.

.

Nov 6, 2014

මංගල සමරවීර නම් ඩීල් කරු... - Managala Samaraweera. The Dealer

 
ලාංකීය දේශපාළණය බොහෝ දුරට රඳා පවතිනුයේ, ප්‍රතිපත්තීන් මත නොවේ. එහි රැඳී සිටීමට නම්, නූල් සූත්තර හා ඉවසීම මනා ලෙස ප්‍රගුණ කළ යුතු වන්නේය. මේ දෙකම ජයගෙන, රටේ නායකත්වය දක්වා පැමිණි දෙදෙනකු අප ජීවීත කාළය තුලදී අප දැක ඇත. ඒ රණසිංහ ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂයි. මේ දෙදෙනාටම පක්ෂය තුල විවිධ අවස්ථාවන්වලදි තිබූ, කැපිලි කෙටිලි, නොපනත්කම් හා නොසලකා හැරීම්, ලාංකීය දේශපාළණයේ ඉතිහාසය පිළිබඳ අල්පමාත්‍ර දැණීමක් ඇති අය පවා, දන්නාවූ කරුණකි.

ඔවුනට තිබූ ඔරොත්තු දීමේ ශක්තිය, හික්මීම හා ඉවසීම, අද සිටිනා බොහෝ දේශපාළකයන්ට නැත. නීතිය බල්ලාට දමා, බල්ලා උසාවියේ දමා ගිය අගවිනිසුරුවකු මගින් ලද පන්නරය ඔස්සේ, අද පහලම මට්ටමේ සිටින දේශපාළඥයාගේ සිට, පාර්ලිමේන්තුවේ සිටින එකා දක්වා දත කනුයේ, රටට ජනතාවට සේවය කිරීම නොව, කාමසුඛල්ලිඛාණූයෝගයෙන් පිරි ජීවන රටාවක්, තමාටද, තම ඥාති වර්ගයාටද, හිතවතුනටද ලබා ගැනීමටයි. පාළකයන්ට විරුද්ධව ප්‍රකාෂ කළ මනාපවල පිහිටෙන් ව්‍යවස්ථාදායකයේ අහු මුලු වලට පැන ගන්නා සෑම එකාම, ආන්ඩු පක්ෂය තුල කිසිම හිරිකිතයකින් තොරව එක පෙලට සිට ගනුයේ, එම පරම වූත් පවිත්‍ර වූත් අපේක්ෂාව නිසාමය.

බොහෝ විට මෙසේ තම ජනතාවගේ මනාපයට පිටුපා නිවන් මග සොයා යන්නවුන් අවසානයේ නවතිනුයේ දේශපාළණ වශයෙන් අනාථ භාවයට පත්වීමෙනි. මෑත දේශපාළණය තුල ගත්තද, ගාමිණි දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි හොඳම උදාහරණයන්ය. ඔවුන්ට තම පක්ෂය තුලින් හා නායකත්වය තුලින් වූ නොපනත්කම් ඉවසා දරාගැනීමේ ශක්තියක් තිබුනේ නම්, ලාංකීය දේශපාළණ ඉතිහාසයේ ලියවනුයේ, ඉන් පසු සිඳු වූ සිද්දිදාමයන්ට, හාත්පසින්ම වෙනස්වූ සිද්දීන් වනවාට කිසිම සැකයක් නැත.

මාතලන් දකිනා ආකාරයට, මංගල පින්සිරි සමරවීර කළේද එවන්ම වූ ගොන්කමකි. ඔහු මහින්ද සමග එක පෙලට සිට ගත්තේ වී නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය වැඩිවනවා පමණක් නොව, අප වෙත එල්ලවන ජාත්‍යන්තර බලපෑම් වල තත්වයද, මීට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබිනි. මංගල ප්‍රසිද්ධ, දේශපාලන ඩීල් කරුවකු ලෙස හා කුප්‍රකට ප්‍රොපගැන්ඩා කරුවකු ලෙසයි. 2005 ජනාධිපතිවරණයේ ප්‍රධාන නියමුවා වන්නේ මංගලයි. එමෙන්ම ඔහු 94 දීද ප්‍රධාන බූමිකාවක් රඟ දක්වයි.

එපමණක් නොව, 2002 දී බලයට පත්වන, රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ගෙදර යැවීමේ කාර්යයේ මූලිකත්වය ගෙන කටයුතු කරනුයේද, මංගල සමරවීරයි. එවන් පුදගලයකුගේ  වටිනාකමට සරිලන ගෙවීමක් මහින්ද රාජපක්ෂ තුලින් නොලැබුනු කළ, ඇතිවන කළකිරීම සාධාරනය. එහෙත් ඔහු නොදැන උන් පාඩම නම්, මහින්ද රාජපක්ෂ යනු, ඔහුට වඩා බොහෝ සෙයින් තෙම්පරාදු වූ, නොම්මර එකේ නූල් සූත්තර කරුවකු බවයි. චන්ද්‍රිකා හා කළ ගණුදෙණු, මහින්ද සමඟ කිසි ලෙසකින්වත් කළ නොහැකි බව අවබෝධ වීම නවතිනුයේ, කළක් මිස්ටර් බීන් ලෙස බවුතීස්ම කළ, රනිල් වික්‍රමසිංහගේ දෙපතුල අසලය.

නන්නාත්තාර වී, හතේ හත වැදි සිටිනා අලියාට, නැවුම් පනක් ගෙන එනුයේ වෙන කිසිවකුත් නොව මංගල සමරවීරයි. 2010 දී මහින්ද රාජපක්ෂට එරෙහිව ගෙන ආ හැකි හොඳම විකල්පය රැගෙන ඒමේ ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාව රඟ දක්වනුයේද ඔහුයි. ඉන් පසු මෑත කාළයේ, ආන්ඩුවේ පිරිසක් විපක්ෂය වෙත කැඳවා ගෙන ඒමේ ඩීල් එක මෙන්ම, රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමේ ඩීල් එකද, සියළු පාර්ෂව හා සම්බන්ධීකරණය කරනු ලබන්නේත් ඔහුමය. බොහෝ විට එය සාර්ථක වීමට තිබූ අවස්ථාවකි. එසේ පවසනුයේ, එම ක්‍රියාවලිය හරහා ආන්ඩුව බොහෝ සෙයින් බියට පත් වූ නිසාවෙන්මය.

එහෙත් අවසානයේ සිඳු වූයේ කුමක්ද? පක්ෂයට හෝ පක්ෂයේ පැවැත්මට කිසිවක් නොකරන, එජාපය තම උරුමයක් යැයි සිතාගෙන අධික මාන්නයකින් පෙලෙන. තමන් ජනපතියයි සිතින් සිතාගෙන සිටින, එම් එන්ටර්ටේන්ට්මන්ට් (සිරස) මගින් නටවන රූකඩයකට, පක්ෂයේ නියෝජ්‍ය නායක කම පුදා, බොහෝ අමාරුවෙන් දොවා ගත් කිරි කලයට, ගොම තලියක් එකතු කිරීමයි. පක්ෂය වෙනුවෙන් දර දිය ඇදි එකාට, අවසානයේ චන්ද පොල ක්‍රියාකාරීන් වෙනුවෙන්, කතාවක් හෝ නොමැත. සජිත් ප්‍රේමදාස යනු කවුදැයි, දැන්වත් එම පක්ෂයේ මට්ට ගොන් බූරුවන්ට තේරෙන්නේ නම්, එය එම පක්ෂයේ යහපත සඳහාම වන්නේය. (ජනපතිවරණයට ඉදිරිපත් වීම, ඔහු ප්‍රතික්ෂේප කර ඇත.)

ඉදින් ආන්ඩුවේ සියළු පාර්ෂවයන් මුන ගැසී, ඩීල් දමා, සිංගප්පුරුව බලා ගිය පින්වත් මංගල පින්සිරි සමරවීර මැති තුමා නවතින තැන, අලුතෙන් සාකඡ්චා කිරීමට අවශ්‍ය නොවනු ඇත. ඔහු විසින් එජාපයට පනවා ඇති කොන්දේසි යනු, අලියාගේ සිරුර පුරා පුපුරණ ද්‍රව්‍ය දමා කරනා, මහා පිපිරුමක් පමණි. ඉන් පසු රනිල්ගේ කෙසේ වතුදු, අලියාගේ මයිල් ගසක්වත් සොයා ගැනීමට හැකි වන්නේ නම් නැත. වං හුං ලැබෙනා ආකාරයට, මංගල සමරවීර මීළඟ විදේශ ඇමතිවීමේ සම්භාවිතාව ඉහළ අගයක පවති. එජාපයට සම්මා සම්බුදු සරණ හා අතුරලියේ රතන සරණ පතනවා හැර, අපට කළ හැකි වෙන කිසිවක් නැත.

ඒ වගත් මෙසේය....

99 comments:

  1. ප්‍රතිපත්ති වෙනුවට පුද්ගලිකත්වය ඉස්මතු වෙන්නේ අපේම බංකොලොත්කම නිසයි!

    ReplyDelete
    Replies
    1. ඒක අපේ බංකොලොත් කම නෙමෙයි. ආන්ඩු ක්‍රමයේ හා නීතීයේ බංකොලොත් කමයි.

      Delete
    2. නෑ මාතලන්, ඒක ක්‍රමයේ බංකොළොත් බව නෙවෙයි. ක්‍රමය හදා ගන්නේ අපිමයි. අපි කියන්නේ මේ රටේ ඡන්ද දායක ජනතාව. මේ රට බල්ලට ගිහිල්ලා නම්, ක්‍රමයක් නැත්නම්, ඒකට වග කියන්න ඕනෑ අපි අපිම මිසක් මහින්ද රාජපක්ෂවත්, රනිල් වික්‍රමසිංහවත්, ප්‍රභාකරන්වත්, සුද්දාවත්, අන්තර්ජාතික කුමන්ත්‍රණ කාරයෝවත් නෙවෙයි. ඒ කාටවත් බැනලා වැඩක් නැහැ. අපි අපිම හැදෙනකල් මේ රට මේ විදිහට පවතීවි.

      Delete
    3. මම ඒක පිලිගන්නේ නෑ. පරාමාධිපත්‍ය ජනතාවට තියෙනවයි කීවට. එහෙම එකක් ප්‍රැක්ටිකලි නෑ.. පරමාධිපත්‍ය තියෙන්නේ ජනතා නියෝජිතයින්ට. ඒත් උන්ගෙන් මෙළෝ වැඩක් නැත්නම්....

      Delete
    4. ක්‍රමයේ වැරුද්ද කියන එක මං කලින් කිවිවම උඹ පිළි නොගත්තට ඔය දැං යස අගේට පිළිගන්නේ..

      Delete
    5. ඇත්තටම ක්‍රමයේ වැරද්දටත් වඩා නීතීයේ වැරද්ද...

      Delete
    6. මාතලන්, ඇයි අපි අපේම වැරදි පිළි ගන්න මෙ තරම් කුහක? අපේ රටේ තියෙන ක්‍රමයම තියෙනවා තවත් බොහෝ රටවල. අපේ රටේ තියෙනවාට වඩා නරක ක්‍රමත් තියෙනවා. ඒත් ඒ රටවල් අපි වගේ චාටර් නැහැ. ඇයි ඒ?

      ඔක්කෝම වෙන්නේ ක්‍රමයේ වැරද්ද කියන එක හරිම ලෙහෙසි උත්තරයක්. හබැයි මට නම් හිතෙන්නෙ ඒක ප්‍රශ්නයෙන් පළා යෑමක්. අපි අපිම අපේ දේශපාලන පක්ෂ ඇතුළේ ඉන්න ගමන්ම දූෂිතයින් වෙනුවට හොඳ මිනිසුන්ට මනාප දෙනවා නම් මේක වෙන්නෙ නෑ නේද? කවුද දුමින්ද සිල්වාට මනාප දෙන්නේ? කවුද මර්වින් සිල්වාට මනාප දෙන්නෙ? අපි අපිම නේද? ක්‍රමය නිර්මාණය කරන්නේ කවුද අපි අපිම නේද?

      Delete
    7. නෑ නේ... කව්ද එයාලව ඉදිරිපත් කරන්නේ.. මිනිස්සු කොහොමත් ප්‍රචන්ඩත්වයට කැමතියි යටි සිතින්.. ඒකයි ඇත්ත.. ෆිල්ම් එකක උනත් අහිංසක ප්‍රේමවන්තයකුට වඩා.. පොඩ්ඩක් ගහ ගන්න පුළුවන් එකෙකුට තමයි ඔක්කෝම කැමති.. ගාමිනිලා විජේලා වීරයෝ වෙන්නෙත් අජිත් ජිනදාසලා තිස්ස විජේසුරේන්ද්‍රලා පීචං පොරවල් වෙන්නෙත් ඒ නිසා.. ඒකයි මිනිස් ස්වභාවය.. ඒත් විය යුත්තේ නම් ඔබ කියන දේ.. ඒත් අපේ සමාජය තවම ගෝත්‍රික සමාජයක්.. පක්ෂවල හා නායකත්වයෙයි වැරද්ද තියෙන්නේ.. දැන් ජෙප්පො ගාව ඔය වගේ කාලකන්නි නෑ නේ.. ඒත් කව්ද උන්ට චන්දෙ දෙන්නේ.. ඔයාවත් දෙන්නෙ නෑ නේ..

      Delete
    8. තව විශේෂයෙන් දෙයෙක් කියන්න ඕන. මෙතන මේ දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වා උපුටා දැක්වීමට මම තදබල ලෙස විරුද්ධයි. මොකෝ ඉන්න ඔක්කෝම දුමින්ද සිල්වලා මර්වින් සිල්වලා නිසා..

      Delete
    9. Anonymous November 6, 2014 at 9:08 PM සමග මමත් එකඟ වෙනවා. අපි දන්නේ නැහැ අපේ පරමාධිපත්‍ය බලය අවශ්‍ය අවස්ථාවේදී බුද්ධිමත්ව පාවිච්චි කරන්න. අපේ රටේ බහුතරයකට දේශපාලන බුද්ධිය නැහැ. එදාට එදාට හිතලා චන්දේ දෙන්නේ. තමන්ගේ පඩිය වැඩිවෙනවානම් හදිසියේ බඩුමිල සොච්චමක් අඩුවෙනවානම් ඔහේ චන්දේ දෙනවා ආයේ මොකවත් හිතන්නේ නැතුව. මෙන්න මේ විචාර බුද්ධිය අපේ බහුතරයක් දෙනා තුළ ඇතිවුනුදාට තමයි අපේ පරමාධිපත්‍යය රැකෙන්නේ.

      Delete
    10. මාතා....මචෝ උඹ කියපු දෙයට මම 100% එකයි;;;

      Delete
    11. මොකක්ද විචාරක බුද්ධිමත්ව පාවිච්චි කරනවා කියන්නේ.. ආන්ඩුවේ මෙළෝ රහක් නැති බුද්ධිමතෙකුට දෙන එකටද, එහෙම නැත්නම් මිනිස්සුන්ට දෙයක් කරන චන්ඩියෙකුට දෙන එකද. එජාපයට දෙන එකද, ජෙප්පන්ට දෙන එකද..? මිනිස්සු බඩගිනි උනාම කෑම ජාතිය මොකක්ද බලන්නේ නෑ තියෙන දේ කනවා. මෙතන තියෙන්නේ ඔක්කොම එකම ජාතියේ කෑම නම්. ඒ කෑම මිනිස්සු කන එකට මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නෑ. කෑම දෙන උන්ටයි බනින්න ඕන. ජරාව නොදි අපිට හොඳ දේ දියන් කියලා. දෙන හොඳ දේටත් විචාරකලා උනත් අකමැතියිනේ. පෙර වැරදි නිසා..

      Delete
    12. ඔය වගේ අපතයින්ට නාමයෝජනා දෙන්නේත් පක්ෂ නායකයින් කියන හාදයෝමනේ. අන්න එතනින් නේද මේක නවත්තන්න ඕන. කුඩු මුදලාලිලාටයි, මාල කඩපු එවුන්ටයි ඔය තැන් හැදුනේ එහෙමනේ. මේක තනිකරම බලය කෙසේ හෝ බලය ලබාගැනීමේ චේතනාවනේ.

      Delete
    13. "දැන් ජෙප්පො ගාව ඔය වගේ කාලකන්නි නෑ නේ.. ඒත් කව්ද උන්ට චන්දෙ දෙන්නේ"
      මෙකෙන් කියන්නෙත් ක්‍රමය ට වඩා ඡන්දදායකයො කියන හාල්පරුවොන්ගෙ වැරද්ද නෙ. ජෙප්පොන්ගෙ ක්‍රමය හ‍රි ඒත් අපේ එවුන් ඒ ක්‍රමයට ගරු ක‍රන්නෙ නැ. අනිත් පැත්තෙන් පාලකයොත් මේ ක්‍රමයම පවත්වගෙන යන්ව වෙනසක් වෙන්න දෙන්නෙ නැතුව එක උන්ට ලෙසි මොකද උන් තෙම්ප‍රාදු වෙලා තියෙන්නෙත් නූල් සූත්තර වලට මිසක් වෙනදේකට නෙවිනෙ ඒකයි.

      Delete
    14. //"දැන් ජෙප්පො ගාව ඔය වගේ කාලකන්නි නෑ නේ.. ඒත් කව්ද උන්ට චන්දෙ දෙන්නේ"//

      මලිත් සම්පුර්ණෙන්ම එකඟයි. අර උඩිනුත් කියලා තියෙනවා වගේ ජන්දදායකයෝ වෙච්චි අපි දැන් ගන්න ඕනේ අපේ බලය හරි විදියට පාවිච්චි කරන්න.තමන්ගේ වැඩේ කර ගන්න පුළුවන් කියලා හිතලා මර්වින් වගේ උන්ට දෙන ජන්දත්,උගත්තු කියලා ජි.ඇල් වගේ අයට දෙන් ජන්දත් වැඩක් නැහැ.තමන් කාවද බලයට ගෙන එන්නේ කියන දේ ගැන ජන්දදායකයා තුල වටහා ගැනීමක් තියෙන්න ඕනේ.

      පක්‍ෂ නාම යෝජනා වල ජන්දේ දෙන්න තරම් සුදුස්සෙක් නැතිනම් ඒ මුළු ලිස්ට් එකම ප්‍රතික්‍ෂේප කරන්න ඕනේ.එහෙමත් බැරිනම් ඒ නාම යෝජනා වල අවම වැරදි තියෙන උන් හෝයාන් උන්ට මනාපේ දෙන්න ඕනේ.

      Delete
  2. සෙනසුරු මාරුවේන් මහින්දට හොඳයි වාගේ..... :D

    ReplyDelete
    Replies
    1. මංගලටත් හොඳ වගේ.. සඳ තරු තාරකාත් ගමන් කරන්නේ මහින්ද මහත්තයට ඕන විදියට..

      Delete
    2. පින් මඳ රනිල්ලා සියයක් ලදුවත් නිසරු
      පින් ඇති මහින්ද පුතුමය ඉතා ගරු

      Delete
  3. /මේ දෙකම ජයගෙන, රටේ නායකත්වය දක්වා පැමිණි දෙදෙනකු අප ජීවීත කාළය තුලදී අප දැක ඇත. ඒ රණසිංහ ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂයි./

    මීට තුන්වන නම එකතු කරන්න සූදානම් වන්න. ඒ චම්පික රණවක. මේ අවස්ථාවේ විපක්ෂයේ බලාපොරොත්තුව හෙළ උරුමය ආණ්ඩුවෙන් කැඩෙයි කියලයි. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ චම්පික රණවක මහින්ද රාජපක්ෂට නොදෙවෙනි තෙම්පරාදු දේශපාලකයෙක් නිසා.

    ReplyDelete
    Replies
    1. නැත අන් සරණා... යනු මිස ගමනා.. සාටකයේ එල්ලෙමිනා...

      Delete
    2. රතනයා ගොන් වහන්සේ නිසා පනින්න ඉඩ තියෙනවා. නමුත් මටත් හිතෙන්නේ චම්පියයි ගම්මයයි මොන දහං ගැටයක් හරි දාගෙන සාටකයේම එල්ලිලා ඉඳී කියලයි.

      Delete
  4. සජියට නියෝජ්‍ය කම පුදල රනිල් කලේ මහ ගොන් කමක්ය.......
    අපිටත් දැන් තියෙන්නෙ ලොක්කව ශක්තිමත් කොරන එකය.....

    ReplyDelete
    Replies
    1. ඒක දීපු දවසේ මම අන්තීමට කළකිරුනා.. ඒකයි පෝස්ට් එකක් වත් නොලිව්වේ.. ඒ තමයි එජාපයේ කොඩිවිනය..

      Delete
  5. මචං මාතලන් උඹ යු එන් පී කාරයෙක් නිසා සතුටු වෙන්න යමක් කියන්නම්.
    මංගල මහින්ද ළගට යන්නේ නැහැ. රතනලා වම්පිකලා නම් මහින්දගෙන් දැනටමත් ගැලවිලා ඉවරයි. ආණ්ඩුවෙන් එළියට යන දිනේ විතරයි ඩයරියට දාගන්න තියෙන්නේ.
    ජනාධිපති අපේක්සකයා වෙන්නේ කරු ජයසුරියයි. රනිලුත් වන්ද්‍රිකාත් ජවිපෙත් හෙළ උරුමයත් සෝභිත් රතනත් සුලු පක්ෂත් වම්මුත් කරුට උදවු කරයි.
    දැන් උඹට අපටත් දුක හිතනෙ කෑල්ල.
    ගොං සජිතයා මේ වැඩේ අවුල් කරයි. මහින්ද වන්දෙ කෙස් ගස් බාගෙකින් විතර දිනා ගනියි. රට ඉවරටෙම ඉවරයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ මංගල තව දුරටත් චන්ද්‍රිකාගේ ලණු කයි කියලා.. මේ ඉතින් ඊ නිව්ස් කියන කතානේ.. දවසක සජිත් හොඳයි.. දැන් නරකයි.. අපිට නම් සජිත් කියන්නේ දන්න දවසේ ඉඳන් කොඩිවිනයක්.. එජාපය කන්නේ සජිත්.. දයාසිරි එලෙව්වෙත් සජිත්.. ඒ තමන්ට අභියෝගයක් නිසා..

      Delete
    2. උඹ මොනව ගහලද බං මේක ලිව්වෙ. මටත් දියංකො. KG ටිකක් වත් හොයා ගන්න බැරුව ඉන්න වෙලේ.

      Delete
    3. අද නම් ලිව්වේ ප්ලේන්ටියක් විතරක් ගහලා.. :)

      Delete
    4. උඹෙන් නෙවෙයි මාතෙ ඇහුවෙ, උඩ ඉන්න November 6, 2014 at 9:02 PM ඇනෝවා ගෙන්. කරුමෙට උඹ මැදට පැනලා සුපුරුදු පරිදි වල්ගය පාගාගෙන. :-)

      Delete
    5. අනේ සොරි මචං උඹට රිදුනද...?

      Delete
    6. Mathalan ge walge pagunaama Ano ta ridenne kohomada?

      Delete
  6. මගේ අදහස නං මේ වෙලේ ආණ්ඩුවට කරන්න තියෙන ලොකුම හතුරුකම තමයි මංගලව එජාපයේ තියාගෙන සජිත් ප්‍රේමදාස සහ රවී කරුණානායක දෙන්නම රැපින් පේපරේක ඔතලා ආණ්ඩුවට බාර දෙන එක.

    ReplyDelete
    Replies
    1. දැන් ටූ ලේට් නේ.....?

      Delete
    2. උඹ හිතන්නෙ මහින්ද ඔච්චර ගොනෙක් කියලද ඔය වගේ බූරුවො දෙන්නෙක් බාර ගන්න?

      Delete
    3. 9.19 ඇනෝ....මේ වෙලාවේ ශ්‍රීපති සූරියාරච්චි වලෙන් නැගිටලා ආවත් මහින්ද ගන්නවා. වෙන්නේ මොනවද කියලා හිතාගන්න බැහැ.

      Delete
    4. @arugeadaviyaNovember 7, 2014 at 1:17 AM,

      ශ්‍රීපති සූරියාරච්චි මොනවා වුණත් ඇසට් එකක්නෙ මචං. මේ ගොන් නාම්බො දෙන්නා තනිකර ලයබිලිටීස්නෙ. මුන් දෙන්නටම ඡන්ද කඩනවා මිසක්කා හදන්න බැහැනෙ.

      Delete
    5. ඇනෝ මචං.....උන් ඩබල ගැන නම් උඹේ කතාව සහතික ඇත්ත. මම ශ්‍රීපතිව ගත්තේ මරාගේ ජන්ම වෛරක්කාරයෙක්ව උනත් කියන අර්තයෙන්. මොනවා වුනත් මචං මේ දවස්වල නියම ෆිල්ම් එකක් ෂූට් කරන්නේ මේ සංසර්ඝයෝ සෙට් එක.

      Delete
    6. මචං අරූ, මරාට වෛරක්කාරයෝ කියලා එවුන් නැහැ. වෛරක්කාරයෝ කියල බලනවා නම් තමන්ව මරන්න ප්ලෑන් කරපු ජෝනා ළඟට ගන්නෙ නෑනෙ. ප්‍රභාකරන් නොමැරී හිටියා නම් ඌත් අද මරාගෙ කැබිනට් එකේ. මරා යාළුකම් බලන්නෙ හොඳක් කරන කොට විතරයි. හතුරා කියලා වරදක් කරන එකෙක් නෙවෙයි. (තමන්ගෙම වාසියට තමයි.) ඒකයි ඌ රනිල්ට වඩා වෙනස් වෙන්නෙ. රනිලාට නම් වෛරක්කාරයෙක් නම් වෛරක්කාරයෙක්ම තමයි. ඒකයි හැමදාම මහින්ද දිනන්නෙත් රනිලා පරදින්නෙත්. නැතුව එකෙකුට වඩා අනෙකා යහපත් පාලකයෙක් නිසා නෙවෙයි.

      Delete
    7. මචං මට මේක ලියනකොටම ඔලුවට ආවේ ජොනියා. ඕක කියන්න ගිහිල්ලානේ රන්ජන් රාමනායකව කන්න හැදුවේ. ඒ නිසා මම නිකන් හිටියා :D උඹ දකින්න ඇතිනේ ඒ සීන් එක අර බලය කියන වැඩ සටහනේ.

      Delete
  7. මංගල එච්චර ඩීල් කාරයෙක්ද මං හිතන්නෑ.. ඒවා පුස් වෙඩි...

    ReplyDelete
    Replies
    1. ආ.......මංගලගේ ඩිල් ගැන දන්නෝ දනිති මචෝ.......

      Delete
    2. එහෙනම් මංගල ගැන මෙළෝ දැණුමක් ඇති එකෙක් නෙමෙයි...

      Delete
  8. ෙමතනදී පුද්ගල අයිතිය හා නිදහස ගැන ලංකාෙව් ෙබාෙහා් ෙදෙනක්ට අදහසක් නෑ
    උදාහරනයක් ෙලස ගනිකා වෘත්තිය නීතිගතකල යුතුයැයි කියන අයටම ෙෆාන්ෙට්රා සමාගමත් ෙබාදුබල ෙස්නාවත් අාණ්ඩුව තහනම් කලයුතුයැයි කියන්ෙන් ඒ් නිසයි

    ReplyDelete
  9. වෙන එකෙක් නැති නිසා මහින්දයටම හොඳ නරක කියල දීල ටිකක් හදා ගන්න බැලුවොත් නරකද? හෙහ්.. හෙහ්..

    නෙද්...දකින් අපිටත් මේ වගේ පාදඩ දේශපාලුවෝ ගැන කතා කරන්නම වෙනවනේ. වෙන කාගෙවත් නෙවෙයි අපේම අවාසනාව. හොරිකඩ සජිතා ප්‍රේමදාස මහත්තයගෙ පුතෙක් නොවුනනං නියෝජ්‍ය නායක නෙවෙයි ප්‍රාදේශීය සභාවක විපක්ශ නායකයෙක් වෙන්නවත් වටින්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. පද්දත් සඳුදට එනවය කියන්නේ...

      Delete
    2. Umbane Mathalan padda!

      Delete
  10. තාම රූකඩ සකස් කරමින් තියෙනවා..කැඩුණු රූකඩ ආපහු හදනකොට එකෙකුගෙ පුකට අනිකාගෙ කකුල් හයිවෙලා තියෙනවා වගෙ පෙනෙන්නෙ.. හැබැයි වේදිකාවට එනකොට ආචාරියා ඔව්ව මාරු හදල ගෙනෙයි.. නැටිල්ල එන්නෙ පස්සෙ.. ප්‍රේක්ෂකයො හැටියට රූකඩ නැ‍ටුම බලං ඉන්නවා ඇර වෙන කරන්න දෙයක් නෑ..

    ReplyDelete
    Replies
    1. එක අතකින් අපි සජිත්ව අගය කරන්න ඕන නායකත්වයට අභියෝග කිරීම වෙනුවෙන්.. ඒක ප්‍රජාතන්ත්‍රවාදි ලක්ෂණයක්.. ඒත් සිරි ලංකා නිදහස් පක්ෂයේ නැත්තේ ඒකයි.. එදා බන්ඩාරණායකලට බයේ ජීවත් උනා.. අද රාජපක්ෂලාට බයේ ජීවත් වෙනවා.. කොන්දක් තියෙන එකෙක් නෑ..

      Delete
    2. මේක තනිකර පිස්සුවක් බං. අලි මදිවට හරක් කිව්වා වගේ....අන්න රාජපක්ෂ කෞතුකාගාරත් ඇරලා. මේ ප්‍රේමදාස මානසිකත්වය මිසක් වෙන මොකක්ද.

      Delete
  11. මංගල විතරක් නෙමෙයි, අනිත් උන් ටිකත් ආණ්ඩුවටම ආවනම් ඉවරයි....
    කොහොමටත් සන්ධානයක් කියන එක ඇතුලේ ඕනෙම එකෙකුට ඉන්න පුළුවන්නේ...
    එතකොට ජන්ද තියන්න ඕනෙත් නැහැ. අපිට කරදරෙකුත් නැහැ. ආණ්ඩු පිහිටවන්න එක එකාට නැමිලා ලොකු කුට්ටි දෙන්න ඕනෙත් නැහැ.
    කවුරු ආවත් ගසා කෑම් සිද්ධවෙන නිසා ඒ ක්‍රමය රටේ මිනිස්සුන්ට ලාබදායි වෙන්නත් පුළුවන්.... හැක්... හැක්...

    ReplyDelete
    Replies
    1. කොහොමත් ආන්ඩුවේ සම හරක් කියන දේ වලින් එක දෙයක් පැහැදිලියි.. මේ ඡ්න්දයෙන් පස්සේ බිහිවෙන්නේ වැඩව්සම් යුගයක්.. ආයේ චන්ද තියන එකක් නෑ බොහෝ විට..

      Delete
  12. මෙයා ගැන මම දන්න එක දෙයක් කියන්නම්
    ජහමනය අන්දන්න නෑ තවත් එකෙක් නම්
    මඩ පුවත් වියන්නට ‘ඩිසයිනර්‘ ඕනිනම්
    දෙපැත්තම පිරී ඇත පළපුරුදු / සුදුසුකම්

    ReplyDelete
    Replies
    1. මංගලගේ බූමිකාව බොහොම ප්‍රභලයි.. ඒක ඔහු ඉන්න පැත්ත අනුව තීරණය වෙයි..

      Delete
  13. මාතලන්ට ලොකු වැරදීමක් වෙලා වගෙයි.අනාගතය දිහා මීට වඩා බුද්ධිමත්ව බලන්න වෙනව.හෙට අනිද්දට වැරදීම හදා ගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා... අපි බලමු සඳුදට... සෙනසුරු මාරුව කොහොමද කියලා..

      Delete
  14. එහෙට මෙහෙට පනින්නේ නැතුව කොන්දක් කියලා දෙයක් කෙලින් තියාගෙන එක තැන හිටියනම් බොහෝ දුරට ඔහොම දෙයක් නොවෙන්න තිබුන

    ReplyDelete
    Replies
    1. නියම දේශපාළඥ්ඥයකු කළ යුත්තේ එයයි.. ඒ කැප කිරීමට වටිනාකම් කවදාක හෝ ලැබෙනා තෙක්

      Delete
  15. ඩැට්සන් සනීNovember 7, 2014 at 1:17 AM

    කොළ කොල්ලට ජයවේවා !
    සයිබරේ තනි අලියට ජයවේවා !
    මාතලන්ට ජයවේවා !

    ReplyDelete
  16. මාතලන්.................. ලියැවිල්ල ඇත්ත... පට්ටයි....

    ඒත් මාතලං අපි විසින් සාකච්ඡා කළ යුතු මීට එහා ගිය දෙයක් තියෙනවා කියන එකයි අපේ නම් අදහස.. මොකද ලංකාවේ දේශපාලනය පක්ෂ මත යැපෙන එකක්. කැපුවත් කොළ සහ කැපුවත් නිල් තමයි මෙහි ඉන්නේ...ඉතින් අපි පක්ෂ වලට මරාගෙන ඡන්දය දුන්නට පාර්ලිමේන්තුවට ගියාම ඔලුගෙඩි ගාන වෙනස් කරලා තුනෙන් දෙකේ බලය පවා හදාගන්නවා.. ඒත් ඇත්තම කතාව ජනතාව තුනෙන් දෙකක් කැමතිද කියන එකයි...... අනික බලන්න දැන් දැන් සිද්ධ වෙන ලැජ්ජා නැති පැනීම්..... මංගල................. විලි ලැජ්ජයි... මේ ලැජ්ජාව තියෙන්නේ මංගලටවත් ආණ්ඩුවටවත් නෙමෙයි... ඇත්තට ම නම් ජනතාව වන අපිටයි...... මොකද මේ අන්දන්නේ වෙන කවුරුවත් නෙමෙයි අපිව......

    ඇත්තම තත්වය නම් මාතලන් දැන් උඩ පැන පැන කෑ ගැහුවට පැනපු එක වැරදියි කියලා එදා තීන්දුව දුන්නා නම් මේ කිසි දෙයක් නැහැ... මොකද ඡනතා මතය කියන්නේ කොහේවත් නැති බැල්ලිගේ පුතෙක්ගේ බූදලයක් නොවන නිසා.... ඉතින් මේ ඉත්තෝ සෙල්ලම නවත්තන්න නම් අපි ජනතාව විදිහට මේකට විරුද්ධ විය යුතුයි.. ඒක නිකං මල් කතා එක්ක ඡන්ද කාාලෙට විතරක් වෙන දෙයක් නෙමෙයි... ඊට එහා ගිය පාලක පන්තිය නම්මවා ගන්න එකක් වෙන්න ඕනේ...... ගෙම්බෝ පන්නලා බලයේ ඉන්න හදන අය විතරක් නෙමෙයි ගෙම්බෝ පන්නලා බලය ඩැහැගන්න හදන උන්ටත් පාඩමක් උගන්නන්න ඕනේ.....................

    ReplyDelete
    Replies
    1. අපි බොහෝම දෙනෙක් ඒ කතාව එදා ඉඳන්ම කියනවා.. එකාධිපතිත්වයටත් වඩා දරුණු තීන්දුවක් දීපූ බූරු අගවිනිසුරුවරයෙක් තමයි අද පව සමා කර කර හැම තැනම යන්නේ. පක්ෂ මාරු කිරීම තනිකර ප්‍රජාතන්ත්‍ර විරෝධි දෙයක්. ඒක ජනතා මතය අමු අමුවේ ඝාතනය කිරීමක්. ආන්ඩුවේ ඉඳන් විපක්ෂයට ආවත්. කොහොමද එහෙම කරන්නේ. එහෙම කරන්න කිසිම අයිතියක් නෑ..

      ඒත් මේවා වෙනස් කරන්න ආන්ඩුවේ උන්ටත් විපක්ෂේ උන්ටත් කිසිම උවමනාවක් නෑ. හැම එකාම බල ලෝභයෙන් මත් වෙලා ඉන්නේ..

      Delete
    2. කුරැටු ගෑ ගි පවුරට යන්න බෑ..පොඩ්ඩක් බලන්න

      Delete
    3. මචං මෙන්ඩා මොකක්ද අවුල........

      චන්දනයයි.. අරූ අයියයි පොඩි අවුලක් ගැන කිව්වා.. මං ඒක හැදුවා... දැන් හරි ඇති.. මොකක්ද දන්නෑ අවුල.... ටිකක් බලලා කිව්වනම් පිං............

      Delete
  17. මංගල විපක්ෂය එකතුකිරීම වෙනුවෙන් පෙනී හිටියා. සජිතයා තනිකරම ඒකට උදැල්ල දැම්මා. රනිල් වගේ කොන්දක් නැති නායකයෙක් එක්ක මේ සියල්ල අනාගන්නවා කියලා හිතෙනවා. විසඳුම තියෙන්නේ කාටත් එකතුවිය හැකි තැනක මිස යුඇන්පියේ නෙමේ.

    මාතා.....මම මේක මගේ බ්ලොග් එකෙත් කලින් කිව්වා. මේ පාරත් මරා ආවොත්, ආපහු පාර්ලිමේන්තු මැතිවරනයක් බලාපොරොත්තු වෙන්න එපා. මේ 2/3 තියාගන්න ජේආර් කරා වගේ ජනමත විචාරනයකට යනවා. ඒක පප්පා කරා වගේ බලෙන් දිනනවා. මෙන්න කැට. ඊයේ ඒක එකෙක්ගේ කටින් පැන්නා. ඔන්න එදාට තමයි සජිත් මීහරකාගේ කටෙත් පිට්ටු වැටෙන්නේ. එතනින් පස්සේ ඔක්කොම ඉවරයි. ඒ නිසා තමයි මරාව පරද්දන්න ඕන. ඌව චූන් එක රනිල්ට තාම දිරව ගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. රනිල් කියන්නේ දේශපාළණය ගැන කිසිම ඉවක් නැති මහත්මයෙක්. එහෙම කෙන්ක්ගෙන් ආන්ඩු බලය බලෙන් ගැනීමත් සුළු දෙයක් බලාගෙන ගියාම. මහින්ද පරාද කිරීම නම් ලේසි වෙන එකක් නෑ.. මොකෝ මම දැකපු හොඳම විකල්පය නම් සියළු විරුද්ධ පක්ෂ එකමුතුවක් සමඟ රනිල්. ඒකට මහින්දත් බය උනා.. අනික් උන් නම් ගලිවර ලඟ ලිලිපුට්ටෝ වගේ.. මේක දන්න දේශපාළඥ්ඥයෙක් ඉන්නවා. එකම් එකෙක්. ඒ තමයි විකුමභාහූ..

      Delete
  18. [මාතලන් දකිනා ආකාරයට, මංගල පින්සිරි සමරවීර කළේද එවන්ම වූ ගොන්කමකි. ඔහු මහින්ද සමග එක පෙලට සිට ගත්තේ වී නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය වැඩිවනවා පමණක් නොව, අප වෙත එල්ලවන ජාත්‍යන්තර බලපෑම් වල තත්වයද, මීට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබිනි. ]

    ඔය කියන්නේ මංගලත් ඒකාධිපතිය ලග වැදවැතී හිටියනම් හොදයි කියන එකනෙ...
    එතකොට රාජක්ෂට කිසිවෙක් විරුද්ධ වියයුතු නෑ... ඌ කරන ඔනෑම කාලකන්නි වැඩකට ඔලුව නමිය යුතුයි... ඌ සහ උගේ සහචරයෝ කරපු ස්ත්‍රී දූෂනවල ඉදන් යුධ අපරාධ දක්වා අනුමත කල යුතුයි... ඒකද කියන්නේ?

    මංගල පනින්නෑ... ඒකවෙනම කථාවක්... එත් කාලකන්නි දේසපාලනය ලොකුකරන්න හදන්න එපා...
    ප්‍රේමදාස ලගවැදවැතුනු තක්කදීන් 100 කට වඩා ඔහුගේ ඒකාධිපතිත්වයට එරෙහිවුනු ලලිත් හා ගාමිනී මිනිස්සුන්ට වීරයො..

    ReplyDelete
    Replies
    1. /ප්‍රේමදාස ලගවැදවැතුනු තක්කදීන් 100 කට වඩා ඔහුගේ ඒකාධිපතිත්වයට එරෙහිවුනු ලලිත් හා ගාමිනී මිනිස්සුන්ට වීරයො../

      ඇනෝ, ලලිත් හා ගාමිනී එහෙම කළේ තමන් වෙනුවෙන්ම මිසක් මිනිස්සු වෙනුවෙන් නම් නෙවෙයි. ඒ වගේම උන් නම්බු පිට එළියට ගියේ නැහැ. දෝෂාභියෝගයක් ගේන්න හදලා ඒක වැරදුණාම තමයි ඉබේම එළියට යන්න වුණේ.

      Delete
    2. මේක දේශපාළණය නෙමෙයි නයි වෛරය. දේශපාළණය කියන්නේ මීට එහා ගිය කපටි ගේමක්. ලලිත්ලා ගාමිණිලා ගියේ බිස්නස් වලට කෙල උන නිසා.. අද ආයෙත් මහින්ද ළඟට යන්න නම්. එදා එළියට නෑවිත් ඉන්න තිබුනා.. මම හිතන්නේ දැන් උනත් මහින්ද ළඟට යන මංගල.. එජාපයේ වේලෙන්න යන මංගලට වඩා බුද්ධිමත්..

      Delete
  19. ඇහෙද්දීත් සනීපයි.... තවත් අවුරුදු 8ක් අනුන්ගෙ ආතල් බලන්න තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. චන්ඩාශෝක.. ධර්මාශෝක කෙනෙක් උනොත් කාටත් හොඳයි...

      Delete
  20. නොදන්න කමට අහන්නෙ. බලන්නෙත් අවජාතක නාලිකාව නිසා හරි අප්ඩේට් එකකුත් නෑ. මොකද එකපාරටම මේ මංගල ඉස්මතු උනේ. මං දැක්ක විභීෂණත් මළ අතට අරන් ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මංගල සමරවීර මහත්මයා ආන්ඩුවට යන්න යන්න වගේ ලූ

      Delete
    2. ඔවුන් ඉතින් එහෙටයි මෙහෙටයි මාරුවෙන එක හැර වෙන අහවල් දෙයක් කරන එවුන්ද. කොහෙ හිටියත් කරන එකම දේ රට කන එකනෙ.

      Delete
    3. මංගල යන බව මාතර සිටිනා ඔහුගේ සංවිධායකයෙකුට දුරකතනයෙන් දැන්වූ බව මට පෞද්ගලිකව දැනගන්න ලැබුනා. මේ කියන්නේ පෙරේදා. අද වෙනකොට තත්වය වෙනස්ද දන්නේ නැහැ. බොහෝ දේ සිදුවෙමින් පවතින බව ආරංචියි.

      Delete
    4. එහෙමම කියන්න එපා දුරකථනය අධි සුඛෝපභෝගී භාන්ඩයක් නොව සාමාන්‍ය මෙවලමක් බවට පත් කරපු එකම මදෑ...

      Delete
  21. මාතලන් අහල තියෙනව්වනෙ 'history repeats itself' කියලා කියමනක්. මංගලටත් න්තිමට සිද්ධ වෙන්නෙ ඒ සන්තෑසියම තමයි. ඡන්දෙන් පස්සේ ආය යන්ට තැනක් ඉතිරි වෙලා තියෙයිද?

    ReplyDelete
    Replies
    1. කලින් ගියොත් තැනක් තියෙනවා.. මංගල ගත්තා කියන්නේ.. ආන්ඩුව ගේමෙන් භාගයක් දිණුම්..

      Delete
  22. ඉදිරි ජනාධිපතිවරණ කැම්පේන් එකකදි මහින්දට අවශ්‍යම බඩුවක් තමා මංගල.ඒක කොයි කාටත් වඩා ලංකා දේශපාලනේ තෙම්පරාදු වෙච්චි මහින්ද දන්නව.හැබැයි යූ ඇන් පී එක මංගලව අත හරින්නෙ සජිත් වෙනුවෙන් නම් ඒක තමා මෑත ඉතිහාසෙ ලොකුම යූ ඇන් පී ගොංකම.සජිත් ප්‍රේමදාසව ලං කර ගන්න ඕනි නම් මහින්ද මෙලහකටත් ආණ්ඩුවට අරගෙන. නමුත් තාත්තගෙ පහණින් එලිය ලබන මීඩියා වලින් පුම්බපු මේ දේශපාලන නොදරුවව මහින්දට දී මු ජයරත්න තරම් වත් වටින් නැහැ.එහෙව් එකෙක් අනිත් පැත්තෙම ඉන්න එක ආණ්ඩුවට වාසියි.කොටින්ම සජිත් කියන්නේ ජාතික නායකත්වයක් ගැන හිතුවොත් දයාසිරිට හරීන්ට තබා සුජීව සේනසිංහටත් වඩා පහලින් ඉන්න කෙනෙක්.ප්‍රේමදාස නම සහ සිරසේ ඇස් බැන්දුම් වලට පින් සිද්ද වෙන්න ගම් මට්ටමේ යම් ජනප්‍රියත්වයක් තබා ගත්තත් මහින්දට තබා රනිල්ටවත් කිට්ටු වෙන්න පුලුවන්ද කියන එක සැකයි.පන්සල් වලට රුපියල් පනස්දාහක් දෙන්න ලක්ෂ ගානක් වියදම් කරල උත්සව පවත්වන තමුන් බලේට ආවම සමුර්දිය දහ දාහක් කරනව වගේ බෑන් චුන් කතා කියන තනතුරු ඉල්ලලා කුලල් කනවා මිසක දැනෙන යමක් කර තනතුරු ලබා නොගන්නා මේ වගේ චුට්ටං බට්ටිච්චෙක් සමග අලි පාටියට අබ සරණයි !

    ReplyDelete
    Replies
    1. සාධූ.... සාධූ.... සාධූ...

      Delete
    2. මාතලන්ගේ ලිපියේ සඳහන් කරල තියෙන බුද්ධික පතිරණ කියන්නෙත් මේ සජිත් වගේම මීඩියා වලින් පුම්බපු හුලං බෝලයක් විතරයි.කිලී මහරජා මේ වගේ හුළං බෝල ගණනාවක් මේ රටේ දේශපාලනයට පා කරල එව්වා .චන්දන සුරියබන්ඩාර වගේ සමහරක් හුළං බැහැල ආපහු සිරසටම පාවෙලා ගියා.මේ බුද්ධික වගේ උන් තවමත් මහරජාගේ වියදමෙන් පිම්බිලා මහරාජටම කඹුරමින් ඉන්නවා .මාතරට මංගලගෙන් ලැබුන නායකත්වයෙන් එක අරික්කාලක් මේ සුත්තර පුංචට දෙන්න හැකිද සැකයි.මාමණ්ඩි ලව්වා මහින්දවත් බැලන්ස් කර ගෙන නූල් සුස්තර දමන මේ වගේ පඩ ෂෝ කාරයන්ගෙන් එජාප ආණ්ඩුවක් බිහි වීම සිහිනයකි.

      Delete
    3. @ AnonymousNovember 7, 2014 at 4:16 AM

      එකඟයි. සජිත් කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති කෙනක්.මහන මැෂින් බෙදන්න,සල්ලි ණයට දෙන්න වගේ සිල්ලර වැඩ තමයි සජිත්ට කරන්න පුළුවන්.මේ පක්‍ෂය මේ තරම් ඛ්දනයකට ලක් වෙන්නේ නැහැ.සජිත්ව ඒ දවස්වලම පක්‍ෂයෙන් ඉවත් කරලා දැම්මා නම්.රුක්මන්ට ජේ,ආර් කෙරුවා වගේ.

      Delete
  23. //එහෙත් අවසානයේ සිඳු වූයේ කුමක්ද? පක්ෂයට හෝ පක්ෂයේ පැවැත්මට කිසිවක් නොකරන, එජාපය තම උරුමයක් යැයි සිතාගෙන අධික මාන්නයකින් පෙලෙන. තමන් ජනපතියයි සිතින් සිතාගෙන සිටින, එම් එන්ටර්ටේන්ට්මන්ට් (සිරස) මගින් නටවන රූකඩයකට, පක්ෂයේ නියෝජ්‍ය නායක කම පුදා, බොහෝ අමාරුවෙන් දොවා ගත් කිරි කලයට, ගොම තලියක් එකතු කිරීමයි. පක්ෂය වෙනුවෙන් දර දිය ඇදි එකාට, අවසානයේ චන්ද පොල ක්‍රියාකාරීන් වෙනුවෙන්, කතාවක් හෝ නොමැත. සජිත් ප්‍රේමදාස යනු කවුදැයි, දැන්වත් එම පක්ෂයේ මට්ට ගොන් බූරුවන්ට තේරෙන්නේ නම්, එය එම පක්ෂයේ යහපත සඳහාම වන්නේය.//

    මෙහෙම නොවෙන එකයි මටත් තියෙන පුදුමේ..!!

    සජිත් හිතන් ඉන්නේ එයත් තව අනුර කෙනෙක් කියලා, සේරම බන්දේසියක තියලා වඩම්මන්න!..රණසිංහ ප්‍රේමදාස කියලා නෑ නේ පක්ෂය පෞද්ගලික දේපලක් මගෙන් පසු රාජ්‍යත්වයට පත්විය යුත්තේ මගේ පුත්‍ර රත්නයයි කියලා.මාතේ කියන දේට 100%ක් එකඟයි.මොකද අද ඉවසීමක් ඇතිකරවාගන්න බැරි කෙනෙකුගෙන් හොඳ නායකත්වයක් අපේක්ෂා කළ නොහැකියි.සජිත්ට තියෙන්නේ නායකත්වයට පත්වීමේ අමන කෑදරකමක් විතරයි.ඒක වැටුණු අලියා ගොඩ ගන්න තියෙන අවංක චේතනාවක් නොවෙයි.වැඩේ තියෙන්නේ ඕක කැපුවත් කොළ කියන සමහරුත් තේරුම් නොගන්නා එකයි.සජිත් හරියට බංකොලොත්වෙන්න යන සමූපකාරෙක මැනේජර් මහත්තයා වගේ, සමූපකාරේ වැහුණත් මැනේජර් පට්ටම තියෙනවනේ..ඒ මදෑ!!:D

    ReplyDelete
    Replies
    1. සජිත්ට පක්ෂය ගිය දාට, එජාප මිනී පෙට්ටිය වලලන්න විතරයි තියෙන්නේ..

      Delete
  24. මංගල සමරවීර සිංහල බ්ලොග් කලාවට කළ මහා මෙහෙවර තමයි චතුෂ තුෂර කුමාර (මාරයා) මහතා බ්ලොග් කලාවට කැඳවාගෙන ඒම. මාරයා එක තැනක ලියනවා ඔහු බ්ලොග් එක පටන් ගත්තෙම මංගල සමරවීර දේශපාලනිකව විවේචනය කරන්න තිබුණු උණක් නිසා කියලා. මාරයා මංගල ගැන ලියපු මුල්ම (සමහරවිට එකම) ලිපිය බලන්න පහත කොටන්න.

    කාලීන දේශනා (අංක 1) මං ගලගේ මහා මොංගල් ජාතකය

    ReplyDelete
  25. මහින්ද රාජපක්ෂ නැමති චරිතය පරාජය කරන්නනම් තවත් රෙද්ද බැනියම අඳින ප්‍රතිපත්තිගරුක දේශපාලඥයෙක් අවශ්‍යයි. ඒ සජිත්වත්, කරූවත්, රනිල්වත් නෙවෙයි. තව එ.ජා.ප කියන තනි පක්ෂයට තිබුණු ජාතික තනි ඡන්ද පදනම බොහෝ දුරට අඩුවෙලා. ඉන් අති බහුතරයක් අක්‍රීයවීම මිස ඉවත්වීම නෙවෙයි. තාමත් මහින්දගේ බඹරය වැල්ලෙත් කැරකෙනවා. හැබැයි මේ ආණ්ඩුවේ බහින කලාව පටන්ගත්ත තැනක් තමයි දකුණු පළාත් සභා ඡන්දය. ඒ ප්‍රතිඵලය බොහෝ දේ කිව්වා. නමුත් එ.ජා.පය හරියාකාරව ඒවා තේරුම්ගත්ත බවක් පේන්න නෑ. තනි තනිව විපක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් මහින්දට වැඩි වාසි. මොකද විපක්ෂය එකිනෙකා කොටාගන්නවා මිස පොදුවේ මහින්දට බලපෑමක් කරන්නට අසමත්වෙන නිසා. ඒත් පොදුවේ නිවැරදි තේරීමක් කරලා ඒකාබද්ධ වුනොත් මහින්දට යම් බලපෑමක් වෙනවා. ඒත් මේ දක්වා වුණ සේරම වගේ දේවල් මහින්දගේ ගිණුමට බැරවෙන වාසි සහගත දේ මිස ගිණුමෙන් ඉවත්වෙන අවාසි සහගත දේවල් නෙවෙයි

    ReplyDelete
    Replies
    1. ඊයේ ටී වී එකේ පෙන්නුවා පොද්දා හොයනවා.. මට මතක් උනේ ලාහට ගෙම්බෝ එක්කහු කරන කතාව.. නායකත්වයක් නැති තැනක, කිසි චාරයක් නෑ.. ඒත් මෙතන නායකත්වයක් විතරක්ය, ඔක්කෝම තියෙනවා..

      Delete
  26. සජිත් වගේ පොරක් පක්ෂ නායක කමට පත්වෙලා පස්සේ ජනාධිපති වුනොත් --සජිත් හැර අනිත් හැමෝම රට පාලනය කරයි. සජිත් එඒක බැරි වෙලාවත් තේරුම් ගත්තොත් ලංකාව ලේ විලක් වෙයි. ලංකාවේ මිනිස්සු චන්දෙ දෙන විධිහට ඕව වෙන්නත් බැරි නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය මෙතනම අදහස් දක්වන සම හරක් කියලා තිබුනේ, මහින්ද වෙනුවට පොල් පිත්තක් උනත් ආවට කමක් නැතෙයි කියලා...

      Delete
  27. මාතෙ, ගම්වල උන් කියන්නෙ සජිත්ට තියෙන්නෙ මාර රැල්ලක්ලු. මං කිව්ව ඉතිං ඒක වහල කියල.

    ReplyDelete
    Replies
    1. මංගල කියන්නෙ ඌ ඉන්න පක්ෂෙට සම්පතක්. ඌ ගහන ගේම් වලට අපේ මැටි ජනයා එකසිය ගානට අහුවෙන්නෙ පෝලිමේ ඉඳලා. එහෙම ගේමක්වත් ගහන්න ඉන්නෙ කී දෙනාද බලපංකො. ප්‍රතිපත්ති වෙනම කතාවක්. ඌ හැබෑ දක්ෂයෙක් මේ සිනාරියෝ එක ඇතුලෙ. (විභීෂණයට කොටපු එකම කෙටුවා ඈ...කමක් නෑනෙ)

      Delete
    2. කොහේද දන්නෙ නෑ රැල්ල තියෙන්නේ.

      Delete
    3. රැල්ල වහලා......................

      Delete
  28. සජිත් ගැන මතාගේ මතය එක්ක මමත් එකඟයි.සජිත් වගේ සිල්ලර දේශපාලඥයෙක්ට එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය තබා අර ට්‍රක්ටර් සාදු ගේ පක්ෂේ පියන් කමවත් දෙන්න වටින්නේ නැහැ.

    මංගල ගැන මාතලන්ගේ අධිතක්සේරුව පිළිගන්න අමරුයි.මංගල යුඑන්පි එකට ආවට පස්සේ කරපු සර්ථක එකම මෙහෙයුම තමයි 2009 අයවැය මෙහෙයුම.එයින් පස්සේ මංගලට ලොකු වැඩක් කරන්න බැරි වුනා.විශේෂයෙන්ම මංගල එක්සත් ජාතික පක්ෂේ සංනිවේදන ප්‍රධානියා වෙලා හිටියත් කැපී පෙනෙන දෙයක් සිඳු වුනේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. මේ තරමින් හරි යූ ඇන් පීය ගෙනාවේ මංගල.. ඒක කාටවත් බොරු කියලා කියන්න බෑ..

      Delete
  29. මංගල රාජපක්ෂ ලඟ නැතුවතුනා නම් හොඳය කියන කථාවට එකඟ නැත , එමෙන්ම මංගල ආපහු මහින්ද ලඟට ගියා කියාද රටට සිදුවන බක්කක් නැත . ඒකාධිපති රජයක ගොන් කම් වලට සුදු හුනු ගැමට එක් ඇමතිවරයෙකුට හෝ නිලධරයෙකුට පුලුවන් කම් තිබුනේ නම් අදටත් ජාත්‍යන්තර බලපැමක් කියා දෙයක් රටට නැත . හෙන්චය්යලා අධීක්ෂණය කොරන කන් මංගල නොව කදිරගාමර් ආවත් සන්තැසිය එකය .

    ජනාධිපතිවරණය හෝ පොදු අපේක්ෂකයා ගැන අනාවැකි හැකියාවක් නැතත් , පොදු වැඩපිලිවෙලක් වෙනුවන් පෙනි සිටින බවත් , සජියා ඇර වෙන ඕනැම අපේක්ෂකයෙක් වෙනුවෙන් පෙනි සිටින බවත් කිව යුතුය

    ReplyDelete
    Replies
    1. පොද්දා කව්දැයි බලා මනාපය කාටදැයි කිව හැක.. එහෙත් ළොක්කා දිනනවාමය. මහින්ද රාජපක්ෂ පරදින්නට ඡන්ද තියන්නේ නැත.

      Delete
  30. මාතලන්ලා කොච්චර කෑ ගැහුවත් බහුතර එජාප පාක්ශිකයා අතර ප්‍රසිද්ධම චරිතය සජිත්. එජාප මැට්ටන් බහුතරයක් හීන දකින්නෙ සජිත් ජනාධිපති වෙනකන්. මාතලන්ලා සජිත්ට හරකා කියලා කියන එකෙන් කියවෙන්නෙ බහුතර එජාප පාක්ශිකයා කියන්නෙ කොච්චර හරකෙක්ද කියන එකයි.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම.. අලුත්ම විදියට කියනවා නම්.. නොම්මර එකේ බයියලා..

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න