.

.

Nov 18, 2014

රොහාන් සමරජීවගේ, රාවයේ ළිපියට පිළිතුරක් - Response to Rohan Samarajeewa



රොහාන් සමරජීව යන නම, ශ්‍රී ලංකිය පුවත් පත් කලාවේ නොමැකෙන නාමයකි. එමෙන්ම මාතලන්ගේ ප්‍රියතම ලේඛකයෙකි. ඔහුගේ නම සඳහන් වූ කිසිම ළිපියක්, මා මග හරින්නේ නැත. අප රටේ සංවර්ධනය ගැන ඔහු දක්වන අදහස් උදහස්, පාළකයන්ගේ නෙත් නොගැටීම හා නොසලකා හැරීම, රටේ අවාසනාවකි. මා කොහේ හෝ කියවා ඇති පරිදි, ඔහු සිංහලෙන් ලියන්නේ නැත. රාවයේ ඔහුගේ නමින් පලවන ළිපි ලියනුයේ වෙනත් කවුරුන් හෝ බව සඳහන් කර තිබුනේ, මට මතක ආකාරයට රාවය පුවත් පත තුලමය.

රොහාන් සමරජීව, මාතලන් ළියු පෝස්ටුවක් සම්බන්ද කර ගනිමින් ළිපියක් ලියා තිබෙනු බව, මා හට මුලින්ම සඳහන් කළේ හිතවත් චානුක වත්තේගමයන්ය. එය ඔහුගේ මෙන්ම, මාගේද, අමන්දානන්දයට හේතූ විය. එහෙත් මා චානුකට කියා සිටියේ, ඔහු මාතලන්ගේ ළිපිය කියවා නැතිවාක් මෙන්ම, කවුරුන් හෝ එහි සඳහන් කළ කරුණු කිහිපයක් ඔහුට පවසා ඇති බවත්, ඒ කරුණු අනුව ඔහු ඔහුගේ ළිපිය ලියා ඇති බවත්ය. ඉන් පසු එම සිඳුවීම එතෙකින් අවසන් විය.

පසුගිය සති අන්තය කාර්ය බහුල වූ බැවින්, මට රාවය කියවීමට නොහැකි විය. මගේ රාවය පුවත් පත, මාසයකට පසුව හෝ අපේ පත්තර මාමාගෙන් මට ලැබෙනා බැවින්, මා පුවත් පත වෙනත් තැනකින් මිළ දී ගන්නේද නැත. එහෙත් මගේ මිතුරකු මා හට පැවසුවේ, මාතලන් නම සඳහන් ළිපියක්, රාවයේ පල වී ඇති බවයි. එබැවින් මා රාවය මිළ දී ගත් අතර, ඔහු කියූ පරිදිම, පල වී ඇත්තේ, චානුක වත්තේගම විසින් මා හට යොමු කරන ලද පරිවර්ථනයයි.

මා සිතනාකාරයට, මෙහි මුල් ළිපිය පලවී ඇත්තේ ලංකා බිස්නස් ඔන්ලයින් (LBO) වෙබ් අඩවියේයි. ඒ "The romance of manufacturing" යන මාතෘකාව යටතේයි. එය රාවයේ පලව ඇත්තේ, "නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය: යථාර්තවාදීද? රොමැන්ටිකද? යන මාතෘකාව යටතේයි. ඔහුගේ විවේචනයට බඳුන් වන්නේ, චානුකගේ ළිපියක් සඳහා මා විසින් ලියන ලද පිළිතුරු ළිපියකි. ඒ,  "ආර්ථික ප්‍රථිපත්තියක් අවශ්‍ය රනිල්ටද? මහින්දටද?" නැමැති ළිපියයි.

කෙසේ හෝ මේ ළිපිය රොහාන් විසින් කියවා නැති බව, මට සක් සුදක්සේ පැහැදිලිය. මන්ද ඔහු විවේචනයට බඳුන් කරන්නාවූ සියළුම කාරනා වලට උත්තර එම ළිපියේම අඩංගු වන බැවිනි. රොහාන් සමරජීව බොහෝ විට යටිතල පහසුකම් ගැන ළිපි සම්පාදනය කරන රචකයකු බැවින්, ඔහුගේ පළමු විවේචනය හා ප්‍රශ්ණය වන්නේ "යටිතල පහසුකම් නැංවීම හෙලා දකින්නේ ඇයි?" යන්නයි.

මා කිසි දිනක යටිතල පහසුකම් සංවර්ධණය හෙලා දැක නැති අතර, විශාල ලෙස විවේචනයට බඳුන් වූ, මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපළ ගොඩනැගීම වෙනුවෙන් පවා පෙනී සිටින්නෙකි. (ලංකාවට දෙවන ගුවන් තොටුපලක අවශ්‍යතාවයක් ඇති අතර, එය මත්තල ඉඳිකිරීම ගැන නම් විවේචනයක් ඇත.) අධී වේගී මාර්ග, මගේ රැකියාවටද විශාළ පිටුවහලකි. අද ගමේ පාරක පවා, කිසි අපහසුවකින් තොරව ගමන් කල හැක. සෑම ගමකටම විදුලිය ලැබී ඇත. ඈත දුශ්කර ප්‍රදේශයන්ට පවා, බොහෝ දුරට පානිය නළ ජලය සපයා ඇත. මේවා මාතලන්ගේ සිහින ඉටුවීමකි. මා ළිපියේ සඳහන් කර ඇත්තේ, මේවාම පමනක් කිරීම කිසි සේත්ම සුදුසු නොවන බව හා ඒවාට මුල් තැන දීම වැරදි ක්‍රියාවක් බව පමණි.

උපුටාගැන්ම //මේ රට හදන්න නම්, යටි තල පහසුකම් වලට විතරක් මුල් තැන දීලා වැඩක් නෑ. අනික ආන්ඩුව හැම දේම බදාගෙන බෑ. ආන්ඩුවේ රස්සාවල් දීලා, මෙළෝ රහක් නැති, රටටත් වැඩක් නැති, උන්ටත් වැඩක් නැති, පින් පඩි කාරයෝ බිහි කරලා වැඩක් නෑ. මොකෝ උන්ට දෙන්න වෙන්නෙත් අපි හම්බ කරන එකෙන්.//

දෙවන විවේචනය, "රජය නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කළයුතු ද?" යන්නයි. මෙහිදි මා උදාහරණයක් ලෙස ගත්, රණසිංහ ප්‍රේමදාසගේ ඇඟළුම් කර්මාන්තය හා ළිපියේ සඳහන් වූ කර්මාන්ත 33,000 ක් ඇති කිරිම ඔහු පටලවාගෙන ඇත. මා කියුවේ සෑම ගමකටම කර්මාණ්තයක් ආරම්බ කලහොත්, මේ රට ඉබේම සංවර්ධණය වන බවකි. මන්ද, මා කාළයක් ජීවත් වූ ඊශ්‍රායලය දියුණුවේ මුදුන් පෙත්තටම පැමිණි ගමනේ මූලාරම්බය, එවන් වූ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වූ බැවිනි. එය හඳුන්වනුයේ, "කිබුට්ස්" (Kibbutz) යන නාමයෙනි.

මෙම කර්මාණ්ත, රජයෙන් ආරම්බ කල යුතු යයි මා කිසි තැනක කියා නැති අතර. මා සඳහන් කලේ දුරාචාරය වැපිරීම සඳහා පලාත් සබා මන්ත්‍රීවරුන්ගේ සිට, පාර්ලිමේන්තු මැති ඇමතිවරු පවා ආරම්බ කර ඇති කසඩ, පාදඩ, ව්‍යාපාරයන් වෙනුවට, එම ප්‍රාග්ධනය, කාර්මික නිශ්පාදන හෝ කෘෂිකාර්මික නිශ්පාදන ක්‍රියා සඳහා යොමු කරනා ලෙස පමණි.

රජය සෑම දෙයටම අත පෙවීම මෙන්ම, රාජ්‍ය සේවය බැලුම් බෝලයක් මෙන් පිම්බීමේ ක්‍රියාවලිය, මාගේ විවේචනයට නිතරම බඳුන් වන අතර. එය යම් දිනක නවතිනුයේ, මේ රට සෝමාලියාවක් කිරීමෙන්ම පමණි.

උපුටාගැන්ම //ඒ සුළු කාළය තුල, ගම් කොච්චර දියුණු උනාද? කී දෙනෙකුට රැකියා ලැබුනද? වක්‍ර රැකියා කොයි තරම් බිහි උනාද? සබ් ඒජන්ට්ලා කී දෙනෙක් බිහි උනාද? ගෙදර ඉඳගෙන මහලා කී දෙනෙක් හම්බ කලාද? ලංකාවේ ප්‍රධාන ආදයම ඒක උනා, ඉතා සුළු කාලයකින්. ඇඟලුම්ම වෙන්න අවශ්‍යමත් නෑ. මොකක් හරි එක ගමකට එක කර්මාන්ත ශාලාවක් පටන් ගත්තාම හරි. එතකොට කර්මාන්ත 33000 ක් ඉබේම ඇතිවෙනවා. මේ ඇති මුළු රටටම. මොකෝ, ඇමති තුමා කරන එක තමයි, (දැන් ජනතා සේවකයෝ කියලා පිරිසක් නෑ නේ. ඉන්නේ බිස්නස් කාරයෝ සෙට් එකක් නිසා.) වටේ ඉන්න උනුත් කරන්නේ.//

මේ රටේ කර්මාණ්ත ඇති කිරීම සඳහා විදේශ ආයෝජන අත්‍යවශ්‍යම බවත්, යුද්ධය අවසන් මුත්, විදේශ ආයෝජයකන් දේශීය ආයෝජනයන් සඳහා නොපැමිනෙන හේතුන්ද ,මාතලන් මීට පෙර කීප අවස්ථාවකම ලියා ඇති අතර, අද පවතින "කිඹුලා බනිස්" සංචාරක කර්මාණ්තය වෙනුවට. කැසිනෝ හා තරු හතේ හෝටල් ඉඳි කල යුතු බවද, මාතලන් මීට කලින් ලියා ඇත. එමෙන්ම බොහෝ දෙනෙකුගේ විවේචනයන්ට මෙන්ම පෞද්ගලික පහරදීම් වලට ලක්වූ, ගණිකා ව්‍යාපාරය සඳහා අවසර දිය යුතු බවද ලියා ඇත්තෙමි. මේවා අපේ අයට අරුම පුදුම දේ වූවද, අදත් අප රට තුල ඇති දේවල් පමණි.

එබැවින් රොහාන් සමරජීවගේ ළිපිය ගැන හෝ ඔහුගේ දැක්මන් පිළිබඳ, කිසිඳු විවේචනයක් නොමැත. මට ඇති කනගාටුව, මා සඳහන් නොකල දෑ, මා සඳහන් කලා යැයි පව්සමින්, ලිපියේ ප්‍රස්තුතය තුලින් මාතලන් කියවන අල්ප වූ රසික කැලට, වැරදි අවබෝධයක් ලබා දීම පිළිබඳවයි. රොහාන් සමරජීව මහතානනි, මට ඔබ සමග කිසිම අහිතක් නැත. එහෙත් ළිපියක් විවේචනයට ලක් කිරීමට පෙර, එය දෙතුන් වතාවක් හෝ කියවා අවබෝධ කොට ගෙන කරුණු ගෙන හැර දක්වන්නේ නම්, මට වූ අසාධාරණය අනාගතයේදි තවත් කෙනෙකුට අත් නොවනු ඇත.

එමෙන්ම, ඔබ වැනි බුද්ධිමතකු, "සිංහල බ්ලොග්" යනුවෙන් දෙයක් පවතිනවා යයි දැන සිටීමත්, සියළුම සිංහල බ්ලොග් කරුවන් වෙනුවෙන්ම, අප ලද ජයග්‍රහණයකි.

ස්තූතියි....!!!

මාතෘකාවට අදාල, රොහාන් සමරජීවගේ ළිපිය, මෙතනින් කියවන්න >>> The romance of manufacturing

ප: ලි:

හදිසියේ ලිවීම හේතුවෙන් රොහාන් මතු කරන්නාවු තවත් ප්‍රධාන කරුණක් මග හැරී ඇත. ඒ සේවා ආර්ථිකයයි. සේවා ආර්ථිකය ගැන මාතලන්ගේ මතය බ්ලොග් අඩවිය කියවන අය පැහැදිලිවම දන්නවා ඇත. අප රටේ දැනටත් ඇත්තේ සෙවා ආර්ථිකය මුල් කර ගත් ආර්ථිකයකි (දැනෙන ආර්ථිකය.) එහෙත් රජය සෑම දෙයටම අත පොවනා බැවින් එයද අද පසු බැස ඇත. ඇත්ත වශයෙන්ම සේවා ආර්ථිකය තුලින්ම පමණක් වුවද, සිංගප්පූරුවේ හෝ ඩුබායි හී තත්වයටම පැමිණිමේ මහඟු අවස්ථාවක් අපේ රටේ පිහිටීම අනුව ඇත.

68 comments:

  1. රෝහාන් සමරජීව මා ද අගේ කරන ලේඛකයෙක් විද්වතෙක්. ඔහු හා සී. ජේ අමරතුංගයන් එක්ව ලියන ලද අපට ගැලපෙන ආර්ථික ක්‍රමවේද පොත ඔබට මම කියවන්න දුන්නා මතක ද? බ්ලොග් ගැන මෙහෙම හරි කතාවෙන එක හොදයි. අන්තර්ගතය කෙසේ වෙතත් ඔබ වැනි මිත්‍රයෙක් පිළිබඳ, කිසිම ලාභයක් නොතකා ඔබ කරන මේ ලිවීම මෙහෙම හරි කතා වෙන එකට නම් මට සතුටුයි. මාතලන් ජය. ඊලඟ බ්ලොග් ලෝක සමුළුවට ලංකාව නියෝජනය කරන්න ඔබට අවස්ථාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ඊළඟ බ්ලොග් ළෝක සමුළුව මෙහේ තියයිද දන්නේ නෑ.. අපි ඒ තරම් ෆෝචුනේට් පොරවල්.

      පොත ගැන - මොකෑ මට මතක නැත්තේ. ඒක රිටන් කරපු වෙලාවෙ බෝල ඇස් දෙක තවත් ළොකු උනා.. මම හිතන්නේ ඒ ඉල්ලගෙන ගිය එකෙක් ආයෙත් ගෙනත් දීපූ පළවෙනි පොත වෙන්න ඇති.

      Delete
    2. මාතලන්,
      අහලා තියනවනේ මේක,
      ස්ත්‍රී රත්නං පුස්තක රත්නං -පර හස්ත ගතං ගතං ගතං
      ස්ත්‍රී රත්නය ද පුස්තක රත්නය ද වෙනත් අතකට ගියොත් ගියාමය.
      කාලෙකට පස්සෙ අපේ රතන තුන සෙට් වුනා මේ කමෙන්ට් එකෙන්.
      ජය!!!!

      Delete
    3. හප්පට බොල මට ත්‍රිවිධ රත්නෙත් අමතක වෙලා උන්නේ.. මේ දවස්වල නම් ත්‍රිවිධ රත්නෙටත් වඩා බලවත් රත්නයක් තියෙනවා වෙද මහත්තයෝ..

      මට ප්‍රශ්ණේ තියෙන්නේ රාජගිරිය ඉඩම සඟ සතු නම්.. පැජරෝ එක සඟ සතු නොවුනේ කොහොමද කියලයි..

      Delete
    4. බ්ලොග් ලියන, කොත්තු සින්ඩිය කරන ඉන්දි සමරජීව කියන්නේ රොහාන් ගේ පුතා නේද?

      Delete
  2. මචෝ, රාවයෙ ගිය සිංහල පරිවතනේට ලින්ක් එකක් දෙන්න පුලුවන් වෙයිද..

    ReplyDelete
    Replies
    1. ඒක රාවයේ නම් නෑ.. ඊයක් විදහන්.. එවන්නම්..

      Delete
  3. // "සිංහල බ්ලොග්" යනුවෙන් දෙයක් පවතිනවා යයි දැන සිටීමත්, සියළුම සිංහල බ්ලොග් කරුවන් වෙනුවෙන්ම, අප ලද ජයග්‍රහණයකි. //
    මෙන්න මටත් ආඩම්බර වෙන්න පුලුවන් දෙයක්..මට ඉතින් බිලොග් කටුවක් නැතත් ඔයාල එක්ක ඉන්න එකත් ආඩම්බරයක්..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්න ඕන නෑ.. උඹේ එල ද බ්‍රා කොමෙන්ට් එකත් අපට හයියක්.

      Delete
    2. හුරේ !!!

      ජය වේවා … මාත් පුබ්බෝඩ් එල්ලුනා …

      යා … රේ …… යාං

      Delete
    3. ඇයි ලමයිනේ මේක?
      //The blogger, being an intelligent and thoughtful person// මේ දීලා තියෙන්නෙ නියම වටිනාකමක්!
      //If the infrastructure then had been as good as it is today, the task would have been easier.// ඇඟලුම්හල් අසාර්ථක වීමට එක් හේතුවක් එය එදා. ඒ වුණත්
      //But in many cases the most helpful thing government can do is to improve infrastructure services.// මේක විය යුත්තේ කෙමෙන් කෙමෙන් නොවේද? (කර්මාන්ත දියුණුවත් සමග). පළමුව ඒ සඳහා විශාල වශයෙන් ණය වීම බුද්ධිගෝචරද?

      Delete
    4. ඒවත් තිබුනා.. ඒත් ඩැමේජ් එක වැඩියි.. මට දුක එයා ළිපිය නොකියවා තිබීම. මොකෝ මේ සියල්ලටම ඒ ළිපිය තුලම උත්තර තියෙනවා..

      Delete
    5. @පත්තරයෝ..

      උඹේ වයිෆ් එක මට මාර කේන්තියක් එන්නෙ බං. ඕ යේස්!!!!

      Delete
    6. හිටුකො .. කවිකාරි බැන්ද දාට මං තොට ඕකට උත්තරයක් දෙන්ඩ :D

      Delete
    7. පත්තරේ එතකොට "සඳුමල් සහ පියසටහන් " දෙකම බ්ලොක් .....
      උඹට පට්ට මහන්සි ඇති නේද පත්තරේ මචෝ .... :-)
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  4. පුවත්පත් ලේඛකයන්ගෙන් 1% ක් වත් සිංහල බ්ලොග් බලනවා ඇතියි මම නම් හිතන්නේ නැහැ. රොහාන් සමරජීව හොඳ ප්‍රබුද්ධ අදහස් දරන පුද්ගලයෙක්. නමුත් මෙලෙස කරුණු අවුල් කරගෙන තිබෙන්නේ කාගෙන් හෝ අසා දැනගත් තොරතුරු මත උපකල්පනය කල දේවල් නිසා වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ආයේ දෙකක් නෑ.. ළිපිය කියවලා නම් නෑ.. කවුරු හරි කියපු දේකට උත්තර ලියලා තියෙන්නේ..

      Delete
    2. පාඨකයින් ඉන්නව බ්ලොග් ( සමහර ) කියවනව ඒත් පුවත්පත් ලිපි කියවන්න කැමති හෝ වෙලාවක් නෑ.
      මං දන්න එකෙක් ඉන්නව. තව ඉන්නවද දන්නෙ නෑ හැබැයි

      Delete
  5. සි'ංහන බ්ඔග් කරුවන්ට ජ ය ෙව් විාෙ ව්ක න!!!

    ReplyDelete
    Replies
    1. අරින්ඩෙපා … මේව ලේසියෙං ඇරල බෑ !!!

      ඕ යේස් …

      Delete
    2. ජයවේවා.. පත්තර මලයගෙ නෝනා ලංකාවට ඇවිත් වගේ.. අදත් උඹ ගැන් කතා කලා...

      Delete
    3. අෙඩ් පත්ුර් නෙයක් පොගලෙක් දැක්ත වෙග්

      Delete
    4. ගෙවල් මාරු කරා.. ඒ පිට වයිෆ් සතියකට ආවා බොලේ :D

      එතුමියගෙ ඩැයිවර් ජොබ් එකයි පෝටර් ජොබ් එකයි කොරා ... අපි වෙනුවෙන් අපි . ඕ යේස් :D

      Delete
    5. PM, එතුමිය සම්ප්‍රාප්ත වෙනකොට එහෙ සමර් එක ඉවර වෙලාද?

      Delete
    6. එතුමිය සම්ප්‍රාප්ත වෙනකොට වින්ටරෙත් ඇන්න ආවේ :D

      සමන් මල් සුවඳක් දසත හමා ගියා … මඳ නල අපට පවන් සැලුවා … කුරුළු කූජනය කවියක් වගේ සිහින් හඬින් රැව් දුන්නා …… ගස් වල කොල රන් වන් පාටින් බිම පතිතව අපිට පාවාඩ එලුවා

      ඉතුරු ටික කොටු කොටු :D

      Delete
    7. හොඳ වෙලාවට.
      සමර් එකේ ආවනම් PMගේ ඇස් ගෙඩි දෙක පැකේජ් කරල ලංකාවට එවනව වින්ටර් එකේ ආපහු එවන්න

      Delete
    8. හා හා :D

      මං නෑනෙ ඕව බලන්නෙ ..චැහ්. පත්තර මල්ලි අවංකයා :D ඕනැ කෙනෙක්ගෙං අහල බලන්ඩ .හැක්

      Delete
  6. මාතා...........................

    සිංහල බ්ලොග්කරුවන් කියන පිරිස වෙනුවෙන් ඔබ කරන්නා වූ සේවයට (ඒක ඒක විදිහක සේවයක් තමයි මචං) ස්තූති කරනවා..... මෙහෙම හරි මිනිස්සු අපි ගැන දැනගෙන ඉන්න ඒක ගැන සතුටුයි.... ඒක අපේ ජයග්‍රහණයක් මාතා...

    ඒත් ඔබ කියන මේ කොටස ගැන විශේෂයෙන් ලියන්න වෙනවා.

    //එහෙත් ළිපියක් විවේචනයට ලක් කිරීමට පෙර, එය දෙතුන් වතාවක් හෝ කියවා අවබෝධ කොට ගෙන කරුණු ගෙන හැර දක්වන්නේ නම්, මට වූ අසාධාරණය අනාගතයේදි තවත් කෙනෙකුට අත් නොවනු ඇත.//

    මේ කතාව දැක්කා ම හිතුනේ කවුරුහරි කියපු කතාවකට ලියපු ලිපියක් කියන ඒකයි..... ඒත් මෙවැනි පුද්ගලයෙක් මෙහම කරන නම් අනුමත කරන්නට බැහැ... මාතා මේකට උත්තර ලියන්න.. ඒ සංවාදය කරගෙන යන්න.. ඔහුගේ වැරදි අාකල්පයේ අඩුව ලියන්න.................

    ReplyDelete
    Replies
    1. ඒක අර විජිත හේරත් කියනවා වගේ "හරි පැහැදිලියි".. ළිපි දෙක මැදිහත්ව කියවන ඕනම කෙනෙකුට ඒක පේනවා..

      Delete
  7. එක ගමකට එක කර්මාන්තසාලාවක් සංකල්පය හොදයි... හැබැයි නිපදවන්න ඔනෑ අපට competitive advantage තියෙන දේවල්..
    උදාහරනයකට ලංකාවේ නිමි ඇදුම්, ජාත්‍යන්තර ප්‍රමිතියේ කෘෂී නිෂ්පාදන වගේ ඒවට ලෝක වෙලදපලේ හොද ඉල්ලුමක් තියෙනවා..
    ඒවගේම පෞද්ගලික විෂ්වවිද්‍යාල ගෙනල්ල වෛද්‍යවරුන් ඇතුලු වෘතිකයින් විෂාල ප්‍රමානයක් හදාගත්තොත් computer software, medical tourism වගේ පැතිවලිනුත් අපිට ඉස්සරහට යන්න පුලුවන්..

    හැබැයි මරා හිතාගෙන ඉන්න විදිහට සංචාරක ව්‍යාපාරයෙන් පමනක් ලංකාව වගේ ලක්ෂ 200 ඉන්න රටක් දියුනු කරන්න බෑ..
    දැන් බලයට ඇවිල්ල අවු.10යි, එක ජාත්‍යන්තර මට්ටමේ කර්මාන්ත සාලාවක්, විෂ්වවිද්‍යාලයක් හැදුවද?
    කලේ යුරෝපයෙන් ලැබෙන ඇගලුම් කෝටාව හා යුරෝපයට මාලු අපනයනය කරන එක නැතිකරගත්තු එක...

    ඔක්කොටම ඉස්සෙල්ල අපිට චීනෙත් එක්ක එකතු වෙලා දියුනු වෙන්න බෑය, යුරෝපීය රටවල් එක්කත් ගනුදෙනු කරන්න වෙනබව තේරුම් ගන්න ඔනෑ.. යුරෝපයේ ශිෂ්ඨ රටවල් එක්ක ගනුදෙනු කරන්න නම් අපේ human rights record එක ශක්තිමත් කරගත යුතුයි...

    ReplyDelete
    Replies
    1. එකඟයි... හියුමන් රයිට්ස් කොහෙද.. ෆිෂ් රයිට්ස් වත් රකින්නේ නෑ කියලා ඕන් අපේ රටෙන් මාළු ගෙන්නන එකත් නවත්තනවලු යුරෝපෙන්.. මෙහේ අය නම් කියන්නේ අවුලක් නෑ කියලා.. ඇයි අර රජගෙදර රිලවට කවන්න බැරිය මොළේ පෑදෙන්න... එයා කිව්වේ ජපනගේ මොළේ වැඩිවෙන්න හේතුව බල මාළු කන එකය කියලා..

      Delete
    2. මම මේ රටේ ජනාධිපති නම් (විහිළුවට හොඳෙයි.) ඉස්සෙල්ලාම කරන්නේ දිස්ත්‍රික්කවල ජන අනුපාත අනුව විශ්ව විද්‍යාල හදන එක. උපාධිධරින්, ඩිප්ලෝමාලාභීන් බිහි කරන එක. සිලබස් ඔක්කෝම වෙනස් කරන එක. හැබයි ඉතින් ඒවා කරන්න මහින්ද මහත්තයට වගේම පවර්ස් තියෙන්න ඕන..

      Delete
    3. විහිලුවක් නෙමෙයි ඒක...එල ද බ්‍රා සිතුවිල්ලක්..

      Delete
  8. මචං, රොහාන් සිංහලෙන් නොලීවාට ලංකාවේ බ්ලොග් ගැන කතා කරද්දි අමතක කරන්නම බැරි චරිතයක්. ඉන්දි ඒ කියන්නේ රොහාන්ගේ පුතා තමයි මුලින්ම බ්ලොග් සින්ඩියක් ගෙනාවේ. www.kottu.org

    ReplyDelete
    Replies
    1. කව්ද දන්නේ... කියන්න එපාය සත්තරනේ.. කොත්තු එකෙන් තමයි මට මේ ටිකේ හිට්ස් වැඩිම...

      Delete
    2. සින්ඩිය විතරක් නෙවෙයි සමහර විට ලංකාවට අදාල පලවැනි බ්ලොග් එකත් ඉන්ද්‍රජිත් (ඉන්දි) සමරජීව ලියපු indi.ca වෙන්න ඕනා. ලාංකික නොකියා ලංකාවට අදාල කිව්වේ ඒක කැනඩාවේ ඉඳන් ඉංග්‍රීසියෙන් ලියවුනු එකක් නිසා.

      පස්සෙ ඉන්දි ලංකාවෙ සෙට්ල් වුනා, මුලදි රනිල් පාක්ෂිකයෙක් වුනත් පස්සෙ දේශපාලන වශයෙනුත් වෙනස් වුනා ද කොහෙද. yamu.lk සයිට් එක කරන්නෙත් පොර.

      Delete
    3. තැන්කුයි පොරපයිල් මිත්‍රයා

      Delete
    4. ඇනෝ, ඔව් ඉන්දිගේ බ්ලොග් එක මුල් කාලෙම ආව ලංකාවේ බ්ලොග් එකක්. ඔහු තමයි මම හිතන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම බ්ලොගර්. පස්සේ කාලෙක ඔහු වීක්ලි නිවුස් පේපර්ස් වලටත් ලියන්න ගත්තා. (ලසන්තගේ පත්තරේට හෙම) මොනවා වුනත් කොත්තු හරහා මුල්ම කාලේ ලොකුම සේවයක් වුනා. ඇනෝට මතක ඇතිනේ 2007 වගේ කාලේ කියවන්න තිබුනේත් ඒක විතරමයි. පත්තර කියවනවට වඩා ඒ කාලේ ආශාවෙන් කියවන්න යමක් තිබුනත් එක්ක.
      යමු කන්සෙප්ට් එකටත් මම හරි ආසයි.

      Delete
    5. තාත්තගෙ නමින් පුතාවත්, පුතාගෙ නමින් තාත්තවත් බැබලෙන්නෙ නැති විරළ අවස්ථා කිහිපයකින් එකක් තමයි රොහාන් සහ ඉන්දි. ඒ වගේම සමන් සහ පියසේන අතාවුදහෙට්ටි, නිකලස් සහ විදර්ශන කන්නග්නර, පෝල් සහ ශිරාන් වගේ බොහොම අතලොස්සක් තමා ඔහොම අය ඉන්නෙ.

      බූරු, අදටත් කොත්තු තමා මගෙ ප්‍රියතම සින්ඩිය

      Delete
    6. ඇනෝ, උඩින් කියන්න අමතක වුනා මම හොය හොයාමයි හිටියේ ඇනෝව. මේ කට්ල්ෆිශ් ගැන ප්‍රශ්න ටිකක් අහගන්න. අපි අර කලින් නතර කරපු තැනකින්. අවුරුද්දකට විතර කලින්. ;)

      Delete
    7. රංගි මම මේලක් දාන්නම්. මොකද ආර්තික විද්‍යා ලිපියක කට්ල්ෆිෂ් ගැන කතා කරොත් ඒකත් මේ වෙලාවෙ මාතා ගෙ පිටින් යන්න බැරි නෑ බුවාට ඉන්න ඇනෝ යාලුවො ගොඩේ හැටියට :-)

      Delete
    8. මේ කතාවෙලා තියෙන්නේ පුතා ගැනත්!

      Delete
  9. ඔක්කෝම් අමතක කරහං.. උඹ මොකාද කියල මේ හැම තැනම චුරු චුුරු ගාන අපි දන්නව නේ.. මට වඩාත් සිත් ගත්තේ සමරජීවගේ ප්‍රහාරයට උඹ දීපු නිවුනු උත්තරේටයි.. ඒකම මදෑ උඹ කව්ද කියල තේරුං ගන්න.

    උඹ කිව්ව වගේ අඩියක් ගහන්න තරං වටින වැඩක් බං මේක.. අල්පේ කෙසේ වෙතත් ලියවිල්ල ගැන කතිකාවක් ඇති වීම හොදයි සියළු බ්ලොග් කරුවන්නට..

    මක්කැයි කියන්නේ වැරදි අදහස් හරි ලොක්කා දැම්මට දාමුද බං පාටියක්..

    ReplyDelete
    Replies
    1. මම මචෝ නැව ගිලුනත් බෑන් චූන්, හැමදාම නත්තල් පොර නේ..

      වැදගත් මිනිස්සුන්ට ප්‍රතිචාර දක්වීමයී.. කොන්දක් නැති ගැඩවිල්ලන්ට ප්‍රතිචාර දැක්වීමයි බොහෝ වෙනස් මචෝ.. නොදන්න බල්ලන්ට දුප් බල්ලා කියලා එලවලා දානවා මිසක්. උන්ව ඔඩොක්කුවේ දාගෙන හුරතල් කරන්නෙත් ඒ වගේම බල්ලො බැල්ලියෝම තමයි..

      Delete
  10. සංචාරක ව්‍යාපරය මුල්කරගත් ආර්ථිකයක් හැරුණු විට, ග්‍රාමීය මට්ටමින් කර්මාන්ත ඇතිකර නිශ්පාදනය පදනම් කොටගත් ආර්ථිකයක් කියන කාරණාවටනම් අපි කවුරුත් සීයට දාහක් එකඟයි. ඇත්තටම බැලුවොත් වැඩවසම් උනත් රජකාලෙ ඉඳලම අපිට එහෙම ආර්ථිකයක් තිබුනා. මුන් ඒව කෑවා. කොහොමත් සේවා ආර්ථිකයකින් ලාබ ලැබීම කිසිසේත්ම ප්‍රායෝගික නෑ. ඒත් ඉතින් කවද්ද අපේ රටේ ප්‍රායෝගික දේවල් උනේ.

    මොන විද්වතෙක් උනත් ලිපියක් හරිහැටි නොකියවා විවේචන පමණක් නොව ගුණ විචාරීම හෝ කිසිසේත් අනුමත කරන්න බෑ. මින් ඉදිරියට හෝ මෙවන දෙයක් සිදු නොවීමට ඔබේ මේ ලිපිය සහයක් වේවායි ප්‍රාර්ථනාකරනවා.

    ReplyDelete
    Replies
    1. මචෝ සේවා ආර්ථිකය ඕනි. දියුණු රටවල් බහුතරය ඒකෙන් තමා ගොඩගියේ. ඒ වුනාට එහෙම වෙන්න සංචාරකයො ඇදෙන්න ඕනි, සිංගප්පූරුවෙ වගේ. අපිට කොහෙද එව්වා.
      නැත්නම් ඉතිං ආර්ථිකයේ පහලම ස්ථරවල කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත අමුද්‍රව්‍ය යොදාගන්න කර්මාන්ත තිබිය යුතුමයි ආහාර දාමයක ශාඛ වගේ.

      Delete
    2. ලංකාවේ ඔක්කෝම ආර්ථිකයන් ක්‍රියාත්මක කරන්න පුළුවන්.. සුද්දෝ කියන්නේ අපේ රට දියුණු වෙන්න වෙන මුකුත් ඕන නෑ. මුහුදම ඇති කියලා...

      දැන් බලන්න ප්‍රකෝටී ගනන් ව්යදම් කරගෙන යාපනේට හයි වේ එකක් හදනවා.. නුවරට නම් කමක් නෑ.. ඇයි බැරි මුහුද අයිනේ තියෙන හැම ප්‍රධාන නගරයකටම ලොකු බෝට්ටු සේවයක් දාන්න. අපේ උන් හිතලවත් නෑ. ඒකට ඉතින් මාතලන්ම ජනාධිපති වෙන්න ඕන..

      Delete
  11. සහෝදර බ්ලොග් ලියන්නෙක්ට මේ විදිහෙ ප්‍රථිචාරයක් ලැබීම ඉතාම සතුටක් සහ සැමරිය යුතු දෙයක්.

    ඒ උනාට උඹෙ ඒ ලිපිය ගැන කියන්න තීන්නෙ "පට්ට ආර්ථික යෝජනා...දාං පෙතක් විතරයි අඩු!" කියල විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මාතලන්ගේ සිහිණ බොහෝමයක් 2009 පස්සේ සැබෑ උනා.

      යුද්ධය නිමාවීම, අධි වේගී මාර්ග, පිරිසිඳු නඟර, සැමට විදුලිය. සැමට සෙල්ෆෝන්, සුන්දර කොළඹ නඟරය, සංචාරක කර්මාන්තය දියුණු වීම, ගමත් නගරය මෙන් දියුණු වීම.. තව සැබෑ නොවුන ඊවත් ගොඩාක් තියෙනවා.

      දැන් කියන්න එපා මහින්ද මහත්තයට, ගෝඨාභයට කඩේ යනවා කියලා..

      මොකෝ රනිල් අගේ කරපු ගමන්, මම පට්ට යූ ඇන් පී කාරයා වෙනවා..

      Delete
    2. මාත, උඹ උඩ කියල තීන //දැන් බලන්න ප්‍රකෝටී ගනන් ව්යදම් කරගෙන යාපනේට හයි වේ එකක් හදනවා.. නුවරට නම් කමක් නෑ.. ඇයි බැරි මුහුද අයිනේ තියෙන හැම ප්‍රධාන නගරයකටම ලොකු බෝට්ටු සේවයක් දාන්න. අපේ උන් හිතලවත් නෑ//
      ටික දැක්කම කට කහනව.

      ඒත් උඹ ඇතුලෙ ආතල් පොරක් ඉන්නව. අන්න ඌ එක්ක ආශ්‍රයට කැමති නිසා අපි ඔය ගැන කතා නොකර ඉමු. මොකද මගේ අදහස් නිසා උඹවත්, උඹෙ අදහස් නිසා මම වත් වෙනස් වෙන්නෙ නෑ. අපි අපේ හීන වල ජීවත්වෙමු, ආතල් ගමු.

      Delete
  12. මොනවා උනත් මුලින්ම ජයවේවා කියල පතන්නම්...
    ඒ මනුස්සයට තියෙන වැඩත් එක්ක උඹේ බ්ලොග් පෝස්ට් එක බලන්න නැතුව ඇති...
    කමක් නැහැ...
    එහෙම හරි උනා මදැයි...

    ReplyDelete
    Replies
    1. ඒක හරි... වැදගත් මනුස්සයෙකුට කියවන්න පුළුවන්ය මාතලන් ලියන කුණුහබ්බ...

      Delete
  13. ///ඔබ වැනි බුද්ධිමතකු, "සිංහල බ්ලොග්" යනුවෙන් දෙයක් පවතිනවා යයි දැන සිටීමත්, සියළුම සිංහල බ්ලොග් කරුවන් වෙනුවෙන්ම, අප ලද ජයග්‍රහණයකි. ///
    ජයවේවා!

    ReplyDelete
  14. ජය වේවා මාතේ අය්යේ ......සිංහල බොලොග් ලෝකෙට ජය වේවා ....

    සලන සුසුම සැඩ සුළඟයි
    ගලන කඳුළු වැසි වතුරයි
    දුකින් වෙළී අන්ධකාරයේ
    යන මේ ගමනේ
    අපේ පැතුම් නැවුම් ලොවට පාර කියනවා

    ජීවිතයේ පීඩිත හද වේදනා යටින්
    රණ ගීයක ජය නාදය ඈත ඇසෙනවා
    මේ ගමනට ඒ ගීයෙන් දිරිය ලැබෙනවා

    පහන් තරුව පායා එන
    නවෝදයට දොර අරින්න
    ඔබේ දෑත අපට දෙන්න
    සොහෝයුරනි - සොහොයුරියනි

    ගුණදාස කපුගේ
    පද - මහගම සේකර
    ස්වර - ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. උඹ ගැන නම් කියන්න වදන් නෑ... සින්දූර්....

      Delete
  15. ලංකාවට කෘෂි අාර්ථිකයක් නම් හරි යන්ෙන් නැහැ. වඩාම ෙහාද කුඩා පරිමාණ කර්මාන්ත වලින් පටන් ෙගන ඉහලට යන ඒකයි.

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් නෑ. කෘෂිකර්මාන්තයෙන් කෝටිපතියන් උන ව්‍යාපාරිකයෝ අනන්තවත් ඉන්නවා..

      Delete
    2. /* කෘෂිකර්මාන්තයෙන් කෝටිපතියන් උන ව්‍යාපාරිකයෝ */

      මල් වවන අය නේද?
      ඇෆ්ගනිස්ථානයෙත් ඉන්නවා, ඒ ගොල්ලොත් වවන්නේ මල් ජාතියක් තමයි.

      Delete
  16. Replies
    1. අක්කගෙ මල්ලිට, මාතලන් සහෝදරයාගේ උත්තරේ එතන ලිව්වා..

      Delete
  17. ආර්ථික විජ්ජාව තියෙනවා නේද? ඕකේ තියරිවලින් ඕනෑම විවාදයක දෙපැත්තටම තර්ක කරන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ඒකේ ප්‍රඩක්ෂන් සයිඩ් එකේ නැති උනාට, ඩිස්ට්‍රිබුෂන් සයිඩ් එකේ අපේ අගමැති තුමාත් ඉන්නවනේ..

      එවා නෙමෙයි අනේ... එළවලු පළතුරු අර්තාපල් පශු සම්පත් මල්.. මල් කියන්නේ ඒ මල් නෙමෙයි විසිතුරු මල්...

      මගේ මිතුරෙක් ඉන්නවා.. රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ.. සිස්සත්තෙන් ආවේ.. අන්තිමේ පිස්සු කෙලියා.. දැන් ගර්කින් ගොවියෙක්.. ප්‍රකෝටිපතියෙක්.. නවීන ක්‍රමයට ගොවිතැන් කරන්නේ.. ජල බිඳු ක්‍රමය මුලින්ම පටන් ගත්ත කෙනෙක්..

      Delete
    2. මගේ මිතුරෙක් ඉන්නවා.. රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ.. සිස්සත්තෙන් ආවේ.. අන්තිමේ පිස්සු කෙලියා.. දැන් Guide kenek, kendarath balanawa

      Delete
    3. අම්මට හුඩු ඇත්තද මාර පොරක්නේ..

      Delete
  18. සිංහල බ්ලොග් මාරයි දැන් නැද්ද මාතලන් අයියේ.....?

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න