.

.

Nov 16, 2014

ධවල ශෝධනය හෙවත් බඩ යන්න කෑම... (23+) - Humilating Defeat (White Wash)



ඉන්ගිරිසියෙන් මේකට කියන්නේ, වයිට් වොෂ් කියලාය. හින්ගලෙන් කියන්නේ, බඩ යන්න වදිනවා කියලාය. අළුත් ජැනරේසොන් එකේ උන් කියන්නේ, ඇට්ටි හැලෙන්න කනවා කියලාය. කොහොමත් අපි ඉන්දියාවේදි කනවාය. අද වෙනකන් එකම සීරීස් එකක් වත් දිනලා නැතිය. ඒත් මේ විදියට නම්, සංසාරේදි තියා අම්පාරේදීවත් පැරදුනාද කියා, මට නම් ම්තක නැතිය. කන එක ජීවීත කාලේදි මතක හිටින්න කෑවේය. අනික කෑවේත් කජු කිරි කොල්ලන්ගෙන්ය. කෝලී, රයිනා, රොහිට් ෂර්මා, ජඩේජා වගේ කීප දෙනෙක් ඇර අනික් උන් ඔක්කෝම වගේ පොඩි කොල්ලෝය, ඒ ක්‍රිකට් වලින් බැලුවොත්ය, වයසෙන් බැලුවොත් උන් තුන් හතර දෙනාත් පොඩි කොල්ලෝය.

ක්‍රිකට් ගැන දන්නෙ නැති ගොබ්බ හරක් කියන්නේ, මේකට වග කියන්න ඕනේ ක්‍රිකට් පාලක මණ්ඩලේ කියලාය. සම හරක් නම් කියන්නේ, අපේ ජනාධිපති තුමාත් මේවාට වග කියන්න ඕන කියලාය. පාළක මණ්ඩලේ සුද්ද කොරන්න අපිට ඕනා කමක් නැතිය. ඒක හොර ගුහාවක් කියලා ඕන එකෙක් දන්නවාය. හැබයි ඒකේ ඉන්න කම්බ හොරු කරන්නේ ක්‍රිකට් කළමණාකරනයය. එහෙම නැතුව ක්‍රිකට් ගහන එක නෙමේය. උන් ගහන්නේ වෙන ගැහිල්ලක්ය. ඒත්, ක්‍රිකට් ගහන්නේ ප්ලේයර්ස්ලා නොහොත්, ක්‍රිකට් ක්‍රීඩකයෝය.

අපේ මණ්ඩලේ කචල් වෙලාත්, කම්බ හොරු රජ කලාට. ඉන්දියාවේ උන් ඔක්කෝම මැච් දිනලාත්, එහේ සභාපති "සිරිනිවාසන්" එලවලා දාලාය. ඒත් ඉතින් ඒ ඉන්දියාවය. මේ අම්මට සිරි ලංකාවය. ලැජ්ජාවෙන් බේරෙන්න ඇදලා අරින ලොකුම පචේ ඒක නෙමේය. ටීම් එක රෙඩි වෙලා උන්නේ නැතෙයි කියනා අම්බ පචේය. ඒ කියන්නේ මෙයාලා ක්‍රිකට් ප්‍රැක්ටිස් කරලා නැතෙයි කියනා එකය. ඒවා පච වෙලා යන්නේ, මාස දෙකක් ක්‍රිකට් නොගහපු එකා ඇවිල්ලා, ගහන පළමු මැච් එකේම, වර්ල්ඩ් රැකෝඩ් තියනා නිසාය. ඒකට ෆුල් බැක් එක දෙන්නේ, ගෙම්බෝ අල්ලන ෆීල්ඩර්ස්ලාය. අපේ ටීම් එකේ ෆීල්ඩින්ග් තිබුනේ, ඉහළම මට්ටමේය. ඒත් අද ඉන්නේ මඩ කරි අල්ලන උන්ය.

ඔය ක්‍රිකට් ගැහුවේ නෑ කියන්නේ අමූලික බොරුය. තුන් හතර දෙනෙක් ඇර, අනික් ඔක්කෝම මර්කන්ටයිල් ටූනමන්ට් එක ප්ලේ කරා කියලා දන්නේ ක්‍රිකට් ගැන දන්නා උන් විතරය. දන්නේ නැති උන් හිතන්නේ, මුන් කියන්නේ සහතික ඇත්තෙයි කියලාය. රජගෙදර රිලාවාගේ දිරච්ච කඹ, රහ කර කර ගිලිනා උන් මේ ලණු කන්නේ කජු කනවා වගේය. එක්කෝ සද්ද නැතිව ඉන්නවා නම් ඒත් අවුලක් නැතිය. ඒවා ගැන කප්පරක් ටී වී චැනල් වලට වොයිස් කට් හිටන් දෙනවාය. ඒවා දැක්කාම අපිට පුකෙන් හිනා යනවාය. සෙන්චරියක් අරෙහෙ මෙහේ වනාගෙන, කලර්ස් ටිකක් පෙන්නුවේ, ඇත්තටම ක්‍රිකට් ගහපු නැති ඩේට් එක්ස්පයර්ඩ් සෙට් එකය.

සංගාගේ රිප්ලේස්මන්ට් එකට එවන්නේ මරු බඩුවක්ය. මූ ටීම් එකේ ඉන්නේ රණතුංගලාගේ ගෙදර හිටපු පිනෙන්ය. කාලයක් එලවලා හිටපු එකා, කොහොම හරි ආයෙත් රිංගවලා තියෙන්නේ, රණතුංගලාගේ පවර් එක යූස් කරලාය. මොකෝ දැන් ඉන්න නැෂනල් කෝචුත්, නිශාන්ත රණතුංගගේ මස්සිනා නිසාය. මූට ක්‍රිකට් ගහන්න බැරිය. එහෙම ගෙදර තියාගෙන කන්න දුන්නා නම්, ඔය ගෙදර වැඩ ටිකක් කර ගත්තාට අපිට අවුලක් නැතිය. එහෙම කොර ගන්නම ලැජ්ජ නම්, මූ ටීම් එකත් එක්ක යවන්න ඕනා නම්, කරන්න තියෙන්නේ, "පර්සි"ත් නාකි නිසා, නැෂනල් ෆ්ලෑග් එකක් අතට දීලා, ගල් බාගයක් පොවා, ග්‍රවුන්ඩ් එක වටේ යනවා එකය. දිනේෂ් චන්දිමාල්... පින් සිද්ද වෙයි... ක්‍රිකට් ගහන්නේ නැතිව, ගහන්නම ඕනා නම්, ගෙදරට වෙලා අතේ පාරක් ගහගෙන උන්නාට අපේ අහිතක් ඇත්තේ නැතිය.

අනිත් හාල්පාරුවා, කුසල් ජනිත් පෙරේරා කියන ගොයියාය. ඔය ගහන විදියට ක්‍රිකට් ගහන්න නම් අවුරුදු පනහක් උනත්, "මාතලන්" ටීම් එකට දැම්මත් කිසි අවුලක් නැතිය. අදටත් බෝල දෙක තුනකට ගහගන්න බැරි කමක් අපිටත් නැත්තේ නැතිය. එයා ඕපනින් එව්වා හොඳටෝම ඇතිය. එලවන්න දුකම් නම්, පොඩ්ඩක් පල්ලෙහායින් චාන්ස් එකක් දුන්නාට අවුලක් නැතිය. හැබයි ඌට විස්සයි විස්සෙයි, ෆිෆ්ටි ඕවර් වලයි වෙනස කියලා දෙන්න ඕනාය. අනික හැම බෝලෙටම හයේ ඒවා ගහන්න බෑ කියලාත් කියලා දෙන්න ඕනාය. ඒත් මම නම් කියන්නේ ඌත් එලවලාම දාන්නෙයි කියලාය. ඔය දුන්න චෑන්ස් ඕනාවටත් වඩා වැඩිය.

ඉන්දියාවේ ඩෙබුටාන්ට්ලා හිටන් වැඩ පෙන්නුවේය. ඒකට කියන්නේ කබ්බෝ ෆෝම් කරනවා කියලාය. මුන්, "යාදාව්" හීරෝ කෙනෙක් කළේය. අන්තීමට ඌ පොරක් වෙලා, අන්තීම මැච් එකට දැම්මේත් නැතිය. මම මෙච්චර කල් හිතාගෙන හිටියේ, හොඳම ආච්චි ක්‍රිස් ගේල් ගේ ආච්චි කියලාය. බලාගෙන ගියාම රොහිත් ෂර්මාගේ ආච්චි ඊට වඩා පවර්ෆුල්ය. රොහිත්ගේ ආච්චි වැහෙන එක, නියමෙටම වැහුනේය. ඒ ආච්චි අපේ බෝලස්ලා, ගමේ ටැනිස් බෝල දාන බෝලර්ස්ලාගෙනුත් පහලට දාලා කඳුරු බෝල යවන උන් බවට පත් කලේය. ඇඳුනුත් ගලවලා එන්න වෙන විලි ලැජ්ජාව නැවතුනේ, අන්තිම මැච් එකේදී ඇන්ජලෝට වැහුන ඇන්ජලෝගේ ආච්චිට පින් සිද්ද වෙන්නටය.

ඒත් ඉතින් කැප්ටන් තනියෙන් රජ වෙලා හරියන්නේ නැතිය. ඒකත් මහින්ද රාජපස්සගේ ආන්ඩුව වගේය. මහින්ද ඇර අනික් ඔක්කෝම හාල් පාරුවෝය. මේ ඩේට් එකස්පයර්ඩ් සෙට් එක ගියායින් පස්සේ අපේ ක්‍රිකට් වලට අබ සරණය. මහේල, සංඝා, ඩිල්ෂාන් තුන් දෙනාම මේ වර්ල්ඩ් කප් එකෙන් පස්සේ ගෙදර යනවාය. උන් තවත් ගහනවා නම් උන්ට හෙන ගහනවාය. මාලිංගත් ලෙඩාය. රංගන හේරතුත් නාකිය. ඒ කියන්නේ අළුත් ටීම් එකක් හදන්නම වෙනවාය. 

මේ සීරිස් එකේ පරාජය බාර ගත යුත්තේ වෙනින් එකෙක් වත් නොව, මාවන් හා චමින්ද වාස්ය. අනික මම හිතන්නේ, අපිට මෝටිවේටර් කෙනෙක් නැතෙයි කියලාය. ක්‍රිකට් කියන්නේ ෆිසිකල් ගේමක් විතරක් නෙමේය. තරඟයක් පැරදුනා කියා, ඊළඟ තරඟයටත් මූණූ එල්ලාගෙන එන්න ඕනා නැතිය. අනික උන් ග්‍රවුන්ඩ් එකට එන්නේ, කලින්දා රාතියේ මහසෝනා දැක්කා වගේ බය වෙලාය. කෝලිලා ලෙජන්ට්ලා කියා, උන්ට බය වෙන්න ඕනා නැතිය. හැම එකාගේම වීක් පොයින්ට් එකක් තියෙනවාය. ෆාස්ට් බෝලස්ලා ගිනිකසයා වගේ පුක ඉරාගෙන, දත් කාගෙන බෝල දැම්මේ ඉස්සරය. දැන් බෝල හය දාන්නේ හය විදියකටය.

අනෙක් පෙනුන ළොකුම වැරද්ද නම්, නායකයා හා ප්‍රවීන ක්‍රීඩකයන්ගේ අළුත් උන්ට කිසිම දිරිගැන්වීමක් තිබුනේ නැති එකය. කෝලීලා හතරක් ගහපු ගමන් ෆීල්ඩ් එක චේන්ජ් කරලා, බෝල දාපු එකා ළඟට ගිහින් කතා කරලා, උගේ හිත හැදුවාම, ඌ ඊළඟ බෝලේ දාන්නේ විකට් එකක් ගන්නය. අපේ උන් අම්බානක වදින එකාටම බෝලේ දුන්නේ, තොට කෙල වෙලාම පල කියලා වගේය.

ලංකාවේ ක්‍රීඩාවක් කියා තියෙන්නේ, ක්‍රිකට් විතරය. අනික් ක්‍රීඩා, හාල්පාරු ඇමති කෙනෙක් දා විනාශ කරලා ඉවරය. ඒ යකාට ඒසියන් ගේම් වලදිවත් මෙඩල් එකක් ගන්න බැරි තරමට, බංකොලොත් වෙලාය. එහෙව් හාල්පාරුවන් තියන්නේ ඕන, කොළඹ හතේ රේස් කෝස් වල නෙමේය. නාවලපිටියේ තේ වත්තක ලයින් කාමරකය. එයයි, එයාගේ බලි කටක් තියෙන ලේඛමුයි, තේ වත්තක දළු කැඩීමේ ක්‍රීඩාව වගේ එකකට දාන එකත් පාඩුය. දෙන්නා එක්ක පරණ කෝට් එක්කාසු කරන වැඩකට දැම්මා නම්, පංකාදු පහය. ඒ යකා ලංකාවේ ක්‍රීඩාව කුඩු කරලාම දැම්මේය.

දැන් ක්‍රිකට් ගහන්න එන උන්, නැෂනල් ටීම් එකට ආවයින් පස්සේ, ක්‍රිකට් ගහන්නේ නැතිය. උන් මයිලෝ බොනවාය. යට ඇඳුම් විකුනනවාය. රෙසර්, මෝටර් සයිකල්, ක්‍රෙඩිට් කාඩ් විකුණනවාය. කෑල්ලත් එක්ක සුපර් මාර්කට් යනවාය. රස ගුණ පිරි, වස විස පිරි, කිරි පිටි විකුනනවාය. බඩු ගහනවාය. ටෙලි නාට්ටි කෑලි එක්ක බෙඩ් රගර් ගහනවාය. ජූලියාන එකේ ඇට මිරික ගන්න යනවාය. නයිට් ක්ලබ් වල ටිකීලා බොන්න යනවාය. ඒ වගේ කප්පරක් වැඩ තියෙන නිසා, උන්ට ක්‍රිකට් ගහගන්න වේලාවක් නැතිය.

උන් නැෂනල් ටීම් එකට ආපු ගමන්, සිලෙක්ටර්ස්ලාත් එක්ක එකතු වෙලා කරන්නේ බිස්නස් එකක්ය. සල්ලි නැතුව ණයට ක්‍රිකට් ගහන්නේත්, කොහෙන් හෝ කුට්ටිය හම්බ උන ගමන්, තමන්ගේ ගතමනාව, සාකුවට වැටෙන නිසාය. ගානක් සිලෙක්ටර්ස්ලාටත් යනවාය. එයාලාගේ ආශීර්වාදය ගන්න කතරගම දෙයියන්ට වගේ පඬුරු තියන්න ඕනාය. මැච් දින්නත් පැරදුනත් උන්ට අවුලක් නැතිය. අවුරුද්දකට ඇග්‍රිමන්ට් ගහලා නිසා, හම්බ වෙන ගාන කොහොමත් හම්බ වෙනවාය.

මම නම් කියන්නේ ඔය ඇග්‍රිමන්ට් ගැහිල්ල නවත්තලා. සීනීයොරොටි අනුව මාසෙකට පොල් රොටි කීයක් හරි බෙදුවා නම් ඉවරයි කියලාය. (මාසික වැටුපක්) ඊළඟට... සීරිස් එකක් දින්නොත්, වෙනම බෝනස් එමවුන්ට් එකක් දුන්නාම හරිය. පර්ෆෝමන්ස් අනුව, ඉන්සෙන්ටිව් එකක් දුන්නාම කාටත් සාධාරණය. ඒ වගේම ඩ්‍රොප් කරන කැච් වලට, තාර බිත්තර වලට. අම්බානක කන ඕවර් වලට ඩිඩක්සොන් එකකුත් දාන්න ඕනාය. එහෙම නැතුව මේ විදියට ගියොත් නම් වෙන්නේ, ක්‍රීකට් ක්‍රීඩාවත් නැත්තටම නැති වෙලා යන එකය. ලයනල් මෙන්ඩිස්ලා, ක්‍රිකට් ගහන උන් හැදුවේ එහෙමය. බින්දුවට අවුට් වෙලා ආවා නම්, කෑවේ බැට් එකෙන්ය. අනික මැච් හතරක් පහක් ෆේල් නම්, වෙන එකෙකුට චෑන්ස් එක දෙන්නම ඕනාය. මොකෝ අද පඳුරකට ගැහුවොත් කිරිකැට් කාරයෝ දුසින් ගනන් විසි වෙන නිසාය.

එහෙම නැත්නම් කොරන්න තියෙන්නේ, ඔය ගොයම් කපන්න ඉන්දියාවේ කල්ලතෝනි ගෙන්නනවා වාගේ, ඉන්දියාවේ චූ කොල්ලෝ ටිකක් ගෙනල්ලා, සම්මාන පුරවැසිභාවය දීලා, සිරි ලංකා ටීම් එකට දාලා, ළෝකෙටම ගහනා එකය. අපේ උන්ට ගොයම් කැපීම, මාළු බෑම වගේම, ක්‍රිකට් ගහන්නත් බැරි නිසා, ඒ වාගේ අන්තර්ජාතික බිස්නස් එකක් කෙරේ හිත යොමු කරන්නට, කාළේ ඇවිල්ලා තියෙනවාය.

වර්ල්ඩ් කප් දිණුවාට වැඩක් නැතිය. ඒවා මේන්ටේන් කරන්නත් ඉගෙන ගත යුතුය. නැත්නම් පරිප්පු කන්නේ. ටීම් එක නෙමේය. මැද පෙරදිග, ඉන්දියාවේ උන් එක්ක ජීවත් වෙන, අපේ අහිංසක කිරිකැට් ලෝලියෝය.

ප: ලි: 
දැන් අහන්න එපා, මේක 23+ දාලා තියෙන්නේ ඇයි කියලා.. අපේ ගොබ්බයන්ට, අතේ ගහනවා කියන එකත් මාර කුණුහබ්බයක්. අපේ අවුරුදු 2500 ක බවුමික අන්ඩවාතේද මක්කද එකේ, කවුරුවත්ම එහෙම ගහලම නෑ. අද ගහන්නෙත් නෑ...  ඒකයි...

මේන් මේ කෑම අපේ රාජ් දකින විදිය...

67 comments:

  1. එකඟ නැත. ක්‍රිකට් නෙවේ ඕනෑම දෙයක 'ඉන්ටනැෂනල් ලෙවෙල්' එකේදි හිතන්න ඕන කාරණා අනන්ත සංඛ්‍යාවක් ඇත. මීටර සීය දිනන්නේ මිලි තප්පර ගනනකින්, අනිත් හැම ක්‍රීඩාවක්ම ඒ වගේ. ඒ වගේ ඉන්ටනැෂනල් ගේම් ගහනකොට පුහුණුවත් ඉන්ටනැෂනල් වෙන්න ඕන. තීරණගැනීම් ආදියත් ඒ ලෙවෙල් එකට එන්න ඕන. මාතලන් කරන්නෙ ගමේ ගොඩේ කොල්ලො ටෙනිස් බෝල වලින් ගහන ක්‍රිකට් ගැන හිතල ඒ තියරි මම කිව්ව ලෙවෙල් එකට ආදේශ කරන්නට යාම.

    මට අනුව මේ පරාජයේ වගකීම ක්‍රිකට් පාලකයන් භාරගත යුතුයි. ශාරීරික යෝග්‍යතා පුහුණුවක යෙදිල හිටිය එවුන් එකපාරටම තරග පහකට යවනව කියන්නෙ දිවිනසාගැනීමක්. මේ ගැන ෆේස්බුකි‍යෙ නං කතා කරල තිබුන නමුත් බ්ලොග් වල නං ලියවුනේ නෑ.

    අවුල තියෙන්නෙ ඉන්දියාවෙදි පැරදීම නෙවේ. මේ විදියට පැරදීම. කණ්ඩායම් දෙකේ පන්දු යවන්නන්ගෙ ලොකු වෙනසක් තිබුනෙ නෑ, දක්ෂතාවය අතින්.(පිතිකරුවන්ගෙ පැත්තෙන් කවදත් ඉන්දියාව ඉස්සරහින් බව කියන්න ඕන නෑනෙ). පන්දු රැකීමේ දුර්වලතාවය ගැන හිතුව නං කෙනෙකුට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් මම කියන කාරණාව.

    ReplyDelete
    Replies
    1. උඹත් ඉතින් ගුලිය ගිලලනේ.. ඔය සීනීයර් ප්ලේයර්ස්ලා ඇර, අනික් උන් ඔක්කෝම මර්කන්ටයිල් ටූර්නමන්ට් එක ගගහා හිටියේ.. පරණ ඉන්ගිරිසි පත්තර ටිකක ක්‍රීඩා පිටුව කියවපන්...

      Delete
    2. ඒක තමයි මාත් කියන්නෙ බං. මර්කන්ටයිල් ටූනමන්ට් එකක් කියන්නෙ ‍මොකද්ද බං? ලංකාවෙ සම්පූර්ණ කණ්ඩායම හතරට බෙදල එස්එල්පීඑල් ගහල ඒක දිනපු එවුන් සීඑල් එකේදි කාපු කෑම මතක තියනව නං ඔය මර්කන්ටයිල් ගැන උඹ කියන්නෙ නෑ. ඒව ක්‍රිකට් නෙවේ අඅප් නැෂනල් ටීම් එකත් එක්ක බැලුවම.
      අපේ ක්‍රිකට් අනෙක් රටවල ක්‍රිකට් වලින් ටිකක් වෙනස් වෙන්නෙත් මෙතනදි. අපිට විශාල දක්ෂයන් ප්‍රමාණයක් නෑ. නමුත් හොඳ 'ටීම් එකක්' තියනව. ඊයෙ රාවය කියෙව්ව නං උඹ දකින්න ඇති ඒකෙ මේ ගැන ලියපු බුවා කියනව "මේ ඉන්දියාවට ගියේ ලංකාවෙ ක්‍රීඩකයින් තමයි නමුත් ලංකාවෙ 'ටීම් එක' නෙවේ" කියල.

      Delete
    3. එකම තමයි වැරද්ද.. ටීම් එකේ ප්ලේස් එකක් හම්බ උනාම නාකි වෙනකන් ගෙදර යන්නේ නෑ.. ඇයි හොද්ද බොරයි නේ.. හැම මැච් එකම එකම සෙට් එකක් ගහන්නේ.. ඉඳලා හිටලා එකෙකුට දෙන්නෙකුට වත් චාන්ස් එකක් දෙන්නේ නෑ. ඒ පරිප්පුව තමයි අද මේ කන්නේ.. දිනේෂ් චන්දිමාල් දාගෙන අවුරුදු කීයක් ලගා ගහනවද? ඇයි වෙන එකෙක් ඇත්තෙම නැද්ද? නෑ ඉන්නවා.. ඒත් උන්ට අවස්ථාවක් දෙන්න නෑ.. එහෙම දුන්නේ නෑ කියලා අවුලකුත් නෑ.. උන් ගොඩක් උන් එක එක රටවල ක්ලබ් වලට ගහනවා.. අන්තීමට මෙහේ රිප්ලේස්මන්ට් එකට එකෙක් නෑ.. ඒවා නෙමෙයි බං ක්‍රිකට් කියන්නේ.. මේක තනිකර මාෆීයාවක්.. ඉල්ලමක්.. කෙල උන වෙලාවෙවත් මේවා එලි කරන්න ඕන.. නිකං නිළධාරින්ට විතරක් දොස් කියලා වැඩක් නෑ.. මුන් ක්‍රිකටර්ස්ලද බං.. බලපං කාපු කෑම. බංගලාදේශ් උන් මුල් කාලෙවත් මෙහෙම කාලා නෑ. හැම එකාම මේක දේශපාළණික කරන්න වලි කනවා. හාල්පාරුවෝ ක්‍රිකට් ගහන එක ගැන එකෙක් වත් කතා කරන්නේ නෑ..

      Delete
  2. මේ පරාජය ගැන ඔය තරම් සරලව හේතු දක්වන්න බැහැ කියලයි මම හිතන්නේ. අපි ඇත්ත දන්නේ නැහැ. දන්නේ ඇතුලේ කීප දෙනෙක් පිටදී කියන දේවල්.

    ඒ දේවල් වලින් තේරේන්නේ මේ ටුවර් එක ඉන්දියාවට වෙච්ච ආර්ළුික පාඩුව පියවගන්න අපේ කොල්ලෝ යැව්ව බව. අනිත් එක තමයි ඇන්ජලෝ සහ අනිකුත් සියලුම සීනියර් කට්ටිය මුලින් මේකට අකමැති වුන බවයි. හේතුව මේ මාසේ යොදාගෙන තිබුනේ ලෝක කුසලානයට අවශ්‍ය කායික ශක්තිය වැඩි දියුණු කර ගන්නලු. ඒත් මණ්ඩලයෙන් ආපු ප්‍රෙෂර් එක නිසා තමයි යන්න වෙලා තියෙන්නේ. මේක නිකම්ම ඉස්කෝල කන්ඩායමක් නෙවෙයිනේ. අනිත් එක ඕනෙම වෙලාවක රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලෑස්ති වෙලා ඉන්න කියන තර්කයත් මේකට අදාල නැහැ. මොකද මේ අය රට වෙනුවෙන් ක්‍රීඩා කරන වෘත්තිය පිරිසක්. එහෙම අයත් එක්ක වැඩ කරද්දි පාලක මන්ඩලයටත් විනයක් තියෙන්න ඕනේ. කැලැන්ඩර් එකේ කොහේ වත් නොතිබුණ තරගාවලියක් එක පාරටම දාලා බලෙන් යැව්වට මැච් දිනන්න බලාපොරොත්තු වෙන්න බැහැ.

    පාලක මන්ඩලයේ වගකීම පාලනය කරන එක බව ඇත්ත, ඒත් ඒක හරියට කරන්න ඕනේ. අපේ ක්‍රිකට් මෙච්චර හරි ඇදගෙන ආවේ පාලක මණ්ඩලයේ හොද කම නිසා නෙවෙයි, ක්‍රීඩකයන් අවස්ථානෝචිතව රට වෙනුවෙන් අනිත් හැම දේම පස්සට තියලා ක්‍රීඩා කරපු නිසා.

    මාතලන් කියන විදිහට ක්ලබ් ගහලා ඉදලා ගිහිල්ලා ජාතික කන්ඩායමට ගහන්න බැහැ. ඒකට ජාතික කන්ඩායමට වෙනම එකට පුහුණු වෙන්න ඕනේ.

    මම නම් කියන්නේ මේ සංචාරය නියම කරපු කෙනාම වැරැද්ද බාර ගන්නවනම් හොදයි.

    ReplyDelete
    Replies
    1. මොන එක්ස්කියුස් එක තිබුනත් ක්‍රිකට් ගහන උන් ක්‍රිකට් ගහන්න එපාය..

      Delete
    2. අනෙක් කාරණය මේ පළමු වතාව නෙමෙයි.. ඉන්දියන් ටීම් එකත් අපි එක්ක මේ වගේ මැච් ගහලා තියෙනවා. යුද්දේ කාළේ අනික් ටීම් මෙහේ එන්නේ නැති වෙලාවේ.. අපි පකිස්ථානෙත් එක්කත් ගහලා තියෙනවා.. ඒත් ඒක අවස්ථාවකත් එකම ටීම් එකක් වත් මෙහම නම් කාලා නෑ..

      Delete
    3. //මොන එක්ස්කියුස් එක තිබුනත් ක්‍රිකට් ගහන උන් ක්‍රිකට් ගහන්න එපාය//

      ඒක තමයි කලේ. එහෙම කරල පැරදුනාම බනින්න එපා!

      Delete
    4. ක්‍රිකට් නම් ගැහුවේ නෑ.. වෙන මොකක්ද ගේමක් ගැහුවා... එක්කෝ මුන් ඕවර් 50 යි. ඕවර් 20 යි වෙනස දන්නේ නෑ.. අළුත් උන් හොඳයි අතේ ගහන්න.. එක අළුත් එකෙක් පනහක් ගැහුවද...? අඩු ගානේ 40..ක්

      Delete
  3. රාජ්ගෙ එක පෝස්ටුවක් ඇරෙන්න මේ ලජ්ජා සහගත කෑම ගැන බ්ලොග්වල මේ වෙනතුරු කතිකාවතක් ඇතිවුනේ නෑ.සිය දිවි නසා ගන්නව කියන්නෙ මෙන්න මේ වගේ වැඩවලට වෙන්න ඇති.හෙටින් ආරම්භ වෙන එංගලන්ත තරඟාවලියට අපේ අය මොන විදියට මුහුණ දේවිද කියන එක ගැන ඇත්තේ ලොකු ප්‍රශ්නාර්ථයක්.

    ReplyDelete
    Replies
    1. අපි බලමු ඒකත්.. ඒත් ඉතින් ගෙදර ගහන නිසා වාසිය අපිට තියෙනවා..

      Delete
    2. ඔන්න ඕකයි අවුල. ඉන්ටර්නැෂනල් ක්‍රිකටුත් දැන් අර අප්‍රේල් මාසෙ බයිසිකල් රේස් වගේ. ඊයෙ ඉන්දියන් ටුවර් එක ඉවර කරල අද ඇවිත් හෙට ඉන්ග්ලන්ඩ් එක්ක ප්ලේ කරනව. ඒක ඉවර කරල නිව් සීලන්ඩ් ගිහිනේ පිටටම වර්ල්ඩ් කප් ගහනව.

      කොcචර ප්‍රැක්ටිස් කරත් මිනිහෙකුට දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ.

      Delete
    3. එතකොට ඉන්දියාවේ උන් රොබෝලද...? උන් මුලු අවුරුද්දෙම මැච් වල.. ඉක්කෝ ඉන්ටර්නැෂනල්. එක්කෝ ප්‍රාන්ත, එක්කෝ අයි පී එල්..

      පැරදුනාම හේතූ කෝටියයි.. දින්නම වීරයෝ ගොඩායි..

      ඉස්සර නටන්න බැරි එකෙක් කිව්වලු මට බෑ යකෝ නටන්න මෙතන පොළොව ඇදයි කියලා.. ඒ උනාට ඌ නියමට ඩාන්ස් කරන්න පුළුවන් එකෙක්..

      Delete
    4. මාතලන්,

      බලමු ඉස්සරහට තියෙන මැච් ටික.

      ඉන්දියාව -

      මේ ගහපු වෙස්ට් ඉන්ඩියස් ( සිරි ලන්කා ඉල්ලන්කා ) ටුවර් එක නොවැ 10 ඉවරයි.

      දින 15 පසු,

      ඔසී සමග ටෙස්ට් මැච් තුනක් නො. 26 ඉඳන් දෙසැම්බර් 30 වෙනකල්.

      දින 15 පසු

      ඔස්ට්‍රේලියා ට්‍රයි සීරීස් එක ජන. 16 සිට 31 තෙක්.

      දින 15 පසු

      වර්ල්ඩ් කප් පළමු තරඟය පෙබ. 15.


      බලමු ලංකාව.

      ඉන්ග්ලන්ඩ් ටුවර් එක මාස 4 නිවාඩුවෙන් පස්සෙ නොවැ. 21 සිට දෙසැ. 16

      දින 10 පසු,

      නිව්සීලන්ඩ් ටුවර් එක ටෙස්ට් 2, වන්ඩේ 7යි
      දෙසැ 26 සිට ජන. 29 දක්වා

      දින 15 පසු

      වර්ල්ඩ් කප් පලමු තරඟය පෙබ. 14.

      කොහොමද වෙනස?

      Delete
    5. me link eken gihin balanna.mama oya sambandawa kiyawapu athal lipiyak.
      http://apeisawwa.blogspot.com/2014/11/breaking-team-news.html

      Delete
  4. අපේ රාජ්ගේ පෝන් ටැප් කරපු එකත් ලින්කටුවක් විදියට දැම්මනං ඔහේට නරක ඇති..

    ReplyDelete
    Replies
    1. ඒකේ ඉතින් කිව්වේ මම විවේචනය කරන කාරනාවක් නිසා.. ලින්ක් කටු දැම්මේ නෑ.. මොකෝ එකත් වැරදියට ගනීද දන්නේ නෑ නේ.. දැන් ඉතින් වැඩේ හරිනේ.. දැන් බය නැතිව දාන්න පුළුවන්...

      Delete
    2. අප්පේ මේ යකා මට බයයි නේ.. බයියා.. හැක්

      Delete
  5. මමනං ක්‍රිකට් ගහන්නෙත් නෑ බලන්නෙත් නෑ. කිසිම කෙනෙක් ඔය සෙල්ලමට උනන්දු කරවන්නෙත් නෑ.
    වෙන රටවල මම දන්නේ නෑ මෙහෙනං ඉස්කෝලේ දහතුනෙන් පහල ටීම් එකේ ඉඳලම ඔකේ තියෙන්නේ අවලං ගේමක්.
    කොල්ලව ඉස්කෝලේ ටීම් එකට දාන්න ඕන නම් අම්මට බුදියාගන්න කියන තැනින් පටන් ගත්තම, මැච් පාවාදීම දක්වා කොයි තරම් අවලං වැඩ ඔය ගේම තුල වෙනවද.
    එහෙව් සෙල්ලම බලන්නේ ඔක්කොම වැඩ අතහැරලා ටී වී එක ගිලින්න පුළුවන් නම් ගිලලා.
    මගේ නම් මතය ක්‍රිකට් කියන්නේ අපේ වගේ දුප්පත් රටවල් වලට් සාපයක්.
    විරේක කරා වහේ සීරීස් හේදිලා ගිහින් එකෙකුට හරි ක්‍රිකට් එපා වෙනවා කියන්නේ ටීම් එකයි පරිපාලනයයි කරන ලොකු පිං කමක්.

    ReplyDelete
    Replies
    1. මේ ලංකාවේ මිනිස්සුන්ට ප්‍රීති වෙන්න තියෙන්නෙත් ඕක විතරයි.. අනික ක්‍රිකට් ලෝලියකුට ක්‍රිකට් කියන්නේ ජීවීතේ වගේ දෙයක්.. කියපු අඩු පාඩු නම් අනිවාර්යයෙන් සහතික ඇත්ත. මට මේ නිසා ක්‍රිකට් එපා වෙන්නේ නෑ. මොකෝ මගේ වීරයෝ ලංකාවට විතරක් සීමා වෙන්නේ නෑ.. අද මම කැමතිම ටීම් එක ඉන්දියාව. ක්‍රිකටර් විරාට් කෝලී.. ඒකත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. හොන්දම ටෙස්ට් ප්ලේයර් යූනුස් ඛන්, ඕවරෝල් සංඝා.. ඉතින් ක්‍රිකට් මට එපා වෙන්නේ නෑ කවදාවත්..

      Delete
    2. ක්‍රිකට් ජේ ආර් ජයවර්ධනගේ පොලිටිකල් ගේමේම කොටසක්. එක කොයි තරම් සාර්ථකද කියල පේනවා කොමෙන්ට් ටික කියවපුවම.

      Delete
    3. ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් ජීවන. ක්‍රීඩාව, සංගීතය මිනිස්සුන්ට නොහැකි උනත්, අන් අයගේ දස්කම් අහලා දැකලා මිනිස්සු සන්තෝෂ වෙනවා, ප්‍රීති වෙනවා. මිනිස්සුන්ට එහෙම මානසික විවේකයක් අත්‍යාවශ්‍යමයි. ඉතින් ලංකාවේ ජේ ආර් එන්න කලින් හිටන් ජනප්‍රිය ක්‍රිකට්. ඒවට ජේ ආර්ලා පලි නෑ.. ජේ ආර්ගේ කාළේ උනේ.. ඒකට ජාත්‍යන්තර තත්වය උදා කර දීම. සුසන්තිකා ඇරුනාම. අපි ළෝකෙ දිනලා තියෙන්නේ ක්‍රිකට් වලින් විතරයි.

      Delete
  6. මට හිතෙන්නෙ මේ කෑම යම් ගේමක් කියල. මොකද ෆිසිකල් ට්‍රේනින් එකක් මග නතර කරල, ඉන්ග්ලන්ඩ් ටුවර් එකක් කටේ තියෙත්දි, ඉන් පස්සෙ නවසීලන්තෙ ටුවර් එකක් තියෙත්දි මෙහෙම එහෙකට දැම්ම එකේ ඔරොප්පුවට "ගැහුවට ගැහුව" වෙන්න බැරිද? මොකද ඔය ටූනමන්ට් එක දින්නත් පැරදුනත් ක්‍රිකටර්ලට කිසි වාසියක් නෑ. නමුත් එන වර්ල්ඩ් කප් ටීම් එකට ඉන්න බැරි උනොත් හරි සහ ඒකෙ මුලින් හැලුනොත් හරි වෙන ආර්ථික පාඩුව බොහොම ඉහලයි පුද්ලිකව ප්ලේයර්ස්ලට. ඒ න්සා උන් මේක අතෑරල ගැහුව කියලයි මම හිතන්නෙ

    ඒකෙන් අදහස් වෙන්නෙ නෑ, අපේ උන් මාර සිරා ටීම් එකක් කියල. නමුත් ෆීල්ඩින් සහ බෝලින් වල තිබ්බ ගොබ්බ වැඩත්, ඔහේ උඩ ගහපු බැටිනුත් දැක්කම ෂුවර් ලංකාවෙ ටීම් එක සාමාන්‍යෙන් ක්‍රීඩා කරන්නෙ ඔය තරම් බාල විදියට නෙමෙයි කියල, විශේෂයෙන් පහුගිය ඉන්ග්ලන්ඩ් ටුවර් එකේ එහෙම තිබ්බ දස්කම් එක රැයින් නැතිවෙලා ගියෙ ඇයි කියන එක දිහා බැලුවම එහෙම හිතෙනව!

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි මම කිව්වේ මුන් ක්‍රිකට් ගහනවා නෙමෙයි.. එතන බිස්නස් එකක් කරන්නේ.. මුන්ගේ පේමන්ට් මෙතඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕන...

      Delete
  7. Replies
    1. උඹ මොනවද බන් දන්නේ... එළද බ්‍රා විතරමයි..

      Delete
  8. අපිට පසුපෙළක් හරියට නෑ. නවකයනුත් හරියකට නෑ. ඉන්න එවුන්ට තැනක් නෑ. සංගා, මහේල ඩිල්ශාන්ගෙන් පස්සෙ, මේ යන විදියට ගියොත් ලංකාවටත් සිම්බාබ්වේට වෙච්ච දේ වෙන එක වළක්වන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔය ඇත්ත පිලිගන්න බක පන්ඩිතයෝ කැමති නෑ... මේකටත් දේශපාළණේ ගාගන්න දඟලන්නේ.. උන් හොඳයි කියනවා නෙමෙයි.. නමුත් එතන නෙමෙයි වැරැද්ද...

      Delete
    2. දේශපාලනෙත් ඔතනට නොගෑවෙනව නෙවෙයි. අනික තමයි තේරීම් කමිටුව. උන් සුදුස්සාට සුදුසු තැන දෙන්නෙ නෑ. අලුත් හොඳ කොල්ලන්ට තැනක් නෑ. උන්ට ඕනි හාල් කෑලි තමයි ගේන්නෙ.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මේ ගැන පෝස්ට් එකක් ලියන්න දෙතුන් පාරක්ම හිතුවා. ඒත් වඩා හොඳයි මෙහෙම තැනක කොමෙන්ට් කරන එක.

    මේ සෙල්ලං කරපු උන් ඔක්කොම වෘත්තීය ක්‍රීඩකයෝ කියන මතයේ ඉඳගෙන මාතේ කියපු බොහෝ කාරණා වලට මාත් එකඟයි.. හැමෝටම හැමදාම එක විදියට සෙල්ලම් කරන්න බෑ කියන්නෙ ක්‍රිකට් වල පිළිගත් සම්මතයක්.. හැබැයි හැමෝටම එකම දවසෙ බැරි වෙන එකවත් සමහරුන්ට කිසිම දවසක බැරි වෙන එකවත් පිළිගන්න බෑ.

    බැටෙක් විදියට ටීම් එකට යන එකෙක් අහඹු ලෙස වැටෙන අති විශිෂ්ඨ පන්දුවකට අවුට් වෙන එක වෙන්න පුළුවන්. ඒත් ඉස්කෝලෙ කොල්ලො වගේ කන්ජි බෝල වලට උඩ ගහල අවුට් වෙන එකයි හැමදාම එකම විදියට වැටෙන ඉන්ස්වින්ගර් හරි අවුට් ස්වින්ගර් බෝලෙකට බැට් එක එල්ලල අවුට් වෙන එකයි, ෆුල්ටෝස් එකක් වත් ෆීල්ඩර් කෙනෙක් නැති තැනකට තල්ලු කර ගන්න බැරි එකයි කොහොම විශ්වාස කරන්නද?

    රෙහානෙ කියන්නේ එක්ස්ප්ලෝසිව් බැට්ස්මන් කෙනෙක් නෙවෙයි. කුලසේකරය හතර වෙනි මැච් එකේ ඕපනින් ඕවර් එකේදි රෙහානේ ට හතරෙ ඒව තුනක් ගහන්න බෝල් කරපු එක කොහොම සාදාරනීකරණය කරන්නද? එතකොට තුන් වෙනි ඕවරෙත් පලවෙනි බෝලෙම ඒ විදියටම ෆීඩ් කරපු එක? එහෙම බෝල් කරන්න ඔතනට 'කුලසේකරම' ඕනෙද?

    මන් ආයෙත් මතක් කරන්නේ මුන් ඔක්කොම ප්‍රොෆෙශනල් ප්ලේයර්ස් ල කියල..

    මාසයක් හමාරක් ක්‍රිකට් නොගහා කියල මුන් ගෙවල් වලට වෙලා බුදිය ගත්තෙ නෑනෙ.. ඔයිටම අදාල මොනව මොනව හරි තමයි කොරන්න ඇත්තෙ.. ඒ නැතත් අතට එන බෝලෙ බෝක්කු යවන්නයි, ගෙම්බො අල්ලන්නයි, ගෙඩි බාන්නයි වෙනවද? මේක මාර සීන් එකක්නෙ, හය මාසයක් සෙල්ලං කරන්න හම්බුනේ නැත්නම් මුන් කවදහරි අපෙන් අහයි 'මොකක්ද ක්‍රිකට් කියන්නේ' කියලා..

    ජාතික කණ්ඩායම නියෝජනය කරනව කියන්නේ සෙල්ලමක් නෙවෙයි.. ඕන වෙලාවක සෙල්ලං කරන්න ලෑස්ති වෙලා ඉන්න ඕනි.. මහ එවුන් කරපු එක හරි කියනව නෙවෙයි.. ඒත් කණඩායමක් විදියට ඔයිට වැඩිය තරඟයක් දෙන්න තිබ්බ.. කණ්ඩායම හැදිල තියෙන්නෙත් එක එකා ගෙන්නෙ.. එක එකා තමන්ගෙ කොටස කරානම් අඩුම තරමෙ ඔයිට වැඩිය ගෞරවාන්විතව පරදින්න තිබ්බ.

    දැන් ලංකාවට ඇවිත් එන්ගලන්තෙ ගොයියොන්ව අඹරයි බෝල කරකලා.. ඒ වුනාට පිට ගියාම රෙජිස්ටර්ඩ් ලූසර් ල කියන්නෙ.... මෙලෝ රහක් නෑ.

    ReplyDelete
    Replies
    1. "ජාතික කණ්ඩායම නියෝජනය කරනව කියන්නේ සෙල්ලමක් නෙවෙයි., ඕන වෙලාවක සෙල්ලං කරන්න ලෑස්ති වෙලා ඉන්න ඕනි.,

      ඇත්ත ඒ නිසා තමයි මම කියන්නේ හිතෙන හිතෙන විදිහට තරග වලට යවන්න බැහැ. සැලසුමක් තියෙන්න ඕනේ. ඒ නිසා ඕනෙම වෙලාවක සෙල්ලම් කරන්න ලෑස්ති වෙලා ඉන්න කියන එක පදනමක් නැහැ. එහෙමනම් මොකටද ICC එකත් එක්ක අවුරුදු ගානකට කාල සටහන් හදන්නේ.

      “මහ එවුන් කරපු එක හරි කියනව නෙවෙයි.. ඒත් කණඩායමක් විදියට ඔයිට වැඩිය තරඟයක් දෙන්න තිබ්බ.. කණ්ඩායම හැදිල තියෙන්නෙත් එක එකා ගෙන්නෙ.. එක එකා තමන්ගෙ කොටස කරානම් අඩුම තරමෙ ඔයිට වැඩිය ගෞරවාන්විතව පරදින්න තිබ්බ."

      මුල කොටසට එකගයි. ඒත් ක්‍රිකට් කියන්නේ සියයට සියයක්ම කාන්ඩායම් ගේම් එකක් නිසා තම තමන් තමන්ගේ කොටස කරලා හිටියොත් සාර්ථක නැහැ. ආරම්භක පිතිකරු අසාර්ථකනම් ඒ තැන ගන්න ඉදිරිපත් වෙන්න කාට හරි පුළුවන් වෙන්න ඕනේ. නායකයාට තනියම තීරනයක් ගන්න බැරිනම් අනිත් අය උදව් කරන්න ඕනේ. තමන්ගේ වැඩේ විතරක් කරන්න බැහැ. මට මතකයි කාලයක් අර්ජුන ඉන්නකොට මැච් එකේ විකට් එකක් යන්නෙම නැත්නම් අරවින්දට දීලා අර්ජුන පිට්ටනියෙන් එලියට යනවා. අරවින්ද කවදාවත් කියලා නැතුව ඇති මගේ කාර්්‍යය මම කරන්නම් ඔයා කැප්ටන්ගේ වැඩේ කරන්න කියලා. මුරලි ත් එහෙමයි නායකයා දිගින් දිගටම බෝලින් දුන්නත් තමන්ට තේරෙනකොට වැඩක් නැහැ කියලා මුරලිම කියනවා මම දැන් ඇති වෙන කෙනෙකුට දෙන්න කියලා. නැත්නම් වෙන අය බෝල කරලා විකට් යන්නේ නැති වෙලාවට මුරලි ඉදිරිපත් වෙනවා, දෙන්න මම බලන්නම් කියලා. ඒක තමයි වෙන්න ඕනේ. ඒත් දැන් තියෙන අභ්‍යන්තර දේශපාලනය නිසා කාවුරුවත් මේ වගේ ඉදිරිපත් වෙන්න ඒ තරම් කැමති නැහැ.

      Delete
    2. @ කල්‍යාණ මිත්‍ර

      සම්පූර්ණයෙන් එකඟයි..

      @ KAS

      මේ පළමු වතාව නෙමෙයි.. ඉන්දියන් ටීම් එකත් අපි එක්ක මේ වගේ මැච් ගහලා තියෙනවා. යුද්දේ කාළේ අනික් ටීම් මෙහේ එන්නේ නැති වෙලාවේ.. අපි පකිස්ථානෙත් එක්කත් ගහලා තියෙනවා.. එහෙම ෆ්‍රෙන්ඩ්ලි ටූනමන්ට් අනන්තත් තිබිලා තියෙනවා මේ මෑතකදිත් ඉන්දියාව එක්ක තිබුනා.. ඒත් මෙහම කෑමක් නම් එකම ටීම් එකක් වත් මෙහම නම් කාලා නෑ..

      Delete
    3. හිතවත් KAS මිත්‍රයා..

      \\ඒත් ක්‍රිකට් කියන්නේ සියයට සියයක්ම කාන්ඩායම් ගේම් එකක් නිසා තම තමන් තමන්ගේ කොටස කරලා හිටියොත් සාර්ථක නැහැ...\\ කියල පටන් අරන් ඔබ කියපු කිසිම කාරණයක් වැරදි නෑ.. එත් මගේ තර්කයට අදාල නෑ නේද? මං කියපු දේ කෙටියෙන්ම ආයෙත් කිව්වොත් බැට්ස්මන් කෙනෙක් විදියට කණ්ඩායමට ගිහින් එක දිගට තරඟ දෙක තුනක් සෙල්ලම් කරල කිසිම තරඟෙකදි කණ්ඩායමට දායකත්වයක් දක්වනව තියා අඩුම තරමින් එවන් උත්සාහයකට වටින තරම් වගකීමකින් බැට් කරන්නවත්, කොහොම හරි අත කරකවල මෙහා විකට් එකෙන් එහා විකට් එකට බෝලෙ විසිකරනව ඇර 'විශේෂඥ' පන්දු යවන්නෙකුට පිතිකරුවෙක් අපහසුතාවයට පත් කරමින් ඕවරයකට එක බෝලයක්වත් යවන්න බැරි වීමයි කාගෙ වරදක්ද? එතකොට පොඩි උන් වගේ අතට දෙන ගෙඩි බාන එකයි බෝක්කු යවන එකයි එකපාරට බෝලෙ අල්ලල විසිකරගන්න බැරුව එක ලකුණ තියෙන තැනට දෙකක් දුවනකන් ගෙම්බො අහුලන එකයි.. මේවත් කණ්ඩායම හොඳ නැති නිසා නැත්නම් දේශපාලන හේතු නිසා වෙන/ කරන දේවල්ද?

      Delete
  11. මෙතන මම දකින්නේ වෙනම දෙයක්. අලුත් කොල්ලෝ ගෙනාවා කියලා ගෙඩි පිටින්ම දාන්න බැහැ. එහෙම සාර්ථක වුනේ බොහොම සීමිත පිරිසක්. ඒකට හොද සූදානම් කිරීමක් තියෙන්න ඕනේ. ඔස්ට්‍රෙලියාවේ තියෙන බේස් එක වගේ එකක්. ඇකඩමි එකක්. ලංකාවේ ක්ලබ් ලෙවල් වල ඉදලා ජාත්‍යන්තර එනකොට තියෙන ගැප් එක වැඩියි.ඒ නිසා ක්ලබ් වලට හොදට ගැහුවා කියලා මේ ලෙවල් එකට දාන්න ගියොත් ඒ තරුණ ක්‍රීඩකයාගේ අනාගතය ඉවරයි.

    අනිත් එක ක්‍රිකට් වලට වයස බලපාන්නේ නැහැ. සමහර ක්‍රීඩකයෝ හොදටම සෙල්ලම් කරන්නේ වයසත් එක්ක, සංගා, කලිස්, අරවින්ද වගේ අය ක්‍රිකට් ජීවිතයේ අන්තිම කාලේ තරම් හොදට මුලදි සෙල්ලම් කරලා නැහැ. (සංගා නම් කැරියර් එක පුරාම හොදයි) අලුත් එකෙකුට අවස්ථාව දෙන්න කියලා ඒ අයව අයින් කරන එකත් අසාධාරනයක්.

    සමහරු ඉන්නවා වයස 30 ගනන් වල මුලදි වගෙ හොද වෙන, ඒත් ටිකක් කල් යද්දි දක්ෂකම් අඩුවෙන. මහේල, පොන්ටින්, සචින් වගේ අය. මේ වගේ අයනම් මීට ටිකක් කලින් අයින් වුනා නම් හොදයි.

    අනිත් එක අළුත් කෙනෙකුට තැන දීලා මැච් 15-20 අසාර්ථක වුනා කියලා අයින් කරන එකත් අසාර්ථකයි. මොකද ඒ ලෙවල් එකට හැඩ ගැහෙන්න කාලයක් ඕන වෙනවා. අනිත් එක ඒ කාලය තුල එයාව හදන්න ඕනේ. පුහුනුකරුවන්, සීනියර් ප්ලේයර්ස්ලා, මෙන්ටෝර්ලා සහ පාලක මන්ඩලයේ හැමෝම ඒකට උදව් වෙන්න ඕනේ. ක්‍රිඩාව පැත්තෙන් විතරක් නෙවෙයි අනිත් දේවල් වලිනුත්. ඒ විදිහට තමයි ක්‍රීඩකයෙක් හදන්න පුළුවන්. අර්ජුන, අරවින්ද, සනත්, මහේල වගේ අයට මේ තරම් නොවුනත් හොද සහයෝගයක් ලැබුනා. නමුත් දැන් වෙලා තියෙන දේශපාලනයත් එක්ක (Internal politics and real politics both) මේක වෙන්නේ නැහැ

    දේශපාලනයනම් ඕනෙම නැහැ ක්‍රීඩා වලට.

    ReplyDelete
    Replies
    1. වයස බලපානවා කියලා මම කියලා නෑ.. කැස් මෙහෙම කිව්වට අපේ ක්‍රිකට් ක්‍රීඩාව පෙල ගැහිලා තියෙන ආකාරය මුළු ළෝකෙම ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෝ හිටන් අගය කරනවා. කොහොමද ඇකඩමියක් නෑ කියන්නේ. ස්කොඩ් දෙකක් තියෙනවා. කෝච්ලා වැහි වැහලා. ක්ලබ් ගහලා නැෂනල් ගහන්න බෑ කියන්නේ. එහෙනම් වෙන රටක නැෂනල් ගහලද එන්න ඕන ඩි ඇස් ඩි සිල්වා වගේ.. අපේ ක්ලබ් ක්‍රිකට් වල හැම අංශෙම තියෙනවා. ඒ කියන්නේ ටෙස්ට් ලෙවල්, ෆිෆ්ටි ඕවර්ස්, ටුවෙන්ටි ටුවෙන්ටි ඔක්කෝම. එහෙම තිබිලත් මෙහෙම කනවා කියන්නේ ආයේ කිසිම එක්ස්කියුස් එකක් දෙන්න බැරි කතාවක්.

      Delete
  12. මොනවා වුණත් රටක් හැටියට ඉන්දියාව ඉස්සරහා ඔය විදිහට දෙකට නැමෙන්න ගිහාම ඔහොම වෙලා මදිය...... දැන්වත් කට්ටිය හිතන්න පටන් ගනිවි... ඒත් මටනං දැනුණ විදිහට මාතා උනන්දුවක් නැහැ වගේ (ගේමටම ද දන්නෑ) ප්ලේ කරා කියලා හිතෙනවා..... මෙහෙමත් දෙයක් තියෙනවා මාතා... කොහොමද අපේ ෆීල්ඩින්ග් මේ තරම් පහත් වුනේ.....................

    ReplyDelete
    Replies
    1. උනන්දුවක් නැත්නම් ඒක පාළකයන්ගේ වැරද්දද. උන් උන්වම නේද කපා ගන්නේ. මේක මාර ඩැමේජ් එකක්.

      Delete
  13. ඉන්දියාවෙ දවල් කුල්කර්නිලා
    ලංකාවෙ (SLC) රෑට කුණුකන්නලා

    මේක එක්ස්කියුස් එකක් නෙමෙයි ඔහොම පරදින්න ඒත් ඔය ටීම් එක ගියේ යන්න බැරියෝ , ෆිට් නැතෝ කියල හොටුපෙරාගෙන මර ලතෝනි දී ගෙන.
    නිශාන්ත රණතුංග කිව්ව සල්ලි ගොඩක් ලැබෙන නිසා යන්න කියල.

    ReplyDelete
    Replies
    1. යන්න බෑ කිව්වා නම් නොගිහින් ඉන්න ඕන. වෙස්ට් ඉන්ඩීස් උන් ටූනමන්ට් එකක් මැද්දේ දමලා ගහලා ගියේ.. ඔය එකක්වත් එක්ස්කියුස් නෙමෙයි...

      Delete
  14. ඇත්තටම ඉන්දියන් ටීම් එක ඉන්දියාවෙදි පරාජය කිරීම ඉතා අපහසුදෙයක්. දැනට අවුරුදු 5 කට කලිනුත් ඉන්දියන් පන්දු රැකීම අපිට වඩා අඩු තත්වයක තිබුනෙ. දැන් ඔස්ට්‍රේලියා දකුණු අප්‍රිකා මට්ටම ලඟට ඇවිත්. නවකයන්ට ලැබුන IPL අත්දැකීම් නිසා නිසා ඇත්තටම ඉන්දියාවට ලෝකයේ හොඳම සීමිත ඕවර පිතිකරණය සහ ටොප් ත්‍රී අතර පන්දු රැකීම තියනව ( ඉන්දියාවේ හෝ ඉන්දියන් කන්ඩිශන් වල විතරයි )
    අපි 5-0 පැරදුනු එක පුදුමයක් නෙමෙයි. පැරදුනු විදිහ සහ මාජින් තමයි ප්‍රශ්නය

    ReplyDelete
    Replies
    1. ගවස්කාර්ගේ කියමනක් තියෙනවා නේ... ඉන්දියාව, රට ඇතුලෙදි කොටි, රටින් පිටදි ෂෙපර්ඩ්ලාය කියලා..

      Delete
  15. Replies
    1. වගකීම බාර අරන්. දැන් ලෙඩා මලත් බඩ සුද්දයි.

      Delete
    2. සනත් කියන්නෙත් මම කියන දේමයි.. අලුත් එකෙක් වත් ලකුණු 30-40 ක් වත් ගැහුවේ නෑ නේ.. මෙතන මෝටීවේටර් කෙනෙකුගේ අඩුව බොහෝම තීයෙනවා. උන් පළවෙනි එක කාපු ගමන්, පුදුම වැටීමක් වැටුනේ.. අනික නවකයන්ට කිසිම සහයෝගයක් ප්‍රවීනයන්ගෙන් ලැබුනේ නෑ..

      Delete
  16. ක්‍රිකට් කියන්නේ කවුද??

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මාතලන් ගේ, නෑ කෙනෙක්...

      Delete
  17. "සංගාගේ රිප්ලේස්මන්ට් එකට එවන්නේ මරු බඩුවක්ය. මූ ටීම් එකේ ඉන්නේ රණතුංගලාගේ ගෙදර හිටපු පිනෙන්ය. කාලයක් එලවලා හිටපු එකා, කොහොම හරි ආයෙත් රිංගවලා තියෙන්නේ, රණතුංගලාගේ පවර් එක යූස් කරලාය. මොකෝ දැන් ඉන්න නැෂනල් කෝචුත්, නිශාන්ත රණතුංගගේ මස්සිනා නිසාය. මූට ක්‍රිකට් ගහන්න බැරිය. එහෙම ගෙදර තියාගෙන කන්න දුන්නා නම්, ඔය ගෙදර වැඩ ටිකක් කර ගත්තාට අපිට අවුලක් නැතිය. එහෙම කොර ගන්නම ලැජ්ජ නම්, මූ ටීම් එකත් එක්ක යවන්න ඕනා නම්, කරන්න තියෙන්නේ, "පර්සි"ත් නාකි නිසා, නැෂනල් ෆ්ලෑග් එකක් අතට දීලා, ගල් බාගයක් පොවා, ග්‍රවුන්ඩ් එක වටේ යනවා එකය. දිනේෂ් චන්දිමාල්... පින් සිද්ද වෙයි... ක්‍රිකට් ගහන්නේ නැතිව, ගහන්නම ඕනා නම්, ගෙදරට වෙලා අතේ පාරක් ගහගෙන උන්නාට අපේ අහිතක් ඇත්තේ නැතිය."

    චන්දිමාල් හොඳ බැටෙක් මාවන් කෝච් කරන්න කලින්. චන්දිමාල්ව මාවන්ගේ කාබන් කොපියක් කරන්න ගිය එක තමා කෙල වුනේ. ඉන්දියන් කාරයොත් රෝහිත් ශර්මාටත් කිව්වා තමයි. නෝ හිට් ශර්මා කියලා.


    ReplyDelete
    Replies
    1. ඕක අපේ ලෙඩක් එක එකාට වරද පටවන එක.. ඌට ක්‍රිකට් ගහන්න බෑ.. ඉස්සර පුළුවන් ඇති.. දැන් නම් බෑ..

      Delete
  18. ක්‍රිකට් කියන්නේ මහා ජරා ක්‍රීඩාවක්. අන්තිම අමු මැට්ටෝ ඉන්න රටවල ඉන්න එවුන් විතරයි ක්‍රිකට් ගහන්නේ. අනිත් රටවල්වල එවුන් ක්‍රිකට් කියන වචනේ තේරුම වත් දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්සර දැන් 20 - 20 නිසා බොහෝ රටවල් ජනප්‍රියයි. ඒ වගේම ක්‍රීඩා කරනවා. ඒෂියන් ගේම්ස් වලත් තිබුනා.. අනාගතේ ඔලිම්පික් වලටත් එයි.

      Delete
  19. දිනුව දාට කොල්ලෝ ශා නියමයි කියලා
    කරවට මල් මාල දමනවා
    එකක් දෙකක් ගොයියෝ පැරදුනාම අයියෝ මොකද්ද මේ කලේ අහනවා

    ලංකාවේ මිනිස්සුනේ :v

    ReplyDelete
    Replies
    1. එකක් දෙකක් පැරදුනාට බ්ලොග් ලියන්නේ නෑ. ඒක නිව්ස් එකකුත් නෙමෙයි. ක්‍රීඩාව කියන්නේ ඒකයි. දිණුම පැරදුම දෙකම තියෙනවා.. අනික ගෞරවාන්විත පරාජය කියලා දේකුත් තියෙනවා. ඒත් මෙහෙම කන කොට කතා නොකර බෑ. පාර්ලිමේන්තුවේ කොකු යන්නෙත් ඒකයි..

      Delete
  20. ක්‍රිකට් පාලක මණ්ඩලේ කචල් කියල එදා ඉදන්ම දන්නා කරුණක්. ටීම් එකේ උන්ට එක මැච් එකක් දෙකක් හැලෙන එක ක්‍රිකට් පාලක මණ්ඩලේ පිටට දාන්න බැ. එත් මුල හොදනම් අගට යද්දී කොහොමත් ශක්තිමත් :) එල ලිපියක් :)

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් දන්නේ නැති පොල් බූරුවෝ තමයි, වෙන බයිලා ගහන්නේ..

      Delete
  21. ක්‍රීඩා මණ්ඩලේට බැනල වැඩක් නෑ.... අපේ පරණ සෙට් එක දිල්ෂාන්, මහේල, සංගා, සහ මැතිව්ස් නැත්තම් ඔහොම නෙමෙයි බන් පරදින්නේ... (වෙන එකෙක් කියපන් ගැහුව ) අලුත් එක පොන්සියෙක්වත් වැඩක් නෑ... තිරිමාන්නයා ශේප් එකේ 50 දෙකක් ගහන් තව මැච් 20කට විතර ප්ලේස් එක හදා ගත්තා....

    ඇත්තම කිව්වොත් අපේ බොලින් සයිඩ් එක අජූතයි... එකයි.... වෙන කියන්න ගියොත් තව තද වෙනවා...

    ReplyDelete
    Replies
    1. මේවා පාළක මණ්ඩලේටයි ඇමතිටයි බැර කරන්නේ අර්ජුණ රණතුංග වගේ කුහකයො, ආන්ඩුව සමග උරණ උන් සහ ක්‍රිකට් නොදන්න ගොබ්බයෝ.. ඔන්න අද මැතිව්ස් කියලා තියෙනවා ඇත්ත.. සනත් කිව්වේ සහතික ඇත්ත. අර්ජුණ සනත්ට කින්ඩි දාන්න ගියාට සනත් ගාව අර්ජුණ අඟුටු මිට්ටෙක් ක්‍රිකට් වලින්...

      Delete
  22. ලංකාවේ ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක් නෙමෙයි කියල අපේ උන් ඔප්පු කරලම පෙන්නුව

    ReplyDelete
  23. ක්‍රිකට් කියන්නේ මම ඒ තරම් කැමති ක්‍රීඩාවක් නෙමෙයි,
    වල්ඩ් කප් හරි මොකක් හරි ලොකු ටුනමන්ට් එකක අපේ ටීම් එක සෙමි ෆයිනල් හරි ෆයිනල් හරි තේරිලානම් වගේ බලනවා.
    ඒ ඇරෙන්න මේ වගේ මැච් බලන්නෙම නැති තරම්. විස්තරේ දැක්කේ පත්තරෙන්

    අපේ උන් මේ විදිහට කාපු එක හේතු කියකියා සාධාරණීකරණය කරන්න බැහැ.
    උන්ගේ රස්සාව ක්‍රිකට් ගහන එකනම් ඒක හරියට කරන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. බැලුවේ නැති එකමයි හොඳ.. කොහෙද මම ඔක්කොම බැලුවා නේ.. ඒකනේ කරුමේ..

      Delete
  24. කොහොමින් කොහොම උනත් මෙහෙම කෑමක් මගේ ජීවිතේටම දැකලා නෑ.. ඒකත් වර්ල්ඩ් කප් එක පේන මානේ ඉදගෙන.. අන්න ඒකයි හිතට අප්සට් එක..

    ReplyDelete
  25. Cricket team eka Adhirajya waddenge balal,athakwela,meka thamai demala dayas porawe konthraththuwak,Methiwaranayak idiriye Rajaya Apahasuthawayata pathkirimak.--- CHEENA!

    ReplyDelete
  26. ක්‍රීඩා ඇමති කියලා තිබුනා අළුත් එවුන් මහ පාන්දර වෙනකම් ෆේස්බුක් එකෙයි, ඉන්ටනෙට් එකේ ගේමුයි ගගහා ඉන්නවා කියලා. මුන්ගේ කිසිම කැපවීමක් නැහැලු. මීඩියා එකට කියන්න බැරි තරම් දේවල් තියෙනවාලු. අහෝ අපොයි.

    ReplyDelete
  27. දැන්නම් මට ක්‍රිකට් එපා වෙලා මාතලන් අයියේ.....

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න