන ඉන්න එක මහා අපරාධයක්. මොන ආණ්ඩුව ආවත් හම්බන්තොට වරාය ඉස්සරහට අරන් යන්න ඔනෙ.

      Delete
    6. මම කියන්නේ තව වරායක් ලංකාවට තියෙන එක වැරැද්දක් කියලා නෙවෙයි. වරාය කඩිමුඩියේ කිසිම ප්ලෑන් එකක් නැතුව හදපු එක වැරදියි කියන එකයි. අනිත් එක දැන් නැව් එන බව ඇත්ත, ප්‍රති අපනයනය කරන බවත් ඇත්ත ඒත් වරාය ගාස්තු වලට මොකද වෙලා තියෙන්නේ කියලා හොයලා බලන්න.

      අනිත් එක මහ ලොකුවට විවෘත කරාට ඒ දවස්වල බඩු බාන්න කන්ටේනර් එකක්වත් ක්රේන් එකක් වත් තිබුණේ නැහැ. සම්පූර්ණයෙන් ෆන්ක්ෂන් වෙන්න සුදුසු ආකාරයට හදන්නේ නැතුව කෝටි ගානක් වියදම් කරලා විවෘත කලේ ඇයි. මේක ඇත්තටම හොදම ව්‍යාපෘතියක් ඒත් කරපු විදිහ තමයි වැරදි. ඒක නිසා තමයි අධික පාඩු ලබන්නේ....

      අනිත් එක අපේ රටට එක වාහන වලින් වැඩි හරියක් දැන් හම්බන්තොට බාන්න නියෝග කරලා. දන්නවද වෙන දේ. ත්‍රී විල් එකක් රුපියල් 17000 ගාන වැඩි වෙනවා හම්බන්තොට ඉදලා කොලඹ ගේන්න. අනිත් වාහන ගැන හිතා ගන්න ඕන නැහැනේ...

      Delete
    7. අධික පාඩුවෙන්න අධික කොමිසුත් ඉවහල් වෙනවා ඇති. මේ ව්‍යාපෘතිවලින් අධික සුව ලබන්නේ වරාය සභාපති බන්දු වික්‍රමලා වගේ අය කියලා නම් පත්තර කියවන කොට තේරෙනවා. මට පේන්නේ මේ බොහොමයක් ප්‍රමුඛතාවයට මුල් තැන දීලා කරන්නේ නැතුව පටන්ගත්ත දේශපාලන ව්‍යාපෘති කියලා.

      Delete
  41. මාතලන් සින්දුව ගැන නෙමේ මේ. පහත ලිස්ට් එකේ අය ඔබේ බ්ලොග් එක කියවනවා කියා සිතන නිසා ලියන්නේ. මම මෙහෙ ප්‍රොජෙක්ට් එකක් කරන කෙනෙකුට මම මේ දන්නා බ්ලොග් ටිකක ලින්ක් යැව්වා: අවුලක් නැහැනේ.
    මාතලන්, ඉවාන් පව්ලුෂ, බස්සි, ජීවන්, දිලගේ ලෝකය , සඳු මල්, එකම දේ සමහරවිට මේ ප්‍රොජෙක්ට් එක කරන කෙනා ඔයාලට ආරාධනා කරවී ලංකාවේ ඩිජිටල් මාධ්‍ය කලාව ගැන නොමිලේ පුහුණුවකට. හැබැයි ලංකාවේ ඉන්න අයට විතරයි. කට්ටිය අකමැති නම් මට මෙසේජ් එකක් දාන්න. තව පස් දෙනෙකුට වගේ ඉඩ තියෙනවා. ඉඩ ලැබීම අනිවාර්යත් නැහැ හැබැයි.

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ඊ මේල් ළිපිනය එවන්න... මම වැඩි විස්තර කියන්නම්.. බොහෝම හොඳ වැඩක්..

      Delete
  42. මන් දැම්ම FB එකේ. මන් මේ උත්තරේ අද උදේ දැක්කේ. සොරි වේවා. මන් තව කීපයක ලින්ක් හොයල යවනවා. එයා ඒවා මුලින් අධ්‍යනය කරනවාලු මාසයක් දෙකක් ඉස්සෙල්ල.

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න